බුදුන් මිනීමස් කෑවා යයි කී කල්ලිය සමග එක්ව දිලිත් සිය දේශපාලන ඉණිම අරඹයි

0
134

ගෝඨාභය දේශපාලනිකව අවසන් වූයේ තීන්ත බාල්දියට වැ‍ටුන නරියා සිහි කැඳවමිනි. කෙසේ වුවද ගෝඨාභය සායම් බාල්දියට වැ‍ටුන නරියකුට වඩා සැලසුම් සහගතව පින්තාරු කළ නරියෙක් විය.

ගෝඨාභය වෙස් ගැන්වූ පේන්ට්බාස්ලා  අතර දිලිත් ජයවීර ප්‍රමුඛ විය. එහිදී  දිලිත් යොදාගත් කලාව ජාතිවාදය ඇවිලීම විය. දිලිත් සිය මාධ්‍ය නාලිකා භාවිතා කොට මුස්ලිම්  ජනයා බිල්ලන්සේ වර නැගුවේය. ඉන්පසු බිල්ලන් හා සටන් කළ හැකි එකම පුද්ගලයා ලෙස ගෝඨාභය වේදිකා ගත කළේය.

බලය වෙනුවෙන් ජාතිවාදය ඇවිළීම විශාල ඛේදවාචකයකින් කෙලවර විය . නුසුදුසු   පුද්ගලයෙකු ජනපති ධූරයට පත් කිරීම ඊටත් වඩා  ඛේදවාචකයකින් කෙලවර විය .කෙසේවුවද රටත් ජනයාත් බංකොලොත් වුවද දිලිත් බංකොලොත් වූයේ නැත . දිලිත් පෙරටත් වඩා පොහොසත් විය.

සාමාන්‍ය පවුලක පුද්ගලයෙකු වූ දිලිත් බිලියනපතියෙකු වූයේ දේශපාලන බලය අයුතු ලෙස  භාවිතා කිරීමෙනි.   දේශපාලන බලයේ රස දන්නා දිලිත් දැන් රාජ්‍ය බලය ඇල්ලීමට සැලසුම්  කොට ඇත.

එදා මුස්ලිම් බිල්ලෙක් මවා සිංහළ බෞද්ධ  ඡන්ද ඡන්ද මතින් මැතිවරණය දිනිය හැකි වුවද  අද එවැනි හැකියාවක් නැත. ආර්ථික අර්බුධයෙන් පසු ජාතිවාදය මිනිසුන්ට එපා වී ඇත. අද ජාතික සමගිය මැතිවරණ ජයගත හැකි මහා පොදු සාධකය වී ඇත.

එදා මුස්ලිම් බිල්ලෙක් මැවීමට විශාලතම දායකත්වයක් ලබා දුන්නේ අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් සංවිධානයය. බුදුන් මිනීමස් කෑවා කීවේ මොවුන්ය . පාස්කු ප්‍රහාරය එල්ල කළ  සහරාන් දේශපාලන්යට අවතීර්ණ වූයේ මෙම සංවිධානයෙනි.

දේශපාලන බලයට කෑදර දිලිත් ජයවීර, අබ්දුල් රාසික්ලා සමග ගණුදෙනු තවත් වටයකින් අළුත් කර ඇත .කෙසේ වුවද එදා ජාතිවාදය ඇවිළූ බොහොමයක් දෙනෙක් මේ වන විට ඉතිහාසයේ කුණු බක්කියට විසිවී ඇත.

ඥානසාර  ඇතුළු  බෞද්ධ භික්ෂූන් මෙන්ම අබ්දුල් රාසික් වැනි මව්ලවීලාද ජනයාගෙන් ප්‍රතික්ෂේප වී ඇත.දැන් අබ්දුල් රාසික් සමාජය හමුවේ පෙනී සිටින්නේ වෙනත් නමකිනි . ඔහු දැන් පෙනී සිටින්නේ අබ්දුල් රෆීක්ඩීන් ලෙසිනි.

අබ්දුල් රාසික් ජනයාගෙන් ප්‍රක්ෂේප වී ඇති නිසා  ඔහුගේ භූමිකාව ඉ‍ටුකිරීම වෙනත් අයෙකුට පවරා ඇත.ඒ සඳහා යොදවා ඇත්තේ රාසික්ගේ දෙවැනියා, රස්මින්ය.  මුස්ලිම් ජනයා  පාවාදෙන මෙහෙයුමේ මෙවර ප්‍රධාන නළුවා රස්මින්ය.

තවද තව්හිද් ජමාත් සංවිධානය දේශපාලන පක්ෂයක් ලෙස කරලියට ගෙන ඒමට සැලසුම් කොට ඇත.  එම මෙහෙයුම තමිල්නාඩු තව්හිද් ජාමාත් සංවිධානයේ නායක පී.ජේනුල්ලා ආබ්දීන් ගේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු වෙයි.

මුස්ලිම් අන්තවාදය සහ බෞද්ධ අන්තවාදය එකම කාසියේ දෙපැත්ත මෙනි. විනාශය මිස ඔවුන්ගෙන් අත්වන සෙතක් නැත .නමුත් අන්තවාදී දේශපාලන ඔවුන්ට මුදල්  උල්පතකි. ඥානසාරලා රාසික්ලා , දිලිත්ලා , රස්මින්ලා එදා සිටි තැනත් අද සිටින තැනත් දෙස බලන විට එය වටහා ගත හැක.