අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 6

දියසේන කුමරු එන්නෙ නැත , වැඩක් කළ හැකි අයට තනතුරු දෙනු

0

ඊයෙ ජනපති රනිල් රෝයල් ‍තෝමස් බිග් මැච් එක බැලීමට ගියේය. පසුගියදා, පොහොට්‍ටුවේ දෙපිරිසක්ද සොෆ්ට් බෝල් මැච් එකක් ගැසූහ. නාමල් රාජපක්ෂත් ඊට සෙල්ලම් කළේය.

රටේ ආර්ථික අර්බුධයක් තියෙනකොට නාමල් බෝල සෙල්ලම් කරනවා කියා විමල් වීරවංශ ලොකු දෝෂාරෝපනයක් කළේය. ”පැගිරා” , ”ඉන්ජෙක්ෂන් ගහපු බොයිලර් පැටියා” ආදී වචන කියමින් විමල් නාමල්ට අවලාද නැගුවේය.

නාමල්ට අවලාද නගපු විමලෙ,දවස පුරා මැච් බලපු ජනපති රනිල් ගැන වචනයක් කතා කළේ නැත.එසේ වීමට හේතු ඇත.විමල්ට තමන්ගේ අපරාධ නඩු ටික බේරා ගැනීමට රනිල්ගේ සපෝට් එක අවශ්‍යය.අනෙක දැන් විමල්ගේ ගෝඩ් ෆාදර් දිලිත් ජයවීරය. දිලිත්ගේ නියෝග අනුව විමල් පහරදෙනු ලබයි

කෙසේ වුවද රනිල් බිග් මැච් බලන විට ක්‍රීඩාව සහ පරිපාලනය පැත්තෙන් ලංකාව ලෝක අපවාදයකට වූයේය.

ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී පැවැත් වුණි. මෙහිදී රටවල් 197 ක් ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට පක්ෂව ඡන්දය දුන්හ.ඊට හේතුව මේරට පාපන්දු පරිපාලනය අන්ත දූෂිත වීමය.මේ නිසා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ලංකාවට ලැබීමට නියමිත මිලියන ගණනක ඩොලර් ආධාර අහිමි විය .

අද, බංකොලොත් ලංකාවට ලෝකයේ කිසිම රටක් ණය දෙන්නේ නැත.නමුත්,විවිධ ව්‍යාපෘති පෙන්වා ක්‍රීඩාව සහ පරිසරය සු‍රැකීම සම්බන්ධ ජාත්‍යන්තර ආයතන වලින් සැලකිවයුතු ඩොලර් ප්‍රමාණයක් ලබා ගත හැක

රුවන් විජේගුනවර්ධන , මාලදිවයින් කතානායක නෂිඩ් සහ එරික් සොල්හයිම් ජනපති රනිල්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකවරු ලෙස පත් කලේ මේ නිසාය . නමුත් උන් මොනවද කරේ ?

රුවන්ට , නෂීඩ්ට , සෝල්හයිම්ට වැ‍ටුප් සහ දීමනා ලබා දුන්නද ජාත්‍යන්තර ආයතන වලින් සතයක් ලබා ගැනීමට නොහැකි විය. පාපන්දු සම්මේලනයෙන් ලෙහෙසියෙන් ලබා ගැනීමට හැකිව තිබූ ඩොලර් ටිකත් අහිමි කළේය

වැඩ බැරි මිනිසුන්ට තනතුරු ලබා දී මහජන මුදල් නාස්ති කිරීම වහාම නවතා දැමිය යුතුව ඇත.මීයෝ අල්ලනවනම් පූසා මැටියෙන් වුවද කම් නැත. රජයේ තනතුරු වැඩක් කළ හැකි අයට ලබා දිය යුතුය. ඔබගේ දකුනු පස සිටින්නේ එවැනි අයෙකි.

සී.ඩී වික්‍රමරත්න, දේශබන්දුට එරෙහි කුමන්ත්‍රණයක, පොලිස්පති තරඟය තවත් උණුසුම් වෙයි

0

පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් පූර්ණ අභිමතයක් ජනපතිට නැත. ජනපති විසින් නව පොලිස්පති සඳහා නම් 3ක් ව්‍යවස්ථාසභාවට යොමු කළ යුතුය.එය ජේෂ්ඨත්වය සහ දක්ෂතාව අනුව කළ යුතුය. මෙහිදී,

1. ජනපතිවරයා යෝජනා කරන නම් අනුමත නොකර සිටීමේ බලයක් ව්‍යවස්ථා සභාවට ඇත

2. එමෙන්ම ව්‍යවස්ථා සභාව අනුමත කරන එවන නම ක්‍රියාත්මක නොකිරීමේ බලයක් ජනපති සතුව ඇත ( සංශෝධනය සඳහා ආපසු හරවා යැවීම)

කරුණු එසේ හෙයින් ජනපති සහ ව්‍යවස්ථාදායක සභාව ගැ‍ටුමකින් තොරව වැඩ කළ යුතුය. කරුනු එසේ හෙයින් ව්‍යාවස්ථාදායක සභාවේ සංයුතිය විමසීම වැදගත්වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතය.

කථානායක, අගමැති සහ විපක්ෂ නායක නිල බලයෙන් එහි සාමාජිකයන් ලෙස පත්වෙයි. ඊට අමතරව ජනාධිපතිවරයාට, ආණ්ඩු පක්ෂයට සහ ප්‍රධාන විපක්ෂයට නියෝජිතයින් පත් කිරීමේ බලය හිමිය. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා, ආණ්ඩුවේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් , ප්‍රධාන විපක්ෂ නියෝජිතයා ලෙස කබීර් හෂීම් නම් කර ඇත.

තවද සුළු පක්ෂ වෙනුවෙන් ද නියෝජිතයෙක් නම් කළ යුතුය.එම පක්ෂ අතර පවතින ගැ‍ටුම් හේතුවෙන් මෙතෙක් ඒ සඳහා කෙනෙකු නම් කර ඇත.

ඊට අමතරව ආණ්ඩුවේ සහ විපක්ෂයේ එකඟතාවයෙන් සිවිල් සාමාජ නියෝජිතයන් තිදෙනෙකු ද නම් කෙරෙයි. ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර හා ආචාර්ය දිනේෂා සමරරත්න පත් කර ඇත. රාමානුජම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අමාතංශවල ලේකම්වරයෙකු ලෙස කටයුතු කොට ඈත . දිල්කුෂි වෛද්‍යවරියකි. දිනේෂා සමරරත්න නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි .

ව්‍යවස්ථාදායක සභාවේ වර්තමාන සංයුතිය අනුව එහි වැඩි බලය වත්මන් ආණ්ඩු පක්ෂය සතුය.

සීඩී වික්‍රමරතන, ධූර කාලය අවසන් කොට විශ්‍රාම යනවා වෙනුවට ඔහුගේ ගෝලයෙක් පොලිස්පති ලෙස පත් කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටියි. විශේෂයෙන් දේශබන්දු තෙන්නකෝන්ට, එරෙහිව ඔහු කුමන්ත්‍රණය කරමින් සිටියි.

