දේශපාලන ගෝනි සෙල්ලම් එපා , සමුපකාරය දේශපාලන පක්ෂ විසින් නොව කොටස් හිමියන් පාලනය කරන ආයතනයක් කළ යුතුය

0
66

මේ වන විට ජවිපෙ සමුපකාර සමිති කිහිපයක බලය අත්පත් කරගෙන ඇත. සමුපකාර ව්යාපාරය ජවිපෙ ප්රචාරණ උපක්රම වල වැදගත් අංගයක් වී ඇත.

තමන්ට බලය හිමි සමුපකාර සමිති හොදින් පාලනය කරන බවත් එය රටේ පාලනය බාර දීමට සුදුසු කමක් බව ජවිපෙ කියා සිටියි.

ජවිපෙ 2009 දී අධ්‍යාපන සේවකයන්ගේ සමුපකාර සමිතියේ බලය අත්පත් කර ගත්තේය. නමුත් කාලය ගත වන විට ඔවුන්ගේ පාලනයද දූෂිත විය.

2019 වන විට ජවිපෙ පරිපාලනයට බරපතල දූෂණ චෝදනා එල්ල විය. මේ අතර 2019දී ඇතිවූ ගෝඨාභය ‍රැල්ල විසින් ජවිපෙ පාලනය පෙරලා දැමුවේය. බල පෙරලියෙන් පසු ජවිපෙ සිදු කළ දූෂණ තවදුරටත් හෙළිදරව් විය.

ජවිපෙ සුරංගනා කථා කීමෙහිලා දක්වන දක්ෂතාව පරිපාලනයේදී නොපෙන්වන බව ඉහත සිදුවීමෙන් ඔප්පු විය.සරලව කිවහොත් ජවිපෙද දූෂිතය, වෙනසකට ඇත්තේ හොරකම කිරීමට ඔවුන්ට ලැබෙන අවස්ථාවේ අඩු වීම පමනි.

කෙසේ වුවද රු බිලියන ගණනක දේපල ඇති සමුපකාර ව්‍යාපාරය දූෂිත ආයතනයක් වීම ජාතික අපරාධයකි.එය කාර්යක්ෂම කිරීමට කළ යුත්තේ ආයතනය පාලනය කරන දේශපාලන පක්ෂය කලින් කලට මාරු කිරීම නොවේ.

සමුපකාර ව්යාපාරයයේ කොටස් අයිතිය ජනතාවට ලබාදී එය සමාගම් පනතින් පාලනය කිරීමය. පාර්ලීමේන්තුවේ සරළ බහුතරයෙන් සම්මත කරන පනතකින් මෙය කළ හැක.

වහාම ක්‍රියාත්මක වන පරිදි සමුපකාර ව්‍යාපාරය දේශපාලන පක්ෂ විසින් නොව කොටස් හිමියන් විසින් කාර්යකෂමව පාලනය කරන ආයතනයක් බවට පත් කළ යුතුය