මුජිබර් නිසා සජිත්ගේ උද්ගෝෂණ මාලාව ඇණහිටින ලකුනු

0
60

2024 මැතිවරණ වර්ෂයකි. විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස  සිය පක්ෂය ගොඩ නැංවීමට වඩා  ආණ්ඩුවට එරෙහි උද්ගෝෂණ මුල් තැනක ලබා දී ඇත.

කෙසේ වුවද උද්ගෝෂණ වලට වඩා  පක්ෂයේ සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව SJB  බොහෝ දෙනෙකුගේ මතය වෙයි

 ආන්ඩුවට එරෙහි සජබ පලමු උද්ගෝෂණය ජන 30 කොළඹදී පැවැත්වුණි.එම විරෝධතාව  කඳුලු ගෑස් ප්‍රහාරයකට  ලක් විය
කඳුළු ගෑස් ප්‍රහාරය නිසා තමාට හුස්ම ගෑනීමට අපහසු වූ බව පවසා මුජිබර්  රෝහල් ගත විය.
මේ වන විට මුජිබර් සජිත් සමග උඩින් කථා කලද යටින් දැඩි වෛරයකින් පසුවෙයි.  ඊට හේතුව  නගරාධිපති ධූරය පෙන්වා පාර්ලීමන්තු මන්ත්‍රී ධූරය උදුරා ගැනීමය
සැබැවිනම සජිත් කළේ ලෝකල් ඉලෙක්ෂන් එකට මුවා වී මුජිබර්ගේ බෙල්ල කැපීමය.නැෂනල් ඇලට් එසේ කියන්නේ ඇයි ?
සජිත් විසින්  මුජිබර් නගරාධිපති සටනට යොමු කරන්නේ එම මැතිවරනය පැවැත්වෙන්නේ නැති බව දැන ගෙනය
සජිත් මීලග පාර්ලීමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේ හම්බන්තොටින් නොව  පියාගේ මැද කොළඹ ආසනයෙනි.  මුජිබර් ගෝල්ෆේස් අරගලයට අනුග්‍රහය දක්වා  ලබා ගෙන තිබූ ජනප්‍රියතාව මීලග මැතිවරණයට මැදකොළඹින් එන සජිත්ට තර්ජනයක් විය. සජිත් ”ප්‍රේමදාස ක්‍රමයට එම තර්ජනය ඉවත් කළේය
ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකාද මුජිබර් රුස්සන්නේ නැත . මේ වන විට කොළඹ දේශපාලනඥයන් පිරිසක්  මුජිබර්ට එරෙහිව අකටයුතු කරයි . ඔවුන් මුජිබර්ගේ දූෂණ ගැන CID  ට පැමිණිලි කොට ඇත .එම මෙහෙයුම  පි‍ටුපස ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා සිටියි.
ගෑස් වැදී රෝහල් ගතවූ මුජිබර් බැලීමට ගිය සජිත් අමුතු කථාවවක් කියා ඇත. සමාජ ගත විය යුත්තේ  ‍රැලියට  කඳුලු  ගැහුවා කියන එක නොව ,  සජබ ජයග්‍රහනය පෙනෙන මානයේ සිටින  නිසා කඳුලු ගෑස් ගහන්නෙ  නැත යන්නයි. වැඩි අමාරුවක් නැතින් නම්  ඩිස්චාර්ජ් වී අදම  ගෙදර යන ලෙස මුජිබර්ට දන්වා ඇත.
කෙටියෙන් කිවහොත් මුජිබර්ගේ ප්‍රති කුමන්ත්‍රණය නිසා සජිත්ගේ දේශපාලන සිතියම අවුල් වී ඇත