ඒ අනුව ගෝඨාභයගේ නිලනිවසෙන් හමු වූ මුදල් තොගය නිසිලෙස අධිකරණයට වර්තා නොකළ බව සදහන් කරමින්දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා ගොණු කොට ඇත. ඊයේ එම චෝදනා පත්‍ර සී.ඩී වික්‍රමරතනගේ අත්සනින් ආරක්ෂක ලේකම් වෙත යොමු කොට ඇත.

එපමනක් නොව ඉහත රහස්‍ය ලියුම ශූක්ෂම ලෙස මාධ්‍යටද නිකුත් කළේය. එම රහස්‍ය ලිපිය ලැබුන ලංකා ඊ නිවුස් සහ දසත ලංකා , ‘දේශබන්දුගේ පොලිස්පති සිහිනය ඉවරයි’ ලෙසින් ප්‍රවෘත්තියක් පල කලේය.

මේ සම්බන්ධයෙන් අප ආරක්ෂක අමාත්‍යංශයේ ඉහලම නිළධාරියෙකුගෙන් විමසීමක් කළේය. චෝදනා පත්‍රයක් පිලියෙල කල පමනින් පුද්ගලයෙකු වැරදි කරුවෙකු වන්නේ නැති බව ඔහු කීවේය . මේ නිසා සී.ඩී වික්‍රමරත්න යොමු කළ ලිපිය ඊලග පොලිස්පති පත්කිරීම සඳහා බලපෑමක් නොකරන බව ඔහු කීවේය.

පාලකයා රනිල්, සජිත්, අනුර කුමාර කවරෙක් වුවද, රටතුල නීතිය සහ සාමය ‍රැකීම ඔහුට අත්හල නොහැකි වගකීමකි. දැන් ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුධයකි . ඊට උද්ගෝෂණ වලින් විසදුම් සෙවිය නොහැක. ආර්ථිකය අර්බුධයට විසදුම සංචාරක කර්මාන්තය සහ ආයෝජන නගා සිටිවීමය . එය සිදුකළ හැක්කේ සාමකාමී පරිසරයක් තුල පමනි.කරුනු එසේ හෙයින් උද්ගෝෂණ පාලනය කළ හැකි පොලිස්පතිවරයෙක් අද රටට අවශ්‍ය වී ඇත

විරංජන් තාඹුගල – තක්කඩි දේශයේ රජවූ අළුත්ම තක්කඩියා

0

ලංකාවේ ජනයා ස්වශකතියෙන් දියුණු වනවාට වඩා අනුන්ගේ පහනින් බුදු වීමට කැමතිය. මේ නිසා ඕනෑම තක්කඩියෙකුට ඔවුන් ‍රැවටිය හැක. වරෙක ඔවුන් වංචාකාර ධම්මික වෙදාගේ ඊනියා කොරෝනා ඖෂධය බීමට කි.මී 4 පෝලිමේ සිටියහ.සිරගෙදර යැවිය යුතු තක්කඩි, පාර්ලීමේන්තු යැවූහ. ක්ලබ් වසන්ත, පරමාදර්ශී චරිතයක් කළහ.

දැන් මෙම ලැයිස්තුවට තවත් අයෙක් එක්වී ඇත.අවුරා ලංකා නමින් ව්‍යාපාරයකට මුවා වී ජනයා රවටන මොහුගේ නම විරංජන් තාඹුගල වෙයි.මෙම තක්කඩියා පිළිබදව මීට පෙර ලංකා ටෲත් , චාන්‍යා හේරත් සහ ලංකා ඊ නිවුස් විශේෂ හෙළිදරව් ‍රැසක් සිදු කොට ඇත.

චාන්‍යා හේරත් ලියූ ලිපියට අනුව තාඹුගල නම ආරූඩ කරගත් එකකි. වෛද්‍ය වරයෙක් ලෙස තමා හඳුන්වා ගත්තද මොහු බටහිර වෛද්‍යවරයෙකු නොවේ, ආයුර්වේද සභාවේ ලියාපදිංචි වෙදෙකුද නොවේ, වෙදකම පරම්පරාවෙන් උරුමවූ අයෙකුද නොවේ.

මොහු කියන අන්දමට ඔහුගේ වත්කම ඇ.ඩො.බ් 15 කි . ( ධම්මික පෙරේරාටත් වැඩි වත්කමකි). නමුත් රජයට ශතපහක බදු ගෙවන අයෙකු නොවේ, මොහු පාසැල් අධ්‍යාපනයෙහිලා මුළුමනින්ම අසමත් වුවද, ජනයා ‍රැවටීමෙහිලා මහාචාර්ය කෙනෙකි.

ලංකා ටෲත් වෙබ් අඩවියට සජීව චාමිකර ලියූ ලිපියට අනුව විරංජන්, රාජාංගනය ප‍්‍රදේශයේ රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත‍්‍ර අලූත්වැඩියා කළ අයෙකි. එකල්හි නිධානයක් ගැනීමට ගොස් අත්අඩංගුවට පත්ව කාලයක් මීගමුව බන්ධනාගාරයේ සිට ඇත. මීට අමතර ව මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිට ඇත. 2021 වසරෙදී මොහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇ.ඩො.මිලියන 783 කෝමාරිකා ව්‍යාපෘතියක් පෙන්වා වගා බිම් අක්කර විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇත.කැබිනට් පත්‍රිකාවකින් ඉඩම් පැවරීම සඳහා මැදිගත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ එස්.එම් චන්ද්‍රසේනය(එම කැබිනට් පත්‍රිකාව මීට අමුනා ඇත)

ලංකා ඊ නිවුස් ලිපිය තුලද ඉහත කරුනු වැඩි විස්තර සහිතව ලියා ඇත . එම කරුණු පිළිබදව නැෂනල් ඇලට් සොයා බැලූ අතර ඒවා සත්‍ය බව තහවුරු විය. අද නැෂනල් ඇලට් විශේෂ හෙළිදරව්වද මොහු පිලිබදවය. අප කියන කරුනු වල සත්‍ය අසත්‍ය තාව ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මැන බැළිය හැක. එම කරුනු පහත පරිදිය.

1. මොහු කියූ ඇ.ඩො.මිලියන 783 කෝමාරිකා ව්‍යාපෘතිය අසද්ධ බොරුවකි. ඉඩම් පවරා වසර 2කට ආසන්න කාලයක් ගතවුනද, මේ දක්වා එකදු කෝමාරිකා පැළයක් සි‍ටුවා නැත.

2. මෙම ඉඩම් පැවරීම සිදු කළේ 2021 වසරෙදීය . 2021 වන විට කෝමාරිකා ආශ්‍රිත නිෂ්පාදන සඳහා මුළු ලෝකය තුලම තිබූ වෙළද පොළ පංගුව ඇ.ඩො මිලියන 600ට අඩුය. එවැනි තත්වයක් තුල කිසිවෙකු කෝමාරිකා ව්‍යාපෘතියක් සඳහා ඇ.ඩො.මි 783ක් ආයෝජනය කරන්නේ නැත.

