අශිෂ්ඨ ප්‍රහාර එල්ල කරන කිසිවෙකුට ශිෂ්ඨ ප්‍රතිචාර ලබා දිය යුතු නැත

0
209

මෑත ඉතිහාසයේ දකුණේ ජනයා පක්ෂ භේදයකින් තොරව රතිඤ්ඥා දල්වමින් කැවුම් කිරිබත් කෑ අවස්ථා 2ක් ඇත. 2009 වර්ෂයේ නන්දිකඩාල් ප්‍රහාරය දකුනේ ජනයාට මහත් ආනන්දයක් ගෙන ආවේය. පක්ෂ භේදයකින් තොරව දකුනේ ජනයා එම ප්‍රහාරය සමරමින් කැවුම් කිරිබත් කෑහ.

ජනයා, එකා මෙන් කිරිබත් කෑ අනෙක් දිනය 1993 වාර්තා විය. ජනයා ආමර් වීදියේ ප්‍රහාරය සමරමින් පක්ෂ භේදයකින් තොරව රතිඤ්ඥා දල්වමින් කැවුම් කිරිබත් කෑහ. අප කැමති වුවද අකමැති වුවද සජිත්ගේ පියා මිය යාමෙන් පසු දකුණේ ජනයා කැවුම් කිරිබත් කෑ පුවත ඉතිහාසයෙන් මකා දැමිය නොහැක.

ආර්.ප්‍රේමදාස ඇමතිධූරයක් ලබාගත් ඊලග පැයේ සිට එජාපයේ බලය ඇල්ලීමට කුමන්ත්‍රණය කළේය. ප්‍රේමදාස පලමුව ඩඩ්ලි සේනානායක විනාශ කළේය . ඉන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජේ.ආර් විනාශ කිරීමට කුමන්ත්‍රණය කලේය.

සිරස අධිපති මහරාජා ප්‍රේමදාස පවුලේ ගෝඩ් ෆාදර්ය. මහරාජා 2010 පාර්ලීමේන්තු මැතිවරණයෙදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 6 ක් ඉල්ලුවේය. එය ලබා දීමට රනිල් අකමැති විය . එතැන් පටන් රනිල් එලවා සජිත් නායකයා කිරීමට කිලී කුමන්ත්‍රණය කළේය

කිලී මහරාජා, 2016 දී ‌රනිල් එලවා සජිත් අගමැති කිරීමට බිහිසුණු කුමන්ත්‍රණයක් දියත් කළේය.මෛත්‍රීපාල සිරිසේන, හර්ෂද සිල්වා සහ විණිසුරු ප්‍රසන්න ජයවර්ධන එහි කොටස් කරුවන් විය.

හර්ෂගේ පුත්‍රයා සේවය කළේ කැපිටල් එලායන්ස් ආයතනයේය. විණිසුරු ප්‍රසන්න ජයවර්ධනගේ පුත්‍රයා ද එහි සේවය කළේය. තවද මෙම සමාගම කිලී මහරාජාගේ ව්‍යාපාරික සගයෙකි. කැපිටල් එලායන්ස් බැඳුම්කර සඳහා ලන්සු තැබූ සමාගමක් විය. නමුත් බැඳුම්කර කොන්ත්‍රාත්තුව රනිල්ගේ හිතෛශියෙකු වූ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට ලැබුණි.

හර්ෂ ද සිල්වා බැඳුම්කර ගණුදෙනුවට අදාල දත්ත විකෘති කොට කිලීට ලබා දුන්නේය . කිලී එම විකෘති චිත්‍රය සිය මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය කළේය. ඉන්පසු මෛත්‍රීපාල සිරිසේන යොදාගෙන බැඳුම්කර ගනුදෙනුව ගැන සෙවීමට ජනපති කොමිසමක් පත් කළේය . එම කොමිසම මෙහෙයවීමට විණිසුරු ප්‍රසන්න ජයවර්ධන පත් කළේය . කුමන්ත්‍රණකරුවන් සතුව ප්‍රධාන අරමුනු 3ක් තිබුණි

1. රනිල් ඉවත් කොට සජිත් අගමැති කිරීම
2. හර්ෂ ද සිල්වා මුදල් ඇමති කිරීම
3. ප්‍රසන්න ජයවර්ධන අගවිනිසුරු කිරීම

අධිකරණය පසුගිය 28 වැනිදා බැඳුම්කර නඩුව කුණු කූඩයට විසි කළේය. රවි කරුණානායක නිදොස් කොට නිදහස් කළේය . යම් හෙයකින් එදා රනිල් වෙනුවට සජිත් අගමැති කළේ නම් එය දොන් ජුවන්ට එහා ගිය රූකඩ පාලනයකි.

2022 ඇති වූ ගෝල්ෆේස් අරගලය එම කුමන්ත්‍රණයේම දිගුවකි . සජිත්,හර්ෂ ද සිල්වා, සිරස එම කුමත්‍රණයේ ප්‍රධාන කොටස්කරුවන් විය. මේ වන විට සජිත් සහ ශවේන්ද්‍ර සිල්වා සිදු කළ ඩීල් හෙළිදරව් වී ඇත. එදා හණුමාගේ භූමිකාව රඟපෑ ජවිපෙ අදද එම භූමිකාව රඟදක්වමින් සිටියි.

පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා ගත සංචාරක පිරිසක් මෙරටට පැමිනියහ. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේශන වාර්තා ගතලෙස ඉහල ගියේය. ඩොලරය පහල ගියේය . විදුලිය කැපීම නතර විය . නමුත් රට යලි අරාජික කිරීමට ඉහත කී බලවේග විසින් කුමන්ත්‍රණය කරමින් සිටියි.

සජිත් සහ අනුර යනු රට භාරගන්න යැයි ඇරයුම් කල විට සැඟවුන නායකයන් දෙපලකි .රට ක්‍රමයෙන් ගොඩ එන විට මොවුන් යලි රට විනාශ කිරීමට වැඩ වර්ජන , උද්ගෝෂණ සංවිධාන කරමින් සිටියි. සජිත් සහ අනුර එල්ල කරන ප්‍රහාරය අශිෂ්ඨය. අශිෂ්ඨ ප්‍රහාර එල්ල කරන කිසිවෙකුට ශිෂ්ඨ ප්‍රතිචාර ලබා දිය යුතු නැත.