මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ සිදුවීමෙන්  ජවිපෙ නිරුවත් වූ හැටි – JVP යනු දේශපාලන ව්‍යාපාරයක් නොව ත්‍රාඩ LIFE STYLE  එකකි

0
144
JVPට සම්බන්ධ  විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පසුගියදා ක‍ටුනායක ගුවන්තො‍ටුපොලේදී විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබුණි.

අරුන ජයසේකර විශේෂ පරීක්ෂාවට ලක් කලේ  ඩුබායි සිට  ආපසු පැමිනෙන විට නීති විරෝධී අයුරින් රත්‍රන් ‍රැගෙන එන බවට ලැබුන ඔත්තුවක් නිසාය.

ජවිපෙ නායක අනුර කුමාර, මෙම සිදුවීම  පාර්ලීමේන්තුවට ‍රැගෙන ආවේය. තම සාමාජිකයා ගුවන්තොටේදී  පරීක්ෂාවට ලක්කිරීම  සම්බන්ධයෙන් අනුර කුමාර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට එරෙහිව බරපතල විවේචනයක් එල්ල කළේය

මීට පෙර රත්‍රන් කිලෝ 3ක් සමග පා.ම අලි රහීම් සබ්‍රි අත් අඩංගුවට ගැනීමට හැකි වූයේ මේආකාරයට  ලැබුන ඔත්තූවකට අනුව සිදුකල විශේෂ පරීක්ෂණයකිනි.

ඒ අනුව බලන කල ජවිපෙ සාමාජික විශ්‍රාමික මේජර් ජෙනරාල්  අරුණ ජයසේකර ගුවන්තොටේදී පරීක්ෂාවකට ලක්කිරීමෙහි කිසිදු වරදක් නොමැත.  නමුත් අනුර කුමාර දිසානායක එය පාර්ලීමේන්තුවේ කතා මාතෘකාවක් බවට පත් කලා පමනක් නොව ආරක්ෂක ලේකම්ටද දෝෂාරෝපනය කළේය.

මෙම සිදුවීම තුලින්  මොළයක් ඇති මිනිසුන්ට ජවිපෙ නියම පින්තූරය  දැකගත හැක.

1. ජවිපෙ නායකයා  විශ්‍රාමික අරුන ජයසේකරගේ ඊනියා දුක්ගැනවිල්ල ගැන පාර්ලීමේන්තුවේ කථා කළද  ත්‍රිවිධ හමුදාවේ සැබෑ දුක්ගැනවිලි  කිසිවක් ගැන  කතා කරන්නේ නැත.

2. යුධ හමුදාවේ ජේෂ්ඨත්වයෙන් දෙවෙනියා වන චන්දන රණවීර මේ වන විට  බරපතල අසාධාරණයකට ලක්ව සිටියි. මෙවැනි සැබෑ ප්‍රශ්න ගැන ජවිපෙ කතා  කරන්නේ නැත.

3. ජවිපෙ නායකයා අරුණ ජයසේකර ගුවන්තොටේදී පරීක්ෂාවට ලක්කිරීම සම්බන්ධයෙන් කතා කළේ ඔහු ජවිපෙට සම්බන්ද  බලවත් පුද්ගලයෙකු නිසාය.   අරුන ජයසේකර  ජවිපෙට සම්බන්ද  පොඩි මිනිසෙක් වූයේ නම් මෙම ප්‍රශ්නය  ගැන කතා කරන්නේ නැත

4. අරුන ජයසේකර ගුවන්තොටේදී පරීක්ෂාවට භාජනය කිරීම සම්බන්ධ විවේචනය ආරක්ෂක අංශවල රාජකාරියට බාදා කිරීමකි

5.  තවත් අතෙකින්   ජවිපේ නායකයන් සම්බන්ධයෙන් විශේෂ මුක්තියක්  ඉල්ලීමකි

ජවිපෙ මුදල්පරිපාලනය සම්බන්ධයෙන්ද බරපතල ගැටලු ඇත . ගමක මරණාධාර සමිතියක වුවද මුදල් පරිපාලනයේ විනිවිද භාවයක් ඇත. සමිතියට ලැබූන ආධාර සහ වියදම් පිලිබද විස්තරය එහි සමාජිකයන්ගේ දැන ගැනීම සඳහා ප්‍රදර්ශන කරයි .

මේ වන විට අනුර කුමාර බටහිර රටවල , මැද පෙරදිග සහ කොරියාව වැනි රට වල සංචාරය කිරීම අරඹා ඇත. මෙම සංචාරවල මුඛ්‍ය අරමුණ මුදල් එකතු කිරීමය

ආණ්ඩු පෙරලීමට 71 , 89 යන කාලවල සන්නද්ධ අරගල දෙකක් දියත් කළ, 2022දී අර්ධ සන්නද්ධ අරගයලයක් දියත් කළ JVP වැනි පක්ෂයක් එකතු කරන බිලියන ගනන් මුදල් ගැන  සොයා බැලිය යුතුය

ජවිපෙ  දේශපාලන දර්ශනය සමාජවාදය හෝ සමාන්මතාව නොවේ. ජවිපෙ යනු අනුර කුමාර ඇතුළු කිහිපදෙනෙක්  තම සුඛ විහරණය සදහා ගොඩ නගා ගත්  රහස් සංවිධානයකි.

ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන ව්‍යාපාරයක් නොව ත්‍රාඩ LIFE STYLE  එකකි