3. විරංජිත් තාඹුගල පසුගියදා නෙත් FM ගුවන්විදුලියට සම්මුඛ සාකච්ඡාවක් දුන්නේය. එහිදී තමන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන 18 ක් වටිනා පේටන්ට් බලපත්‍රයක් ඇති බව කීවේය. එය ඇල්සයිමා රෝගය සඳහා තමා නිපදවූ ඖෂධයක් සදහා බව ඔහු කීවේය.එය විකුනා ලංකාවේ විදේශ ණය පියවිය හැකි බව ඔහු කීවේය.නෙත්FM අමන මාධ්‍යවේදීන් විරංජන්ට ඩෑෂ් ගැසීමට බෝලය එසවූවා මිස ඔහුගේ තක්කඩිකම් ගැන වචනයක් විමසුවේ නැත

4. ඇල්සයිමා (Alzheimer) ස්නායු සම්බන්ධ රෝගයකි. එම රෝගයට ගොදුරු වන ප්‍රමාණය ඉතා සීමිතය. අද වන විට ඇල්සයිමා රෝගය සඳහා පවතින ඖෂධ වෙළද පොල පංගුවේ සමස්ථ වටිනාකම ඇ.ඩො.බි 1.5 කි. මේ නිසා කුමන ඖෂධයක් නිපදවුවද ඒ සඳහා වන පේටන්ට් බලපත්‍රය විශාල වටිනාකමකට විකිනිය නොහැක.

5. තවද ඇමෙරිකානු වෛද්‍ය වාර්තා අනුව ඇල්සයිමා රෝගය නිට්ටවට සුව කරන ඖෂධයක් මේ දක්වා කිසිවෙකු විසින් සොයාගෙන නැත.

6. මුළු ලෝකයටම වැඩ දායි wifi තාක්ෂනයයට අදාල පේටන් බල පත්‍රයේ වටිනාකම ඇ.ඩො මිලියන 1.6කි)
තාඹුගල තක්කඩියා ඇ.ඩො බි 15 ක පේටන් බලපත්‍රයක් තමන්ට හිමි බවට කරන ප්‍රකාශය අසත්‍ය බව තේරුම් ගැනීමට මෙම කරුනු ප්‍රමාණවත්ය

7 . විරංජිත් තාඹුගලට අයත් ලියාපංදි කිසිදු ව්‍යාපාරයක් ඇමෙරිකාව තුල නැත.ඇවුරා ලංකා වෙබ් අඩවියේ Aura International LLC , US based company නමින් ව්‍යාපාරයක් ගැන සඳහන් වුවද එහි ලිපිනයක් නැත.

8. ඇමෙරීකාවේ ව්‍යාපාර හවුල්කරුගේ නම වෝල්ටර් ජයසිංහ බව සඳහන් කර ඇත. වෝල්ටර් ජයසිංහද විරංජන්ට නොදෙවෙනි තක්කඩියෙකි. මොහු තිළිනි ප්‍රියමාලි සහ ජානකි සිරිවර්ධන මෙහෙයවූ ජාවාරමට සමබන්ද අයෙකි.

චින්තනය මිනිසා සහ තිරිසනා වෙන් කරන ප්‍රධාන බෙඳුම් රේඛාව වෙයි. සරු නිසරු දෙය තේරුම් ගැනීමේ බුද්ධියක් මිනිසාට හිමිය . නමුත් මෙරට ජනයා නිසරු දේ සරු ලෙස දකින අභාග්‍යවත් පිරිසකි

ආදායම් බදු පැනවීම නිවරදිය , වෘත්තීය සමිති ත්‍රස්තවාදයට එරෙහිව ජනයා නැගී සිටිය යුතුය

0

මේ වන විට රජය පැනවූ ආදයම් බදු වලට එරෙහිව වැඩ වරජනයක් ආරමභ වී ඇත. රටක බදු වර්ග දෙකක් ඇත .

1.වක්‍ර බදු – මාසික හෝ දෛනික ඉපයීම කවරක් වුවද රටේ සියළුම පුරවැසියන් ගෙවන බදු . භාන්ඩ හා සේවා බද්ද (GST) මීට උදාහරණයකි .

2. සෘජු බදු – ඉහල ආදායම ලබන පුද්ගලයන් පමනක් ගෙවන බදු . ආදායම බදු මීට උදාහරණයකි

ලංකාවේ සෑම පවුල්කම මාසිකව රු 28000 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවයි.බදු ක්‍රමය අක්‍රමවත් නිසා නිසා දුප්පත් පොහොසත් භේදයකින් තොරව බදු ගෙවීමට ජනයාට සිදුව ඇත.

ලංකාවේ පවතින්නේ  දිළිඳු පුද්ගලයෙකුට, රුපියල් 4,500ක් සමෘද්ධි සහනාධාරය ලෙස ලබා දී, නැවත රුපියල් 6,675ක් බදු ලෙස රජයට අය කරන ක්‍රමයකි. දිනකට රු 1150ක් උපයන වතුකම්කරුවන්ගෙන් දිනකට රු 350ක් බදු වශයෙන් රජයට අය කරන ක්‍රමයකි. මෙය ඛේදවාචකයකි.

මෙරට සමස්ත බදු ආදායමින් 70%ක් භාණ්ඩ හා සේවා මත පනවන ලද බදු ( GST)ය. එනම් සියළු ජනයා මත පැනවූ බදුය . ඒ අනුව අන්ත දුගියා සහ කෝටිපතියා ‘එක හා සමාන’ බදු මුදලක් ගෙවනු ලබයි.

ලංකාවේ සැලකිව යුතු ආදායම් බද්දක් ගෙවන සමාගම් හා පුද්ගලයන් ගණන 665කි. වසරකට ලක්ෂ පනකකට කට වඩා බදු ගෙවන්නේ 132 කි. අහෝ ! ලංකාවේ අන්ත දුගියාද වසකට ලක්ෂ තුනකට වැඩි බද්දක් රජයට ගෙවයි.

එම වරද නිසා දුපප්තුන් දුක් විඳිනවා පමනක් නොව ලංකාව ලෝකයේ බදු ආදයම අඩු රටකි. ලෝකේ සතුටින්ම සිටින රටවල බදු ඉතා ඉහලය. තවද එම රට වල බදු ක්‍රමවත්ය. එනම් දුප්පතුන් ගෙවනෙ අඩු බද්දකි . පොහොසතුන් ගෙවන බද්ද ඉතා ඉහලය. ලංකාවේ තත්වය නිවරදි කිරීමට විසදුම් 2කි

1. සියළු ජනයා ගෙවන එනම් වක්‍ර බදු අඩු කිරීම. (භාන්ඩ හා සේවා බදු)
2. පොහොසතුන් පමනක් ගෙවන සෘජු බදු වැඩි කිරීම ( ආදායම් බදු)

ලංකාවේ ආදායම් බදු පැනවූයේ ඒ අනුවය . එනම් ඉහල ආදායම ලබන පුද්ගලයන්ගෙන් වැඩි බද්දක් අයකර ගැනීමටය.

