සඳුදා, මැයි 25, 2026
Home Blog Page 7

රට පාවා දුන්, තරු හතරේ කූට ජෙනරාල් වහා අත්අඩංගුවට ගනු

0

පසුගිය වසර 70 පුරාවට ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමාන නිළයන් දැරූහ. එනම්, යුධ, නාවික සහ ගුවන් හමුදාපති තරු 3 සෙන්පතියන් විය. නමුත් හිටපු ජනපති ගෝඨා මේ ක්‍රමය වෙනස් කළේය. ඔහු ශවේන්ද්‍රට තරු 4ක් ලබා දුන්නේය.

මෙය ගුවන් සහ නාවික හමුදාවන්ට කෙනෙහිලි කමකි. මෙම තත්වය නිසා නාවික සහ ගුවන් හමුදාපතිවරුන්ට ශවේන්ද්‍රට ‘Sir’ කියමින් සැලුට් කිරීමට සිදුවිය .

ශවේන්ද්‍රට තරු 4ක් ලැබුනේ, විශේෂ සංග්‍රාමික දක්ෂතාවක් නිසා නොව ගෝඨාගේ පුක අතගෑම නිසාය.

ගෝල්ෆේස් ත්‍රස්තවාදීන්, රාජ්‍ය අක්‍රමණය කරන විට තරු 4 ශවේන්ද්‍ර අතුරුදහන් විය. නමුත් තරු 3 නේ නාවික සහ ගුවන් හමුදාපතිවරු පෙරට ආහ.

අහෝ ඛේදයකි ! තරු 4 ශවේන්ද්‍ර අතුරුදහන් වූවා පමනක් නොව සතුරන් සමග එක් වී කුමන්ත්‍රණය කළ බව පරීක්ෂණ අධිකරණ වාර්තාවේ දක්වා ඇත

රාජ්‍ය බිඳවැ‍ටුනේ ශවේන්ද්‍ර ගෝල්ෆේස් ත්‍රස්තවාදීන් සමග කළ කුමන්ත්‍රණ නිසාය. ශවේන්ද්‍ර සිය රාජකාරිය නිසි ලෙස ඉ‍ටු කළේ නම් දන්නා ඉතිහාසයේ විශාලම ඛේදවාචකය වන ‘බංකොලොත්භාවය’ කරා යන්නෙ නැත .

නැවේ කැප්ටන් සමග විශාල ආරෝවක් නැෂනල් ඇලට් අපටද තිබුනි. නමුත් අප, නැව ගිලෙන විට අත්පොලසන් දුන්නේ නැත. නැව ගිල්වීමට සහාය දුන්නේද නැත.අප නැව බේරාගැනීමට  කටයුතු කළෙමු.නමුත් ශවේන්ද්‍ර ද්‍රෝහියා නැව ගිල්වීමට සහාය දුන්නේය

දේශබන්දු මීලග පොලිස්පති ධූරයට පත්කිරීමට රජය තීන්දු කරයි

0

ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස Sr.DIG දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට තීන්දු කොට ඇත .දේශබන්දු තෙන්නකෝන්ගේ ආගමනය වැලැක්වීමට සිවිල් සංවිධාන , මානව හිමිකම් සංවිධාන , ජනමාධ්යවේදීන් පසුගිය කාලයේ විශාල පරිශ්රමයක් දැරුවද එ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් නිෂ්ඵල වී ඇත.

මේ වනවිට ලංකාවේ ව්යාපාරික ප්රජාව, සංචාරක ක්ෂේත්රය, වෘත්තීකයන්, රට අරාජික කරන කැරලි වලට ඉඩ නොදිය යුතුය යන මතයකට පැමිණ ඇත. කැරලි මැඩපවැත්විය හැකි, පොලිස්පතිවරයෙක් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වී ඇත. පොලිස්පතිවරයා පත් කිරීම, ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ නිර්දේශය මත, ජනාධිපති විසින් සිදුකළ යුතු වෙයි.

පසුගියදා මෙරට සංචාරය කළ ඇමෙරිකානු නියෝජිත පිරිස, සහ ඊට පෙර මෙරටට පැමිනි ඉන්දීය නියෝජිතයන්ද මෙරට පොලීසියේ සහ ආරක්ෂක අංශවල දුර්වලතා ගණනාවක් පෙන්වා දී ඇත. තවද ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගවිය හැකි අයෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් හඳුනාගෙන ඇත .

දේශබන්දුගේ ආගමනය සම්බන්ධයෙන් ජවිපෙ අතිශ්ය නිහඬ ප්රතිපත්තියක සිටියි. ඊට හේතුව චීන තානාපති කාර්යාලයේ බලපෑමය.

ලංකාවේ ලක්ෂ ගණනනක් චීන ජාතිකයන් අනවසරයෙන් රැදී සිටියි. තවත් පිරිසක් විවිධ ජාවරම් වල නියලී සිටියි. අනාගත මත් ද්රව්ය වෙළද පොලේ විශාලම පංගුව චීන රසායනික මත්ද්රව්ය විසින් ඩැහැ ගැනීමට නියමිතය. මේ හේතුව නිසා චීන තානපති කාර්යාලය දේශබන්දු සමග ගැටුමකට යනවා වෙනුවට ඔහුට සහයෝගය දැක්වීමට ඉදිරිපත්වී සිටියි

නීතිපතිගේ කාර්ය අනීතික අත්අඩංගුවට ගැනීම් සහ බොරු චෝදනා සඳහා උපදෙස් දීමද ?

