අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 5

දිලිත්ගේ දේශපාලන ආගමනය දූපත්වාසීන්ට එල්ල වූ දෛවයේ සරදමකි

0

සක්‍රිය දේශපාලනයට පිවිසීම සඳහා දිලිත් ජයවීර සමාගම් කීපයක අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත් වී ඇත.

මේ වන විට දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය දරනු ලබයි

දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයන් ඒකරාශී කරන ‘අරමුණ’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් ඇත. සිය දේශපාලනයේ අර‍ටුව ලෙස ව්‍යාපාරික ප්‍රජාව යොදා ගැනීමට දිලිත් සැලසුම් කොට ඇත

කෙසේ වුවද දිලිත් ජයවීර කොරෝනා වසංගත සමයේ ඇන්ටිජන් කට්ටල වලින් , හෝටල් නිරෝධායනයෙන් ජනයා සූරාකෑ පුද්ගලයෙකු ලෙස ජනයාගේ පිලිකුලට ලක් වී ඇත

කොරෝනා වසංගත සමයේ ගුවන්තො‍ටුපොල වසා විදේශ ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ ගනනින් හූරාකෑ හෝටල් නිරෝධායනය සැලසුම් කළේ දිලිත් ජයවීරය.

හෝටල් නිරෝධායනය හරහා දිලිත් සූරාකෑවේ විදේශ ශ්‍රමිකයෙකු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉතිරිකරගත් ප්‍රග්ධනය විය.

එවැනි පුද්ගලයෙකු අරමුණ නමින් ව්‍යාපාරික වැඩමුලු පැවැත්වීම සහ දේශපාලනයට පිවිසීම දෛවයේ සරදමකි

ඉන්දීය මැතිවරණ කැම්පේන් සදහා ලංකාව දඩයම් භූමියක් වන අයුරු

0

2015 මැතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ හින්දු පුවත්පතට සාකච්ඡාවක් දුන්නේය.තමාව පරාජය කරන ලද්දේ CIA සහ MI6 සමග එක්වූ ඉන්දීය රෝ බව එහිදී ඔහු කීවේය. තමාව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම, දිගු කාලීනව ක‍්‍රියාත්මක වූ සැලසුමක් බවද මහින්ද ප‍්‍රකාශ කර සිටියේය. මහින්දට පසුව එම ඉරණම ගෝඨාභය රාජපක්ෂට අත්විය.

ගෝඨාභයට අත්වූ ඉරණම නේපාල රජ්‍ය නායකයෙකුටද අත් විය. නේපාලයේ 38 වැනි අගමැතිවරයා වූයේ කේ. පී. ශර්මා ඔලීය. ශර්මා සිය ප්‍රථම ධූරකාලය ලෙස (2015 -2016) වසරක් සේවය කළේය.2016 වසර වන විට ශර්මා ඕලි සමග ඉන්දීය රජය ගැ‍ටුම ඇති කරගත්තේය. ඉන්දියාව 2016 වසරේදී නේපාලයට පිවිසෙන සියලූ දේශසීමා වසා දැමුවේය.නේපාලයට ඉන්ධන ලැබෙන්නේ ඉන්දියාව හරහාය.ඉන්දීය දේශසීමා වැසීමත් සමග නේපාලය උග්‍ර තෙල් අර්බුධයකට ලක් විය.ශර්මා ඕලිට අස්වන ලෙස නේපාල ජනයා සහ දේශපාලනඥයන් බලපෑම් කළේය.එම තත්වය හමුවේ ශර්මා ඕලි ඉල්ලා අස්විය.

ලංකාවට එල්ල වන බාහිර කුමන්ත්‍රණ වර්ග 2කි.

1. චීන සුළගද ඇතුළු භූදේශපාලන කරුනු නිසා ඉන්දියාව, සිංගප්පූරුව සහ බටහිර ජාතීන් දියත් කරන කුමන්ත්‍රණ
2. ඉන්දියාවේ මැතිවරණ කැම්පේන් එක සදහා ලංකාව දඩයම් භූමියක් ලෙස යොදා ගැනීම.

මෙම ලිපියෙන් කතා කරන්නේ ඉන්දීය මැතිවරණ සඳහා ලංකාව දඩයම් භූමියක් ලෙස යොදා ගැනීම පිලිබදවය.ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතය. මහ මැතිවරණයට පෙර ප්‍රාන්ත මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතය . එය පහත පරිදිය.
මිසොරාම්- 2023 දෙසැ 17
චහටිගාර් – 2024 ජන 03
මධ්‍ය ප්‍රදේශ් – 2024 ජන 06
රාජස්ථාන්- 2024 ජන 14
තෙලංගනා- 16 ජන 2024
ඉන්දියාව සිය මැතිවරණ කැම්පේන් එක සඳහා ලංකාව දඩයම් භූමියක් ලෙස යොදා ගැනීම වසර ගණනාවක සිට සිදුවන්නකි. වර්තමානයේ මෙය දෙ ආකාරයකින් සිදුවෙයි.