ලෝකයේ දියුණු රටවල, බදු ආදායමින් 50 % ආදායම් බදු වෙයි. නව ක්‍රමය යටතේ ලංකාවේ එය 36 % කි.

ආදයම් බදු වැඩි කිරීම නිවරදි තීන්දුවකි. බදු ලෙස අයකරගන්නා මුදල් රජය විසින් කාර්යක්ෂමව යොදවනවාද නැද්ද යන්න වෙනම ගැටලුවකි. නමුත් අද වැඩ වර්ජන පැන නැගි ඇත්තේ ඒ පිළිබදව නොව නිවරදි තීන්දුව කන පිට හැරවීමටය

තවද, සමාජවාදී ක්‍රමයක් ගැන කතා කරන සහ පෞද්ගලික දේපල පවරා ගැනීමට සූදානම් ජවිපෙ, ධනවතුන් මත බදු පැන වූ විට ඊට එරෙහිව වැඩ වර්ජන කිරීම ඛේදවාචකයකි,විගඩමකි

පාර්ලිමේන්තු බලයක් වන මූල්‍ය පාලනයට අතපෙවීම  බල්ලාගේ වැඩේ බූරුවා කිරීමක්ද?

0

ගමරාල කෙනෙකුගේ ගෙදර බල්ලෙක් හා බූරුවෙක් සිටියහ. බූරුවා  බර ඇදීමෙන් තම ස්වාමියාට උදව් කළේය. බල්ලා ස්වාමියාගේ නිවස ආරක්ෂා කළේය. දිනක් රාත්‍රීයේ  ගමරාලගේ ගෙදරට සොරෙක් ආවේය.  නමුත් බල්ලා අවදිවූයේ නැත .එය දු‍ටු බූරුවා මහ හයියෙන් කෑගසන්නට විය. ගමරාල  බූරුවාගේ ශබ්දයට තිගැස්සී අවදිවිය. මේකා නිසා නිදාගන්නවත් නැහැ කියමින්  ඔහු බූරුවාට පහර දුන්නේය .

ලංකාවේ පලාත්සභා මැතිවරණය 2016 දී පැවැත්විය යුතු විය. නමුත් අද වන තුරු එය පවත්වා නැත. එය කල්  යාමට හේතුව සීමානිර්නය කොමිසමේ වර්තාවේ අවුලකි. කෙසේ වුවද ඒ පිළිබදව කිසිවෙකුට වගේ වගක් නැත.

2023 දී  ලංකාවේ පලාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු විය.  නමුත් මේ දක්වා එය පවත්වා නැත.ආණ්ඩුවේ කියන පරිදි ඊට හේතු 2කි. පලමු හේතුව රජයට  මුදල් නොමැතිවීමය.  අනෙක් හේතුව, පත් කරන පලාත් පාලන නියෝජිතයන් 50%කින් අඩු කිරීම සඳහා කැඳවූ සීමානිර්නය කොමිසම් වාර්තාව මේ දක්වා නොලැබීමය

කෙසේ වුවද අවුරුදු 6ක් කල්තබා ඇති පලාත්සභා මැතිවරණය ගැන නිහඬ විපක්ෂය,  මාස කිහිපයකට කල් තැබූ පලාත් පාලන මැතිවරණය ගැන මහත්සේ කළබල වී ඇත.

ආර්ථික අර්බුධයක් පවතින විටක  මැතිවරණයක් පැවැත්වීම විපක්ෂයට වාසිය. විපක්ෂය අද මැතිවරණයක් ඉල්ලන්නේ ජනතාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නොව ප‍ටු දේශපාලන වාසි වෙනුවෙනි.

විපක්ෂය පලාත් පාලන මැතිවරණය  ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයටද ගියේය. එහිදී පළාත් පාලන මැතිවරණයට වෙන්කරන ලද මුදල් රඳවා නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය   පාර්ලීමේන්තුවට  නියෝග කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක විධායකය ව්‍යවස්ථාදායකය සහ  අධිකරණය එකිනෙකට ස්වාධීන ආයතන 3කි. එක් ආයතනයක් අනෙක් ආයතනයේ කටයුතු වලට මැදිගත් නොවිය යුතු අතර ඔවුන් අතර පැවැතිය යුත්තේ සංවරණ සහ තුලිත පාලනයකි.

ශ්‍රේ්ෂ්ඨාධිකරණ  නියෝගය නිසා පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමනාත් දොලවත්ත ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව සතු අන්‍ය බලයක් බලයක් වන  මූල්‍ය පාලනයට  බලපෑමක්  වී ඇති බවට ඔහු තර්ක කළේය. කරුණු එසේ හෙයින් ඒ පිළිබදව  පරීක්ෂණයක් පැවැත්වීමට  කථානායක  තීරණය කළේය

මේ අතර, දැන් උද්ගතව ඇති තත්වය පිලිබදව තවත් හෙළිදරව්වක්  ජවිපෙ නායක අනුර කුමාර කළේය. අතුරු තහනම් තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, පාර්ලිමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව ඔහු හෙළි කළේය

අධිකරණ නියෝග  වලින් ආර්තික අර්බුධ වලට  විසඳුම් සෙවිය නොහැක.යම් කිසි අයෙක්  අධිකරණ නියෝග වලින් ආර්ථික අර්බුධ වලට විසදුම් සෙවීමට උත්සාහ කළ හොත්  ඉන් සිදුවන්නේ අර්බුධ උග්‍රය වීමය.දැන් ලංකාවේ එවැනි තත්වයක් උද්ගතව ඇත

ජූලි චං නොව කවුරු කීවද පුංචි ඡන්දය පවත්වන්නේ රනිල් කැමති දිනකය

0

පලාත් පාලන මැතිවරණය කල් ගියේය. එය එසේ සිදුවන බව National Alert මාස කිහිපයකට පෙර හෙළිදරව් කර ඇත.කෙසේ වුවද මැතිවරණය අත්‍යවශ්‍ය බව ඇමෙරිකන් තානාපති ජූලි චංග් ඊයේ කීවාය.කවුරු කෙසේ කීවද පුංචි ඡන්දය ඉක්මනින් පැවැත්වෙන්නේ නැත.මේ පිළිබදව නිවරදි අවබෝධයක් ලබා ගැනීමට, කල්තබා ඇති මැතිවරණ පිලිබදව අධ්‍යනය කළ යුතුය.

මේ වන විට, පලාත් පාලන සහ පලාත් සභා යන මැතිවරණ දෙකම කල් තබා ඇත. අවසන් පලාත් පාලන මැතිවරණය පැවැත්වූයේ 2018 වසරෙදීය. ඒ අනුව 2022 දී එය කල් ඉකුත් විය.