0

බැඳුම්කර වෙන්දේසියේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි, හිටපු මුදල් අමති රවී කරුණානායකට එරෙහිව, ගොනු කළ නඩු දෙක පවත්වාගෙන යාමට නොහැකි බව ඊයේ අභියාචනාධිකරණය තීන්දු කළේය.

අදාළ නඩු පොදු දේපල දේපළ පනත යටතට නොවැටෙන බව අභියාචනාධිකරණය තීන්දු කළේය.ඒ අනුව අදාල නඩුව හකුලා ගන්නා ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.

බැඳුම්කර විකිනීම ව්‍යාපාරික ගණුදෙනුවකි. එය රට උඩු යටිකුරු කළ නඩුවක් බවට පත් වූයේ එය දූෂිත ගණුදෙනුවක් වූ නිසා නොව දේශපාලන හේතු නිසාය.

බෞද්ධාගම සත්‍යක් නොවේ, දිවැසි ජෙරම් විණිසුරුවරියට කියයි

0

පසුගියදා දිවැසි ජෙරම් ප්රනාන්දු ආන්දෝලනාත්මක ප්රකාශයක් කළේය.එම ප්‍රකාශය සමාජ ජාලා උනුසුම් කොට ඇත, එම ප්‍රකාශ නම්

  • විද්‍යාව ඇත්ත නමුත් සත්‍ය නොවන බව
  • බෞද්ධාගම ඇත්ත නමුත් සත්‍ය නොවන බව

බයිබලයේ පරණ ගිවිසුමට අනුව කාමමිත්යාචාරයේ යෙදෙන ගැහැනියකට දෙවියන් වහන්සේ ලබා දී තිබූ තීන්දුව ගල්ගසා මරා දැමීමය. වරෙක,එවැනි කාන්තාවක් ජේසුස් වහන්සේ වෙත ගෙන ආවේය

ඇය නිදහස් කළේ නම් බයිබලයේ පරන ගිවිසුම උල්ලංඝනය කරා වනු ඇත. ගල් ගසා මැරීමට තීන්දු කළේ නම් යේසුස් වහන්සේ දියත් කිරීමට පැමිණි චින්තන විප්ලවය නිෂ්ඵල වනු ඇත. කරුනු එසේ වූ කල්හි, පව් නොකළ තැනැත්තාට පලමු ගල ගැසීමට නියම කළේය.ඒ අනුව පාපය නොවෙනස් වූ අතර නීතිය වෙනස් විය.

නිව්ටන් කාලය හා අවකාශය හඳුනා ගනු ලැබුවේ ස්වාධීන පැවැත්මක් ඇති වස්තුවක් ලෙසිනි (නිරපේක්ෂ). නමුත් අයින්ස්ටයින් කොන්ටම්වාදය ඉදිරිපත් කොට සියල්ල සාපේක්ෂ බව ඔප්පු කළේය. නිවුටන්ගේ නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුව පොළවට සාපේෂව දැක්වූවක් විය. ඒ අනුව කාලය සාපේක්ෂය. විද්‍යාව දත්ත අනුව ඇත්තක් මිස විශ්වයේ යථාර්ථය නොවේ

අතීතයේ මිනිසුන් ‘දුක’ යන්න හඳුනා ගෙන තිබුනේ ලෝක යථාර්ථයක් ලෙසිනි. නමුත් ‘දුක’ ලෝක යථාර්ථයක් නොවන බව සහ එය ලාමක අලජ්ජි හේතුවක පලයක් බව බුදුන් වහන්සේ ඔප්පු කළේය. උන්වහන්සේට අනුව දුක අල්ලා ගැනීමට සාපේක්ෂය. සිත කිසිවක් අල්ලාගෙන නැත්නම් දුකක් නැත, කාලයක් නැත. එය ඕනෑම අයෙකුට සිය නැන පමනින් ප්රගුණ කල හැකි සරල සූත්රයකි

ජේසුස් වහන්සේ ඉතිහාසය උඩු යටිකුරු කළ අපූරු විප්ලවවාදියෙකි. බුදුන් වහන්සේ ඉතිහාසය උඩු යටිකුරු කළ අපූරු විප්ලවවාදියෙකි. දිවැසිවර ජෙරම් ප්‍රනාන්දුට හිමි තැන කාලය විසින් තීන්දු කරනු ඇත.

(වීඩියෝව පහත ලින්ක් එකෙන් නරඹන්න)

 

සිස්ටම් චේන්ජ් ගැන කතා කරන මාධ්‍යවේදීන්ගේ හෙළුව !

0

පසුගියදා Life traveler නාලිකාව කීර්ති රත්නායක සමග පැවැත්වූ සංවාදය තුලදී ඔහු ක්ලබ් වසන්ත ගැන හෙළිදරව් කළ කරුණු වාරණය කිරීම මේ වන විට ආන්දෝලනයට ලක් වී ඇත.

වැඩසටන මෙහෙයවූ ධනංජය ඒ පිළිබදව කීයන්නේ ක්ලබ් වසන්ත ගැන කොටස ඉවත් කළේ යූ ටියුබ් ආයතනය බවය . නමුත් ධනංජයගේ කතාව පිලිගත නොහැක.

