අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 4

වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු පත් කළ බවට පලවන ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත මෙන්න

0

පොලිස්පති සී ඩී වික්‍රමරත්න  අද සිය ධුරයට සමුදුන්නේය. පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  පත් කිරීමට යන බව මාධ්‍ය  වාර්ත කර තිබුනි. නමුත්  නැෂනල් ඇලට් වෙත අනාවරණය වූ කරුනු පහත පරිදිය

1.පොලිස්දෙපාර්තමේන්තුවේ ප්‍රොටකෝල්ස් අනුව  සී.ඩී වික්‍රමරත්න  තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස දේශබන්දුගේ නම නිර්දේශකොට නැත

2. පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තනි  පුද්ගලයෙකුට අභිමතයක් නොමැති අතර එය ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථා සභාව සහ ජනපති එකගත්වයෙන් කල යුතු වෙයි. මීලග පොලිස්පතිවරයා ලෙස ජනපතිවරයා මේ දක්වා  කිසිවෙකුගේ නමක් නිර්දේශ කොට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කිසිවෙකුගේ නමක් සලකා බලාද නැත.

3.ජේෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින ජේ. නි.පොලිස්පතිවරුන් තිදෙනා වන නිලන්ත ජයවර්ධන , පතිනායක සහ  දේශබන්දුට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල්ව වී ඇත.

4. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලද කිසිවෙකු පොලිස්පති ධූරයට පත් කිරීම නොකල යුතු යයි අගරදගුරු මැල්කම් රංජිත් ඇතුළු ආගමික සහ සිවිල් සංවිධාන ගණනාවක් ජනපතිගෙන් ලිඛිතව ඉල්ලා ඇත

5. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයන්ට තනතුරු දීමට පොලිසිය බාර ඇමති කැමති වුවද ජනපති  ඊට අකමැතිය. පොලිස්පති පත්කිරීම සම්බන්ධයෙන් පොලිසිය බාර ඇමතිවරයාට කළ හැකි කිසිවක් නොමැත.

බුදුන් මිනීමස් කෑවා යයි කී කල්ලිය සමග එක්ව දිලිත් සිය දේශපාලන ඉණිම අරඹයි

0

ගෝඨාභය දේශපාලනිකව අවසන් වූයේ තීන්ත බාල්දියට වැ‍ටුන නරියා සිහි කැඳවමිනි. කෙසේ වුවද ගෝඨාභය සායම් බාල්දියට වැ‍ටුන නරියකුට වඩා සැලසුම් සහගතව පින්තාරු කළ නරියෙක් විය.

ගෝඨාභය වෙස් ගැන්වූ පේන්ට්බාස්ලා  අතර දිලිත් ජයවීර ප්‍රමුඛ විය. එහිදී  දිලිත් යොදාගත් කලාව ජාතිවාදය ඇවිලීම විය. දිලිත් සිය මාධ්‍ය නාලිකා භාවිතා කොට මුස්ලිම්  ජනයා බිල්ලන්සේ වර නැගුවේය. ඉන්පසු බිල්ලන් හා සටන් කළ හැකි එකම පුද්ගලයා ලෙස ගෝඨාභය වේදිකා ගත කළේය.

බලය වෙනුවෙන් ජාතිවාදය ඇවිළීම විශාල ඛේදවාචකයකින් කෙලවර විය . නුසුදුසු   පුද්ගලයෙකු ජනපති ධූරයට පත් කිරීම ඊටත් වඩා  ඛේදවාචකයකින් කෙලවර විය .කෙසේවුවද රටත් ජනයාත් බංකොලොත් වුවද දිලිත් බංකොලොත් වූයේ නැත . දිලිත් පෙරටත් වඩා පොහොසත් විය.

සාමාන්‍ය පවුලක පුද්ගලයෙකු වූ දිලිත් බිලියනපතියෙකු වූයේ දේශපාලන බලය අයුතු ලෙස  භාවිතා කිරීමෙනි.   දේශපාලන බලයේ රස දන්නා දිලිත් දැන් රාජ්‍ය බලය ඇල්ලීමට සැලසුම්  කොට ඇත.

එදා මුස්ලිම් බිල්ලෙක් මවා සිංහළ බෞද්ධ  ඡන්ද ඡන්ද මතින් මැතිවරණය දිනිය හැකි වුවද  අද එවැනි හැකියාවක් නැත. ආර්ථික අර්බුධයෙන් පසු ජාතිවාදය මිනිසුන්ට එපා වී ඇත. අද ජාතික සමගිය මැතිවරණ ජයගත හැකි මහා පොදු සාධකය වී ඇත.

එදා මුස්ලිම් බිල්ලෙක් මැවීමට විශාලතම දායකත්වයක් ලබා දුන්නේ අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් සංවිධානයය. බුදුන් මිනීමස් කෑවා කීවේ මොවුන්ය . පාස්කු ප්‍රහාරය එල්ල කළ  සහරාන් දේශපාලන්යට අවතීර්ණ වූයේ මෙම සංවිධානයෙනි.

දේශපාලන බලයට කෑදර දිලිත් ජයවීර, අබ්දුල් රාසික්ලා සමග ගණුදෙනු තවත් වටයකින් අළුත් කර ඇත .කෙසේ වුවද එදා ජාතිවාදය ඇවිළූ බොහොමයක් දෙනෙක් මේ වන විට ඉතිහාසයේ කුණු බක්කියට විසිවී ඇත.

