මේ ඔබ දකින්නේ, ”කොටි නැගිටිනවෝ’ නාට්‍යයි . එහි අධ්‍යක්ෂණය LTTE ඩයස්පෝරාවෙනි , නිෂ්පාදනය රාජපක්ෂ පවුලෙනි

0
229

පසුගිය සතියේ LTTE සංවිධානය පිලිබද මතකය ආවර්ජනය කරන සිදුවීම් පෙලක් වාර්තා විය. ඒවා පහත පරිදිය,

1. ඉන්දීය බංකොලොත් දේශපාලනඥයෙකු වන නෙදුමරන් සහ ප්‍රකට කවියෙකු වන කාසි ආනන්දන් ඇතුලු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ අය ජීවතුන් අතර බව ප්‍රකාශ කිරීම

2. දෙමල ඩයස්පෝරාවේ මුදල් වලින් යැපෙන තවත් ඉන්දීය දේශපාලනඥයන් දෙදෙනෙකු වන සීමන් සහ තොල් තිරුමාවලන් දෙමළ ඊලාම් රාජ්‍යක් වෙනුවෙන් හඬ නැගීම.

3 ප්‍රභාකරන්ගේ මස්සිනා ලෙස පෙනී සිටින මෙරට දේශපාලනඥයෙකු වන සිවාජිලිංගම් කරලියට පැමිනීම. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව ඔහුද ප්‍රකාශ කළේය

4.ප්‍රකට දේශපාලන කොන්ත්‍රාත් කරුවෙකු වන සුමනරතන භික්ෂුවගේ , පන්සලට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම

ඉහත නම් සඳහන් සියළු දෙනා ඩයස්පෝරා මුදල් වලින් යැපෙන අයවළුවන් වෙයි. නෙදුමරන් , සීමන් ,තිරුමාවලන් සහ සිවාජිලිංගම් LTTE ඩයස්පෝරාවේ මුදල් වලින් යැපෙයි. සුමනරතන සිංහළ ඩයස්පෝරා මුදලින් යැපෙයි. ඒ අනුව යම් හෙයකින් 13 ක්‍රියාත්මක වුවහොත්,ඊලම බිස්නස් එකක් කරගත් අයට  අවාසිය . කරුනු එසේ හෙයින් LTTE ඩයස්පෝරාවෙන් යැපෙන අය 13 ට කැමති නැත.

‘Go Gota’ අරගලයට සිංහල ඩයස්පෝරාව උපරිම සහයෝගය දුන් බව රහසක් නොවේ . එහි අතුරු ඵලයක් ලෙස රාජපක්ෂලාගේ බත්බැලයෙකු වන අම්පිටියේ සුමනරතනට ලැබුන සිංහළ ඩයස්පෝරා ආධාර නතර විය. මෙම තත්වයෙන් මිදිය හැකි එකම මාර්ගය LTTE  බිල්ලා  මැවීමය. වෙඩි තැබීමෙ නාට්‍ය පෙන්වූයේ ඒ වෙනුවෙනි. තවද 13 ක්‍රියාත්මක වුවහොත් රට බෙදෙන බව පෙන්වා තවත් බිල්ලෙකු මවා ඇත

මෙහි වැදගත්ම කරුණ නම්, මෙය හුදෙක් මුදල් මත රඟදැක්වූ සිදුවීම් දාමයක් නොවේ. එය කෙස් කෙලින් කරන දේශපාලන කුමන්ත්‍රණයකි. සිවාජිලිංගම් මෙම නාටකය තුල සිටින ප්‍රධාන නළුවෙකි. බොහෝ දෙනෙකුට සිවාජිලිංගම් පෙනෙන්නේ ප්‍රභාකරන්ගේ නියෝජිතයෙකු ලෙසිනි. නමුත් ඔහු මහින්දගේ නියෝජිතයෙකු බව අප කිව හොත් ඔබ එක්වරම විශ්වාස නොකරනු ඇත.

ඉතිහාසයේ එලාර නොසිටියේ නම් දු‍ටුගැමුණු නම් යුධ වීරයෙකු නැත. දු‍ටුගැමුණු වීරයෙකු වූයේ එලාර නිසාය .මහින්ද වීරයෙකු වූයේ ප්‍රභාකරන් නිසාය . ප්‍රභාකරන් මහින්දගේ පැවැත්මට අත්‍යවශ්‍ය ප්‍රපංචයකි.

