දියසේන කුමරු එන්නෙ නැත , වැඩක් කළ හැකි අයට තනතුරු දෙනු

0
179

ඊයෙ ජනපති රනිල් රෝයල් ‍තෝමස් බිග් මැච් එක බැලීමට ගියේය. පසුගියදා, පොහොට්‍ටුවේ දෙපිරිසක්ද සොෆ්ට් බෝල් මැච් එකක් ගැසූහ. නාමල් රාජපක්ෂත් ඊට සෙල්ලම් කළේය.

රටේ ආර්ථික අර්බුධයක් තියෙනකොට නාමල් බෝල සෙල්ලම් කරනවා කියා විමල් වීරවංශ ලොකු දෝෂාරෝපනයක් කළේය. ”පැගිරා” , ”ඉන්ජෙක්ෂන් ගහපු බොයිලර් පැටියා” ආදී වචන කියමින් විමල් නාමල්ට අවලාද නැගුවේය.

නාමල්ට අවලාද නගපු විමලෙ,දවස පුරා මැච් බලපු ජනපති රනිල් ගැන වචනයක් කතා කළේ නැත.එසේ වීමට හේතු ඇත.විමල්ට තමන්ගේ අපරාධ නඩු ටික බේරා ගැනීමට රනිල්ගේ සපෝට් එක අවශ්‍යය.අනෙක දැන් විමල්ගේ ගෝඩ් ෆාදර් දිලිත් ජයවීරය. දිලිත්ගේ නියෝග අනුව විමල් පහරදෙනු ලබයි

කෙසේ වුවද රනිල් බිග් මැච් බලන විට ක්‍රීඩාව සහ පරිපාලනය පැත්තෙන් ලංකාව ලෝක අපවාදයකට වූයේය.

ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී පැවැත් වුණි. මෙහිදී රටවල් 197 ක් ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට පක්ෂව ඡන්දය දුන්හ.ඊට හේතුව මේරට පාපන්දු පරිපාලනය අන්ත දූෂිත වීමය.මේ නිසා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ලංකාවට ලැබීමට නියමිත මිලියන ගණනක ඩොලර් ආධාර අහිමි විය .

අද, බංකොලොත් ලංකාවට ලෝකයේ කිසිම රටක් ණය දෙන්නේ නැත.නමුත්,විවිධ ව්‍යාපෘති පෙන්වා ක්‍රීඩාව සහ පරිසරය සු‍රැකීම සම්බන්ධ ජාත්‍යන්තර ආයතන වලින් සැලකිවයුතු ඩොලර් ප්‍රමාණයක් ලබා ගත හැක

රුවන් විජේගුනවර්ධන , මාලදිවයින් කතානායක නෂිඩ් සහ එරික් සොල්හයිම් ජනපති රනිල්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකවරු ලෙස පත් කලේ මේ නිසාය . නමුත් උන් මොනවද කරේ ?

රුවන්ට , නෂීඩ්ට , සෝල්හයිම්ට වැ‍ටුප් සහ දීමනා ලබා දුන්නද ජාත්‍යන්තර ආයතන වලින් සතයක් ලබා ගැනීමට නොහැකි විය. පාපන්දු සම්මේලනයෙන් ලෙහෙසියෙන් ලබා ගැනීමට හැකිව තිබූ ඩොලර් ටිකත් අහිමි කළේය

වැඩ බැරි මිනිසුන්ට තනතුරු ලබා දී මහජන මුදල් නාස්ති කිරීම වහාම නවතා දැමිය යුතුව ඇත.මීයෝ අල්ලනවනම් පූසා මැටියෙන් වුවද කම් නැත. රජයේ තනතුරු වැඩක් කළ හැකි අයට ලබා දිය යුතුය. ඔබගේ දකුනු පස සිටින්නේ එවැනි අයෙකි.