ඥානසාර  ඇතුළු  බෞද්ධ භික්ෂූන් මෙන්ම අබ්දුල් රාසික් වැනි මව්ලවීලාද ජනයාගෙන් ප්‍රතික්ෂේප වී ඇත.දැන් අබ්දුල් රාසික් සමාජය හමුවේ පෙනී සිටින්නේ වෙනත් නමකිනි . ඔහු දැන් පෙනී සිටින්නේ අබ්දුල් රෆීක්ඩීන් ලෙසිනි.

අබ්දුල් රාසික් ජනයාගෙන් ප්‍රක්ෂේප වී ඇති නිසා  ඔහුගේ භූමිකාව ඉ‍ටුකිරීම වෙනත් අයෙකුට පවරා ඇත.ඒ සඳහා යොදවා ඇත්තේ රාසික්ගේ දෙවැනියා, රස්මින්ය.  මුස්ලිම් ජනයා  පාවාදෙන මෙහෙයුමේ මෙවර ප්‍රධාන නළුවා රස්මින්ය.

තවද තව්හිද් ජමාත් සංවිධානය දේශපාලන පක්ෂයක් ලෙස කරලියට ගෙන ඒමට සැලසුම් කොට ඇත.  එම මෙහෙයුම තමිල්නාඩු තව්හිද් ජාමාත් සංවිධානයේ නායක පී.ජේනුල්ලා ආබ්දීන් ගේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු වෙයි.

මුස්ලිම් අන්තවාදය සහ බෞද්ධ අන්තවාදය එකම කාසියේ දෙපැත්ත මෙනි. විනාශය මිස ඔවුන්ගෙන් අත්වන සෙතක් නැත .නමුත් අන්තවාදී දේශපාලන ඔවුන්ට මුදල්  උල්පතකි. ඥානසාරලා රාසික්ලා , දිලිත්ලා , රස්මින්ලා එදා සිටි තැනත් අද සිටින තැනත් දෙස බලන විට එය වටහා ගත හැක.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබද ඇත්ත කථාව මෙන්න

0

2023 ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වුනේ ශ්‍රී ලංකාවේදීය. එම තරගාවලියේ මූලික තරඟ වලදී ශ්‍රී ලංකාව විසින් බංගලාදේශය සහ පකිස්ථානය පරාජය කළේය.

නමුත් ඉන්දියාවට එරෙහිව එකදු තරඟයක්වත් ජය ගැනීමට නොහැකි විය.ආසියානු කුසලාන අවසන් තරඟයෙදී ලංකාව ලකුණු 50 කට දැවී ගියා. ඉන්දියාව ඕවර හයෙන්, එක් කඩුල්ලක්වත් නොදැවී ජයග්‍රාහී ඉලක්කය ලබා ගත්තා.

මුදලට තරඟ පාවාදීම ලෝකය තුල  ඇත්තටම සිදුවන දෙයකි . මේය ආරම්භ වූයේ 90 දශකයේදීය. නමුත් 90 දශකයේ තරඟ පාවාදීම් සහ අද තරඟ පාවාදීම් අතර විශාල වෙනසක් ඇත.

90 දශකයේ තරඟ පාවාදීම් මෙහෙයවනු ලැබුවේ ඔට්‍ටු ක්‍රීඩාවේ යෙදෙන ව්‍යාපාරිකයන්හ් විසිනි. අද තරග පාවාදීම් ක්‍රියාත්මක වන්නේ භූ දේශපාලන උපකරණයක් ලෙසිනි

අතීත ක්‍රිකට් පාවාදීම් හුදෙක් එක් නිෂ්චිත තරඟයක්දී  ක්‍රීඩකයෙකුගේ  ක්‍රියාකලාපයට සීමා විය . නමුත් අද සිදුවන තරඟ පාවාදීම් රාජතාන්ත්‍රික බලපෑම්,   ජාතික ක්‍රිකට් ආයතනය ආක්‍රමණය කිරීම, ක්‍රීඩාංගන තේරීම ,  තන්තීරු සැකසීම ඇතුළු මහාපරිමාන කුමන්ත්‍රණ දක්වා වර්ධනය වී ඇත. කෙසේ වුවද මහත්මයින්ගේ ක්‍රීඩාව භූදේශපාලන ජාවාරමක් බවට පත්කරගෙන ඇත්තේ ඉන්දියාව පමනි.

ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ තරඟයේ වීරයා වුනේ  මොහොමඩ්  සිරාජ්ය.  ඔහු එම තරඟයේදී පන්දුව ඉතා හොදින් දෝලනය කලේය. ලංකාවේ ක්‍රීඩාංගන බාර නිලධාරීන් සිරාජ්ට වාසිවෙන විදියට පිච් එක හැදූහ .ලංකාවේ ක්‍රිකට් ආයතනය ඉන්දියාවට වාසිවෙන විදියට මුලින් බැට්කරන්න  උපදෙස් දුන්හ .

මොහොමඩ් සිරාජ් තරඟයේ වීරයා ලෙස තමන්ට ලැබුන මුදල ක්‍රීඩාංගනයේ සේවකයට පරිත්‍යාග කළා.මීට අමතරව ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ශා ඇඩො 50000 ක් ලංකාවේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට ප්‍රධානය කළා.