1.Youtube ආයතනය කිසි දිනෙක දුවන වීඩියෝවක් තුලට සංගීත ඛන්ඩයක් දමා එය විකෘති කරන්නේ නැත. මක්නිසාදයත් එය ජාත්යන්තර බුද්ධිමය දේපල සම්මුතියට පටහැනිය(WIPO)

2. කීර්ති රත්නායක මීට පෙර චමුදිත සමරවික්රම, දර්ශන හඳුන්ගොඩ , කල්ප වැනි ජේෂ්ඨ මාධ්වේදීන් සමග Interview කර ඇත. එම වැඩසටහන් වලදී අතිශ්ය ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කොට ඇත.ජෙනරල් කමල් ගුණරත්න, ශවේන්ද්ර සිල්වා වැනි අයට පවා බරපතල චෝදනා එල්ල කොට ඇත. තිළිනි ප්රියමලිගේ පියා සෝමවංශ අමරසිංහ බව හෙළිදරව් කොට ඇත. නමුත් Youtube ආයතනය කිසි දිනක එම වීඩියෝ තුලට සංගීත ඛණ්ඩ දමා නැත.

3. වීඩියෝව විකෘති කිරීම පිළිබදව අප  ප්රමුක පෙලේ Youtube නාලිකා තුනක තාක්ෂනික නිළධාරීන්ගෙන් විමසීම් කළේය . Youtube ආයතනය විසින් එවැනි සංස්කරණයක් නොකරන බව ඔවුන් තහවුරු කළේය. තවද සිය ඔන්ලයින් පැනල් එක හරහා ලංකාවේ නාලිකා හිමිකරු අදාල එඩිට් කිරීම කර ඇති බව ඔවුන් තහවුරු කළේය.

ධනංජය නාරංබැද්ද මීට සතියකට පමන පෙර ක්ලබ් වසන්ත සමග සංවාදයක් කළේය.ධනංජය විසින් අවර ඝනයේ චරිතයක් වන ක්ලබ් වසන්තට සුදු හුණු ගාන අයුරු එහි දැකිය හැක .ක්ල්බ් වසන්ත නම් තක්කඩියාට අසත්ය ජනගත කිරීමට ධනංජය දෙන සහාය හිරිකිතය.

රටක පැවැත්ම තීරණය වන්නේ විධායකය,ව්යවස්ථාදායකය,අධිකරණය සහ ජනමාධ්ය යන ආයතන මතය. ලංකාව බංකොලොත් වීම සම්බන්ධව බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ දේශපාලකයන් වෙතය. නමුත් අපගේ මතය ඊට වෙනස්ය . ලංකාවේ දූෂිතම ආයතනය ජනමාධ්යයි. ලංකාවේ ජනමාධ්යවේදීන් බොහොමයක් අන්ත දූෂිතය

ධනංජය නාරංබැද්ද විසින් ක්ලබ් වසන්ත ඔසවා තැබූ යූ ටියුබ් සංවාදය පහත දිගුවෙන් නරඹන්න (ද නැෂනල් ඇලට් )

https://www.youtube.com/watch?v=df8Mwg246aM

වී වගාව යට සැගවුන භයංකර ඛේදවාචකය

0

ඊයේ (16) දින හාල් මෝල් හිමියන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විය. වී කිලෝවකට රුපියල් 140ක මිලක් ලැබිය යුතු බව හාල් මෝල් හිමියන් එහිදී පෙන්වා දී ඇත .

ලංකාවේ සහල් පරිභෝජනය දිනකට කිලෝග්‍රෑම් ලක්ෂ 50කි. වසරක සහල් පරිභෝජනය ටොන් ලක්ෂ 18 කි . සහල් කිලෝවක් නිපදවීමට වී කිලෝ 1.6 ක් සාමාන්‍යයෙන් වැය වෙයි. එම සූත්‍රය මත රටේ වී අවශ්‍යතාවය වී ටොන් ලක්ෂ 30 කි. එම ප්‍රමාණය රට තුල නිෂ්පාදනය කරයි ( පොහොර හිගයන් නොමැති නම් )

ලංකාවේ ගොවිතැනින් පමණක් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 18 කි. ඔවුන් නිපදවන මුළු වී ප්‍රමාණය ටොන් ලක්ෂ 30 කි, කිලෝවක් රුපියල් 140 බැගින් මිලදීී ගත හොත් ගොවි පවුලකට අවුරුද්දකට ලැබෙන්නේ රු 233,333 කි . එනම් මසකට රු 19444 කි. එයද ඉතා කුඩා මුදලකි.

හාල් මෝල් හිමියන්, ජනපති සමග සාකච්ඡාව නිමාකළ පසු මාධ්‍යට අදහස් දැක්වූහ.
වී කිලෝව 140ක් වූ විට හාල් කිලෝව කොපමන වන්නේදැයි මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළහ .

එවිට හාල් කිලෝව රු 300කට ආසන්න වනු ඇති බව වී මෝල් හිමියෝ කීහ.

නමුත් අපගේ ගණන් හැදීම අනුව එම තත්වය යටතේ පාරිබෝගිකයන් හාල් කිලෝවක් සඳහා ගෙවන මිල රු 400 කට ආසන්නය.
හාල් කිලෝ එකක් නිෂ්පාදනය සදහා, දළ වශයෙන් වතුර ලීටර් 2500 අවශ්‍ය වෙයි. ගොවියාට ජලය නොමිලේ ලැබුනද, වැව් සහ ඇල මාර්ග නඩත්තු කිරීමට රජය විශාල වියදමක් දරණු ලබයි. මක්නිසාදයත් මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නඩත්තු වන්නෙ මහජන බදු මුදල් වලිනි.

