ලංකාවේ විදුළි අර්බුධය උග්‍ර අතට- විසඳුම් මිස ගොන් ආතල් එපා

0
155

ලංකාවේ, විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 56.90ක් වැය වෙයි. නමුත් පසුගිය පෙබරවාරිය දක්වා විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයෙක්ගෙන් අයකර ගනු ලැබුවේ රුපියල් 29.14 කි. ලංකා විදුලිබල මණ්ඩලය දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් අලාභ ලබන ආයතනයකි.

මෙම තත්ත්වය තුල පසුගිය පෙබරවාරියේදී විදුලි බිල 66% කින් වැඩි කළේය. අද එනම් 2023 අගොස්තු මාසය වන විට, විදුලි බිල යලි වැඩි කිරීමට අවසර ඉල්ලා ඇත. ලංකාවේ විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට ප්‍රධාන හේතු 2කි

1. දූෂණ සහ අකාර්යක්ෂම බව
2. විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය වැඩි වීම

මෙරට විදුලියෙන් 62% වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ ඩීසල් සහ ගල් අගුරු ආශ්‍රිතවය. මෙහිදී ගල් අඟුරු සහ ඩීසල් මිලදී ගැනීමේදී විශාල දූෂණ එනම් කොමිස් ගැහිලි සිදු වෙයි.

තවත් අතෙකින් විදුලියෙන් 31% ක් නිපදවන්නේ පෞද්ගලික අංශය විසිනි. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදීද විශාල දූෂණ, කොමිස් ගැහිලි සිදුවෙයි

ලංකාව මූලික වශයෙන් පිරිවැය අඩු බලශක්ති ප්‍රභව සඳහා යොමු විය යුතුය. ආනයන කරන ගල් අඟුරු සහ ඩීසල් වලින් විදුලිය නිපදවනවා වෙනුවට සූර්ය, සුළං , මුහුදු රළ යන විකල්ප බලශක්ති ප්‍රභව සඳහා යොමු විය යුතුය.

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පැහැදිලිවම මා‍ෆියාවකි, ජාවාරමකි. මෙම තත්ත්වය නිසා කලාපයේ වැඩිම පිරිවැයක් යොදවා විදුලිය නිෂ්පාදන කරන රට ලෙස ලංකාව වාර්තා වී ඇත . එය වානිජ කටයුතු වලට ඉතා අහිතකර ලෙස බලපානු ලබයි.

කරුනු එසේ හෙයින්  බලශක්ති අර්බුධයට තිරසාර විසදුමක් ලබා දීම පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ වගකීම විය යුතුය