කෙත්තාරාම ක්‍රීඩාංගනයේ HPC නමින් ඉන්දීයානු ක්‍රීඩකයන්ට වෙන්කල විශේෂ පුහුණු කලාපයක්  තිබෙනව . එම කලාපයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාකයෙකුටවත් යාමට නොහැකිය. මේක  තමා වර්තමාන ක්‍රිකට් පාවාදීම් වල හැඩය.

IPL  තරඟාවලියේදීද   නරේන්ද්‍රමෝදිගේ ගුජරාට් කන්ඩායමට නිසි නොවන ආනුග්‍රහ දැක්වීම සම්බන්ධයෙන් ජේ ශාට චෝදනා එල්ල වී ඇත. ජේ ෂාට එරෙහිව දූෂණ චෝදනා රාශියක් පවතියි.

ආසියානු කුසලාන අවසන් මහා තරඟය පැවැත්වුනේ ඉන්දීය ජනපති මෝදිගේ උපන්දිනය දවසේදීය. ආසියානු කුසලානය නරේද්‍ර මෝඩිට උපන්දින තෑග්ගක් ලෙස ප්‍රධානය කළ බව පා.ම තිස්ස අත්තනායක ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පැහැදිලිවම ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ශා විසින්   මෙහෙයවනු ලබයි. ජේ ශා යනු BJP පක්ෂයේ සභාපති  සහ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිට් ශාගේ පුත්‍රයාය. අමිත් ශා යනු ඉන්දියාවේ මිලග අගමැති වීමට සිහින දකින අත්ත දූෂිත දේශපාලනඥයෙකි.

ඉන්දීය ක්‍රිකට් ආක්‍රමණය හුදකලා සිදුවීමක් නොව  අස්සක් මුල්ලක් නෑර පැතිරුන ඉන්දීය ආක්‍රමන වල දිගුවකි. ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික සතුරෙකි, කරුමයකි. ශමිමි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,ඉන්දීය ආක්‍රමනිකයාට සේවය කරන  පිරිසකි

වකුගඩු මාෆියාවේ ගෝඩ් ෆාදර් නීතිය සමග සෙල්ලම් කරන හැටි !   

0

ලංකාවේ වකුගඩු ජාවාරමේ ගෝඩ්ෆාදර් වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි බවට  සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් වෛද්‍ය සභාවට පැමිණිලි කළහ   මෙම පැමිණිල්ල ගොණු කළේ නීතීඥ ඉඳුනිල් බණ්ඩාර හරහාය.

මෙම පැමිණිල්ල   විමර්ශනය කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාරක සභික වෛද්‍ය ජයන්ත ජයවර්ධන සහ වෛද්‍ය එස් ෂන්මුගම් විසිනි.

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩිට එරෙහි විමර්ශනය මේ වන විට නිම කොට තිබුනද තවමත් ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නැත. අදාල පරීක්‍ෂණය යට ගසා ඇත .

 විමර්ශන කටයුතු විනිවිදභාවයකින් තොර වීම  අවාසනාවන්ත තත්වයකි. තවද විමර්ශන  කටයුතු භාරව සිටි  වෛද්‍ය ජයන්ත ජයවර්ධනට සහ වෛද්‍ය එස් ෂන්මුගම්ට විශාල මුදලක් ගෙවා  පරීක්‍ෂණ යට  ගැසූ බවටද චෝදනා එල්ලවී ඇත

 වෛද්‍ය රංග මිගාර  වකුගඩු ජාවරමට සම්බන්ධ බව රාවය , ලංකාදීප , සිළුමිණ පුවත් පත් මෙන්ම ඉන්දියානු පුවත් විසින් ද වාර්තා කොට තිබුණි. පොලිසිය විසින් වකුගඩු ජාවරම සිදු කල තැරැව්කරුවන් ද අත් අඩංගුවට ගන්නා ලදි.එහෙත් වකුගඩු ජාවරම සිදු කර ගෙන ගිය එක වෛද්‍යවරයෙකුවත් නීතිය ඉදිරියට ගෙන ආවේ නැත.

මීට පෙර අවස්ථාවකදී  වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සම්බන්ධ පරීක්‍ෂණයක් සෞඛ්‍ය  අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ ජී.කේ.ජී.එන්.ප්‍රියදර්ශන  විසින් ආරම්භ කලද  වකුගඩු මාෆියාව විසින් එයද  අඩාල කරන ලදි.

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යාපනය  සහ පොලොන්නරුව රෝහල්වල සේවය කරන විට තරුණ පිරිස් වකුගඩු දායකයන් ලෙස කොළඹ  පුද්ගලික රෝහලකට යොමු කොට තිබුණි.  කෙසේ වුවද  අවසානයේ වකුගඩු ලබාදුන් තරුණයට මුදල් නොලැබුණි. ඔවුන් ඒ පිළිබදව පොලීසියට පැමිණිලි  කලහ .දෙරණ රූපවාහිණිය මෙම සිදුවීම දිගින් දිගටම වාර්තා කළේය. ඉන් පසු චූදිත සුදුකරපටි ජාවාරම්කරුවන්   මාධ්‍යට මුදල් ගෙවා එම සිදුවීමද යටපත් කළෝය

මෙම වංචාවට වතුකරයේ දුප්පත් තරුණයන් ද අසුවී තිබුණි. වාර්ශිකව රුපියල් බිලියන ගනනක් හුවමාරු වෙන මෙම ජාවාරමට  සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සම්බන්ධ බවට කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන ප්‍රකාශ කළේය  .