වතුර ලීටරයකට ශත 20, සහනාධාර වලට රු 5 ක්, කෘෂිකර්ම සේවා සඳහා රු 10 ක්, ගොවි ණය කපා හැරීම ශත 50 ලෙස බර තබා සහල් කිලෝ එකක පිරිවැය යලි ගණනය කළ හොත් එය රු 400 කට වැඩි වනු ඇත .

නමුත් හොඳ හාල් කිලෝ එකක් රු 140කට පිටරටින් ගෙන්විය හැක. විදේශ රටවල හාල් මිල අඩු වීමට ප්‍රධන හේතු 2කි

1. වී වගාව, මහා පරිමාන වීම.
2. පොහොර, කෘෂි රසායන සහ ඉන්ධන, රට තුල නිෂ්පාදනය කිරීම

ලංකාව වී ගොවිතැන, අතින් වියදම් කරගෙන හරක් බලනවා වැනි වැඩකි. සහල් අර්බුධය සංකීර්ණ ගැටළුවකි. පසුගිය වසර 75 පුරා වී ගොවිතැන අයාලේ යැවූ රාජ්‍ය නිළධාරීන් මෙම ව්‍යවසනයට වැඩි මනක්  වගකිව යුතුව ඇත

අපේ ශ්‍රමබළකායෙන් 30%ක් එනම් ලක්ෂ 72 ක් වී ගොවිතැනේ නිරතව සිටියි .නමුත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) කෘෂිකර්මය දායක වෙන්නේ 8% පමණි. කරුනු එසේ හෙයින් ලංකාවේ කෘෂිකර්මාන්තය පවතින්නේ අත්තිවාරමේ සිට යලි පිලිසකර කළ යුතු තත්වයකය

 

මේ ඔබ දකින්නේ, ”කොටි නැගිටිනවෝ’ නාට්‍යයි . එහි අධ්‍යක්ෂණය LTTE ඩයස්පෝරාවෙනි , නිෂ්පාදනය රාජපක්ෂ පවුලෙනි

0

පසුගිය සතියේ LTTE සංවිධානය පිලිබද මතකය ආවර්ජනය කරන සිදුවීම් පෙලක් වාර්තා විය. ඒවා පහත පරිදිය,

1. ඉන්දීය බංකොලොත් දේශපාලනඥයෙකු වන නෙදුමරන් සහ ප්‍රකට කවියෙකු වන කාසි ආනන්දන් ඇතුලු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ අය ජීවතුන් අතර බව ප්‍රකාශ කිරීම

2. දෙමල ඩයස්පෝරාවේ මුදල් වලින් යැපෙන තවත් ඉන්දීය දේශපාලනඥයන් දෙදෙනෙකු වන සීමන් සහ තොල් තිරුමාවලන් දෙමළ ඊලාම් රාජ්‍යක් වෙනුවෙන් හඬ නැගීම.

3 ප්‍රභාකරන්ගේ මස්සිනා ලෙස පෙනී සිටින මෙරට දේශපාලනඥයෙකු වන සිවාජිලිංගම් කරලියට පැමිනීම. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව ඔහුද ප්‍රකාශ කළේය

4.ප්‍රකට දේශපාලන කොන්ත්‍රාත් කරුවෙකු වන සුමනරතන භික්ෂුවගේ , පන්සලට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම

ඉහත නම් සඳහන් සියළු දෙනා ඩයස්පෝරා මුදල් වලින් යැපෙන අයවළුවන් වෙයි. නෙදුමරන් , සීමන් ,තිරුමාවලන් සහ සිවාජිලිංගම් LTTE ඩයස්පෝරාවේ මුදල් වලින් යැපෙයි. සුමනරතන සිංහළ ඩයස්පෝරා මුදලින් යැපෙයි. ඒ අනුව යම් හෙයකින් 13 ක්‍රියාත්මක වුවහොත්,ඊලම බිස්නස් එකක් කරගත් අයට  අවාසිය . කරුනු එසේ හෙයින් LTTE ඩයස්පෝරාවෙන් යැපෙන අය 13 ට කැමති නැත.

‘Go Gota’ අරගලයට සිංහල ඩයස්පෝරාව උපරිම සහයෝගය දුන් බව රහසක් නොවේ . එහි අතුරු ඵලයක් ලෙස රාජපක්ෂලාගේ බත්බැලයෙකු වන අම්පිටියේ සුමනරතනට ලැබුන සිංහළ ඩයස්පෝරා ආධාර නතර විය. මෙම තත්වයෙන් මිදිය හැකි එකම මාර්ගය LTTE  බිල්ලා  මැවීමය. වෙඩි තැබීමෙ නාට්‍ය පෙන්වූයේ ඒ වෙනුවෙනි. තවද 13 ක්‍රියාත්මක වුවහොත් රට බෙදෙන බව පෙන්වා තවත් බිල්ලෙකු මවා ඇත

මෙහි වැදගත්ම කරුණ නම්, මෙය හුදෙක් මුදල් මත රඟදැක්වූ සිදුවීම් දාමයක් නොවේ. එය කෙස් කෙලින් කරන දේශපාලන කුමන්ත්‍රණයකි. සිවාජිලිංගම් මෙම නාටකය තුල සිටින ප්‍රධාන නළුවෙකි. බොහෝ දෙනෙකුට සිවාජිලිංගම් පෙනෙන්නේ ප්‍රභාකරන්ගේ නියෝජිතයෙකු ලෙසිනි. නමුත් ඔහු මහින්දගේ නියෝජිතයෙකු බව අප කිව හොත් ඔබ එක්වරම විශ්වාස නොකරනු ඇත.

