මෙම ලිපියේ මාතෘකාව අවසන් පේලියේ ලියා ඇත

0
181

ලංකාවට අනිවාර්යෙන් IMF ණය අනුමත වන බව හිටපු මුදල් ඇමති රවී Daily FT වෙත ප්‍රකාශ කොට ඇත.එය අනුමත වූ ඊලගේ පැයේ සිට ලංකාවට G2G නොහොත් රාජ්‍යන් සමග ණය ගණුදෙනු කිරීමට හැකියාව ලැබෙයි. IMF ක්‍රියාන්විතය හරහා ලංකාව ලබන ලොකුම ජයග්‍රහණය එය වෙයි.

කෙසේ වුවද කෙනෙකුට, ණය ගැනීම සම්බන්ධව සෘණාත්මක චිත්‍රයක් මැවිය හැක . ” හයියො රට තවත් ණය වෙනවා” වැනි දෑ කියමින් භීතියක් ඇති කළ හැක.

මේ වන විට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව විදේශ ණය ප්‍රතිශතය 63 %කි. සමස්ථ ණය වලට සාපේක්ෂව එය 114% කි. නමුත් ලෝකයේ දියුණු රට වල ණය කන්ද ඉතා ඉහලය. සිංගප්පූරුවේ දළ දේශීය නිෂ්පාදියට සාපේක්ෂව විදේශ ණය 471% කි. ස්විස්ටර්ලන්තයේ 285%. එංගලන්තයේ 273%, ප්‍රංශයේ, 253 %. ලෝකයේ ලොකුම ණයකන්ද මහා බලවත් ඇමෙරිකාව සතු වෙයි.

ගැටලුව ණය ගැනීම නොව ගන්නා ණය නිසි ලෙස ආයෝජනය නොකිරීම බව මින් පැහැදිලි වෙයි. කෙසේ වුවද එය වෙනම කතා කළ මාතෘකාවකි.

2022 මැයි 12 දින රට බංකොලොත් යයි ප්‍රකාශ නොකළේ නම් අපට විදේශ රටකින් ණයක් ගෙන අර්බුධය වලක්වා ගත හැකි තිබුණි.

රට අරාජික තත්වයක්, බංකොලොත් තත්වයක් කරා මෙහෙයවූයේ ඊනියා ගෝල් ෆේස් අරගලය විසිනි. එය දෙස් විදෙස් කුමන්ත්‍රණයක් යයි කියන්නෙ මේ නිසාය.

ගෝඨාභය විසින් මෙම ලියුම්කරු මාස 6ක් නිකරුනේ සිරගත කළේය.මේ නිසා නැවේ කැප්ටන් එනම් ගෝඨාභය සමග විශාල ආරෝවක් මට තිබුණි. නැවේ කැප්ටන් සමග ආරෝවක් තිබුනා කියා මා ‍නැව ගිල්වීමට කුමන්ත්‍රණය කළේ නැත. නමුත් මුළු වෙර යෙදුවේ නැව බේරා ගැනීමටය.

නැවක් කුණා‍ටුවකින් බේරාගෙන ගොඩබිමක් කරා අමාරුවෙන් යාත්‍රා කරන විට එහි කැප්ටන් සහ නිළධාරීන් මාරු කරයි නම් එය මෝඩ වැඩකි. එසේ කළ හොත් ඉන් පීඩාවට පත් වන්නේ නැවේ මගීන්ය.

කොරෝනා වසංගතය නිසා පැනනැගුන ආර්ථික කුණා‍ටුවෙන් ලංකාව බේරා ගැනීමට මහන්සි වන විට ගෝඨා, බැසිල් සහ කබ්‍රාල් ඉවත් කිරීම මෝඩ වැඩකි.ඉන් පීඩාවට පත්වූයේ මෙරට පුරවැසියන්ය. ගෝඨාභයගේ පාලනය තුල තිබූ අඩුපාඩු වෙනම කතාවකි.

අද ගෝඨා, බැසිල් සහ කබ්‍රාල් ඉවත් කළද රට ගමන් කරන්නේ එදා ගිය මාර්ගයේමය. සජිත් බලයට පැමිනියද රට යන්නේ එම පාරේමය.

අප සැබෑ දේශප්‍රේමීන් ලෙස වැඩ කළේ නම්, ආර්ථික අර්බුධය පාලකයන් මාරු කිරීම සඳහා අවස්ථාව ලෙස තොරා ගැන්නේ නැත.රට ගැන හැඟීමකින් එකමුතු වූයේ නම් ඩොලර් ණයක් ගෙන බංකොලොත් භාවය වලක්වා ගත හැකිව තිබුණි. තවද දැඩි කොන්දේසි වලට අනුගත වෙමින් IMF සරණ යාමද වලක්වා ගත හැකිව තිබුණි.

ලිපියේ මාතෘකාව – අරගලය හුදෙක් පරයින්ගේ කුමන්ත්‍රණයකි , ආර්ථික අර්බුධය ඉල්ලන් පුකේ තියා ගැනීමකි.