නීති විරෝධී වකුගඩු ජාවාරම පිලිබඳ විමර්ශනය කිරීමට මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින්  වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කමිටුව පත් කලද වකුගඩු මාෆියාව විසින් එම කමිටුව අක්‍රිය කළේය . වකුගඩු මාෆියාවේ  මුල්‍ය බලයට සියළු රාජ්‍ය ආයතන යටවී ඇත .

මේ හේතුව නිසා චූදිතයන්  බේරී ගියා පමණක් නොව ඔවුන් තවමත් නීති විරෝධී මිනිස් අවයව ජාවාරම් වල නියැලෙති. මේ වන විට බරපතල චෝදනා ලැබ සිටින වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි මාතර දිස්ත්‍රික් රෝහලේ වකුගඩු පිලිබඳ  වෛද්‍යවරයා ලෙස නිරුපද්‍රිතව කටයුතු කරයි.

අනුර කුමාර ඇමරිකාවට වීසා ගත් හැටි සහ සංචාරයේ ඇතුළත කතාව

0

රැඩිකල් සමාජවාදී දේශපාලන නායකයන්ට ඇමරිකාවට වීසා ලබා නොදීම ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රතිපත්තියකි. ලංකාවේ හමුදා නායකයන්ට , වර්තමාන රජයේ ඇමතිවරුන්ට පවා වීසා ලබා නොදෙන පසුබිමක ජවිපෙ අනුර කුමාරට වීසා අනුමත කිරීම ප්‍රහේලිකාවක් විය .

කරුණු එසේ හෙයින් National Alert ඒ පිළිබඳව විමර්ශනයක් කළේය. අනුර කුමාර දිසානායකට ඇමරිකාවට යාමට වීසා ලබා ගැනීමට ඉන්දියානු රෝ බුද්ධි අංශය උදව් කොට ඇති බව අප වෙත වාර්තා විය. විශේෂයෙන් කුප්‍රකට ඉන්දීය ව්‍යාපාරික ගෞතම අධානිගේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පෙනී සිටින පුද්ගලයාද ඊට මැදිහත් වී ඇත .

තවද අනුර කුමාරට ඇමරිකාවෙදි පහසුකම් සැපයූ පිරිස රට පාවාදුන් දේශද්‍රෝහීන් පිරිසක් බව හෙළිවිය.

ඔවුන්ගෙන් බහුතරය ශ්‍රී ලංකා හමුදාව නියෝජනය කරමින් හයිටියේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගිවන අතරතුර බෝට්ටුවෙන් ඇමරිකාවට පැනගත් තක්කඩියන් පිරිසකි.

ඔවුන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව හයිටියේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මංකොල්ලකෑම් සිදු කළේ යැයි සාක්ෂි දෙමින් ඇමරිකාවේ දේශපාලන රැකවරණ පතන ද්‍රෝහීන් පිරිසකි .

එම පිරිස නම් වශයෙන් ගතහොත් පළමුවැන්නා ටෝයි ඩාවුඩ්‍ ය. මොහු ගෝඨාභය ජනාධිපති කරවීමේ ක්‍රියාවලියේ ඉදිරියෙන් ම සිටි තැනැත්තෙක් ද වෙයි. මොහු ඇමරිකාවේ නීතිවිරෝධීව රැඳී සිටින අයෙක් වන අතර අමෙරිකාවේ වෙළෙඳසැල්වලට බඩු ප්‍රවාහනය කිරීමේ රැකියාවක නිරත ව සිටියි.

මීළඟ තැනැත්තාගේ නම කවිඳු ධනංජයයි. නෞකාවක සේවය කළ තරුණයෙකු වන මොහු ට්‍රාන්සිට් වීසා එකක් ඔස්සේ පැමිණ නීති විරෝධීව අමෙරිකාවේ රැඳී සිටියි.

තෙවැන්නා සමන් බණ්ඩාර. මහනුවර ප්‍රදේශවාසියෙකු වන මොහු කලක් හමුදාවේ සේවය කළ අයෙකි. පසුව නැවකට සම්බන්ධ වී එහි ට්‍රාන්සිට් වීසා එකකට අමෙරිකාවට පැමිණ දැනට සරණාගත වීසා අයදුම් කොට එය ප්‍රතික්ෂේප ව දැන් ඒ සඳහා අභියාචනා කොට සිටින පුද්ගලයෙකි.

මීළඟ පුද්ගලයා ශ්‍රී ලංකා යුදහමුදාවෙ යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ අනුර ප්‍රියන්ත ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සඳහා මහින්ද රාජපක්ෂ පැමිණෙන විට මොහු ශරීරාරක්ෂකයා (බොඩිගාඩ්) ලෙස කටයුතු කර තිබේ. මොහු දැනට සරණාගත වීසා එකක් බලාපොරොත්තුවෙන් නීති විරෝධීව අමෙරිකාවේ රැඳී සිටින පුද්ගලයෙකි.

මහේෂ් අමරසිංහ මෙම කල්ලියේ තවත් සාමාජිකයෙකි. මොහු හයිටි සාම සාධක මෙහෙයුම අතරතුර හමුදාවත් අතහැර ඇමරිකාවට පලා ගිය අයෙකි.මොහු ගුවන් සාංක්‍රමණික බලකායේ සේවය කළ අයෙකි.