ඉතිහාසයේ එලාර නොසිටියේ නම් දු‍ටුගැමුණු නම් යුධ වීරයෙකු නැත. දු‍ටුගැමුණු වීරයෙකු වූයේ එලාර නිසාය .මහින්ද වීරයෙකු වූයේ ප්‍රභාකරන් නිසාය . ප්‍රභාකරන් මහින්දගේ පැවැත්මට අත්‍යවශ්‍ය ප්‍රපංචයකි.

2015 මහ මැතිවරණයට මහින්ද තරඟ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.එහිදී මහින්දගේ ඉල්ලීම මත ස්වාධීන අපේක්ෂයෙකු ලෙස සිවාජිලිංගම් කුරුණෑගල දිස්තික්කයෙන් තරඟ කළේය. මුළු දිස්ත්‍රික්කයෙන් සිවාජිලිංගම්ට ලැබුණ ඡන්ද ගන්න 92කි. එම ඡන්ද 92 තිබුනේ එක ඡන්ද පෙට්ටියකය .එය දැමුවේ මහින්දගේ ආධාර කරුවන්ය. සැබැවින්ම සිවාජිලිංගම් යනු LTTE යලි මතක් කිරීමට මහින්ද විසින් කරලියට ගෙන ආ බිල්ලෙකි.

රාජපක්ෂලා එක් පැත්තෙකින් සරත් වීරසේකර, නාලක ගොඩගේවා, ඡන්න ජයසුමන වැනි අය හමුදාව වෙනුවෙන් කතා කිරීමට ජිනීවා යැව්වේය. අනෙක් පැත්තෙන් හමුදාවට එරෙහිව කතා කීරීමට සිවාජිලිංගම් යැව්වේය. පාර්ශව දෙකටම අනුග්‍රහය දැක්වූයේ රාජපක්ෂලාය . රාජපක්ෂලා දේපාර්ෂවයට ජීනීවා වල ගහබැන ගැනීමට  වේදිකාව හැදුවේය . ඉන් පසු ජීනීවා වල රන්ඩු වන ආකාරය හිරු සහ දෙරණ නාලිකා ඔස්සේ පෙන්වූයේය .  රාජපක්ෂලා එමගින් දේශපාලන වාසි ලැබුවේය

රාජපක්ෂලා විසින් 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා සිවාජිලිංගම යොදා ගත්තේය. සිවාජිලිංගම් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ටෙලෝ සංවිධානයෙන් ඉදිරිපත්වීමට උත්සාහ කළේය. නමුත් සිවාජිලිංගම්ගේ යටිඅරමුණ ටෙලො පක්ෂය තේරුම් ගත්තේය. ඒනිසා ටෙලො පක්ෂය ඊට එරෙහි විය. අවසානයේ සිවාජිලිංගම් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවර්ණයට ඉදිරිපත් වී ඡන්ද 12,256 ලබා ගත්තේය. ඔහු කැඩුවේ එජාපයට ලැබීමට  තිබූ ඡන්දය.

සිවාජිලිංගම් යනු රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්කාරයෙකු බව පෙන්වීමට ඕනෑතරම් සාක්ෂි ඇත. ඒ වගේම රාජපක්ෂලා LTTE ඩයස්පෝරාව සමග ඩීල් දමන බව පෙන්වීමට ඕනෑ තරම් සාක්ෂි ඇත. ප්‍රභාකරන් ප්‍රතිනිර්මානය කිරීම රාජපක්ෂලාගේ , LTTE ඩයස්පෝරාවේ සහ සුමනරතනලාගේ පැවැත්මට ඇති එකම මාර්ගය වෙයි. එය හිඟන්නේඅගේ තුවාලය මෙනි.

රාජපක්ෂලා විසින් කොටි නැගිටිනවෝ නාට්‍ය පෙන්වීමට හේතු වූ කරුනු 2ක් ඇත

1. මහින්ද රාජපක්ෂට අගමැති ලෙස යලි දිවුරුම් දීමෙ සැලසුමක් ඇත.එහිදී මහින්දට එරෙහිව එන විරෝධනය සමනය කිරීමට කොටි නැගිටිනවෝ නාට්‍ය පෙන්වීමට රාජපක්කෂ පවුල තීන්දු කොට ඇත

2. 13 ක්‍රියාතමක වීම කඩාකප්පල් කිරීමට – රාජපක්ෂලා ඩබල් ගේමක් සෙල්ලම් කරයි, අතෙකින් 13 ට කැමති බව ඉන්දියාවට පෙන්වයි, තවත් අතෙකින් බෞද්ධ අන්තවාදින් පිනවීමට 13 කඩා කප්පල් කිරීමට යටිබිම්ගතව කුමන්ත්‍රණය කරයි

ඩයනා ඉගැන්වූ පාඩම.. අත්දැකීම මත පමනක් සීමාවී තීන්දු ගන්න එපා !

0

ජාතික ලැයිස්තු සංකල්පය ව්‍යවස්ථාවට එකතු කළේ JR ජයවර්ධනය. රට ගොඩනැගීමට සදහා, විශේෂ දක්ෂතා ඇති පුද්ගලයින් කෙලින්ම පාර්ලීමේන්තු ගෙන ඒම මෙහි ඉලක්කය විය. එනම් exclusive චරිත මැතිවරණට නොදමා කෙලින්ම පාර්ලීමෙන්තුවේ වාඩි කිරිමය . ඩයනා ගමගේ සතු විශේෂ විශේෂ දක්ෂතා සලකා ඇය කෙලින්ම පාර්ලීමෙන්තුවේ වාඩි කිරීමට සජිත් තීන්දු කළේය.