1. False flag ops – ත්‍රස්තවාදී ලේබලයට මුවාවී එල්ල කරන ව්‍යාජ ප්‍රහාර

2. දේශපාලන කුමන්ත්‍රණ

ඉන්දියාව නුදුරු අනාගතයේදී මෙරට දියත් කිරීමට නියමිත False flag ops සම්බන්ධ ලිපියක් දින කිහිපයකට පෙර පල කොට ඇත. කරුනු එසේ හෙයින් අද සාකච්ඡා කරන්නේ නුදුරු අනාගතයේදී ඉන්දියාව මෙරට දියත් කිරීමට නියමිත ප්‍රධාන දේශපාලන කුමන්ත්‍රණ 3 ක් පිළිබදවය

1. ප්‍රධාන දේශපාලන පක්ෂ පුපුරවා හැරීම
ඉන්දියාව විවිධ කුමන්ත්‍රණ හරහා ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ පුපුරවා හැර ඇත. 2015දී සිරිසේන යොදා ගනිමින් SLFP පුපුරුවා හැරියේය.2019 දී බැසිල් යොදා ගනිමින් UNP පුපුරුවා හැරියේය. 2022 අරගලය හරහා SLPP පුපුරුවා හැරියේය.රවුෆ් හකීම් යොදා ගනිමින් මුස්ලිම් කොන්ග්‍රසය පුපුරුවා හැරියේය. ක්‍රිස්තියානි- හින්දු භේදය අවුළුවා දෙමළ ජාතික සංධානය පුපුරුවා හැරියේය.

බැසිල්, නාමල් සහ ගෝඨා වෙන් කර SLPP යලි පුපුරුවා හැරියේය. රනිල් යොදාගෙන සජබ පුපුරුවා හැරියේය. මේ ආකාරයටම ආගමික සංවිධානද පුපුරුවා හැර ඇත. රිස්වි මුක්ති යොදා ගනිමින් උලමා සභාව පුපුරුවා හැරියේය. අරගලය යොදාගෙන, බෞද්ධ භික්ෂූ බලය පුපුරුවා හැරියේය.

ඉන්දියානු න්‍යාය පත්‍රය පක්ෂ පුපුරුවාහැරීමට සීමා නොවුනි. ඔවුන් ඉන්දීය රූකඩ පක්ෂ නීර්මානය කිරීමද කළේය. ශාෆ්ටර් පවුල යොදාගනිමින් ලක්ෂ 10ක ඡන්ද පදනමක් සහිත දෙමළ ප්‍රශතිශීලි සංධානය නිර්මාණය කළේය.ඉන්දියාව නිර්මානය කළ නව දේශපාලන සිතියම දෙරටේම මැතිවරණ හැසිරවීම සඳහා යොදා ගනු ලබයි.

2. කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීම
නරේන්ද්‍ර මෝඩි එළඹෙන මැතිවරණ කැම්පේන් එකේ කොටසක් ලෙස කච්චතිව් දූපත යලි ඉන්දියාවට පවරා ගැනීමට සැලසුම් කොට ඇත.

3. චීන හම්බන්තොට වරායට හිලව් වන පරිදි ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා ගැනීම
ඉන්දියාව ත්‍රිකුණාමල වරාය සහ ඒ අශ්‍රිත අක්කර ලක්ෂයක පමන භූමියක් පවරා ගැනීමට සැලසුම් කොට ඇත

ශවේන්ද්‍රට එරෙහි CID විමර්ෂණ ඇරඹෙයි !

0

ඉහලම පෙලේ ආරක්‍ෂක ලොක්කෙක් ගැන CID පරීක්‍ෂණ ඇරඹෙයි නමින් පුවතක් මේ සතියේ ඉරිදා පුවත්පත් කිහිපයක පලකොට ඇත.

මේ පිලිබදව අප විමසීමක් කළ අතර අදාල ආරක්ෂක ප්‍රධානියා ශවේන්ද්‍ර සිල්වා බව එහිදී දැනගැනීමට හැකි විය.2022 ගෝල්ෆේස් කැරල්ල හමුවේ සිය වගකීම් ඉ‍ටු නොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වෙයි. තවද ඔහුගේ වත්කම් පිළිබදව විමර්ෂණයක් සිදුවන බව දැන ගැනීමට හැකි විය.

මීට පෙර ගෝල්ෆේස් කැ‍රැල්ල හමුවේ හමුදාව ක්‍රියාකළ අන්දම ගැන සෙවීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයෙන් පරීක්ෂණ අධිකරණයක් පත් කළ අතර එහි වාර්තාව මේ වෙන විට අදාල අංශ වෙත බාර දී ඇත.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම පරීක්ෂණ අධිකරණයේ සභාපති විය. හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපතිවරයෙකු වන දයා රත්නායක එම පරීක්ෂණ අධිකරණයේ සාමාජිකයන් විය.