මීළඟ පුද්ගලයා ධම්ම තිස්ස දිසානායක, මොහු ද ශ්‍රී ලංකා හමුදා සේවයෙහි නිරත ව සිටින කාලයේ හමුදාවෙන් අකටයුතුකම් සිදු වූ බව පවසමින් බොරු සාක්ෂි ලබා දී සරණාගත වීසා අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙකි.

තණ කන මිනිසුන්ගේ පක්ෂයක් බවට පත්ව ඇති එජාපය බත් කන මිනිසුන්ගේ පක්ෂයක් බවට පත් කිරීමට නම්

0

එ.ජා.පයේ විශේෂ මහා සම්මේලනය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් ඊයේ පැවැත්වුනි එහිදී පක්ෂයට නව ව්යවස්ථාවක් හඳුන්වා දීමට නියමිත විය

එජාපයේ වර්තමාන තත්වය.(ලක්ෂණ)

1. ප්රජාතන්ත්ර ලක්ෂණ වලට වඩා වැඩවසම් ලක්ෂණ බහුලය
2. දක්ෂතා ඇති අයට වඩා නායකයාගේ අධෝමුඛය ලෙවකන අයට තැනක් ඇත
3. ඊනියා කේවට්ටයන් එමටය
4. බොහොමයක් තනතුරු උසුලන්නේ වැඩ බැරි ටාසන්ලාය
5. තාක්ෂණය අතින් ගල් යුගයේ සිටියි
6. පක්ෂය ගෝලීය ප්රවණතා අනුව වෙනස් වී නැත

කරුණු එසේ හෙයින් අත්තිවාරමේ සිට පක්ෂය යලි ගොඩනගන පෙරස්ත්රොයිකාවක් අවශ්ය වී ඇත . එම ප්රථිසංස්කරණ ගෙන ඒමේදී ජන විඥානයේ සිදුව ඇති වෙනස් කම් හඳුනාගත යුතුව ඇත.

1. ජාතිය බේරා ගන්නා දියසේන කුමාරවරු ගැන තිබූ විශ්වාසය බිඳී ඇත
2. පෞද්ගලීකරණයට එරෙහිව තිබූ විරෝධය මිය ගොස් ඇත
3. බිල්ලන් මවා ඡන්ද ගොඩ වැඩි කර ගැනීම දුෂ්කර වී ඇත
4. කහ සිවුරු වලින් දේශපාලන බංකර් හැදූ යුගය නිමා වී ඇත ( කතෝලික ලෝගුවද මීට ඇතුලත්ය )
5. ජාවාරම්කාර මාධ්ය මුදලාලිලාගේ දේශපාලන ගේම් එළිදරව් වී ඇත
6. නිළධාරීවාදය ජනතා උදහසට ලක්වෙමින් ඇත
7 . උද්ගෝෂණ, වැඩවර්ජන ප්රතික්ෂේප වී ඇත
8. සුභසාදන ආර්ථිකයක විපාක සහ නිෂ්පාදන ආර්ථිකයක වාසි , ජනයාට අද්දැකීමෙන් තේරුම් ගොස් ඇත
ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ල අද පවතින්නේ බත් කන මිනිසුන්ගේ පක්ෂ ලෙස නොව තණ කන මිනිසුන්ගේ පක්ෂ ලෙසය .එහි වෙනසක් දැකීමට නම් නියෝජිත ප්රජාතන්ත්රවාදය සහ වගවීම, පක්ෂ ව්යවස්ථාවෙන් අර්ථවත් කළ යුතුය.

කරුණා අක්කා සහ ජූලි අක්කා කියා දුන් පාඩම

0

රෝහන විජේවීර ජවිපේ නිර්මානය කළේ ජාතික විමුක්තිය තුලින් සමාජවාදය කරා යාමටය .නමුත් අනුර කුමාර යටතේ රෝහන විජේවීරගේ මිෂන් එක සහ විෂන් එක උඩු යටිකුරු වී ඇත.

එදා රෝහන විජේවීර ලංකාවේ ආර්ථික සහ මිලිටරි මර්මස්ථාන ඩැහැ ගැනීමට මානබලමින් සිටින ඉන්දීයාව සහ බටහිර රටවල් දු‍ටුවේ සතුරන් ලෙසිනි. නමුත් අනුර කුමාර එම රටවල සුරතලෙකු වී ඇත .

රෝහන විජේවීර සංවිධානයේ කොඳුනාරටිය ලෙස දු‍ටුවේ අධ්‍යාපන තුලින් බලවන්ත කළ කාඩරයන්ය. නමුත් අනුර කුමාර සංවිධානයේ කොඳුනාරටිය ලෙස දකින්නේ ඩීල් සහ මුදල් ය.

එදා සිටි විජේවීරගේ ගෝලයන්ට ලෝක ආර්ථිකය සහ භූ දේශපාලනය ගැන පෘථුල දැණුමක් විය . නමුත් අනුර කුමාරගේ ගෝලයන් දන්නා දෙයකුත් නැති නොදන්නා දෙයකුත් නැති ” පදපරමයින්” පිරිසකි.

ඉහත ඡායා රූපයේ සිටින්නේ රෝහන විජේවීරගේ දකුණු අත වන් වූ, ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකාවක වූ කරුණා අක්කාය. පසුගිය සතියේ ඇය මිය ගියාය. නමුත් අනුර කුමාරගේ ජවිපෙ ඇය පිළිබදව කථා කරන්නේ නැත.

