හමාස් ප්‍රහාරය අයි.එස් ලේබලයෙන් එල්ලවූ පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රශ්නාර්ථයකි

0
210

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායෙලයට එල්ල කළ ප්‍රහාරය ” False flag ops ” එකක් බව හෙලි වෙමින් පවතියි . මෙම ප්‍රහාරයේ සැඟවුන අරමුණු පහත පරිදිය.

1. ඉරාණය ආක්‍රමණය කිරීම.
2. සිරියාව, යේමනය, කටාර් රාජ්‍ය යටත් කර ගැනීම
3. කටාර් තෙල් සහ ගෑස් නල මාර්ගයක් හරහා යුරෝපයට විකිනීම
4. සෞදි අරාබිය සහ ඇමෙරිකාව එකතුවී මැද පෙරදිග තෙල් ඒකාධිකාරියක් බිහි කිරීම
5. ඉන්දියන් සාගරය තුල Saudi America පැට්‍රෝලියම් හබ් එකක් බිහි කිරීම.

රතු මුහුදේ පිහිටි යන්බු සහ ගල්ෆ් මුහුදේ පිහිටි දමාම් ලෙස සෞදි අරාබිය සතුව ප්‍රධාන තෙල් නිධි 2ක් ඇත. මෙම ප්‍රදේශ වලට යන නැව් මාර්ගය සමූද්‍ර සන්ධි 2ක් හරහා වැටී ඇත.

යන්බු වරාය රතු මුහුදේ පිහිටි එකකි.එම නාවික මාර්ගය බාබ් එල් මන්ඩබ් සමූද්‍ර සන්ධිය හරහා වැටී ඇත. එම නාවික මාර්ගයේ බලය යේමනය සෝමාලියාව, සුඩානය වැනි රටවල් සතුය . එම රටවල් ඉරාණ හිතැතිය.

දමාම් ප්‍රදේශයට යන නැව් මාර්ගය හොමුස් සමූද්‍ර සන්ධිය හරහා වැටී ඇත . එහි බලය මුලු මනින්ම ඉරානය සතුය. යේමනය එක් පසෙකින් රතු මුහුදටත් , අනෙක් පසින් ඉන්දියන් සාගරයටත් මා ඉම් වූ රටකි. ඉන්දියන් සාගරයේ වැදගත් වරායක් වන මුකල්ලා වරාය යේමන් රාජ්‍ය සතු වූවකි .

සෞදි- ඇමෙරිකා පෙට්‍රෝලියම් හබ් එක බිහිකිරීමට සැලසුම් කොට ඇත්තේ මෙම වරාය ආශ්‍රිතවය. 2014 වර්ෂයේදී සෞදිය විසින් යේමනය ආක්‍රමනය කලේ මේ නිසාය . නමුත් මේ දක්වා යේමනය යටත් කර ගැනීමට සෞදියට නොහැකි විය. ඊට හේතුව ඉරාණය විසින් යේමනයට සහයෝගය දැක්වීමය.

ලෝවාසී බෝහෝ දෙනෙක් සෞදි අරාබියේ නියම ස්වරූපය හදුනන්නේ නැත. සෞදි අරාබිය යනු ඊශ්‍රායෙලය සහ ඇමෙරිකාව සමග එකට වැඩ කරන රටකි.එම කඳවුරට අභියෝග කරන කිසිදු රටකට පැවැත්මක් නැත.

හමාස්, අල් කයිඩා, අයි.එස්, අල් ෂබාබ් වැනි ඉස්ලාම් සන්නද්ධ කන්ඩායම් නිර්මානය කළේ සෞදි- අමෙරිකා- ඊශ්‍රායෙල් න්‍යාය පත්‍ර විසිනි.

සෞදි- ඇමෙරිකා-ඊශ්‍රායෙල් හවුල අතින් විනාශ වූ රටවල් කිහිපයක් පහත පරිදිය

සෝමාලියාව- CIA සහ Mossad සංවිධාන, අභ්‍යන්තර කැරලි ඇති කොට 1991 දී සෝමාලියාව අරාජික කලේය . ඒ වන විට අප්‍රිකාවේ විශාලතම හමුදා බලය සෝමාලියාව සතූ විය .

ඉරාකය – ව්‍යාජ චෝදනා නගා ඉරාකය ආක්‍රමණය කළේය.