හමුදාවට පැහැදිලි නියෝග ලබා නොදීම, පොලීසිය සමග සම්බන්ධීකරණයක් පවත්වා නොගැනීම ඇතුළු බරපතල චෝදනා ගණනාවක් එම පරීක්ෂණ අධිකරණය විසින් අනාවරණය කොට ඇත. නමුත් එම වාර්තාව මත පදනම්වී ශවේන්ද්‍රට එරෙහිව අධිකරණයේ චෝදනා ගොණු කළ නොහැක.

කෙසේ වුවද කරන්නාගොඩ වාර්තාව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබදව විමර්ෂණය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී ශවේන්ද්‍රට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

2024 මැතිවරණය ඉලක්ක කොට පාස්කු ප්‍රහාරයට නොදෙවෙනි තවත් ප්‍රහාරයක්

0

2024 ඉන්දියාවේ මෙන්ම ලංකාවේ මැතිවරණ වර්ෂයකි. මීට පෙර 2019 වර්ෂය දෙරටේම මැතිවරණ වර්ෂයක් විය.

2019 ඉන්දීය මහ මැතිවරණය භාරතීය ජනතා පක්ෂයට අතිශ්‍ය වැදගත් එකක් විය  . නරේන්ද්‍ර මෝදි බලය ලබා ගැනීම සදහා විවිධ උපක්‍රම යෙදුවේය. පාස්කු ප්‍රහාරයට එනම් 2019 මහ මැතිවරණයට  පෙර තත්ත්වය පහත පරිදිය.

ඉන්දීය හමුදාව වරින් වර පකිස්ථාන හමුදාව සමග ගැ‍ටුම් ඇතිකර ගත්තේය. නරේන්ද්‍ර මෝදි මුස්ලිම් බිල්ලා යොදාගෙන ඉන්දු ජනයා තුල භීතියක් නිර්මාණය කළේය.නරේන්ද්‍ර මෝදි සිය ධූර කාලය පුරාවට  කාෂ්මීර්  අර්බුධය හිඟන්නාගේ තුවාලය මෙන් වවාගෙන කෑවේය.

නරේන්ද්‍ර මෝදි ශූක්ෂම ලෙස දියත් කළ false flag operation දෙකක් හරහා ඉන්දීය මැතිවරණ සිතියම උඩු යටිකුරු කළේය.

 පෙබරවාරි 14,  2019 වාර්තා වූ පුල්වාමා ප්‍රහාරය

කාෂ්මීරයේ ඉන්දීය පොලිස්  රථපෙලකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින්  Indian Central Reserve Police Force (CRPF) භටයන් 40 දෙනෙකු මිය ගියේය . එම ප්‍රහාරය ඉන්දීය  බුද්ධි අංශ විසින් කුලියට ගත් කාෂ්මීර් ත්‍රස්ත සංවිධානයක්  එල්ල කළ බවට සාක්ෂි ඇත

අප්‍රියෙල් 21, 2019   එල්ලවූ පාස්කු ප්‍රහාරය

ඉන්දියාවේ මැතිවරණය ලංකාවේ මෙන් එක දිනකින් ඉවර නොවේ, එය මාසයක් පමණ එක දිගට පැවැත්වෙයි . මැතිවරණය 2019  අප්‍රියෙල්  11 ආරම්භවූ අතර මැයි 19 අවසන් විය. කතෝලික බහුතරයක් වෙසෙන ප්‍රාන්ත සහ මෝදිට අවාසි ප්‍රාන්ත වල ඡන්ද විමසීම සිදුවුණේ පාස්කු ප්‍රහාරයෙන් පසුවයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු  ඉන්දීය බුද්ධි අංශ බව පැවසීමට සාක්ෂි ඇත. නරේන්ද්‍ර මෝදි පාස්කු ප්‍රහාරය නම් තුවක්කුව බඳින අයුරු නොදැක්ක නමුත් දඩයම කරේ තියාගෙන යන හැටි මුළු ලෝකයම දු‍ටුවේය.

ඉන්දීයානු තානාපති කාර්යාලය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු අඟවා කිසිදු ලිපියක් එවූයේ නැත. නමුත් ඉන්දියානු තානාපති කාර්යාලය  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිළ  අනතුරු ඇඟැවීමක් කළ බවට කොළඹ  ඉන්දියානු තානාපති කාර්යාලය කැම්පේන් එකක් කළේය.

