අන්තර්ජාතික වෙළදාමේ සහ e commerce ජාලකරණයේ යතුර ‍රැගෙන රවි යලි එයි !

0
183

මෑත අතීතයේ ලෝකයේ දිශානතිය තීරණය කළේ, තෙල්, ගෑස් සහ ගල් අඟුරුය. ලෝකයේ බලගතු සමාගම් බිහිවූයේ මෙම සම්පත් ආශ්‍රිතවය. Shell, BP, Gazprom, Saudi Aramco උදාහරණ කිහිපයකි. නමුත් අද එම සමාගම් අභිබවා Paypal, Google, Facebook, Amazon, Alibaba, Uber, Airbnb බිහිව ඇත.

අද ලෝකයේ ලොකුම බැංකුව Paypal වුවද එකදු බැංකු ශාඛාවක් එහි නැත. Facebook ලොව විශාලතම මාධ්‍යය ආයතනය වුවද එකදු මාධ්‍යවේදියෙකු එහි නැත.Uber ලොව විශාලතම ප්‍රවාහන සමාගම වුවද එකදු වාහනයක් එහි නැත.Airbnb ලොව විශාලතම හෝටල් පහසුකම් සපයන සමාගම වුවද එකදු හෝටලයක් ඔවුන් සතුව නැත. Amazon ලොව විශාලතම වෙළදපොළ වුවද එකදු වෙළද සැලක් එහි නැත. Google ලොව විශාලතම වෙළද ප්‍රචාරණ ආයතනය වුවද ඔවුන් එකදු දැන්වීමක් වත් හදන්නේ නැත
.
නූතන ලෝකයේ බලගතුම වාණිජ උපාංගය e commerce බවට පත්ව ඇත. නමුත් මෙම සංදර්භය තුල ලංකාව තවම සිටින්නේ ගල් යුගයේය.

අන්තර්ජාලය හරහා විදේශයකින් භාන්ඩයක් ඇණවුම් කරන විට විදේශ මුදල් වලට හරවා ගෙවීම කළ යුතුය. අදාල මුදල විකුණුම්කරුට ලැබිය යුතුය.අදාල අතර්මැදි කාර්ය PayPal වැනි සමාගම් විශ්වාසදායිව ඉ‍ටු කරයි. නමුත් ලංකාව තවම Paypal වැනි සමාගම් සමග ගණුදෙනු කරන තත්වයට පත්ව නැත

Paypal සමග ගණුදෙනු කිරීමට නම් මෙරට මහ බැංකුව, වාණිජ බැංකු ,දේශීය ආදායම් දෙපාර්තමේන්තු, අපනයන පාලන ආයතන නිසිපරිදි ජාලගත විය යුතුය. අප එම තත්වයට ලගා වී නොමැති නිසා විදේශ වලින් භාණ්ඩ ලබා ගත හැක. නමුත් මෙරට භාණ්ඩ විදේශයන්ට අළෙවි කළ නොහැක .

රවි කරුණානායක මුදල් ඇමතිව සිටියදී ICTA සමග එක්ව ලංකාව ජාත්‍යන්තර e commerce ජාලයට බද්ධ කිරීමට උත්සාහ කළේය. නමුත් නිළධාරිවාදය නිසා එය අසාර්ථක විය.

අනතුරුව කැනේඩියානු ආයතනයක් හරහා එම කටයුත්ත සිදු කිරීමට සියල්ල සූදානම් කළේය.නමුත් ලංකාවට අන්තර්ජාතික e commerce දොර‍ටුව විවර වීමට ඔන්න මෙන්න තිබියදී ජනපති සිරිසේන එය අවුල් කළේය . සිරිසේන කළ අයුතු බලපෑමක් නිසා රවි මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය

ලංකාවේ ව්‍යවසායකයෙකුට අන්තර්ජාලය හරහා විදේශයකට භාන්ඩයක් අලෙවි කොට මුදල් ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති නිසා ඩොලර් බිලියන ගණනක අපනයන වෙළද පොලක් අහිමි වී ඇත. ශ්‍රී ලාංකිකයන්ට ඔන්ලයින් රැකියා ලක්ෂ ගණනක් අහිමි වී ඇත.