ඩයනාගේ විශේෂ දක්ෂතා වලට සජිත් ගෙවූ මිලට වඩා හොද මිලක් රනිල්-රාජපක්ෂ රජයෙන් ලැබුනි. ඩයනාට ඇමති ධූරයක්ද ලැබුණි. නමුත් ව්‍යවස්ථා සම්පාදනය වැනි බැරෑරුම් විෂයකදී හුදු අද්දැකීම පමනක් ප්‍රමාණවත් වත් නැත. ඊට  න්‍යයායාත්මක දැනුම් සම්භාරයක් අවශ්‍යය. හුදෙක් අත්දැකීම් මත පමනක් පිහිටා තිරණ ගැනීම නිසාදෝ ඩයනාගේ ව්‍යාපෘති අසාර්ථක විය. ඒවා පහත පරිදිය

ගණිකා වෘත්තිය
බෞද්ධ රටක් වන තායිලන්තය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති නිසා, ලංකාවද එය නීති ගත කළ යුතු බව ඩයනා කීවේය.

යම් කිසි රටක් ගනිකා වෘත්තිය නීති ගත කරන්නේ නම් ඊට පෙර කළ යුතු වැඩ රාශියක් ඇත. ලිංගිකව බෝවන රෝග හදුනා ගැනීම සඳහා clinic ඇති කළ යුතුය. ලිංගික රෝග සඳහා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කළ යුතුය. ගනිකා වෘත්තිය නීති ගත කිරීම සමග ලිංගික ශ්‍රමිකයන් අතර මානසික සංකුලතා ඇති වන අතර ඊට පිලියම් යෙදීමට මානසික ප්‍රථිකාර මධ්‍යස්ථාන ඇති කළ යුතුය.

තවත් අතෙකින් ශ්‍රී ලාංකික සහ තායි යනු එකිනෙකට වෙනස් වූ ජාන සම්භව දෙකකි. ආගමික සංස්කෘතික සාහ ජානමය බල පෑම නිසා ලංකාව තුල ගනිකා වෘත්තිය නීතිගත කිරීම පහසු නැත

ගංජා 
සමස්ථ ලෝකය තුලම ගංජා ආශ්‍රිත නිෂ්පාදන සදහා ඇති මුළු වෙළද පොල පංගුවේ වටිනා කම ඇ.ඩො බිලියන 15කි . කොකාකෝලා වලට ඇ.ඩො බිලියන 225 ක වෙළද පොල පංගුවක් ඇත , ඒ අනුව ගංජා වෙළද පොල කොතරම් කුඩාද යන්න තේරුම් ගත හැක. තවත් අතෙකින් ගංජා ආශ්‍රිතව value added කළ නිෂ්පාදන බිහි කීරීමට ප්‍රාග්ධන සම්පත් මෙරට නැත.

නයිට් ලයිෆ්.
ඩයනාගේ අනුග්‍රහයෙන් හබරණ කැලය තුල ” Jungle electronic music festival” පැවැත්වීමට කටයුතු යෙදුවේය. ටිකට් පවා විකුන්නේය. ලෝකයේ කිසිම රටක් රක්ෂිත වනාතර තුල හෝ සංවේදී පරිසර කලාප තුල Electronic music festival පවත්වන්නේ නැත. මක්නිසාදයත් ඉලෙක්ට්‍රොනික සංගීතය, ඩිජිටල් උපකරණ සහ පරිපථ වලින් නිපදවන අධිබලැති ස්වර සංයෝගයකි.මෙය සත්ව ලෝකය උඩු යටිකුරු කිරීමට තරම් ප්‍රබලය .එම වයාපෘතියද අසාර්ථ්ක විය

ඩිස්නිලන්තය
ඇ.ඩො බිලියන 18 ක ආයෝජන වටිනාකමක් සහිත ඩිස්නිලන්තයක් ගැන ඩයනා කීවේය. එම කථාව අමූලික බොරුවක් විය

තායිවාන් ඩීල් එක
මේ වන විට චීනය සහ තායිවානය අතර සීතල යුද්ධයක් පවතී. චීනය තායිවානයට සලකන්නේ තම භූමියෙන් කැඩී ගිය පලාතක් ලෙසිනි. මෙම ක්‍රියාවලිය “එක් චීනය” ප්‍රතිපත්තිය ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට කැපවී සිටී.ලංකාවට චීනය හරහා මිස තායිවානය සමග කෙලින්ම ඩීල් කළ නොහැක.ඩයනාගේ තායිවන් ඩීල් එක අතේ පුපුරා ගියේය

කරුණු එසේ හෙයින් මහජන නියෝජිතයන් පත්කිරීමේදී අද්දැකීම් සහ න්‍යායික දැනුම යන දෙකම ඇති අය තේරීමට වගබලාගත යුතුය

ජවිපෙ ‍රැස්වීම්වලට මිනිස්සු ආවද ඔවුන්ගේ ඡන්ද පෙට්ටි හිස් වන්නෙ ඇයි?

