ඔ‍ටුණු හිමි රාජ පුතුන් අධිමාත්‍ර හෙරොයින් බෙදාහැරීමට සම්බන්ධ බවට සාක්ෂි ඇති විට සනත් නිශාන්ත වැනි පුද්ගලයන් ගැන කවර කතාද?

0
52

සනත් නිශාන්ත ජීවත්ව සිටියදී හෙරොයින් චෝදනාවෙන් නිමල් ලන්සාට දමා ගැසුවේය.

ඉන් වසරක් ගත වෙත්ම සනත් නිශාන්ත රිය අනතුරකට ලක්ව අවසන් ගමන් ගියේය. අනතුර සිදුවූයේ ලංසාගේ ඡන්ද බල ප්රදේශයේය.

සනත් නිශාන්ත බේරා ගැනීමට පැමිණියේ ලංසාගේ ඡන්ද බල ප්රදේශයේ පුද්ගලයන්ය.සනත් නිශාන්තගේ වාහනේ තිබූ කළ සැක කටයුතු පාර්සල් කිහිපයක් පිළිබඳව හෙළිදරව් කරන්නේ එකී පුද්ගලයන්ය.

මේ නිසා පාර්සල් චෝදනාවට දේශපාලන ලේබලය වැදී ඇත. නමුත් එම චෝදනාව සත්ය වීමටද ඉඩ ඇත.
මෙවැනි තත්ත්වයකදී පොලිසිය අසරණ වීම සාමාන්ය දෙයකි.පෑලියගොඩ අධිවේගී පිවිසුමේ සිටි උප පොලිස් පරීක්ෂක රුවන් කුමාරට සියදිවි නසා ගැනීමට සිදුවූයේ දේශපාලන අනුග්රහය ලැබූ Cover up mission එකක් නිසාය.

කෙසේ වුවද 18 කණුවේ සිට අනතුර වූ ස්ථානය දක්වා CCTV 13 ක් පමණ ඇත. පුද්ගල සාක්ෂි වලට අමතරව cctv සාක්ෂි වලින් සනත් නිශාන්තට එල්ල වන චෝදනාව විමර්ශනය කළ හැක.

ලංකාවේ ප්රභූ වලව් වල දේශපාලනඥයින් කොකේන් සහ අධි මාත්ර හෙරොයින් ජාවාරමට සම්බන්ධ බව මෙරට සාමාන්ය පුද්ගලයන්ට රහසක් වුවද ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය කාර්යාංශයට රහසක් නොවේ. ඔවුන් සතුව ඒ පිළිබඳව සාක්ෂි ද ඇත.

රාජ උෂ්ණය ගැසූ ප්‍රභූ වලව්වල පුතුන් අධිමාත්‍ර හෙරොයින් බෙදාහැරීමට සම්බන්ධ බවට සාක්ෂි ඇති විට සනත් නිශාන්ත වැනි පුද්ගලයන් ගැන කවර කතාද?

තවද එවන් ප්‍රභූ පුත්තු පසුපස ගිය නාකොටික් නිලධාරීන්ට රැකියා අහිමි වූ අවස්ථා ඇත, නාකොටික් නිලධාරීන්ට සිරගත වීමට සිදුවූ අවස්ථා ඇත.

කුඩු ජාවාරම් කරන, අපරාධ කරන දේශපාලඥයන් නිසා පොලිස් නිලධාරීන් තවදුරටත් අසරණ විය යුතුද?