නරේන්ද්‍ර මෝදිගේ බල වියරුව පාස්කු ප්‍රහාරයෙන් අවසන් නොවීය. ඔහු 2024 මැතිවරණය ඉලක්ක කොට ගනිමින් තවත් මෙහෙයුම් ගණනාවක් දියත් කොට ඇත ඇත. එහි සාරාංශය පහත පරිදිය

  • අධිකරණය හරහා අයෝධ්‍යා පල්ලිය හින්දුන් සතු කිරීම .
  • මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම.
  • ලඩක් ප්‍රදේශය කාෂ්මීරයෙන් වෙන් කිරීම.
  • කාෂ්මීර ප්‍රාන්තයට විශේෂ බලතල දුන්නේ මහත්මා ගන්ධිය. මෝදිගේ ආන්ඩුව මහත්මා ගාන්ධිට වෙඩි තැබූ  Nathuram Vinayak Godse  ජාතික වීරයෙකු කිරීම සිදු විය
  • සුළු ජාතීන් මැඩීම සදහා ”පුරවැසි පනත”  නමින් ආන්දෝලනාත්මක පනතක් හදුන්වා දීම.
  • ඉස්ලාම් ආගමට අපහාස වන පරිදි ‘The Kerala story’ නමින් චිත්‍රපටියක් නිපදවීම.
  • හර්යානා ප්‍රාන්තය තුල කුමන්ත්‍රණකාරී ලෙස හින්දු – මුස්ලිම් ගැ‍ටුම් ඇති කිරීම.
  • මනිපූර් ප්‍රාන්තය  තුල කුමන්ත්‍රණකාරී ලෙස හින්දු – සුළුතර ආගමික කොටස් අතර ගැ‍ටුම් ඇති කිරීම.
  • ලංකාවේ උතුරු නැගෙණහිර පලාත්වල ආණ්ඩුකාරවරු ඉන්දීය ගැත්තන්ය. ඉන්දියාව එම පලාත්වල ජන වර්ග අතර ගැ‍ටුම් ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම.

BJP  බලයට පත්වූදා සිට විවිධ ආකාරයේ කුමන්ත්‍රණ  දියත් කරමින් ජනවර්ග අතර ගැ‍ටුම් ඇති කොට ඇත. එම තත්වය ඉන්දියාවට පමනක් නොව කලාපයටම තර්ජනයක් වී ඇත.

කරුනු එසේ හෙයින් 2024 මැතිවරණය ඉලක්ක කරගනිමින් තවත්  False flag  ප්‍රහාරයක් එල්ල වනු ඇත. මගී ගුවන් යානයක් හෝ දුම්රියක් මෙම ප්‍රහාරයේ ඉලක්කය විය හැක. ප්‍රහාරය එල්ල කරන්නේ ඉන්දීය බුද්ධි අංශ  හයර් කරන ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් විසිනි.

 

ලංකාවේ විදුළි අර්බුධය උග්‍ර අතට- විසඳුම් මිස ගොන් ආතල් එපා

0

ලංකාවේ, විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 56.90ක් වැය වෙයි. නමුත් පසුගිය පෙබරවාරිය දක්වා විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයෙක්ගෙන් අයකර ගනු ලැබුවේ රුපියල් 29.14 කි. ලංකා විදුලිබල මණ්ඩලය දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් අලාභ ලබන ආයතනයකි.

මෙම තත්ත්වය තුල පසුගිය පෙබරවාරියේදී විදුලි බිල 66% කින් වැඩි කළේය. අද එනම් 2023 අගොස්තු මාසය වන විට, විදුලි බිල යලි වැඩි කිරීමට අවසර ඉල්ලා ඇත. ලංකාවේ විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට ප්‍රධාන හේතු 2කි

1. දූෂණ සහ අකාර්යක්ෂම බව
2. විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය වැඩි වීම

මෙරට විදුලියෙන් 62% වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ ඩීසල් සහ ගල් අගුරු ආශ්‍රිතවය. මෙහිදී ගල් අඟුරු සහ ඩීසල් මිලදී ගැනීමේදී විශාල දූෂණ එනම් කොමිස් ගැහිලි සිදු වෙයි.

තවත් අතෙකින් විදුලියෙන් 31% ක් නිපදවන්නේ පෞද්ගලික අංශය විසිනි. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදීද විශාල දූෂණ, කොමිස් ගැහිලි සිදුවෙයි

ලංකාව මූලික වශයෙන් පිරිවැය අඩු බලශක්ති ප්‍රභව සඳහා යොමු විය යුතුය. ආනයන කරන ගල් අඟුරු සහ ඩීසල් වලින් විදුලිය නිපදවනවා වෙනුවට සූර්ය, සුළං , මුහුදු රළ යන විකල්ප බලශක්ති ප්‍රභව සඳහා යොමු විය යුතුය.

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පැහැදිලිවම මා‍ෆියාවකි, ජාවාරමකි. මෙම තත්ත්වය නිසා කලාපයේ වැඩිම පිරිවැයක් යොදවා විදුලිය නිෂ්පාදන කරන රට ලෙස ලංකාව වාර්තා වී ඇත . එය වානිජ කටයුතු වලට ඉතා අහිතකර ලෙස බලපානු ලබයි.

කරුනු එසේ හෙයින්  බලශක්ති අර්බුධයට තිරසාර විසදුමක් ලබා දීම පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ වගකීම විය යුතුය

දේශපාලන කොන්ත්‍රාත් බාරගන්න එපා – රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

0

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශ්වයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බව ජනාධිපති රනිල් ඊයේ ප්‍රකාශ කළේය.

රජයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය තීන්දුවක් ගෙන ඇත.

මූල්‍ය පාලනය පාර්ලීමේන්තුව සතු නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව තීන්දු ගත යුත්තේ පාර්ලීමේන්තුවය . කෙසේ වුවද මේ වන විට විපක්ෂය, අධිකරණය භාවිතා කොට ණය ප්‍රතිව්‍යුහගත  කිරීම සහ IMF ණය දෙවන අදියෙර කඩාකප්පල් කිරීමට සැලසුම් කොට ඇත.

විපක්ෂය මීට පෙරද අධිකරණය භාවිතා කොට පාර්ලීමේන්තුව සතු මූල්‍ය පාලන බලතල හයිජැක් කිරීමට උත්සාහ කළේය. පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතැයි රජය තීන්දු කළ විට අධිකරණ නියෝගයක් මගින් මුදල් වෙන් කර ගැනීමට විපක්ෂය උත්සාහ කළේය. මෙම තත්ත්වය පාර්ලීමේන්තුව සහ අධිකරණය අතර ගැ‍ටුමක් බවට පත් විය.

එහිදී, මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වීම නිසා පාර්ලීමේන්තු බලය හෑල්ලුවට ලක් වන බවට මැති ඇමතිවරු පිරිසක් කථානායකට පැමිණිලි කළහ. එම කරුණ විමර්ශණය කිරීමට කථානායක තීන්දු කළේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පාර්ලීමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත විය.

කෙසේ වුවද අවසානයේ අධිකරණය මැතිවරණයට මුදල් වෙන් කිරීම සම්බන්ධව තීන්දුවක් ලබා දීමෙන් වැළැකී සිටියේය . පාර්ලීමේන්තුව සහ අධිකරණය අතර ඇතිවීමට ගිය විශාල ගැ‍ටුමක් ඉන් වැළැකුණි.

මේ රටේ පුරවැසියන් වටහා ගත යුතු වැදගත් කරුණක් ඇත . අධිකරණ නියෝග වලින් ආර්ථික අර්බුධ වලට විසඳුම් සෙවිය නොහැක. යම් අයෙක් අධිකරණ නියෝග වලින් ආර්ථික අර්බුධ වලට විසදුම් සෙවීමට උත්සාහ කළ හොත් ඉන් සිදුවන්නේ අර්බුධ උග්‍ර වීමය.

සුළං අත මාරු වෙයි- රනිල්, එජාපය සහ 2024 මැතිවරණය.

0

2022 අරගලය, සුදු කළු මිශ්‍ර එකකි. අරගලය නිසා, ආර්ථිකය වැරදි ලෙස හැසිරවූ ගෝඨාභය ට ඉල්ලා අස්වීමට සිදු විය. දේශපාලන අර්බුධවලට  අරගල වලින් විසඳුම් සෙවිය හැකි වුවද ආර්ථික අර්බුධ වලට අරගල වලින් ව්සඳුම් සෙවිය නොහැක. ආර්ථික අර්බුධයක් ඇති රටක,  කැරලිගැසීමෙන්  කිරීමෙන් සිදුවන්නේ ආර්ථික අර්බුධය උත්සන්න වීමය. ගෝල්ෆේස් කැ‍රැල්ල  නිසා ලංකාවේ ආර්ථික අර්බුධය පුපුරා ගියේය .

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ කැ‍රැල්ලෙන් බිහිවූ  ඵලයකි.කෙසේ වුවද  අරගලයෙන් වසරක් ගතවන විට රනිල් මෙරට දේශපාලනයේ තීරනාත්මක චරිතය බවට පත් වී ඇත. එය එසේ වීමට කරුණු කාරනා ගණනාවක් බල පෑවේය.

ගෝඨාභය ඉවත්කිරීමෙන් පසු අවධිය ගැන කිසිවෙකුට  සැලසුමක් නොතිබුණි. මේ නිසා කැ‍රැල්ල  විසින්ම කැ‍රැල්ල හෑල්ලුවට ලක් විය

මිනිස්සු පාරට බැස්සේ සිස්ටම් චේන්ජ් කිරීමට නොව  මූලික අවශ්‍යතා සපුරාලීමට රජය අපොහොසත් වීම නිසාය. නමුත් රනිල්ගේ ආගමනය සමග මූලික අවශ්‍යතා සපුරා ලීමට රනිල්ට හැකි වෙතැයි විශ්වාසයක් ජනයා තුල ඇතිවිය.රනිල් අද්දැකීම් ඇති තෙම්පරාදු වූ දේශපාලකයෙක් වීම ඊට හේතු විය.

ක්‍රියාකාරිත්වයෙන් රනිල්ට වලංගුතාවක් ලැබීමත් සමග අරගලය සමග සිටගත් සිවිල් ක්‍රියාකාරීන්, සහ මාධ්‍යවේදීන්ගේ වලංගුභාවය අහෝසි විය.ඔවුන්ගේ  සමාජ මාධ්‍ය වල රීච් ප්‍රමාණය 70 % කින් පමණ අඩුවිය.