අද කරුණා අක්කා ගැන කථා කරන්නේ ජවිපෙන් ඉවත්වූ පෙර‍ටුගාමී ක්‍රියාකාරීන්ය. නමුත් ඔවුන් කරුණා අක්කා ගැන කථා කරන්නේ කරුණා අක්කාට ඇති ආදරයට නොව අනුර කුමාර සමග ඇති වෛරය නිසාය

හේතුව අනුර කුමාරගේ ජවිපෙ සහ රෝහන විජේවීරගේ ජවිපෙ යනු එක් සංවිධානයක් නොව සංවිධාන 2කි. පළමුවැනි ජවිපෙ කැ‍රැල්ල සමග සිටි 99% අද අනුර කුමාරගේ ජවිපෙ සමග නැත. දෙවැනි ජවිපෙ කැ‍රැල්ල සමග සිටි 90% අද අනුර කුමාරගේ ජවිපෙ සමග නැත.

රෝහන විජේවීර මුදල් පරිපාලනයේ විනිවිදභාවයට මුල් තැන දුන්නේය. අනුර කුමාර මුදල් පරිපාලනයේ විනිවිදභාවය සම්පූරණයෙන් නොසලකා ඇත. ගෝල්ෆේස් අරගලය නිමාවූ සැනින්, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආධාර නම්වූ දිය පහර, තම කුඹුරට හරවා ගැනීමට අනුර කුමාර ක්‍රියා කළේය.

ගමක මරණාධාර සමිතියක වුවද මුදල් පරිපාලනයේ විනිවිද භාවයක් ඇත. සමිතියට ලැබූන ආධාර සහ වියදම් පිලිබද විස්තරය එහි සමාජිකයන්ගේ දැන ගැනීම සඳහා ප්‍රදර්ශන කරයි .

නමුත් අනුර කුමාරගේ ජවිපෙට මුදල් ලැබෙන්නේ කෙසේද ඒවාට සිදු වන්නේ කුමක්ද යන්න දන්නේ යකුසා කල්ලිය ( අනුර කුමාරගේ කල්ලිය ) කල්ලිය පමනි.

මේ වන විට අනුර කුමාර බටහිර රටවල , මැද පෙරදිග සහ කොරියාව වැනි රට වල සංචාරය කිරීම අරඹා ඇත. හෙට අනිද්දා ඇමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතය.මෙම සංචාරවල මුඛ්‍ය අරමුණ මුදල් එකතු කිරීමය

 

හමාස් ප්‍රහාරය අයි.එස් ලේබලයෙන් එල්ලවූ පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රශ්නාර්ථයකි

0

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායෙලයට එල්ල කළ ප්‍රහාරය ” False flag ops ” එකක් බව හෙලි වෙමින් පවතියි . මෙම ප්‍රහාරයේ සැඟවුන අරමුණු පහත පරිදිය.

1. ඉරාණය ආක්‍රමණය කිරීම.
2. සිරියාව, යේමනය, කටාර් රාජ්‍ය යටත් කර ගැනීම
3. කටාර් තෙල් සහ ගෑස් නල මාර්ගයක් හරහා යුරෝපයට විකිනීම
4. සෞදි අරාබිය සහ ඇමෙරිකාව එකතුවී මැද පෙරදිග තෙල් ඒකාධිකාරියක් බිහි කිරීම
5. ඉන්දියන් සාගරය තුල Saudi America පැට්‍රෝලියම් හබ් එකක් බිහි කිරීම.

රතු මුහුදේ පිහිටි යන්බු සහ ගල්ෆ් මුහුදේ පිහිටි දමාම් ලෙස සෞදි අරාබිය සතුව ප්‍රධාන තෙල් නිධි 2ක් ඇත. මෙම ප්‍රදේශ වලට යන නැව් මාර්ගය සමූද්‍ර සන්ධි 2ක් හරහා වැටී ඇත.

යන්බු වරාය රතු මුහුදේ පිහිටි එකකි.එම නාවික මාර්ගය බාබ් එල් මන්ඩබ් සමූද්‍ර සන්ධිය හරහා වැටී ඇත. එම නාවික මාර්ගයේ බලය යේමනය සෝමාලියාව, සුඩානය වැනි රටවල් සතුය . එම රටවල් ඉරාණ හිතැතිය.

දමාම් ප්‍රදේශයට යන නැව් මාර්ගය හොමුස් සමූද්‍ර සන්ධිය හරහා වැටී ඇත . එහි බලය මුලු මනින්ම ඉරානය සතුය. යේමනය එක් පසෙකින් රතු මුහුදටත් , අනෙක් පසින් ඉන්දියන් සාගරයටත් මා ඉම් වූ රටකි. ඉන්දියන් සාගරයේ වැදගත් වරායක් වන මුකල්ලා වරාය යේමන් රාජ්‍ය සතු වූවකි .

සෞදි- ඇමෙරිකා පෙට්‍රෝලියම් හබ් එක බිහිකිරීමට සැලසුම් කොට ඇත්තේ මෙම වරාය ආශ්‍රිතවය. 2014 වර්ෂයේදී සෞදිය විසින් යේමනය ආක්‍රමනය කලේ මේ නිසාය . නමුත් මේ දක්වා යේමනය යටත් කර ගැනීමට සෞදියට නොහැකි විය. ඊට හේතුව ඉරාණය විසින් යේමනයට සහයෝගය දැක්වීමය.

ලෝවාසී බෝහෝ දෙනෙක් සෞදි අරාබියේ නියම ස්වරූපය හදුනන්නේ නැත. සෞදි අරාබිය යනු ඊශ්‍රායෙලය සහ ඇමෙරිකාව සමග එකට වැඩ කරන රටකි.එම කඳවුරට අභියෝග කරන කිසිදු රටකට පැවැත්මක් නැත.