අවසන් පලාත් සභා මැතිවරණය එක් දිනක් තුල පැවැත්වූයේ නැත. නැගෙණහිර , උතුරුමැද සහ සබරගමුව පලාත් සභා මැතිවරණය පැවැත්වුනේ 2012 වසරෙදීය. වයඹ සහ උතුරු පලාත 2013දීය. ඌව සහ දකුණ 2014 දීය. එනම් ඇතැම් පලාත්සභා කල් ඉකුත්වී අවු 6කට වැඩිය.

පලාත්සභා මැතිවරණය පැවැත්වීමට නියමිත වූයේ ජනපති සිරිසේනගේ කාලයේදීය. නමුත් එහිදී ඔවුන් මැතිවරණය අළුත් ක්‍රමයකට පැවැත්වීමට තීන්දු කළේය. ඒ අනුව අළුත් ක්‍රමය සැකසීම සීමා නිර්නය කොමිසමට බාර කළේය. නමුත් සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ පරාජය විය.ඒ අනුව කෝටි ගණනක් වියදම් කොට සැකසූ නව ක්‍රමය කුණු කූඩයට විසිවිය.

මේ අතර සීමානිර්නය කොමිසම නොසලකා පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සිරිසේන ජනපති උත්සාහ කළේය.නමුත් කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය කීවේය.

මේ වන විට රනිල්-රාජපක්ෂ රජය පලාත් පාලන මැතිවරණයද අළුත් ක්‍රමයකට පැවැත්වීමට තීන්දු කොට ඇත.ඒ අනුව ඊට සුදුසු ක්‍රමයක් සකසන ලෙස සීමානිර්නය කොමිසම වෙත දැනුම් දී ඇත. නව ක්‍රමය සැකසූ පසු එය විෂයභාර ඇමතිවරයාට ලැබෙන අතර , ඉන් පසු කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලීමේන්තුවේ අනුමැතිය ලබා ගතයුතු වෙයි. සීමා නිර්නය කොමිසමේ ලොක්කා, සීතල දූෂිතයෙකු වන මහින්ද දේශප්‍රිය බව සිහි තබා ගත යුතුය .

ඉහත සඳහන් කළ පරිදි නව ක්‍රමයක් සැකසීම සීමා නිර්නය කොමිසමට බාරදී ඇති නිසා පැරණි ක්‍රමයට පුංචි චන්දය පැවැත්විය නොහැක . එය එසේ වන්නේ .අධිකරණ පූර්ව නිදර්ෂණ න්‍යාය අනුවය. (129(1) වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති සිරිසේනට 2017 දි ලබා දුන් තීන්දුව)

ඒ කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථානූකුලව සහ ප්‍රායෝගිකව ආණ්ඩුවට වාසිදායක තත්වයක් පවතියි. පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වුවහොත් ‍තෝරාගත යුතු නියෝජිතයන් ගණන 8356 කි.නව ක්‍රමය යටතේ එය 4000 ට අඩු කොට ඇත.

පැරණි ක්‍රමය අනුව පලාත් පාලන , පලාත්සභා සහ පාර්ලීමේන්තුව යන ආයතන වලට පත්වන සමස්ථ මහජන නියෝජිතයන්ගේ එකතුව 9012 කි. ඒ අනුව ලංකාවේ ජීවත්වන පුද්ගලයන් 2350කට එක් අයෙක් මන්ත්‍රීවරයෙකි. එම රටේ හෘදරෝග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සිටිනුයේ 20 කට අඩු ප්‍රමාණයකි.

කරුනු එසේ හෙයින්  නියෝජිතයන් අඩු කිරීමේ යෝජනාවට ජනතා සහයෝගය ලැබීම වැලැක්විය නොහැක . නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය පිලිබද අනාවැකි කීම දුෂ්කර වුවද ඊට සැලකිව යුතු කාලයක් අවශ්‍යය.වෙනත් වචන වලින් කිවහොත් ජූලි චං නොව කවුරු කීවද පුංචි චන්දය පවත්වන්නේ රනිල් කැමති දිනකය

ප්‍රජාතන්ත්‍රවාදය යනු

0

1960-80 කාලය වාමාංශික දේශපාලනයේ ස්වර්ණමය යුගය විය. චීනය, සෝවියට්දේශය ඇතුලු රටවල් ගණනාවකින්, වාමාශික කඳවුර විචිත්‍ර විය. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බන්ඩාරනායකද සමාජවාදී කඳවුර සමග විය. ඒ අනුව ඇයගේ බොහෝ ප්‍රතිපත්ති සමාජවාදී හැඩයක් ගත්තාය . තවත් අතෙකින් ඇය ඇමෙරිකන් විරෝධි විය.

සිරිමාවෝ 1961 අංක 28 දරන විශේෂ පනත ගෙනවිත් ෂෙල්, මොබිල්, කැල්ටෙක්ස්, Exxon, Standard Oil යන බහුජාතික සමාගම් ලංකාවෙන් එළවා දැමුවාය.තවද වන්දි ගෙවීමකින් තොරව අමෙරිකානු සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල්  83ක් රජයට පවරා ගත්තාය. සමාජවාදී කඳවුරෙන් ආධාර ගෙන මෙරට විශාල කර්මාන්තශාලා බිහි කළාය. ඒ සමග ඇමෙරිකන් – ශ්‍රී ලංකා සබඳතා අර්බුධයට ලක්විය.

මෙම තත්වය හමුවේ, ඇමෙරිකාව නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටියේ නැත. CIA ඒජන්තයන් සිරිමාවෝට එරෙහිව කුමන්ත්‍රණය කළහ.CIA මෙහෙයුම සඳහා යොදා ගත්තේ රුසියාවේ ගොස් අතරමංවූ නන්දසිරි නම් තරුණයෙකි. CIA ඒජන්තයින් එකී තරුණයාට දේශප්‍රේමී මුහුණුවරක් ලබා දුන්නේය. ඔහුගේ මුල් නම වූ ”නන්දසිරි” වෙනුවට, ”රෝහන” නම දැමුවේය. ‘නන්දසිරි’,  රෝහන විජේවීර  වූයේ ඒ අනුවය .

ඇමෙරිකන් අනුග්‍රහය මත රෝහන විජේවීර,සිරිමාවෝට එරෙහි වූයේ ය. මොහු 1971 දී කැ‍රැල්ලක් මෙහෙයවා බලය ඇල්ලීමට උත්සාහ කළේය. සිරිමාවෝ සමාජවාදී කඳවුරෙන් උදව් ගෙන කැ‍රැල්ල මැඩ පැවැත්වීමට සමත් වුවද එහි බලපෑම නිසා ඇගේ ආණ්ඩුව දෙදරා ගියේය.

