වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු පත් කළ බවට පලවන ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත මෙන්න

0
148

පොලිස්පති සී ඩී වික්‍රමරත්න  අද සිය ධුරයට සමුදුන්නේය. පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  පත් කිරීමට යන බව මාධ්‍ය  වාර්ත කර තිබුනි. නමුත්  නැෂනල් ඇලට් වෙත අනාවරණය වූ කරුනු පහත පරිදිය

1.පොලිස්දෙපාර්තමේන්තුවේ ප්‍රොටකෝල්ස් අනුව  සී.ඩී වික්‍රමරත්න  තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස දේශබන්දුගේ නම නිර්දේශකොට නැත

2. පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තනි  පුද්ගලයෙකුට අභිමතයක් නොමැති අතර එය ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථා සභාව සහ ජනපති එකගත්වයෙන් කල යුතු වෙයි. මීලග පොලිස්පතිවරයා ලෙස ජනපතිවරයා මේ දක්වා  කිසිවෙකුගේ නමක් නිර්දේශ කොට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කිසිවෙකුගේ නමක් සලකා බලාද නැත.

3.ජේෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින ජේ. නි.පොලිස්පතිවරුන් තිදෙනා වන නිලන්ත ජයවර්ධන , පතිනායක සහ  දේශබන්දුට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල්ව වී ඇත.

4. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලද කිසිවෙකු පොලිස්පති ධූරයට පත් කිරීම නොකල යුතු යයි අගරදගුරු මැල්කම් රංජිත් ඇතුළු ආගමික සහ සිවිල් සංවිධාන ගණනාවක් ජනපතිගෙන් ලිඛිතව ඉල්ලා ඇත

5. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයන්ට තනතුරු දීමට පොලිසිය බාර ඇමති කැමති වුවද ජනපති  ඊට අකමැතිය. පොලිස්පති පත්කිරීම සම්බන්ධයෙන් පොලිසිය බාර ඇමතිවරයාට කළ හැකි කිසිවක් නොමැත.