නැෂනල් ඇලට් තත්ත්ව වාර්තාව මාර්තු 31 2025

0
18

1. එජාපයේ අනාගතය කඩාකප්පල් කිරීමට උත්සහ දරණ පුද්ගලයන් දෙදෙනෙක් රනිල් වික්‍රමසිංහව ප්‍රාණඇපයට ගෙන ඇති බව රවී කරුණානායක පවසයි. රවි විසින් නම් සඳහන් නොකළද එකී පුද්ගලයන් දෙදෙනා සාගල සහ වජිර බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකර සිටියි.

2. නීති විරෝධී වත්කම් පවරා ගන්නා පනත 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි

3. නාමල් සහ කරන්නාගොඩට එරෙහි නඩු විභාග කරන විනිසුරුන්ගෙ ඉල්ලා අස්වීමක් සිදුවිය. ඊට ප්‍රතිචාර ලෙස, විනිසුරුවරුන් ඉල්ලා අස්වීම කණගාටුවට කරුණක් බව ජනාධිපති කීවේය. කෙසේ වුවද ඉල්ලා අස්වීමට හේතු වූයේ මාලිමාවට සම්බන්ධ youtube ක්‍රියාකරුවන් සිදු කළ විවේචන යයි ගම්මන්පිල කීවේය. ජනපති අනුර ලදරුවකු සේ හැසිරෙන බවද ගම්මන්පිල කීවේය.

4. මොන ගිවිසුම තිබුණත් තම රජයේ ගානට එනතුරු සුලං විදුලි බලාගාරයේ ඉදි නොකරන බව ජනාධිපති අනුර කුමාර ප්‍රකාශ කළේය. පරණ ගිවිසුම යටතේ බලාගාරය පිහිටුවීම අපරාධයක් බවද ජනාධිපතිවරයා කීවේය.

5. පවුල් පිටින් ඝාතනය කරන බවට ගම්පහ පොලිසියට පාතාලයෙන් මරණ තර්ජනයක් එල්ල වී ඇත. තර්ජනයක් එල්ල කර ඇත්තේ ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් වන නේවි දිනේෂ්ය.

6. ආර්ථික අර්බුදය නිසා නැවතුන ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය ජපන් ආධාර ලබන ව්‍යාපෘති 11ක් සහ මධ්‍යම අධිවේගී මාර්ගය එසේ යළි ආරම්භ වන ව්‍යාපෘතිය අතර වෙයි.

7.දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දමයි. අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම සිදුවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

8. පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ගැන විශේෂ හෙළිදරව්වක් කරන බව ජනාධිපති අනුර කුමාර පැවසීය.අප්‍රේල් 21වනදා පෙර අපරාධකරුවන්ගෙ ලැයිස්තුවක් හෙළිදරව් කිරීමට සූදානම් බව ජනපති කීවේය.

9. පලාත්පාලන මැතිවරණය සදහා නාම යෝජනා දුන් දිස්ත්‍රික් නායකයන්ට දිලිත්ගේ පක්ෂයෙන් රු ලක්ෂ දහයක් ලබාදී ඇති බව ඊයේ සමාජ ජාලා තුළ පල විය. නාමල් ගේ පක්ෂයෙන් අපේක්ෂකත්වය ලැබුණ පුද්ගලයන්ට රුපියල් ලක්ෂ පහක් ලැබුණු බවද කියවුණි. පක්ෂ දෙකටම මුදල් පොම්ප කළේ විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ බවත් කියවුණි.

10. මාතර අපරාධ විමර්ශන කාර්යාංශය වෛද්‍යවරයකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 400ක් සොයාගෙන ඇත. වෛද්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බව පොලිසිය සැක කරයි.

11. මෙම වසර මුලදී ලංකා බැංකුවට හැකර් ප්‍රහාරයක් එල්ල විය. බැංකුව හැකරුන්ගෙන් මුදවා ගත් බවත්, දත්ත ගබඩාවන්ට කිසිදු හානියක් සිදුව නැති බව ලංකා බැංකුව ප්‍රකාශ කර තිබුණි. මේ වන විට මෙරට බැංකුවක පෞද්ගලික දත්ත ඩාක් වෙබ් සයිට් එකේ අලෙවි වනු දැකිය හැකිය. බැංකුව කුමක් කීවද හැකර් ප්‍රහාරයෙන් දත්ත සොරා ගෙන ඇති අතර එම දත්ත ඩාක් වෙබ් එකට මුදා හැර ඇත.

12. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ශම්මි සිල්වා එම ධූරයට නිතරඟයෙන් යළිත් පත්වෙයි. මෙය ඔහු නිතරගයෙන් පත් වූ හතරවෙනි අවස්ථාව වෙයි. මෙවර ඔහුගේ ඔහුගේ නිල කාලය 2025 – 2027 ලෙසින් වෙයි.

13. රයිගම් ටෙලීස් සම්මාන උළෙලට පෙර නොවූ විරූ විරෝධයක් වාර්තා වෙයි. මීට හේතුව සම්මාන ප්‍රදානයේදී ආණ්ඩුවට පක්ෂ පක්ෂපාති පුද්ගලයන්ට විශේෂ අනුග්‍රහයක් දැක්වීමය. සම්මාන උළෙල තුල, දඹුලු විහාරය වඳින අතරතුර තලගොයි මැරූ සෙයක් දිස්වන වූ බව කියැවෙයි.

14. පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්නා විසින් ප්‍රියංකා උදයංගනී නම් නීතිඥවරියක් රිමාන්ඩ් කිරීමට පසුගිය දා නියෝග කලාය. චූදිත නීතිඥවරිය වෙනුවෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව රීට් පෙත්සමක් ගොනු කළාය. පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය සිරගත කළ නීතිඥවරිය නිදහස් කිරීමට අද නියෝග කළේය.

15 .කැනඩාවේ පාසල් විෂය මාලාවට “ශ්‍රී ලංකාවේ ජන සංහාර” චෝදනාව ඇතුළත් කිරීමේ යෝජනාව ව්‍යර්ථ විය. දෙමළ ජන සංහාරයක් ශ්‍රී ලංකාවේ සිදු නොවූ බව ඔන්ටාරියෝ උසස් අධිකරණය, ඔන්ටාරියෝ අභියාචනාධිකරණය සහ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.