1987 දී, ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කළේය. ඒ අනුව ඉන්දීය සාමසාධක හමුදාව මෙරටට ආහ.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග රෝහන විජේවීර සන්නද්ධ වී යලි කරළියට පැමිනියේය. විජේවීර, එවක අගමැති වූ ප්‍රේමදාස සමග සහයෝගයෙන් වැඩ කළේය. ප්‍රේමදාස, ජවිපෙ බළල් අතක් ලෙස භාවිතා කොට තම දේශපාලන එදිරිවාදීන් ඝාතණය කළේය. ඒ වන විට ලංකාවේ උතුරේ සහ දකුණේ යුධ ගිණි ඇවිළ තිබුණි.විජේවීර එම තත්වය තුල සන්නද්ධ අරගලයක් මෙහෙයවා බලය ඇල්ලීමට උත්සාහ කළේය.

2020 එළඹෙත්ම කොරෝනා වසංගතය ලොව පුරා පැතිර ගියේය. ලංකාවට ඩොලර් ලැබෙන තෙවන විශාලතම මාර්ගය වූ සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැ‍ටුණි. ඒ අනුව රටේ ආර්ථික අර්බුධයක් පැණනැගුනි. තෙල්, ගෑස්, කිරි සදහා පෝලිම් ඇති විය. ලක්ෂ ගණනකට ‍රැකියා අහිමි විය. ජනයා අපේක්ෂා භංගත්වයට පත් විය.මෙම තත්වය හමුවේ ලංකාවට එරෙහි විදේශ බලවේග යලි ක්‍රියාත්මක විය. ඔවුන් ජවිපෙ සහ පෙර‍ටුගාමීන් යොදවා රට අරාජික කිරීමට කුමන්ත්‍රණය කළේය. එම කුමන්ත්‍රණය තවම අවසන් වී නැත.

1. 1971 දී, සිරිමාවෝට සමාජවාදී කඳවුරෙන් යුධ ආධාර ගෙන කැ‍රැල්ල පරාජය කළ හැකි බව දැකීමට රෝහන විජේවීරට මොළයක් තිබුනේ නැත

2. 1989 දී, ප්‍රේමදාස සමග ඩීල් කළද රන්ජන් විජේරත්න අතින් තමන් ඝාතනය විය හැකි බව දැකීමට රෝහන විජේවීරට මොළයක් තිබුනේ නැත

3. 2022 දී ගෝඨා එළවුවද ඉන්පසුව සිදුවන්නේ කුමක්දැයි දැකීමට අනුර කුමාර සහ කුමාර් ගුණරත්නම්ට මොළයක් තිබුනේ නැත (මේ කථාව හරිනි අමරසූරිය ප්‍රසිද්ධියේ කීවාය).

4. ශවේන්ද්‍ර සමග ඩීල් කළද, රනිල්ගේ මොළයෙන් තමන් අවලංගු කාසි වියහැකි යයිබව දැකීමට රැට්ටො, පෙරෙට්ටො සහ ජෙප්පොන්ට මොළයක් තිබුනේ නැත

5. තාත්තා කළ දේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා යයි කතාවක් ඇත. සජිත්ගේ පියා ජවිපෙ සමග ඩීල් කළේය. අද සජිත් සතුරු බලවේග සමග ඩීල් කරමින් සිටියි. පියාගේ මෘතශරීරය සවලෙන් එකතු කිරීමට හේතුවූ කරුණු තේරුම් ගැනීමට සජිත්ට මොළයක් නැත.

නූතන ප්‍රජාතන්ත්‍රවාදය යනු සියල්ලන්ගේ කැමැත්ත අනුව රට පාලනය කිරීම නොව බහුතරයේ කැමත්ත අනුව පාලනය ගෙන යාමය. ජවිපෙ සහ පෙර‍ටුගාමීන් යනු ඉතා සුළු පිරිසකි. නමුත් ඔවුන් රටට සිදුකොට ඇති බල පෑම අති විශාලය.

අන්ධ, ගොළු , බිහිරි ජාතියේ හෙට දවස ?

0

ලංකාවේ දේශපාලන පක්ෂ කිසිවක් ආර්ථික අර්බුධයට තුඩු දුන් සැබෑ හේතුව ගැන කතා කරන්නේ නැත. කාලයකට ඉහතදී ආර්ථික අර්බුධයට හේතුව උතුරේ යුද්දය යැයි කීහ. නමුත් නොසිතූ විරූ ලෙස දශක තුනක් පුරා පැවැති උතුරේ යුද්ධය අවසන් විය. ඒ අනුව ආර්ථික අර්බුධයට හේතුව යුද්ධය නොවන බව ප්‍රත්‍යක්ෂ විය.

යුද්ධය ඉවර වීමත් සමග ආර්ථික අර්බුධයට හේතුව ලෙස අලුත් හේතුවක් ඉදිරිපත් කළ යුතු විය. ඒ අනුව ආර්ථික අර්බුධයට හේතුව දේශපාලනඥයනගේ සොරාකෑම බව කීහ. ලංකාවේ ජනමාධ්‍ය එම කරුණ අන්ධ ලෙස සමාජ ගත කළහ. ඔවුන් සමාජගත කළ අතැම් සිදුවීම් ආන්ඩු පෙරලන දේශපාලන සුනාමි බවට පත් විය . ලංකාවේ ආර්ථික අර්බුධයට හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කළ ඊනියා කරුනු කිහිපයක් පහත පරිදිය

1. රාජපක්ෂලාගේ සොරකම්
2. චීණ ණය උගුලට අසුවීම
3. මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව (2015-16)

ලංකාව බංකොලොත් වූයේ ඉහත කිසිවක් නිසා නොවේ. ලංකාව බංකොලොත් වූයේ සිස්ටම් එක අවුල් නිසාය. රට බංකොලොත් වීමට සැබෑ හේතු 3කි.
1. රජයේ ආදායම මෙන් තෙගුණයක් වියදම් කිරීම
2. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට සුභසාදන ආර්ථිකයක් පවත්වාගෙන යාම
3. රාජ්‍ය සේවය පිලිකා බවට පත් වීම

දියුණු රටවල මිනිසුන් රාජ්‍ය අයවැය ඉදිරිපත් කරන විට වියදම්වල ඵලදායීතාව විමසා බලයි. එනම් ව්‍යාපෘතිවල ප්‍රතිලාභ එනම් ROI සහ Pay back සංකල්ප ගැන දැඩිව සොයා බලයි. ලංකාවේ මිනිසුන් රාජ්‍ය අයවැය ඉදිරිපත් කරන විට විමසන්නේ බඩු මිල අඩු කිරීම, පඩි වැඩිකිරීම වැනි දේ පමනි.

මැතිවරණයකදී තත්වය මීට නොදෙවෙනිය.ජනයා පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශණ තුල සොයා බලන්නේ සහනාධාර ගැන පමනි. මිනිසුන්ට සහනාධාර දීමට, දේශපාලකයන් අතින් මුදල් වියදම් කරන්නේ නැත. ඒ සඳහා වැය කරන්නේ විදේශ ණය සහ බදු මුදල්ය. අප ආයෝජනය සදහා යෙදවිය යුතු මුදල්, කෑමට බීමට වැය කරන ජාතියකි.

