බ්‍රහස්පතින්දා, මාර්තු 19, 2026
Home Blog Page 3

ජවිපෙ ගමන්මග ගැන බිම්මට්ටම සමග පිළිසඳර (01) – රතු නායකයාගේ අවංකබව පිලිබද ඓතිහාසික ගැටලුව

0

1960-80 කාලය වාමාංශික දේශපාලනයේ ස්වර්ණමය යුගය විය. චීනය, සෝවියට්දේශය,චෙකොස්ලෝවෙකියාව ඇතුලු රටවල් ගණනාවකින් වාමාශික ව්‍යාපාරය විචිත්‍ර විය. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බන්ඩාරනායක වාමාශික ව්‍යාපාරය සමග විය.බ ඇය පැහැදිළිවම ඇමෙරිකන් විරෝධි විය.

සිරිමාවෝ 1961 අංක 28 දරන විශේෂ පනත ගෙනවිත් ෂෙල්, මොබිල්, කැල්ටෙක්ස්, Exxon, Standard Oil යන බහුජාතික සමාගම් ලංකාවෙන් එළවා දැමුවාය.තවද වන්දි ගෙවීමකින් තොරව අමෙරිකානු සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් 83ක් රජයට පවරා ගත්තාය. සමාජවාදී කඳවුරෙන් ආධාර ගෙන මෙරට විශාල කර්මාන්තශාලා බිහි කළාය.

සිරිමාවොගේ වාමාංශික ප්‍රතිපත්ති නිසා ඇමෙරිකන් – ශ්‍රී ලංකා සබඳතා අර්බුධයට ලක්විය. එකල CIA,  Most wanted  ලැයිස්තුවේ පලමු 25 දෙනා අතර සිරිමාවොගේ නමද විය.

සැබැවින්ම සිරිමාවො තරම් ජවිපෙ ප්‍රතිපත්ති වලට සමාන්තරවූ දේශපාලකයෙකු මෙරට සිටියේ නැත. අනාගතයේ බිහි වන්නේද නැත. නමුත් සිරිමාවොගේ රජය පෙරලා දැමීමට ජවිපේ සන්නද්ධ කැ‍රැල්ලක් දියත් කළේය.

රෝහන විජේවීරගේ මෙහෙයුම එතැනින් නතර වූයේ නැත. රෝහන විජේවීර, ජේ.ආර් ජයවර්ධනගේ පක්ෂයෙන් මුදල් ගෙන ”ගමනක අවසානයේ ආරම්භය”  නමින් ටැබ්ලොයිඩ් පොතක් ලීවේය. ගමින් ගමට ගොස් ඒ පිළිබද සම්මන්ත්‍රණ කළේය. විජේවීර,  සිරිමාවෝ දේශපාලන වශයෙන්  මරා දැමීමට කුමන්ත්‍රණය කළේය.

මෙවැනි කුමන්ත්‍රණ නිසා එකල ඇත්ත පත්තරය රෝහන විජේවීර හැදුන්වූයේ CIA  ඩබල් ඒජන්ට් කෙනෙකු ලෙසිනි.

එකල  රෝහන විජේවීර ගැන සැක මතුවූ ආකාරයට මෙකල අනුර කුමාර ගැන සැක මතුවී ඇත.  අනුර ගැන බිම්මට්ට්මේ  ජනයාට සැක මතුවීමට හේතු

1. සාමාජිකයන් දැනුමෙන් බලගන්වන අධ්‍යාපනික වැඩසටහන නැවැත්වීම

2. පක්ෂයේ අරමුදල් පරිපාලනය සම්බන්ධයෙන් පැවැති විනිවිදභාවය අවසන් කොට අත්තනෝමතික ලෙස කටයුතු කිරීම

3. දක්ෂයන් හඳුනාගෙන ඔවුන්ට තැනදීමේ ප්‍රාරම්භක ක්‍රමවේදය නවත්වා  එහෙයියන්න්ට තැන දීම

4. ඇමෙරිකන් තානපති, ධම්මික පෙරේරා , විජේදාස රාජපක්ෂ වැනි චරිත සමග ගනුදෙනු කොට ජවිපෙ පදනම දෙදරවා හැරීම

5. දුප්පත් පූර්ණ කාලීන සාමාජිකයන්ට අඩු සැලකිලි දක්වා පොහොසත් ජාවාරම්කරුවන්ට වැඩි තැනක් දීම