2015 මහ මැතිවරණයට මහින්ද තරඟ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.එහිදී මහින්දගේ ඉල්ලීම මත ස්වාධීන අපේක්ෂයෙකු ලෙස සිවාජිලිංගම් කුරුණෑගල දිස්තික්කයෙන් තරඟ කළේය. මුළු දිස්ත්‍රික්කයෙන් සිවාජිලිංගම්ට ලැබුණ ඡන්ද ගන්න 92කි. එම ඡන්ද 92 තිබුනේ එක ඡන්ද පෙට්ටියකය .එය දැමුවේ මහින්දගේ ආධාර කරුවන්ය. සැබැවින්ම සිවාජිලිංගම් යනු LTTE යලි මතක් කිරීමට මහින්ද විසින් කරලියට ගෙන ආ බිල්ලෙකි.

රාජපක්ෂලා එක් පැත්තෙකින් සරත් වීරසේකර, නාලක ගොඩගේවා, ඡන්න ජයසුමන වැනි අය හමුදාව වෙනුවෙන් කතා කිරීමට ජිනීවා යැව්වේය. අනෙක් පැත්තෙන් හමුදාවට එරෙහිව කතා කීරීමට සිවාජිලිංගම් යැව්වේය. පාර්ශව දෙකටම අනුග්‍රහය දැක්වූයේ රාජපක්ෂලාය . රාජපක්ෂලා දේපාර්ෂවයට ජීනීවා වල ගහබැන ගැනීමට  වේදිකාව හැදුවේය . ඉන් පසු ජීනීවා වල රන්ඩු වන ආකාරය හිරු සහ දෙරණ නාලිකා ඔස්සේ පෙන්වූයේය .  රාජපක්ෂලා එමගින් දේශපාලන වාසි ලැබුවේය

රාජපක්ෂලා විසින් 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා සිවාජිලිංගම යොදා ගත්තේය. සිවාජිලිංගම් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ටෙලෝ සංවිධානයෙන් ඉදිරිපත්වීමට උත්සාහ කළේය. නමුත් සිවාජිලිංගම්ගේ යටිඅරමුණ ටෙලො පක්ෂය තේරුම් ගත්තේය. ඒනිසා ටෙලො පක්ෂය ඊට එරෙහි විය. අවසානයේ සිවාජිලිංගම් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවර්ණයට ඉදිරිපත් වී ඡන්ද 12,256 ලබා ගත්තේය. ඔහු කැඩුවේ එජාපයට ලැබීමට  තිබූ ඡන්දය.

සිවාජිලිංගම් යනු රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්කාරයෙකු බව පෙන්වීමට ඕනෑතරම් සාක්ෂි ඇත. ඒ වගේම රාජපක්ෂලා LTTE ඩයස්පෝරාව සමග ඩීල් දමන බව පෙන්වීමට ඕනෑ තරම් සාක්ෂි ඇත. ප්‍රභාකරන් ප්‍රතිනිර්මානය කිරීම රාජපක්ෂලාගේ , LTTE ඩයස්පෝරාවේ සහ සුමනරතනලාගේ පැවැත්මට ඇති එකම මාර්ගය වෙයි. එය හිඟන්නේඅගේ තුවාලය මෙනි.

රාජපක්ෂලා විසින් කොටි නැගිටිනවෝ නාට්‍ය පෙන්වීමට හේතු වූ කරුනු 2ක් ඇත

1. මහින්ද රාජපක්ෂට අගමැති ලෙස යලි දිවුරුම් දීමෙ සැලසුමක් ඇත.එහිදී මහින්දට එරෙහිව එන විරෝධනය සමනය කිරීමට කොටි නැගිටිනවෝ නාට්‍ය පෙන්වීමට රාජපක්කෂ පවුල තීන්දු කොට ඇත

2. 13 ක්‍රියාතමක වීම කඩාකප්පල් කිරීමට – රාජපක්ෂලා ඩබල් ගේමක් සෙල්ලම් කරයි, අතෙකින් 13 ට කැමති බව ඉන්දියාවට පෙන්වයි, තවත් අතෙකින් බෞද්ධ අන්තවාදින් පිනවීමට 13 කඩා කප්පල් කිරීමට යටිබිම්ගතව කුමන්ත්‍රණය කරයි