සිස්ටම් චේන්ජ් ගැන කතා කරන මාධ්‍යවේදීන්ගේ හෙළුව !

0
245

පසුගියදා Life traveler නාලිකාව කීර්ති රත්නායක සමග පැවැත්වූ සංවාදය තුලදී ඔහු ක්ලබ් වසන්ත ගැන හෙළිදරව් කළ කරුණු වාරණය කිරීම මේ වන විට ආන්දෝලනයට ලක් වී ඇත.

වැඩසටන මෙහෙයවූ ධනංජය ඒ පිළිබදව කීයන්නේ ක්ලබ් වසන්ත ගැන කොටස ඉවත් කළේ යූ ටියුබ් ආයතනය බවය . නමුත් ධනංජයගේ කතාව පිලිගත නොහැක.

1.Youtube ආයතනය කිසි දිනෙක දුවන වීඩියෝවක් තුලට සංගීත ඛන්ඩයක් දමා එය විකෘති කරන්නේ නැත. මක්නිසාදයත් එය ජාත්යන්තර බුද්ධිමය දේපල සම්මුතියට පටහැනිය(WIPO)

2. කීර්ති රත්නායක මීට පෙර චමුදිත සමරවික්රම, දර්ශන හඳුන්ගොඩ , කල්ප වැනි ජේෂ්ඨ මාධ්වේදීන් සමග Interview කර ඇත. එම වැඩසටහන් වලදී අතිශ්ය ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කොට ඇත.ජෙනරල් කමල් ගුණරත්න, ශවේන්ද්ර සිල්වා වැනි අයට පවා බරපතල චෝදනා එල්ල කොට ඇත. තිළිනි ප්රියමලිගේ පියා සෝමවංශ අමරසිංහ බව හෙළිදරව් කොට ඇත. නමුත් Youtube ආයතනය කිසි දිනක එම වීඩියෝ තුලට සංගීත ඛණ්ඩ දමා නැත.

3. වීඩියෝව විකෘති කිරීම පිළිබදව අප  ප්රමුක පෙලේ Youtube නාලිකා තුනක තාක්ෂනික නිළධාරීන්ගෙන් විමසීම් කළේය . Youtube ආයතනය විසින් එවැනි සංස්කරණයක් නොකරන බව ඔවුන් තහවුරු කළේය. තවද සිය ඔන්ලයින් පැනල් එක හරහා ලංකාවේ නාලිකා හිමිකරු අදාල එඩිට් කිරීම කර ඇති බව ඔවුන් තහවුරු කළේය.

ධනංජය නාරංබැද්ද මීට සතියකට පමන පෙර ක්ලබ් වසන්ත සමග සංවාදයක් කළේය.ධනංජය විසින් අවර ඝනයේ චරිතයක් වන ක්ලබ් වසන්තට සුදු හුණු ගාන අයුරු එහි දැකිය හැක .ක්ල්බ් වසන්ත නම් තක්කඩියාට අසත්ය ජනගත කිරීමට ධනංජය දෙන සහාය හිරිකිතය.

රටක පැවැත්ම තීරණය වන්නේ විධායකය,ව්යවස්ථාදායකය,අධිකරණය සහ ජනමාධ්ය යන ආයතන මතය. ලංකාව බංකොලොත් වීම සම්බන්ධව බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ දේශපාලකයන් වෙතය. නමුත් අපගේ මතය ඊට වෙනස්ය . ලංකාවේ දූෂිතම ආයතනය ජනමාධ්යයි. ලංකාවේ ජනමාධ්යවේදීන් බොහොමයක් අන්ත දූෂිතය

ධනංජය නාරංබැද්ද විසින් ක්ලබ් වසන්ත ඔසවා තැබූ යූ ටියුබ් සංවාදය පහත දිගුවෙන් නරඹන්න (ද නැෂනල් ඇලට් )

https://www.youtube.com/watch?v=df8Mwg246aM