පොලිස්පති පත්කිරීම- ශිෂ්ඨාචාරගත ලෝකය විමසා බලන්නේ අගරදගුරුවරයාගේ ඉල්ලීමෙහි සුජාතභාවය පිලිබදවය

0
129

ඉතිහාසයේ කිසි දිනක නොවූ විරූපරිදි පොලිස්පතිවරයා පත්කිරීම දැවෙන ප්‍රශ්නයක් වී ඇත.  මෙවැනි තත්වයක්  ඇතිවීමට හේතුව  ජේෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින  ජේ. නි. පොලිස්පතිවරුන් තිදෙනාටම   පාස්කු ප්‍රහාරය   සම්බන්ධව චෝදනා තිබීමය . එ පිලිබදව කෙටි විස්තරයක් පහත පරිදිය.

නිලන්ත ජයවර්ධන – මොහු  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවක ජනපති  සිරිසේන දැනුවත් කර තිබුනද  එය කිසිම අධිකරණයක්දී ප්‍රකාශ කළේ නැත. මෙම තත්වය සිරිසේනට  වාසිදායක විය. මේනිසා සිරිසේනට සාපරාධී මනුෂ්‍ය ඝාතණ චෝදනාවෙන් බේරීමට හැකිවුනා පමනක් නොව දේශපාලන ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමට හැකි විය.

කෙසේ වුවද නිලන්ත ජයවර්ධනගේ ක්‍රියාකලාපය   ක‍තෝලික සභාවේ  සහ රනිල් වික්‍රමසිංහගේ උදහසට ලක් විය.

දේශබන්දු තෙන්නකොන් සහ පතිනායක – බස්නාහිර පලාත භාර ජේ.නි.පො ( හිටපු) නන්දන මුනසිංහ  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගතයුතු ආරක්ෂක විධිවිධාන  පිලිබදව  දේශබන්දු සහ පතිනායකට පැහැදිලි නියෝග ලබා දී ඇත. නමුත් ඔවුන් දෙදෙනා එම නියෝගවලට අවනත වී නැත. මේ නිසා අගරදගුරු මැල්කම් රංජිත් ඔවුන් දෙදෙනාට උසස්වීම් දෙනවාට  එරෙහි වී ඇත.

ශිෂ්ඨාචාරගත  ලෝකය මෙහිදී විමසා බලන්නේ  අගරදගුරුවරයාගේ  ඉල්ලීමෙහි සුජාත භාවය පිලිබදවය. අගරදගුරුවරයාගේ ක්‍රියාකලාපයෙහි කිසිදු වරදක් නැත.  එපමනක් නොව රට ලේ විලක් නොවී බේරුනේ අගරදගුරුවරයාගේ මැදිහත්වීම නිසාවෙනි. ඒ සම්බන්ධයෙන් ජාතියේ කෘතඥතාව අගරදගුරුවරයාට හිමිවිය යුතුය

අගරදගුරුගේ විරෝධය දේශබන්දුට පොලිස්පති ධූරය නොලැබීමට ශක්තිමත් සාධකයක් ලෙස බලපා ඇත.

කෙසේ වුවද දේශබන්දුට පක්ෂව  පොලීසිය භාර ඇමති ටිරාන් අලස්  සිටින බව පෙරෙදා ඔහු පාර්ලීමේන්තුවේදී කළ කථාවෙන් පැහැදිලි විය.  එපමනක් නොව ටිරාන් අලස් අගරදගුරුවරයාගේ  ක්‍රියාකලාපයද  විවේචනය කළේය.

අගරදගුරුවරයා ආණ්ඩුවේ පත්කිරීම වලට  අතීතයේ හෝ වර්තමානයේ මැදිහත් වී නැත. අගරදගුරු මෙවර  පොලිස්පති පත්කිරීමට මැදිගත් වන්නේ එය ඔවුන්ට බලපාන සංවේදී  කරුනක් වන නිසාය. එය ඔවුන්ගේ අයිතියකි. ඔවුන්ගේ එම අයිතියට ගරු කිරීමට රනිල්ට යුතුකමක් ඇත