0

මේවන විට අනුරකුමාරගේ දේශපාලන රැස්වීම වලට එකතුවන ජන සංඛ්යාව කාගේත් කතා බහට ලක්වී ඇත. ජවිපෙ නිවසින් නිවසට ගොස් සිදු කරන ප්රචාරණ කටයුතු ද අති සාර්ථකව සිදු වෙයි. අනුර කුමාර පසුගියදා මුස්ලිම් බහුතරයක් වෙසෙන මුතූර් සහ කීන්යා වල ජන හමුවක් පැවැත්වූයේය. SLPP,SJB,UNP, TNA, SLMC වැනි ප්රධාන පක්ෂ වලට කිසි දිනක රැස් කරගත නොහැකි ජනකායක් අනුරගේ රැස්වීමට පැමිණ තිබුණි.

අද උතුරේ දකුනේ කොහේ ගියත් ප්රධාන පක්ෂ කිසිවකට නැති ජනසන්නිපාතයක් අනුර කුමාර වටා රොක් වී ඇති බව පෙනී යයි. සමාජ ජාලාවල තත්වයද මීට දෙවැනි නැත. මේ වනවිට ප්රධාන දේශපාලන පක්ෂ වලට අනුර කුමාර අභියෝගයක් වී ඇත. ඔවුන් අනුර කුමාර අරබයා දියත් කර ඇති ප්රහාර වලින් එය පැහැදිලි වෙයි.

ඉදිරියේදී පැවැන්වෙන මැතිවරණයකදී අනුර කුමාර විශාල පෙරළියක් කරනු ඇති බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත. නමුත් ලංකාවේ ක්රියාත්මක බුද්ධි අංශ මේ කථාව පිළිගන්නෙ නැත.විශේෂයෙන් විදෙස් බුද්ධි අංශ ගණන් ඉලක්කම් සමගින් සාමාන්ය කථාවට වෙනස් තත්වයක් වාර්තා කර සිටියි.

2018 වසරේ පලාත් පාලන මැතිවරණයට පෙර අනුර කුමාර කාතන්කුඩිවල ජනහමුවක් පැවැත්වූයේය. අනුරගේ ජනහමුවට 9500කට වැඩි ජනකායක් රැස්විය. එදිනම හිස්බුල්ලාද ජනහමුවක් පැවැත්වූයේ. නැගෙණහිර අසහාය මුස්ලිම් නායක හිස්බුල්ලාගේ රැස්වීමට සහභාගිවූයේ 2500ක්ට අඩු පිරිසකි . නමුත් ඡන්ද ප්රථිපලය එනවිට කාතන්කුඩියෙන් අනුරට ලැබුනේ ඡන්ද 235 කි . හිස්බුල්ලා සියළු ආසන දිනාගෙන තිබුනි.

රැස්වීම වලට ජනයා පැමිණියද ජවිපෙට ඡන්දය නොලැබෙන බව ඉතිහාසය විසින් ඔප්පු කොට ඇත . බුද්ධි අංශ වාර්තා වලට අනුව ඊට හේතු 2කි

1. ජවිපෙ ආර්ථිකයක් තුල ලබා දෙන සහන නිෂ්චිතව ප්රකාශ නොකිරීම

2. ආර්ථිකය ගොඩ නගන මොඩලය ගැන මුනිවත රැකීම (චීන ක්රමයද, කියුබානු ක්රමයද යන්න පිලිබදව කිසිවක් නොකීම , අනුර කුමාරද ක්ල්බ් වසන්ත මෙනි)

මෙය තවත් සරලව පැහැදිලි කළ හැක . ගමක මරණාධාර සමිතියක් ඇත. ගමේ ඡන්දයෙන් පත් වූ නිලධාරි මඩුල්ලක් එහි පාලනය ගෙන යයි. මේ අතර ගම් රැඩිකල් කන්ඩායමක් සමිතියේ පාලනය දැඩි ලෙස විවේචනය කරයි. සමිතියේ සභාපතිගේ යට ඇඳුමේ සිට සියල්ල විවේචනය කරයි. ගමේ මිනිසුන්ද එම කතා වලට සයිඩ් සපෝට් දෙමින් ඒවා අසා සිටියි.නමුත් ගමෙ මිනිසුන් රැඩිකල් කල්ලියේ රස කතා අසා සිටිනවා විනා ඡන්දය දී ඔවුන් බලයට පත් කරන්නේ නැත. ඊට හේතු හේතු 2කි

  •  සමිතියේ ප්‍රථිලාභ වැඩි කිරීම ගැන කිසිවක් නොකීම.
  •  සමිතියේ අරමුදල් ‍රැස්කීරීම ගැන කිසිවක් නොකීම (සාමාජික අඩුකරනාවද , වැඩිකරනවද ආදිය )

ගමේ මරණාධාර සමිතියේ වංචා සහ දූෂණ නැතුවා නොවේ. මිනිසුන්ටද ඒවා රහසක් නොවේ. මිනිසුන්ට ඒ පිළිබදව කෝපයක් නැතුවා නොවේ. ගමේ මිනිසුන් එම කෝපය සමනය කරගන්නේ ‍රැඩිකල් පිරිස නාට්‍යනුසාරීව සමිතියේ සභාපතිගේ රෙදි ගලවන කතා අසා සිටීමෙනි. නමුත් රැඩිකල් කල්ලියේ නාට්‍යානුසාරී කථා කීමේ හැකියාව ඔවුන් බලයට පත්කිරීමට තරම් හේතුවක් ලෙස ගැමියන් නොසිතයි.