රනිල් නිහඬ ඝාතකයෙකි. මේ වන විට දේශපාලන පක්ෂ ගණනාවක් රනිල්ගේ ප්‍රහාර හමුවේ අඩපන වි ඇත. මින් බරපතලම හානිය සිදුවන්නේ පොහොට්‍ටුවටය

රනිල්ගේ නැගීමත් සමග එජාපයේ නැගීමද ආරම්භ විය.පසුගියදා රවි කරුණානායක උතුරු කොළඹ පැවැත්වූ ‍රැස්වීමෙන් එම තත්ත්වය මනාව පැහැදිළි විය. එම ‍රැස්වීමෙහි සංවිධානාත්මක බව අති විශිෂ්ඨ එකක් විය.එවැනි සාර්ථකත්වයක් සදහා රවී සතු මූල්‍ය ශක්තිය බල නොපෑවේයයි කිව නොහැක, නමුත්  වාර්තා ගත ජනකායක් එම ‍රැස්වීමට පැමිණියේ මුදල්වලට නොව ස්වේච්ඡාවෙනි.

රවීගේ උතුරු කොළඹ ‍රැස්වීම දේශපාලන සුළං අත මාරුවීම පිළිබදව පැහැදිලි සංඥාවක් තිබුණි.  කැ‍රැල්ල එජාපයට ආශිර්වාදයක් වී ඇත

ආර්ථික අර්බුධයට මුවාවී රජ්‍යත්වය ඩැහැ ගැනීමට සජිත් දු‍ටු සිහිනය ඉවරයි

0

ආශ්වර්යා රායි මිහිපිට දෙවඟණකි. ඇයගේ සුරූපී නාරිදේහය රාගයේ ප්රතිමූර්තියකි. පිරුණු උකුල, රෝස පැහැති දෙතොල් අනුරාගයේ සංකේත බඳුය. ඇය සමග නිදි වැදීමට සිහින නොදකින පිරිමියෙකු නැත. එනමුත් කොල්ලාට මෙන්ම බල්ලාට ඇය සමග නිදිවැදිය නොහැක . ඒවා ෆැන්ටසි පමනි.

දේශපාලනයේ යෙදෙන සියළු දෙනාට විවිධාකාර වූ ෆැන්ටසි ඇත . ඇතැමුන්ගේ ෆැන්ටසි රාජ්යත්වයට පත් වීම දක්වා විහිදීයයි. සජිත් ප්රේමදාස ලංකාවේ දේශපාලන චරිතයකි. දිවා රෑ ඔහු දකින සිහිනය මෙරට රජවීමය. නමුත් එය ආශ්වර්යා රායි සමග නිදිවැදීම මෙන් කිසිදිනක ඉටු නොවන ෆැන්ටසියකි.

තමන් දේශපාලනයට ආවේ නැතිනම් අද වන විට ගුවන් නියමුවෙකු බව සජිත් ප්රේමදාස පසුගියදා කීවේය. සජිත් ප්රේමදාස GCE O/L විභාගයේදී ගණිතය අසමත් වූ අයෙකි. GCE O/L විභාගයේදී ගණිතය අසමත් අයෙකුට කිසි දිනක ගුවන් නියමුවේකු විය නොහැක.සජිත්ගේ ගුවන් නියමු කතාවද කිසිදිනක ඉටු නොවන ෆැන්ටසියක් පමනි.

මිනිසුන්ට ඔනෑම සිහිනයක් දැකීමට අයිතියක් ඇත. නමුත් දකින සිහින සියල්ල ගෙන්දගම් පොළොවේ යථාර්ථ බව පත් වන්නේ නැත. ඔබ සිංහයෙකු පසුපස යන නරියෙක් වූවාට කම් නැත. නමුත් කිසි දිනෙක නරියෙකු පසුපසු යන සිංහයෙකු නොවන්න යයි බයිබල් උපදේශයක් ඇත. සිංහයෙකු, නරියෙකු පසුපස ගිය හොත්, ඌට නරියාගේ කැත පුරුදු කාන්දු වෙයි. නරියෙක් වුවද , ඌ සිංහයෙකු පසුපස ගියහොත් , ඌට සිංහ ගති කාන්දු වී රාජකීයෙකු මෙන් දිස් වෙයි.

ලෝකය තුල නව රැලි, පෙරළි, ප්රවණතා ඇති වීම ස්වාභාවිකය . ඒවා කලින් හදුනාගැනීමට ඔබ විචක්ෂණ විය යුතුය. දුර දැකීමට නොහැකි අය අනතුරට පත් වීම කිසිවෙකුට වැලැක්විය නොහැක. ඉදිරියේදී සජිත් ප්රේමදාස මෙන්ම් ඔහුගේ අනුගාමිකයන්ටද නරක කළ දසාවක් උදාවීම කිසිවෙකුට වැලැක්විය නොහැක.