ලංකාවේ දේශපාලනඥයන්ට වඩා රාජ්‍ය සේවය දූෂිතය. රටේ බලය හසුරුවන දේශපාලනඥයන් ප්‍රමාණය 1000 කට අඩුය .නමුත් ලංකාවේ රාජ්‍ය සේවය ලක්ෂ 16 කට ආසන්නය. ඉන් 35000 කට පමන සුපිරි වරප්‍රසාද හිමිය .දේශපාලකයන් සිදුකරන සොරකම් මෙන් දහස් ගුණයක සොරකම් රජයේ සේවකයන් කරයි

දේශපාලකන්ටද හොරකම උගන්වන්නේ රාජ්‍ය සේවකයන්ය. දේශපාලනඥයන් විසින් යම් වරදක් කරයි නම් ඒ සම්බන්ධව රාජ්‍ය සේවය එනම් පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. නමුත් එම ආයතන දෙක අන්ත දූෂිත ආයතන බවට පත්ව ඇත.

ඇත්ත වෙනුවට නැත්ත සමාජ ගත වීම නිසා මහ බැංකු බැඳුම්කරය ආන්දෝලනාත්මක සිදු වීමක් විය. එවක නීතිපති දප්පුල බොරුව සමාජගත කිරීමේ ප්‍රධාන නලුවා බවට පත් විය. බැඳුම්කර විකිනීම ව්‍යාපාරික ගණුදෙනුවකි. පිනට ණය දෙන කිසිවෙක් නැත. මේ නිසා වඩා වැදගත් වන්නේ ණය ගැනීමේ ක්‍රියාපරිපාටියේ පාරීශුද්ධත්වයට වඩා, ලබා ගත් ණය මුදල ක්‍රමවත්ව වියදම් කිරීමය.

අවාසනාවට සියලු දෙනා ණය ගැනීමේ ක්‍රියාපටිපාටිය ප්‍රශ්න කළහ.(ණය ගැනීමේ පටිපාටියට සම්බන්ධවූ රනිල් – රවී නරක මිනිසුන් විය) ලබා ගත් ණය වියදම් කළ ආකාරය ගැන කිසිවෙක් සෙවූයේ නැත. (ලැබුන ණය මුදල් ටික සොරා කෑ මලික් සමරවික්‍රම , කබීර් හෂීම් සහ රජයේ නිලධාරීන්  හොද මිනිසුන් විය )

අප ලංකාවේ ආර්ථික අර්බුධයට හේතුව උතුරේ යුද්ධය යයි වසර 30 ක් පුරා විශ්වාස කළ ජාතියකි. දැන් යුද්ධය අවසන් වී ඇත . අප දැන් ආර්ථික අර්බුධයේ මූලය ලෙස වෙනත් හේතුවක් සොයා ගෙන ඇත. එනම් ආර්ථික අර්බුධයට හේතුව දේශපාලකයන්ගේ සොරකම් බව දැන් කියයි. මේ මිත්‍යාවෙන් අප ගැලවෙන්නේ කවදාද ?

අධිකරණ තීන්දු වලින් ආර්ථික අර්බුධ වලට විසදුම් සෙවිය නොහැක

0

මේ වන විට ලංකාවේ පවතින්නේ විපක්ෂයට වාසිදායක දේශපාලන පරිසරයකි. නමුත් එම තත්වය වැඩි කල් පවතින්නේ නැත. දවසින් දවස රටේ ආර්ථිකය හොඳ අතර හැරෙමින් පවතිම ඊට හේතුවය. ඒ අනුව ඉදිරියේදී විපක්ෂය දුර්වල වී ආන්ඩු පක්ෂය ශක්තිමත් වීමට නියමිතය. මේ හේතුව නිසා ජවිපෙ සහ සජබ හැකි ඉක්මනින් මැතිවරණයක් ලබා ගැනීමට වෙහෙසෙයි.

මෙවර මැතිවරණයට යන වියදම රු බිලියන 20 ක් ලෙස ඇස්තමේන්තු කොට ඇත. රු බිලියන් 20ක් යනු ලංකාවෙ ඇතැම් අමාත්‍යංශ වලට වසරකට වෙන් කරන මුදලකි. තවද ලංකාව තවමත් බංකොලොත් රටකි.

පසුගිය මාසයේ රජයේ ආදායම රු බිලියන 141කි, වියදම 154 කි .රජය වැඩිම මුදලක් වැය කරන්නේ ණය හා පොලී ගෙවීමටය.දැන් ලංකාව ණය වලට පොලු තබා ඇති රටකි. ණය නොගෙවන පසුබිමක පෙබරවාරි හිගය බිලියන 13කි . මේ වන විට රෝහල් වල ඖෂධ හිගයක් පවතින අතර ඖෂධ ගෙන්වීමට රු බි 22 අවශ්‍ය වී ඇත .

මැතිවරණය සඳහා යන වියදම ජනගහනයෙන් බෙදූ කළ එක් පුද්ගලයෙකු වෙනුවෙන් දරණ වියදම රු 1000 කට ආසන්න වෙයි.ඒ අනුව ලංකාවේ සෑම පවුලකටම රු 5000 කට ආසන්න මුදලක් මැතිවරණ වියදම් ලෙස දැරීමට සිදුවෙයි.මක් නිසාදයත් එම මුදල් රනිල්, සජිත් හෝ අනුර සිය අතින් ගෙවා දමන්නේ නැත. සජිත් සහ අනුර මැතිවරණයක් ඉල්ලා සිටින්නේ ජනයාට ඇති ආදරයක් නිසා නොව සිය බල ලෝභීත්වය නිසා බව තේරුම් ගත යුතුය

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණයට බලපාන නියෝගයක් පැනවූයේය. එනම් මැතිවරණය සඳහා අයවැයෙන් වෙන් කල මුදල් වෙනත් කටයුත්තක් සඳහා නොයොදවන ලෙස නොයෝග කළේය. ඉහත පෙන්වා දුන් ආකාරයට පසුගිය මාසයේ රජයේ ආදායම සහ වියදම අතර බිලියන 13ක හිඟයක් ඇත. ඒ අනුව මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නේ නම් ඒ සඳහා මුදල් ප්‍රින්ට් ගැසිය යුතුය.

කෙසේ වුවද, IMFආයතනය මුදල් ප්‍රින්ට් කිරීම සම්බන්ධයෙන් ලංකාවට තහනමක් පනවා ඇත. එම තහනම නොතකා මුදල් ප්‍රින්ට් කළා යයි සිතමු. මුදල් ප්‍රින්ට් කළද මැතිවරණ සඳහා අවශ්‍ය පෙට්‍රල් , ඩීසල්, විදුලි බලය වැනි භෞතික ද්‍රව්‍ය ප්‍රින්ට් කළ නොහැක. ඒවා ඩොලර් ගෙවා පිට රටින් ආනයනය කල යුතු වෙයි.

