ඩයනා ඉගැන්වූ පාඩම.. අත්දැකීම මත පමනක් සීමාවී තීන්දු ගන්න එපා !

0
214

ජාතික ලැයිස්තු සංකල්පය ව්‍යවස්ථාවට එකතු කළේ JR ජයවර්ධනය. රට ගොඩනැගීමට සදහා, විශේෂ දක්ෂතා ඇති පුද්ගලයින් කෙලින්ම පාර්ලීමේන්තු ගෙන ඒම මෙහි ඉලක්කය විය. එනම් exclusive චරිත මැතිවරණට නොදමා කෙලින්ම පාර්ලීමෙන්තුවේ වාඩි කිරිමය . ඩයනා ගමගේ සතු විශේෂ විශේෂ දක්ෂතා සලකා ඇය කෙලින්ම පාර්ලීමෙන්තුවේ වාඩි කිරීමට සජිත් තීන්දු කළේය.

ඩයනාගේ විශේෂ දක්ෂතා වලට සජිත් ගෙවූ මිලට වඩා හොද මිලක් රනිල්-රාජපක්ෂ රජයෙන් ලැබුනි. ඩයනාට ඇමති ධූරයක්ද ලැබුණි. නමුත් ව්‍යවස්ථා සම්පාදනය වැනි බැරෑරුම් විෂයකදී හුදු අද්දැකීම පමනක් ප්‍රමාණවත් වත් නැත. ඊට  න්‍යයායාත්මක දැනුම් සම්භාරයක් අවශ්‍යය. හුදෙක් අත්දැකීම් මත පමනක් පිහිටා තිරණ ගැනීම නිසාදෝ ඩයනාගේ ව්‍යාපෘති අසාර්ථක විය. ඒවා පහත පරිදිය

ගණිකා වෘත්තිය
බෞද්ධ රටක් වන තායිලන්තය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති නිසා, ලංකාවද එය නීති ගත කළ යුතු බව ඩයනා කීවේය.

යම් කිසි රටක් ගනිකා වෘත්තිය නීති ගත කරන්නේ නම් ඊට පෙර කළ යුතු වැඩ රාශියක් ඇත. ලිංගිකව බෝවන රෝග හදුනා ගැනීම සඳහා clinic ඇති කළ යුතුය. ලිංගික රෝග සඳහා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කළ යුතුය. ගනිකා වෘත්තිය නීති ගත කිරීම සමග ලිංගික ශ්‍රමිකයන් අතර මානසික සංකුලතා ඇති වන අතර ඊට පිලියම් යෙදීමට මානසික ප්‍රථිකාර මධ්‍යස්ථාන ඇති කළ යුතුය.

තවත් අතෙකින් ශ්‍රී ලාංකික සහ තායි යනු එකිනෙකට වෙනස් වූ ජාන සම්භව දෙකකි. ආගමික සංස්කෘතික සාහ ජානමය බල පෑම නිසා ලංකාව තුල ගනිකා වෘත්තිය නීතිගත කිරීම පහසු නැත

ගංජා 
සමස්ථ ලෝකය තුලම ගංජා ආශ්‍රිත නිෂ්පාදන සදහා ඇති මුළු වෙළද පොල පංගුවේ වටිනා කම ඇ.ඩො බිලියන 15කි . කොකාකෝලා වලට ඇ.ඩො බිලියන 225 ක වෙළද පොල පංගුවක් ඇත , ඒ අනුව ගංජා වෙළද පොල කොතරම් කුඩාද යන්න තේරුම් ගත හැක. තවත් අතෙකින් ගංජා ආශ්‍රිතව value added කළ නිෂ්පාදන බිහි කීරීමට ප්‍රාග්ධන සම්පත් මෙරට නැත.

නයිට් ලයිෆ්.
ඩයනාගේ අනුග්‍රහයෙන් හබරණ කැලය තුල ” Jungle electronic music festival” පැවැත්වීමට කටයුතු යෙදුවේය. ටිකට් පවා විකුන්නේය. ලෝකයේ කිසිම රටක් රක්ෂිත වනාතර තුල හෝ සංවේදී පරිසර කලාප තුල Electronic music festival පවත්වන්නේ නැත. මක්නිසාදයත් ඉලෙක්ට්‍රොනික සංගීතය, ඩිජිටල් උපකරණ සහ පරිපථ වලින් නිපදවන අධිබලැති ස්වර සංයෝගයකි.මෙය සත්ව ලෝකය උඩු යටිකුරු කිරීමට තරම් ප්‍රබලය .එම වයාපෘතියද අසාර්ථ්ක විය

ඩිස්නිලන්තය
ඇ.ඩො බිලියන 18 ක ආයෝජන වටිනාකමක් සහිත ඩිස්නිලන්තයක් ගැන ඩයනා කීවේය. එම කථාව අමූලික බොරුවක් විය

තායිවාන් ඩීල් එක
මේ වන විට චීනය සහ තායිවානය අතර සීතල යුද්ධයක් පවතී. චීනය තායිවානයට සලකන්නේ තම භූමියෙන් කැඩී ගිය පලාතක් ලෙසිනි. මෙම ක්‍රියාවලිය “එක් චීනය” ප්‍රතිපත්තිය ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට කැපවී සිටී.ලංකාවට චීනය හරහා මිස තායිවානය සමග කෙලින්ම ඩීල් කළ නොහැක.ඩයනාගේ තායිවන් ඩීල් එක අතේ පුපුරා ගියේය

කරුණු එසේ හෙයින් මහජන නියෝජිතයන් පත්කිරීමේදී අද්දැකීම් සහ න්‍යායික දැනුම යන දෙකම ඇති අය තේරීමට වගබලාගත යුතුය