හමාස්, අල් කයිඩා, අයි.එස්, අල් ෂබාබ් වැනි ඉස්ලාම් සන්නද්ධ කන්ඩායම් නිර්මානය කළේ සෞදි- අමෙරිකා- ඊශ්‍රායෙල් න්‍යාය පත්‍ර විසිනි.

සෞදි- ඇමෙරිකා-ඊශ්‍රායෙල් හවුල අතින් විනාශ වූ රටවල් කිහිපයක් පහත පරිදිය

සෝමාලියාව- CIA සහ Mossad සංවිධාන, අභ්‍යන්තර කැරලි ඇති කොට 1991 දී සෝමාලියාව අරාජික කලේය . ඒ වන විට අප්‍රිකාවේ විශාලතම හමුදා බලය සෝමාලියාව සතූ විය .

ඉරාකය – ව්‍යාජ චෝදනා නගා ඉරාකය ආක්‍රමණය කළේය.

ඇෆ්ගනිස්ථානය – False flag Ops එකක් වූ 9/11 ප්‍රහාරයට මුවාවී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කලේය

ලිබියාව – අරාබි වසන්තයට හරහා ලිබියා පාලකයා මරාදමා ලිබියාව අරාජික කළේය

සුඩානය-කුමන්ත්‍රණකාරීව සුඩානය වසර 30ක් පාලනය කළ ඔමාර් අල් බෂීර් පලවා හැරියේය . ඒ සමගම සුඩානය අරාජික විය.

සිරියාව- ගල්ෆ් කලාපයේ සිට යුරෝපයට තෙල් නලයක් එලීමට සෞදි-ඇමෙරිකා හවුල උත්සාහ කළේය. එම තෙල් නලය සිරියානු භූමිය හරහා යා යුතු විය. බෂාල් අල් අසාද් ඊට එරෙහි විය . 2011 වසරේදී CIA සහ Mossad එක්ව අයි.එස් නමින් ත්‍රස්ත සංවිධානයක් බිහි කළේය . මෙම කල්ලිය සිරියාවේ පාලකයා වූ බෂාර් අල් අසාද් එලවීමට සිවිල් යුද්ධයක් ආරම්භ කළේය . ඒ සමගම සිරියාව අරාජික විය .

පලමු ලෝක යුද්ධ කාලයේදී සෞදිය නමින් රටක් නොවුනි. සෞද් පවුල පලමු ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යන්ට සේවය කළේය.
සෞද් පවුල ඔටෝමන් අධිරාජ්‍යට එරෙහිව වැඩ කළේය. පලමු ලෝක යුද්ධය අවසාන වීමත් සමග බ්‍රිතාන්‍යයන් සෞද් පවුලට කෘතුගුණ සලකනු වස් සෞදි අරාබිය නමින් රටක් නිර්මානය කර දුන්නේය. සෞදි අරාබිය එදා සිටම අද දක්වා කරන්නේ ඇමෙරිකාවට, ඊශ්‍රායෙලයට , බ්‍රිතාන්‍යට සේවය කිරීමය

හමාස්, අල් කයිඩා, අයි.එස්, අල් ෂබාබ් වැනි ඉස්ලාම් සන්නද්ධ කන්ඩායම් නිර්මානය කළේ සෞදි- අමෙරිකා- ඊශ්‍රායෙල් න්‍යාය පත්‍ර විසිනි. කෙසේ වුවද කාලයත් සමග මෙම සංවිධාන දෙදරා ගිය අතර පිරිසක් ඉරාණය සමග එකතු විය

1987 දී ඊශ්‍රායෙලයට එරෙහි පලමු නැගිටීම නොහොත් ඉන්ටිෆාඩා ක්‍රියාන්විතය දියත් විය . ඊට නායකත්වය දුන්නේ යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය විය .

මොසාඩ් සංවිධානය යසර් අරෆත්ගේ බලය හීන කිරීමට ”Divide and rule ” මූලධර්මය භාවිතා කළේය . මොසාඩ් සංවිධානය පලස්තීනය මුස්ලිම් බලය දෙකඩ කිරීමට හමාස් සංවිධානයට මිලිටරි ආධාර දුන්නේය. සෞදි රාජ්‍ය ඔවුන්ට මූල්‍ය ආධාර දුන්නේය . ඒ අනුව සෞදි අරාබියට සහ ඊශ්‍රායෙලයට හමාස් සංවිධානය සමග සබදතා නැතැයි කිව නොහැක.

මේ වන විට ඉරාණය මැදපෙරදිග බලවතෙකු බවට පත්ව ඇත.ඉරානය න්‍යෂ්ථික යුධ ශක්තිය වෙත ලගා වෙමින් සිටියි .මුස්ලිම් ලෝකයේ ආධාර උපකාර ඉරාණය දෙසට හැරී ඇත.

ඉරානය හමාස් සංවිධානයට අවි ආයුධ සැපයූ බවට එල්ල කරන චෝදනාව අසත්‍ය එකකි. එය ඉරාණය ආක්‍රමනය කිරීමට ගෙතූ එකකි. ඊශ්‍රායෙලයට එල්ලවූ හමාස් ප්‍රහාරය. අයි එස් ලේබලයෙන් ශ්‍රී ලංකාවේ එල්ලවූ පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රශ්නාර්ථයකි.