මහපාරේ අරගල කොට විරෝධතා දක්වා දේශපාලන අර්බුධ වලට විසදුම් සෙවිය හැක .නමුත් ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුධයකි . ආර්ථික අර්බුධ වලට උද්ගෝෂණ වලින් විසදුම් සෙවිය නොහැක. අධිකරණ තින්දු වල තත්වය මීට සමානය .

අධිකරණ තීන්දු වලින් දේශපාලන අර්බුධ වලට විසදුම් සෙවිය හැක . නමුත් ආර්ථික අර්බුධ වලට විසදුම් සෙවිය නොහැක . ආර්ථික අර්බුධ සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වුවහොත් ඉන් සිදුවන්නේ අර්බුධය උග්‍ර වීමය.

අශිෂ්ඨ ප්‍රහාර එල්ල කරන කිසිවෙකුට ශිෂ්ඨ ප්‍රතිචාර ලබා දිය යුතු නැත

0

මෑත ඉතිහාසයේ දකුණේ ජනයා පක්ෂ භේදයකින් තොරව රතිඤ්ඥා දල්වමින් කැවුම් කිරිබත් කෑ අවස්ථා 2ක් ඇත. 2009 වර්ෂයේ නන්දිකඩාල් ප්‍රහාරය දකුනේ ජනයාට මහත් ආනන්දයක් ගෙන ආවේය. පක්ෂ භේදයකින් තොරව දකුනේ ජනයා එම ප්‍රහාරය සමරමින් කැවුම් කිරිබත් කෑහ.

ජනයා, එකා මෙන් කිරිබත් කෑ අනෙක් දිනය 1993 වාර්තා විය. ජනයා ආමර් වීදියේ ප්‍රහාරය සමරමින් පක්ෂ භේදයකින් තොරව රතිඤ්ඥා දල්වමින් කැවුම් කිරිබත් කෑහ. අප කැමති වුවද අකමැති වුවද සජිත්ගේ පියා මිය යාමෙන් පසු දකුණේ ජනයා කැවුම් කිරිබත් කෑ පුවත ඉතිහාසයෙන් මකා දැමිය නොහැක.

ආර්.ප්‍රේමදාස ඇමතිධූරයක් ලබාගත් ඊලග පැයේ සිට එජාපයේ බලය ඇල්ලීමට කුමන්ත්‍රණය කළේය. ප්‍රේමදාස පලමුව ඩඩ්ලි සේනානායක විනාශ කළේය . ඉන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජේ.ආර් විනාශ කිරීමට කුමන්ත්‍රණය කලේය.

සිරස අධිපති මහරාජා ප්‍රේමදාස පවුලේ ගෝඩ් ෆාදර්ය. මහරාජා 2010 පාර්ලීමේන්තු මැතිවරණයෙදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 6 ක් ඉල්ලුවේය. එය ලබා දීමට රනිල් අකමැති විය . එතැන් පටන් රනිල් එලවා සජිත් නායකයා කිරීමට කිලී කුමන්ත්‍රණය කළේය

කිලී මහරාජා, 2016 දී ‌රනිල් එලවා සජිත් අගමැති කිරීමට බිහිසුණු කුමන්ත්‍රණයක් දියත් කළේය.මෛත්‍රීපාල සිරිසේන, හර්ෂද සිල්වා සහ විණිසුරු ප්‍රසන්න ජයවර්ධන එහි කොටස් කරුවන් විය.

හර්ෂගේ පුත්‍රයා සේවය කළේ කැපිටල් එලායන්ස් ආයතනයේය. විණිසුරු ප්‍රසන්න ජයවර්ධනගේ පුත්‍රයා ද එහි සේවය කළේය. තවද මෙම සමාගම කිලී මහරාජාගේ ව්‍යාපාරික සගයෙකි. කැපිටල් එලායන්ස් බැඳුම්කර සඳහා ලන්සු තැබූ සමාගමක් විය. නමුත් බැඳුම්කර කොන්ත්‍රාත්තුව රනිල්ගේ හිතෛශියෙකු වූ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට ලැබුණි.

හර්ෂ ද සිල්වා බැඳුම්කර ගණුදෙනුවට අදාල දත්ත විකෘති කොට කිලීට ලබා දුන්නේය . කිලී එම විකෘති චිත්‍රය සිය මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය කළේය. ඉන්පසු මෛත්‍රීපාල සිරිසේන යොදාගෙන බැඳුම්කර ගනුදෙනුව ගැන සෙවීමට ජනපති කොමිසමක් පත් කළේය . එම කොමිසම මෙහෙයවීමට විණිසුරු ප්‍රසන්න ජයවර්ධන පත් කළේය . කුමන්ත්‍රණකරුවන් සතුව ප්‍රධාන අරමුනු 3ක් තිබුණි

1. රනිල් ඉවත් කොට සජිත් අගමැති කිරීම
2. හර්ෂ ද සිල්වා මුදල් ඇමති කිරීම
3. ප්‍රසන්න ජයවර්ධන අගවිනිසුරු කිරීම

අධිකරණය පසුගිය 28 වැනිදා බැඳුම්කර නඩුව කුණු කූඩයට විසි කළේය. රවි කරුණානායක නිදොස් කොට නිදහස් කළේය . යම් හෙයකින් එදා රනිල් වෙනුවට සජිත් අගමැති කළේ නම් එය දොන් ජුවන්ට එහා ගිය රූකඩ පාලනයකි.

2022 ඇති වූ ගෝල්ෆේස් අරගලය එම කුමන්ත්‍රණයේම දිගුවකි . සජිත්,හර්ෂ ද සිල්වා, සිරස එම කුමත්‍රණයේ ප්‍රධාන කොටස්කරුවන් විය. මේ වන විට සජිත් සහ ශවේන්ද්‍ර සිල්වා සිදු කළ ඩීල් හෙළිදරව් වී ඇත. එදා හණුමාගේ භූමිකාව රඟපෑ ජවිපෙ අදද එම භූමිකාව රඟදක්වමින් සිටියි.

පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා ගත සංචාරක පිරිසක් මෙරටට පැමිනියහ. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේශන වාර්තා ගතලෙස ඉහල ගියේය. ඩොලරය පහල ගියේය . විදුලිය කැපීම නතර විය . නමුත් රට යලි අරාජික කිරීමට ඉහත කී බලවේග විසින් කුමන්ත්‍රණය කරමින් සිටියි.

සජිත් සහ අනුර යනු රට භාරගන්න යැයි ඇරයුම් කල විට සැඟවුන නායකයන් දෙපලකි .රට ක්‍රමයෙන් ගොඩ එන විට මොවුන් යලි රට විනාශ කිරීමට වැඩ වර්ජන , උද්ගෝෂණ සංවිධාන කරමින් සිටියි. සජිත් සහ අනුර එල්ල කරන ප්‍රහාරය අශිෂ්ඨය. අශිෂ්ඨ ප්‍රහාර එල්ල කරන කිසිවෙකුට ශිෂ්ඨ ප්‍රතිචාර ලබා දිය යුතු නැත.