මේ වන විට ලංකාවට IMF ණය අනුමත වී ඇත. ඒ අනුව ලංකාවේ බංකොලොත් ලේබලය ඉවත් වනු ඇත.ලංකාවට අනෙකුත් රාජ්යන් සමග ණය ගණුදෙනු කළ හැකි වනු ඇත.රටේ ආර්ථික අර්බුධය මෙතැනින් නිමා වනු ඇත. ඒ අනුව ආර්ථික අර්බුධයට මුවාවී රජ්යත්වය ඩැහැ ගැනීමට සජිත් දුටු සිහිනය නිමා වනු ඇත. එපමනක් නොව ඔහුගේ විපක්ෂ නායක ධූරයද අහිමි වීමේ අවධානමක් ඇත

අරගලය හුදෙක් පරයින්ගේ කුමන්ත්‍රණයකි

0

ලංකාවට අනිවාර්යෙන් IMF ණය අනුමත වන බව හිටපු මුදල් ඇමති රවී Daily FT වෙත ප්‍රකාශ කොට ඇත.එය අනුමත වූ ඊලගේ පැයේ සිට ලංකාවට G2G නොහොත් රාජ්‍යන් සමග ණය ගණුදෙනු කිරීමට හැකියාව ලැබෙයි. IMF ක්‍රියාන්විතය හරහා ලංකාව ලබන ලොකුම ජයග්‍රහණය එය වෙයි.

කෙසේ වුවද කෙනෙකුට, ණය ගැනීම සම්බන්ධව සෘණාත්මක චිත්‍රයක් මැවිය හැක . ” හයියො රට තවත් ණය වෙනවා” වැනි දෑ කියමින් භීතියක් ඇති කළ හැක.

මේ වන විට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව විදේශ ණය ප්‍රතිශතය 63 %කි. සමස්ථ ණය වලට සාපේක්ෂව එය 114% කි. නමුත් ලෝකයේ දියුණු රට වල ණය කන්ද ඉතා ඉහලය. සිංගප්පූරුවේ දළ දේශීය නිෂ්පාදියට සාපේක්ෂව විදේශ ණය 471% කි. ස්විස්ටර්ලන්තයේ 285%. එංගලන්තයේ 273%, ප්‍රංශයේ, 253 %. ලෝකයේ ලොකුම ණයකන්ද මහා බලවත් ඇමෙරිකාව සතු වෙයි.

ගැටලුව ණය ගැනීම නොව ගන්නා ණය නිසි ලෙස ආයෝජනය නොකිරීම බව මින් පැහැදිලි වෙයි. කෙසේ වුවද එය වෙනම කතා කළ මාතෘකාවකි.

2022 මැයි 12 දින රට බංකොලොත් යයි ප්‍රකාශ නොකළේ නම් අපට විදේශ රටකින් ණයක් ගෙන අර්බුධය වලක්වා ගත හැකි තිබුණි.

රට අරාජික තත්වයක්, බංකොලොත් තත්වයක් කරා මෙහෙයවූයේ ඊනියා ගෝල් ෆේස් අරගලය විසිනි. එය දෙස් විදෙස් කුමන්ත්‍රණයක් යයි කියන්නෙ මේ නිසාය.

ගෝඨාභය විසින් මෙම ලියුම්කරු මාස 6ක් නිකරුනේ සිරගත කළේය.මේ නිසා නැවේ කැප්ටන් එනම් ගෝඨාභය සමග විශාල ආරෝවක් මට තිබුණි. නැවේ කැප්ටන් සමග ආරෝවක් තිබුනා කියා මා ‍නැව ගිල්වීමට කුමන්ත්‍රණය කළේ නැත. නමුත් මුළු වෙර යෙදුවේ නැව බේරා ගැනීමටය.

නැවක් කුණා‍ටුවකින් බේරාගෙන ගොඩබිමක් කරා අමාරුවෙන් යාත්‍රා කරන විට එහි කැප්ටන් සහ නිළධාරීන් මාරු කරයි නම් එය මෝඩ වැඩකි. එසේ කළ හොත් ඉන් පීඩාවට පත් වන්නේ නැවේ මගීන්ය.

කොරෝනා වසංගතය නිසා පැනනැගුන ආර්ථික කුණා‍ටුවෙන් ලංකාව බේරා ගැනීමට මහන්සි වන විට ගෝඨා, බැසිල් සහ කබ්‍රාල් ඉවත් කිරීම මෝඩ වැඩකි.ඉන් පීඩාවට පත්වූයේ මෙරට පුරවැසියන්ය. ගෝඨාභයගේ පාලනය තුල තිබූ අඩුපාඩු වෙනම කතාවකි.

අද ගෝඨා, බැසිල් සහ කබ්‍රාල් ඉවත් කළද රට ගමන් කරන්නේ එදා ගිය මාර්ගයේමය. සජිත් බලයට පැමිනියද රට යන්නේ එම පාරේමය.