සීතල තක්කඩියාගේ රංගනය බලන්න, විනිශ්චය කරන්න !

0

ලංකාවේ එළවලු සහ පලතුරු නාස්තිය ඉතා විශාල වන අතර එය 43% වැනි විශාල අගයක් ගනියි.

එළවලු සහ පලතුරු කල්තබා ගැනීමට නිසි ක්‍රමවේද හදුන්වා දිම තුලින් ආහාර නාස්තිය අවම කළ හැක .තවද වෙළදපොල මිළ මට්ටම් ඉහල පහල යාමට තිරසාර විසදුමක් ලබාදිය හැක.

මීට විසදුමක් ලෙස එජාප රජය කෘෂි ශීතාගාර ජාලයක් ඉඳිකිරීමට සැලසුම් කළේය . ඒ අනුව 2019 අප්‍රේල් 01 පළමු ශීතාගාරය ඉඳිකිරීම දඹුල්ලේ ආරම්භ විය. 2019 ඔක් 10 දින එම ව්‍යාපෘතිය නිම කළ යුතු විය.හර්ෂද සිල්වා මෙම ව්‍යාපෘතිය බාර ඇමතිවරයා විය.

ශීතාගාර සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉන්දියාව විසින් රුපියල් මිලියන 300 ක යළි නොගෙවන ප්‍රදානයක් ලබාදුන් අතර ව්‍යාපෘතිය සදහා අවශ්‍ය ඉතිරි මුදල වූ රු මිලියන 225 එජාප රජය විසින් ලබා දී තිබුණි.මේ බව හර්ෂද සිල්වා විසින්ම ප්‍රකාශ කොට ඇත.

නමුත් මෙම ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කිරීමට හර්ෂද සිල්වා අසමත් විය. එනම් ශීතාගාර ව්‍යාපෘතිය ප්‍රමාද වීමේ ජාතික අපරාධයට, මූලිකවම වගකිව යුත්තේ හර්ෂද සිල්වාය.

හර්ෂද සිල්වා සීතල තක්කඩියෙකි. ජයග්‍රහනයක් වී නම් එය තමා කළ බව පෙන්වීමට උත්සාක කරයි, අසමත්වීම අනුන්ගේ කරේ එල්ලනු ලබයි. පසුගිය සතියේ හර්ෂද සිල්වා දඹුල්ලේ ශීතාගාර සංකීර්ණය බැලීමට ගියේය. කැමරා ඉදිරියේ හර්ෂ හැසින ආකාරය නරඹන්න , විනිෂ්චය කරන්න.https://fb.watch/nAKsIqp6kx/

තවද, මේ සම්බන්ධව විමසීමට, හර්ෂට දුරකථන ඇමතුම් ගනනාවක් ගත්තද ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. අඩුම තරමින් වට්ස් ඇප් පනිවිඩයකටවත් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත

ගෝඨා යලි දේශපාලනයට එන බවට ඩේලි මිරර් පල කල පුවත දිලිත්ගේ අතේ රෝලක් !

0

දිලිත් ජයවීර 2024 ජනාධිපතිවරණයට සූදානම් වන බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ වුවද මීලග ජනාධිපතිවරණයට ඔහු කෙලින්ම ඉදිරිපත් වනවාද එසේ නොමැතිනම් ඔහුගේ ප්‍රොක්සියක් ඉදිරිපත් කරනවාද යන්න තවම තීන්දු කොට නැත.

කෙසේ වුවද දිලිත් මේ වන විට සිය දේශපාලනය පෙරමුණු 3ක් ඔස්සේ උපායශීලි ලෙස මෙහෙයවමින් සිටියි

1.බිම් මට්ටමේ දේශපාලන කැම්පේන් ආරම්භ කිරීම
”අරමුණ” වැනි දේශපාලන වැඩ සටහන් කිහිපයක් දියත් කොට ඇත.

2. කැලනි නයා වැනි ව්‍යාජ දේශපාලන කැම්පේන් දියත් කිරීම
ගෝඨාභය නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් බවට පසුගිය සතියේ ඩේලි මිරර් පල කල පුවත දිලිත්ගේ අතේ රෝලක් බව බව හෙලිවී ඇත . දිලිත් ජයවීර විසින් මෑතක දී පිහි‍ටුවූ මවුබිම ජනතා පෙරමුණට ගෝඨාභය සහාය පළ කළ බවද ඩේලි මිරර් වාර්තා කොට තිබුණි

3. පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් සහ ජේෂ්ඨ දේශපාලකයන් පිරිසක් තමන් වටා එකතු කරගැනීම
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න දේශපාලන පිල් මාරුව පි‍ටුපස සිටින්නේ දිලිත් ජයවීරය. උද්දික දේශපාලනට පිපිවිසියේ විමල් වීරවංශ ලබාදුන් දේශපාලන අනුග්‍රහය නිසාය. විමල් මෑතක දී පිහිටවූ උත්තර සභාවට සහ ඩලස්ගෙ පක්ෂයට දිලිත් ජයවීරගේ අනුග්‍රහය නොඅඩුව ලැබුණි .ඒ අනුව උද්දිකගේ දේශපාලන පිල් මාරුව හුදකලා සිදුවීමක් නොව නුදුරු අනාගතයේ දී දිලිත් විසින් මෙහෙයවන දේශපාලන කුමන්ත්‍රණයක පෙරනිමිත්තකි .