සී.ඩී වික්‍රමරත්න, දේශබන්දුට එරෙහි කුමන්ත්‍රණයක, පොලිස්පති තරඟය තවත් උණුසුම් වෙයි

0
196

පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් පූර්ණ අභිමතයක් ජනපතිට නැත. ජනපති විසින් නව පොලිස්පති සඳහා නම් 3ක් ව්‍යවස්ථාසභාවට යොමු කළ යුතුය.එය ජේෂ්ඨත්වය සහ දක්ෂතාව අනුව කළ යුතුය. මෙහිදී,

1. ජනපතිවරයා යෝජනා කරන නම් අනුමත නොකර සිටීමේ බලයක් ව්‍යවස්ථා සභාවට ඇත

2. එමෙන්ම ව්‍යවස්ථා සභාව අනුමත කරන එවන නම ක්‍රියාත්මක නොකිරීමේ බලයක් ජනපති සතුව ඇත ( සංශෝධනය සඳහා ආපසු හරවා යැවීම)

කරුණු එසේ හෙයින් ජනපති සහ ව්‍යවස්ථාදායක සභාව ගැ‍ටුමකින් තොරව වැඩ කළ යුතුය. කරුනු එසේ හෙයින් ව්‍යාවස්ථාදායක සභාවේ සංයුතිය විමසීම වැදගත්වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතය.

කථානායක, අගමැති සහ විපක්ෂ නායක නිල බලයෙන් එහි සාමාජිකයන් ලෙස පත්වෙයි. ඊට අමතරව ජනාධිපතිවරයාට, ආණ්ඩු පක්ෂයට සහ ප්‍රධාන විපක්ෂයට නියෝජිතයින් පත් කිරීමේ බලය හිමිය. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා, ආණ්ඩුවේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් , ප්‍රධාන විපක්ෂ නියෝජිතයා ලෙස කබීර් හෂීම් නම් කර ඇත.

තවද සුළු පක්ෂ වෙනුවෙන් ද නියෝජිතයෙක් නම් කළ යුතුය.එම පක්ෂ අතර පවතින ගැ‍ටුම් හේතුවෙන් මෙතෙක් ඒ සඳහා කෙනෙකු නම් කර ඇත.

ඊට අමතරව ආණ්ඩුවේ සහ විපක්ෂයේ එකඟතාවයෙන් සිවිල් සාමාජ නියෝජිතයන් තිදෙනෙකු ද නම් කෙරෙයි. ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර හා ආචාර්ය දිනේෂා සමරරත්න පත් කර ඇත. රාමානුජම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අමාතංශවල ලේකම්වරයෙකු ලෙස කටයුතු කොට ඈත . දිල්කුෂි වෛද්‍යවරියකි. දිනේෂා සමරරත්න නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි .

ව්‍යවස්ථාදායක සභාවේ වර්තමාන සංයුතිය අනුව එහි වැඩි බලය වත්මන් ආණ්ඩු පක්ෂය සතුය.

සීඩී වික්‍රමරතන, ධූර කාලය අවසන් කොට විශ්‍රාම යනවා වෙනුවට ඔහුගේ ගෝලයෙක් පොලිස්පති ලෙස පත් කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටියි. විශේෂයෙන් දේශබන්දු තෙන්නකෝන්ට, එරෙහිව ඔහු කුමන්ත්‍රණය කරමින් සිටියි.

ඒ අනුව ගෝඨාභයගේ නිලනිවසෙන් හමු වූ මුදල් තොගය නිසිලෙස අධිකරණයට වර්තා නොකළ බව සදහන් කරමින්දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා ගොණු කොට ඇත. ඊයේ එම චෝදනා පත්‍ර සී.ඩී වික්‍රමරතනගේ අත්සනින් ආරක්ෂක ලේකම් වෙත යොමු කොට ඇත.

එපමනක් නොව ඉහත රහස්‍ය ලියුම ශූක්ෂම ලෙස මාධ්‍යටද නිකුත් කළේය. එම රහස්‍ය ලිපිය ලැබුන ලංකා ඊ නිවුස් සහ දසත ලංකා , ‘දේශබන්දුගේ පොලිස්පති සිහිනය ඉවරයි’ ලෙසින් ප්‍රවෘත්තියක් පල කලේය.

මේ සම්බන්ධයෙන් අප ආරක්ෂක අමාත්‍යංශයේ ඉහලම නිළධාරියෙකුගෙන් විමසීමක් කළේය. චෝදනා පත්‍රයක් පිලියෙල කල පමනින් පුද්ගලයෙකු වැරදි කරුවෙකු වන්නේ නැති බව ඔහු කීවේය . මේ නිසා සී.ඩී වික්‍රමරත්න යොමු කළ ලිපිය ඊලග පොලිස්පති පත්කිරීම සඳහා බලපෑමක් නොකරන බව ඔහු කීවේය.

පාලකයා රනිල්, සජිත්, අනුර කුමාර කවරෙක් වුවද, රටතුල නීතිය සහ සාමය ‍රැකීම ඔහුට අත්හල නොහැකි වගකීමකි. දැන් ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුධයකි . ඊට උද්ගෝෂණ වලින් විසදුම් සෙවිය නොහැක. ආර්ථිකය අර්බුධයට විසදුම සංචාරක කර්මාන්තය සහ ආයෝජන නගා සිටිවීමය . එය සිදුකළ හැක්කේ සාමකාමී පරිසරයක් තුල පමනි.කරුනු එසේ හෙයින් උද්ගෝෂණ පාලනය කළ හැකි පොලිස්පතිවරයෙක් අද රටට අවශ්‍ය වී ඇත