ජවිපෙ ‍රැස්වීම්වලට මිනිස්සු ආවද ඔවුන්ගේ ඡන්ද පෙට්ටි හිස් වන්නෙ ඇයි?

0
205

මේවන විට අනුරකුමාරගේ දේශපාලන රැස්වීම වලට එකතුවන ජන සංඛ්යාව කාගේත් කතා බහට ලක්වී ඇත. ජවිපෙ නිවසින් නිවසට ගොස් සිදු කරන ප්රචාරණ කටයුතු ද අති සාර්ථකව සිදු වෙයි. අනුර කුමාර පසුගියදා මුස්ලිම් බහුතරයක් වෙසෙන මුතූර් සහ කීන්යා වල ජන හමුවක් පැවැත්වූයේය. SLPP,SJB,UNP, TNA, SLMC වැනි ප්රධාන පක්ෂ වලට කිසි දිනක රැස් කරගත නොහැකි ජනකායක් අනුරගේ රැස්වීමට පැමිණ තිබුණි.

අද උතුරේ දකුනේ කොහේ ගියත් ප්රධාන පක්ෂ කිසිවකට නැති ජනසන්නිපාතයක් අනුර කුමාර වටා රොක් වී ඇති බව පෙනී යයි. සමාජ ජාලාවල තත්වයද මීට දෙවැනි නැත. මේ වනවිට ප්රධාන දේශපාලන පක්ෂ වලට අනුර කුමාර අභියෝගයක් වී ඇත. ඔවුන් අනුර කුමාර අරබයා දියත් කර ඇති ප්රහාර වලින් එය පැහැදිලි වෙයි.

ඉදිරියේදී පැවැන්වෙන මැතිවරණයකදී අනුර කුමාර විශාල පෙරළියක් කරනු ඇති බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත. නමුත් ලංකාවේ ක්රියාත්මක බුද්ධි අංශ මේ කථාව පිළිගන්නෙ නැත.විශේෂයෙන් විදෙස් බුද්ධි අංශ ගණන් ඉලක්කම් සමගින් සාමාන්ය කථාවට වෙනස් තත්වයක් වාර්තා කර සිටියි.

2018 වසරේ පලාත් පාලන මැතිවරණයට පෙර අනුර කුමාර කාතන්කුඩිවල ජනහමුවක් පැවැත්වූයේය. අනුරගේ ජනහමුවට 9500කට වැඩි ජනකායක් රැස්විය. එදිනම හිස්බුල්ලාද ජනහමුවක් පැවැත්වූයේ. නැගෙණහිර අසහාය මුස්ලිම් නායක හිස්බුල්ලාගේ රැස්වීමට සහභාගිවූයේ 2500ක්ට අඩු පිරිසකි . නමුත් ඡන්ද ප්රථිපලය එනවිට කාතන්කුඩියෙන් අනුරට ලැබුනේ ඡන්ද 235 කි . හිස්බුල්ලා සියළු ආසන දිනාගෙන තිබුනි.

රැස්වීම වලට ජනයා පැමිණියද ජවිපෙට ඡන්දය නොලැබෙන බව ඉතිහාසය විසින් ඔප්පු කොට ඇත . බුද්ධි අංශ වාර්තා වලට අනුව ඊට හේතු 2කි

1. ජවිපෙ ආර්ථිකයක් තුල ලබා දෙන සහන නිෂ්චිතව ප්රකාශ නොකිරීම

2. ආර්ථිකය ගොඩ නගන මොඩලය ගැන මුනිවත රැකීම (චීන ක්රමයද, කියුබානු ක්රමයද යන්න පිලිබදව කිසිවක් නොකීම , අනුර කුමාරද ක්ල්බ් වසන්ත මෙනි)

මෙය තවත් සරලව පැහැදිලි කළ හැක . ගමක මරණාධාර සමිතියක් ඇත. ගමේ ඡන්දයෙන් පත් වූ නිලධාරි මඩුල්ලක් එහි පාලනය ගෙන යයි. මේ අතර ගම් රැඩිකල් කන්ඩායමක් සමිතියේ පාලනය දැඩි ලෙස විවේචනය කරයි. සමිතියේ සභාපතිගේ යට ඇඳුමේ සිට සියල්ල විවේචනය කරයි. ගමේ මිනිසුන්ද එම කතා වලට සයිඩ් සපෝට් දෙමින් ඒවා අසා සිටියි.නමුත් ගමෙ මිනිසුන් රැඩිකල් කල්ලියේ රස කතා අසා සිටිනවා විනා ඡන්දය දී ඔවුන් බලයට පත් කරන්නේ නැත. ඊට හේතු හේතු 2කි

  •  සමිතියේ ප්‍රථිලාභ වැඩි කිරීම ගැන කිසිවක් නොකීම.
  •  සමිතියේ අරමුදල් ‍රැස්කීරීම ගැන කිසිවක් නොකීම (සාමාජික අඩුකරනාවද , වැඩිකරනවද ආදිය )

ගමේ මරණාධාර සමිතියේ වංචා සහ දූෂණ නැතුවා නොවේ. මිනිසුන්ටද ඒවා රහසක් නොවේ. මිනිසුන්ට ඒ පිළිබදව කෝපයක් නැතුවා නොවේ. ගමේ මිනිසුන් එම කෝපය සමනය කරගන්නේ ‍රැඩිකල් පිරිස නාට්‍යනුසාරීව සමිතියේ සභාපතිගේ රෙදි ගලවන කතා අසා සිටීමෙනි. නමුත් රැඩිකල් කල්ලියේ නාට්‍යානුසාරී කථා කීමේ හැකියාව ඔවුන් බලයට පත්කිරීමට තරම් හේතුවක් ලෙස ගැමියන් නොසිතයි.

අතීතයේ මහනුවර රාජසිංහ නමින් රජෙක් සිටියේය.මොහු සිංහලයෙකු නොව වඩිගයෙකු වූයේය. ඔහුගේ කලකිරියාවද එතරම් යහපත් නොවීය.මේ අතර රජවාසලේ අන්දරේ නමින් කවටයෙකු විය . අන්දරේ නාට්යානුසාරී කථා කියමින් රජා විවේචනය කළේය . මේ නිසා අන්දරේ ජනතාව අතර වීරයෙකු විය.නමුත් අන්දරේගේ නාට්යනුසාරී කථා කීමේ හැකියාව ඔහු රාජ සභාවට පත් කිරීමට සුදුසුකමක් ලෙස කිසිවෙකු දුටුවේ නැත