ඇෆ්ගනිස්ථානය – False flag Ops එකක් වූ 9/11 ප්‍රහාරයට මුවාවී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කලේය

ලිබියාව – අරාබි වසන්තයට හරහා ලිබියා පාලකයා මරාදමා ලිබියාව අරාජික කළේය

සුඩානය-කුමන්ත්‍රණකාරීව සුඩානය වසර 30ක් පාලනය කළ ඔමාර් අල් බෂීර් පලවා හැරියේය . ඒ සමගම සුඩානය අරාජික විය.

සිරියාව- ගල්ෆ් කලාපයේ සිට යුරෝපයට තෙල් නලයක් එලීමට සෞදි-ඇමෙරිකා හවුල උත්සාහ කළේය. එම තෙල් නලය සිරියානු භූමිය හරහා යා යුතු විය. බෂාල් අල් අසාද් ඊට එරෙහි විය . 2011 වසරේදී CIA සහ Mossad එක්ව අයි.එස් නමින් ත්‍රස්ත සංවිධානයක් බිහි කළේය . මෙම කල්ලිය සිරියාවේ පාලකයා වූ බෂාර් අල් අසාද් එලවීමට සිවිල් යුද්ධයක් ආරම්භ කළේය . ඒ සමගම සිරියාව අරාජික විය .

පලමු ලෝක යුද්ධ කාලයේදී සෞදිය නමින් රටක් නොවුනි. සෞද් පවුල පලමු ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යන්ට සේවය කළේය.
සෞද් පවුල ඔටෝමන් අධිරාජ්‍යට එරෙහිව වැඩ කළේය. පලමු ලෝක යුද්ධය අවසාන වීමත් සමග බ්‍රිතාන්‍යයන් සෞද් පවුලට කෘතුගුණ සලකනු වස් සෞදි අරාබිය නමින් රටක් නිර්මානය කර දුන්නේය. සෞදි අරාබිය එදා සිටම අද දක්වා කරන්නේ ඇමෙරිකාවට, ඊශ්‍රායෙලයට , බ්‍රිතාන්‍යට සේවය කිරීමය

හමාස්, අල් කයිඩා, අයි.එස්, අල් ෂබාබ් වැනි ඉස්ලාම් සන්නද්ධ කන්ඩායම් නිර්මානය කළේ සෞදි- අමෙරිකා- ඊශ්‍රායෙල් න්‍යාය පත්‍ර විසිනි. කෙසේ වුවද කාලයත් සමග මෙම සංවිධාන දෙදරා ගිය අතර පිරිසක් ඉරාණය සමග එකතු විය

1987 දී ඊශ්‍රායෙලයට එරෙහි පලමු නැගිටීම නොහොත් ඉන්ටිෆාඩා ක්‍රියාන්විතය දියත් විය . ඊට නායකත්වය දුන්නේ යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය විය .

මොසාඩ් සංවිධානය යසර් අරෆත්ගේ බලය හීන කිරීමට ”Divide and rule ” මූලධර්මය භාවිතා කළේය . මොසාඩ් සංවිධානය පලස්තීනය මුස්ලිම් බලය දෙකඩ කිරීමට හමාස් සංවිධානයට මිලිටරි ආධාර දුන්නේය. සෞදි රාජ්‍ය ඔවුන්ට මූල්‍ය ආධාර දුන්නේය . ඒ අනුව සෞදි අරාබියට සහ ඊශ්‍රායෙලයට හමාස් සංවිධානය සමග සබදතා නැතැයි කිව නොහැක.

මේ වන විට ඉරාණය මැදපෙරදිග බලවතෙකු බවට පත්ව ඇත.ඉරානය න්‍යෂ්ථික යුධ ශක්තිය වෙත ලගා වෙමින් සිටියි .මුස්ලිම් ලෝකයේ ආධාර උපකාර ඉරාණය දෙසට හැරී ඇත.

ඉරානය හමාස් සංවිධානයට අවි ආයුධ සැපයූ බවට එල්ල කරන චෝදනාව අසත්‍ය එකකි. එය ඉරාණය ආක්‍රමනය කිරීමට ගෙතූ එකකි. ඊශ්‍රායෙලයට එල්ලවූ හමාස් ප්‍රහාරය. අයි එස් ලේබලයෙන් ශ්‍රී ලංකාවේ එල්ලවූ පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රශ්නාර්ථයකි.