අප සැබෑ දේශප්‍රේමීන් ලෙස වැඩ කළේ නම්, ආර්ථික අර්බුධය පාලකයන් මාරු කිරීම සඳහා අවස්ථාව ලෙස තොරා ගැන්නේ නැත.රට ගැන හැඟීමකින් එකමුතු වූයේ නම් ඩොලර් ණයක් ගෙන බංකොලොත් භාවය වලක්වා ගත හැකිව තිබුණි. තවද දැඩි කොන්දේසි වලට අනුගත වෙමින් IMF සරණ යාමද වලක්වා ගත හැකිව තිබුණි.

අරගලය හුදෙක් පරයින්ගේ කුමන්ත්‍රණයකි , ආර්ථික අර්බුධය ඉල්ලන් පුකේ තියා ගැනීමකි.

අන්තර්ජාතික වෙළදාමේ සහ e commerce ජාලකරණයේ යතුර ‍රැගෙන රවි යලි එයි !

0

මෑත අතීතයේ ලෝකයේ දිශානතිය තීරණය කළේ, තෙල්, ගෑස් සහ ගල් අඟුරුය. ලෝකයේ බලගතු සමාගම් බිහිවූයේ මෙම සම්පත් ආශ්‍රිතවය. Shell, BP, Gazprom, Saudi Aramco උදාහරණ කිහිපයකි. නමුත් අද එම සමාගම් අභිබවා Paypal, Google, Facebook, Amazon, Alibaba, Uber, Airbnb බිහිව ඇත.

අද ලෝකයේ ලොකුම බැංකුව Paypal වුවද එකදු බැංකු ශාඛාවක් එහි නැත. Facebook ලොව විශාලතම මාධ්‍යය ආයතනය වුවද එකදු මාධ්‍යවේදියෙකු එහි නැත.Uber ලොව විශාලතම ප්‍රවාහන සමාගම වුවද එකදු වාහනයක් එහි නැත.Airbnb ලොව විශාලතම හෝටල් පහසුකම් සපයන සමාගම වුවද එකදු හෝටලයක් ඔවුන් සතුව නැත. Amazon ලොව විශාලතම වෙළදපොළ වුවද එකදු වෙළද සැලක් එහි නැත. Google ලොව විශාලතම වෙළද ප්‍රචාරණ ආයතනය වුවද ඔවුන් එකදු දැන්වීමක් වත් හදන්නේ නැත
.
නූතන ලෝකයේ බලගතුම වාණිජ උපාංගය e commerce බවට පත්ව ඇත. නමුත් මෙම සංදර්භය තුල ලංකාව තවම සිටින්නේ ගල් යුගයේය.

අන්තර්ජාලය හරහා විදේශයකින් භාන්ඩයක් ඇණවුම් කරන විට විදේශ මුදල් වලට හරවා ගෙවීම කළ යුතුය. අදාල මුදල විකුණුම්කරුට ලැබිය යුතුය.අදාල අතර්මැදි කාර්ය PayPal වැනි සමාගම් විශ්වාසදායිව ඉ‍ටු කරයි. නමුත් ලංකාව තවම Paypal වැනි සමාගම් සමග ගණුදෙනු කරන තත්වයට පත්ව නැත

Paypal සමග ගණුදෙනු කිරීමට නම් මෙරට මහ බැංකුව, වාණිජ බැංකු ,දේශීය ආදායම් දෙපාර්තමේන්තු, අපනයන පාලන ආයතන නිසිපරිදි ජාලගත විය යුතුය. අප එම තත්වයට ලගා වී නොමැති නිසා විදේශ වලින් භාණ්ඩ ලබා ගත හැක. නමුත් මෙරට භාණ්ඩ විදේශයන්ට අළෙවි කළ නොහැක .

රවි කරුණානායක මුදල් ඇමතිව සිටියදී ICTA සමග එක්ව ලංකාව ජාත්‍යන්තර e commerce ජාලයට බද්ධ කිරීමට උත්සාහ කළේය. නමුත් නිළධාරිවාදය නිසා එය අසාර්ථක විය.

අනතුරුව කැනේඩියානු ආයතනයක් හරහා එම කටයුත්ත සිදු කිරීමට සියල්ල සූදානම් කළේය.නමුත් ලංකාවට අන්තර්ජාතික e commerce දොර‍ටුව විවර වීමට ඔන්න මෙන්න තිබියදී ජනපති සිරිසේන එය අවුල් කළේය . සිරිසේන කළ අයුතු බලපෑමක් නිසා රවි මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය

ලංකාවේ ව්‍යවසායකයෙකුට අන්තර්ජාලය හරහා විදේශයකට භාන්ඩයක් අලෙවි කොට මුදල් ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති නිසා ඩොලර් බිලියන ගණනක අපනයන වෙළද පොලක් අහිමි වී ඇත. ශ්‍රී ලාංකිකයන්ට ඔන්ලයින් රැකියා ලක්ෂ ගණනක් අහිමි වී ඇත.