අතීතයේ මහනුවර රාජසිංහ නමින් රජෙක් සිටියේය.මොහු සිංහලයෙකු නොව වඩිගයෙකු වූයේය. ඔහුගේ කලකිරියාවද එතරම් යහපත් නොවීය.මේ අතර රජවාසලේ අන්දරේ නමින් කවටයෙකු විය . අන්දරේ නාට්යානුසාරී කථා කියමින් රජා විවේචනය කළේය . මේ නිසා අන්දරේ ජනතාව අතර වීරයෙකු විය.නමුත් අන්දරේගේ නාට්යනුසාරී කථා කීමේ හැකියාව ඔහු රාජ සභාවට පත් කිරීමට සුදුසුකමක් ලෙස කිසිවෙකු දුටුවේ නැත

දළදා මාලිගාවේ සල්ලි මහින්දට දුන් කථාව ජවිපෙ කැම්පේන් එකක් !

0
මේ වන විට දළදා මාලිගාවේ කෝටි 50ක රත්තරන් විකුණා මහින්ද රාජපක්ෂට මුදල් දුන්නා යැයි කියවෙන වීඩියෝවක් හිට් වී ඇත. එම මුදල් මිටි බැන්දේ තමන් විසින් බවද ඒවා මහින්දට දුන්නේ දියවඩන නිලමේ බවද ඔහු කියා සිටියි. බැලූ බැල්මට පෙනී යන්නේ එම වීඩියෝව අහඹු record කිරීමක් බවය. නමුත් එය සෑලසුම් සහගත කුමන්ත්‍රණයකි
නැෂනල් ඇලට් මෙම පුද්ගලයා පිලිබදව විපරමක් කළේය. ඔහුගේ විස්තර පහත පරිදිය
  • ඔහුගේ නම – නිහාල් රෙක්ෂි ෆර්ඩිනෑන්ඩු
  • රැකියාව –  2011 ජනවාරි 5 දින බරපතල විෂමාචාර චෝදනා නිසා දළදා මාළිගාවේ සේවයෙන් ඉවත් කොට ඇත.
  • ලිපිනය – 158/1මෙත්තාවිහාරි, සිරිපුරවත්ත, 15 කණුව, මැල්සිරිපුර
  • දේශපාලන භාවිතාව – මොහු ජවිපෙ සාමාජිකයෙකි . ජවිපෙ ප්රාදේශීය නායකයන් සමග කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන යයි.
  • නිහාල් ෆර්ඩිනැන්ඩුගේ දුරකථන අංකය – 071 279 0 218
Findings
  • 2015 යහපාලන ආණ්ඩුව බලයට පැමිනීමත් සමග නිහාල් දළදා මාලිගාවේ දූෂිත ගණුදෙනු කිහිපයක් පිලිබදව අරලිය ගහ මන්දිරයේ පිහිටවූ දූෂණ විරෝධී කාර්යංශයට පැමිනිලි කොට ඇත . ඉන් පසු FCIDය ඒ පිළිබ්දව විමර්ෂණයක් සිදු කොට ඇත.කෙසේ වුවද පැමිනිල්ල ශක්තිමත් නැති බවට සටහනක් තබා දිල්රුක්ෂි ඩයස් අදාල ලිපි ගොනුව වසා දමා ඇත.
  • නිහාල් 2011 දී දළදා මාලිගාවෙන් ඉවත් කොට ඇත . ඒ අනුව නිහාල් සල්ලි මිටි බැන්දා නම් එය නිසැකවම 2011 ට පෙර විය යුතුය. නමුත් නිහාල් ෆර්ඩිනැන්ඩු 2011 සිට 2023 දක්වා එම දූෂිත ගනුදෙනුව හෙළිදරව් කොට නැත. නිහාල් අඩුම තරමින් යහපාලන ආණ්ඩු කාලයේදීවත් එම දූෂිත ගණුදෙනුව හෙළිදරව් කොට නැත.
  • ආන්දෝලනාත්මක වීඩියෝ පටය සමාජ ජාලා තුලට මුදා හැර ඇත්තේ ජවිපෙ සාමාජිකයන් පිරිසකි.එය JVP වසන්ත සමරසිංහගේ විසින් මෙහෙය වූවකි
  • නිහාල් ෆැඩිනෑන්ඩු පසුගිය කාලය පුරා විටින් විට දේශපාලන විඩියෝ පට නිකුත් කොට ඇත. නමුත් ඒ කිසිවක් විවුස් 100 ඉක්මවා නැත. ඔහුගේ වීඩියෝ වලින් ජනප්රිය වූ එකම වීඩියෝව මෙය වෙයි. නමුත් මෙම වීඩියෝව ඔහුගේ ගිණුමට එක්කොට නැත . ඉන් පෙනී යන්නේ නිහාල් තමා සිදුකළ ප්රකාශය ගැන වගකීමට බාර ගැනීමට මැලිවන බවය.
  • ලංකාවේ වෙබ් අඩවි සහ මුහුණු පොත නිර්නාමික වීඩියෝව සමාජ ගත කිරීමට විශාල ලෙස දායක වී ඇත
  • මෙරට මාධ්ය සහ පුද්ගලයන් තමන්ගේ මාධ්යකරණය පිළිබදව වගවීමෙන් කටයුතු කල යුතුය. පොලීසිය වංචා දූෂණ පිලිබදව නිහඬ ප්රේක්ෂකයන් ලෙස නොසිටිය යුතුය .
  • කරුණු එසේ හෙයින් National Alert සංවිධානය මේ පිළිබදව නිසි විමර්ශනය කරන ලෙස ඉල්ලා පොලිස්පති වරයාට පැමිනිලි කොට ඇත