බෞද්ධාගම සත්‍යක් නොවේ, දිවැසි ජෙරම් විණිසුරුවරියට කියයි

0
246

පසුගියදා දිවැසි ජෙරම් ප්රනාන්දු ආන්දෝලනාත්මක ප්රකාශයක් කළේය.එම ප්‍රකාශය සමාජ ජාලා උනුසුම් කොට ඇත, එම ප්‍රකාශ නම්

  • විද්‍යාව ඇත්ත නමුත් සත්‍ය නොවන බව
  • බෞද්ධාගම ඇත්ත නමුත් සත්‍ය නොවන බව

බයිබලයේ පරණ ගිවිසුමට අනුව කාමමිත්යාචාරයේ යෙදෙන ගැහැනියකට දෙවියන් වහන්සේ ලබා දී තිබූ තීන්දුව ගල්ගසා මරා දැමීමය. වරෙක,එවැනි කාන්තාවක් ජේසුස් වහන්සේ වෙත ගෙන ආවේය

ඇය නිදහස් කළේ නම් බයිබලයේ පරන ගිවිසුම උල්ලංඝනය කරා වනු ඇත. ගල් ගසා මැරීමට තීන්දු කළේ නම් යේසුස් වහන්සේ දියත් කිරීමට පැමිණි චින්තන විප්ලවය නිෂ්ඵල වනු ඇත. කරුනු එසේ වූ කල්හි, පව් නොකළ තැනැත්තාට පලමු ගල ගැසීමට නියම කළේය.ඒ අනුව පාපය නොවෙනස් වූ අතර නීතිය වෙනස් විය.

නිව්ටන් කාලය හා අවකාශය හඳුනා ගනු ලැබුවේ ස්වාධීන පැවැත්මක් ඇති වස්තුවක් ලෙසිනි (නිරපේක්ෂ). නමුත් අයින්ස්ටයින් කොන්ටම්වාදය ඉදිරිපත් කොට සියල්ල සාපේක්ෂ බව ඔප්පු කළේය. නිවුටන්ගේ නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුව පොළවට සාපේෂව දැක්වූවක් විය. ඒ අනුව කාලය සාපේක්ෂය. විද්‍යාව දත්ත අනුව ඇත්තක් මිස විශ්වයේ යථාර්ථය නොවේ

අතීතයේ මිනිසුන් ‘දුක’ යන්න හඳුනා ගෙන තිබුනේ ලෝක යථාර්ථයක් ලෙසිනි. නමුත් ‘දුක’ ලෝක යථාර්ථයක් නොවන බව සහ එය ලාමක අලජ්ජි හේතුවක පලයක් බව බුදුන් වහන්සේ ඔප්පු කළේය. උන්වහන්සේට අනුව දුක අල්ලා ගැනීමට සාපේක්ෂය. සිත කිසිවක් අල්ලාගෙන නැත්නම් දුකක් නැත, කාලයක් නැත. එය ඕනෑම අයෙකුට සිය නැන පමනින් ප්රගුණ කල හැකි සරල සූත්රයකි

ජේසුස් වහන්සේ ඉතිහාසය උඩු යටිකුරු කළ අපූරු විප්ලවවාදියෙකි. බුදුන් වහන්සේ ඉතිහාසය උඩු යටිකුරු කළ අපූරු විප්ලවවාදියෙකි. දිවැසිවර ජෙරම් ප්‍රනාන්දුට හිමි තැන කාලය විසින් තීන්දු කරනු ඇත.

(වීඩියෝව පහත ලින්ක් එකෙන් නරඹන්න)