නන්දලාල් භූමිකාව නොහොත් මාරයා වෙදා ලෙස පැමිණීම

0
59

පසුගියදා මහ බැංකු සේවකයන් ඉතා කූට ලෙස ලබා ගත්  වැ‍ටුප් වර්ධකය පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ උදහසට ලක් වී ඇත.  මෙය සිදු කර ඇත්තේ පාර්ලීමේන්තුවට හොරෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහ බැංකු සේවකයන්ගේ වැ‍ටුප් පමනක් නොව  සමස්ථ  මූල්‍ය පාලනය පාර්ලීමේතුව සතුය.

මහ බැංකු ලොක්කා හොර පාරෙන්  නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ  වැටුප රු. මිලියන 1.6 දක්වා සහ සුළු  සේවක වැ‍ටුප 70000 දක්වා වැඩි කර ගත්තේය.

මෙහි ඇති තවත් දැවෙන ප්‍රශ්නයක් වන්නේ මහ බැංකු ලොක්කා සහ ගෝලයන් එවන් වැ‍ටුප් වැඩිවීමක් ලැබීමට රට කළ සේවය කුමක්ද යන්නය.

2023 අගෝ 27 Sunday times  හෙළිදරව් කළ පරිදි  නන්දලාල් ණය නොගෙවීම  ප්‍රකාශ කළේ රජයට ඩොලර් බිලියන 10.7ක ණයක් ලැබීමට ලැබීමට නියමිතව තිබියදීය .එනම් රට බංකොලොත් කිරීම සැලසුම් සහගත කුමන්ත්රණයකි

ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට උදව් කරන මුවාවෙන් ඉන්දියාව සෑම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කළේය. ඉන්දියාවට පක්ෂව ගත් ආර්ථික තීරණවලට නන්දලාල් සහාය දුන්නේය

මුදල් අච්චු ගැසීම පහසු කාර්යයකි. නමුත් භාණ්ඩ හා සේවා මුද්‍රණය කළ නොහැක. එනම්  5000 කොළ අච්චු ගැසුවද පෙට්‍රල්, කිරි, සීනි ආදිය මුද්‍රණය කළ නොහැක.
මහ බැංකු ලොක්කා සහ ගෝලයො පිරිස මුදල් අච්චු  ගැසුවා මිස මිස  නිෂ්පාදනය වැඩි කිරීමට උර දුන්නේ නැත.

අළුතින් මුදල් අච්චු ගසන විට ඉල්ලුම වැඩිවී භාන්ඩ මිල ඉහල යයි. එනම් අළුතින් මුද්‍රණය කළ මුදල් ජනයා අතට ගොස් එම මුදල් වලින් ඔවුන් පෙට්‍රල්, සීනි, කිරි, විදුලි උපකරණ ආදිය මිලදී ගනී. එම් භාන්ඩ  ආනයනිත එනම් ඩොලර් ගෙවා ලංකාවට ගෙන්වූ  ඒවාය.  රුපියල් මුද්‍රණය කළ හැකි වුවද ඩොලර් මුද්‍රණය කළ නොහැක . මෙම තත්වය ඩොලර් හියයක් ඇතිවීමට බලපෑවේය.

එම තත්වය පාලනය කිරීමට මහ බැංකුව බරපතළ ක්‍රියාමාර්ග 2ක් ගත්තේය

1. පොලී අනුපාත ඉහල දැමීම

2. ආනයන සීමා කිරීම

මහ බැංකුව මෙම තීරණ ගන්නා මොහොතේ බැංකු තැන්පතු සඳහා පොලී අනුපාතය 17% ක් විය. උද්ධමනය 58% ක් විය . පොලියට වඩා උද්දමනය වැඩි තත්ත්වයක් තුළ ජනයා බැංකුවේ මුදල් දමන්නේ නැත.

තවද පොලී අනුපාත වැඩි කිරීම අර්බුධය උත්සන්න කිරීමට බලපෑවේය . ඉහළ පොලී අනුපාත  ව්‍යාපාර සංකෝචනය කරනවා මිස ප්‍රසාරණය නොකරයි. පොලී වැඩි වීම ලංකාවේ කුඩා ව්‍යාපාර නට්ටන් කළේය . පොලී අනුපාත ඉහළ නැංවීම කොටස් වෙළඳපොළටද නරක ලෙස බලපෑවේය.

ශ්‍රී ලංකාවේ ආනයන වර්ග තුනක් තිබේ. මේවා පාරිභෝගික භාණ්ඩ, අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ වේ. විශාලතම කොටස වන්නේ අතරමැදි භාණ්ඩ වන අතර එය 57% කි.මෙම කාණ්ඩය නිෂ්පාදන යෙදවුම්ය . මෙම භාණ්ඩ සඳහා සීමාවන් පැනවීම නිසා ඒවා යොදාගෙන නිෂ්පාදන කල ව්‍යාපාර වැසී ගියේය. එය  දේශීය නිෂ්පාදිතය පහත වැටීමට හේතු විය.

රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින විට පොත් වල ඇති න්‍යාය එලෙසම යෙදීම භයානකය.සැබැවින්ම මහ බැංකු ලොක්කා සහ ගෝලයෝ පිරිස යනු ආර්ථිකයේ ගහලයන් මිස ගැලවුම් කරුවන් නොවේ. නමුත් ආර්ථිකය ගොඩ දැමීමේ කීර්තිය ලැබුනේ ඔවුන්ටය . වරප්‍රසාද ලැබුනේ ඔවුන්ටය

පුදනකොටම කාපි යකා මෙන් නන්දලාල් පාර්ලිමේන්තුවට නොදන්වා විදේශ ණය නොගෙවන බව ප්රකාශ කළේය. නන්දලාල් ගෙදරයාමට පෙර සාහසික ලෙස වැටුප් වැඩි කර ගත්තේය. නමුත් නන්දලාල් වීරයෙකි, මිනිසුන් බැන අඬගසන්නේ දේශපාලකයන්ටය