ලංකාවේ හොරකමේ හැඩය -හොරු යයි, අනෙක් උන්ට ලේබල් අලවන බොහොමයක් අය ඇත්තටම හොරුය

0

පන්නල අඟලුම් සමාගමකින් කෝටි 18 කට වැඩි මුදලක් වංචාකල එහි විධායක නිළධාරියෙකු පෙරේදා ( දෙසැ 16 ) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

පෞද්ගලික සමාගම්කින් මේසා මුදලක් වංචා කළ ප්රථම හෝ අවසන් අවස්ථාව මෙය නොවේ. ලංකාව් බැංකු, මූල්ය , රක්ෂණ, සන්නිවේදන, ගුවන් සේවා, ඉඳිකිරීම් ඇතුළු සියළුම සමාගම් වල මෙවැනි වංචා සිදු වෙයි.

නමුත් ඒ පිලිබද තොරතුරු සමාජ ගත වුවහොත් මහජන විශ්වාසය කඩා වැටිය හැකි බැවින් අදාල සමාගම් එවා සගවා තබා ගනියි. එනම් දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයන් සිදුකරන වංචා මෙන් ඒවා එළියට එන්නේ නැත.

පෞද්ගලික අංශය තුල ඉහල සිට පහලටම දූෂණය පැතිරී ඇත. තවද විගණන කාර්යේදී හෙලි වන්නේ සුළු සේවකයන් සහ විධායක නිලධාරීන් සිදු කරන වංචා පමනි. එනම් Top management සිදුකරන දූෂණ සහ වංචා හෙළි නොවෙයි . තවද එම වංචා සොයා ගැනීමට බැරි තරම් ශූක්ෂමය.

මෙම ලියුම්කරු 2012-2021 ඉන්දියාවේ ප්රමුඛ බිලියනපතියෙකු වන මිකී ජග්ත්යානිට අයත් Landmark සමාගමේ Business intelligence unit එකේ සේවය කළේය. 2016 දී මෙම සමාගමට RFID තාක්ෂණය හදුන්වා දියයුතු බවට යෝජනාවක් ඉදිරිපත් විය. එම යෝජනාව ඉදිරිපත් කළේ එහි CEO කෙනෙකි. එම ව්යාපෘතියට යන වියදම ඇ.ඩො.මිලියන 26ක් විය.

නමුත් RFID වයාපෘතිය පලදායක නොවන බව ව්යාපාර බුද්ධි අංශයේ මතය විය. කෙසේ වුවද ව්යාපාර බුද්ධි අංශයේ වාර්තාව නොසලකා RFID ව්යාපෘතිය ක්රියාත්මක විය . මාස 6ක් ගතවෙත්ම එය අසාර්ථක බව ඉතා පැහැදිලි විය.

කෙසේ වුවද RFID ව්යාපෘතිය සඳහ අතිවිශාල මුදලක් ආයොජනය කර තිබූ බැවින් එය එක් රැයකින් අත්හැර දැමීමට නොහැකි විය. අවසානයේ තවත් පිරිවැය දරමින් අසාර්ථක ක්රමය නඩත්තු කිරීමට සමාගමට සිදුවිය.

RFID ආයෝජනය සුදු අලියෙක් වුවද ඒ වන විට එය හදුන්වා දුන් CEOගේ සාක්කුවට 12 % කට කොමිස් මුදලක් වැටී තිබුණි. (රු බිලියන 1.5 පමන කොමිස් මුදලකි ) නමුත් ගණුදෙණුවේ ස්වභාවය අනුව අදාල CEO වංචාවක් කළ බව ඔප්පු කිරීමට නොහැකිය.එමෙන්ම RFID ව්යාපෘතිය අසාර්ථක වූ බව බාහිර ලෝකය දන්නේ නැත . පෞද්ගලික අංශයේ ඉහලම නිළධාරීන් වංචා කරන්නේ මේ අයුරිනි.

ලෝකයේ දියුණු රට වල සුපිරි වෙළද සැල් ජාලය ශක්තිමත් නිසා තොග වෙළෙන්දාට ස්ථානයක් නැත. දියුණු රට වල නිෂ්පාදකයා සුපිරි වෙළද සැල් ජාලය හරහා කෙලින්ම පාරිබෝගියා සමග සම්බන්ධ වෙයි. මේ නිසා අතර මැදියන්ට ගසාකෑමට අවස්ථාව අඩුය. එහි වාසිය ගොවීන්ට ( නිෂ්පාදකයාට) සහ පාරිබෝගිකයාට ලැබෙයි.නමුත් ලංකාවේ සුපිරි වෙළද සැල් ජාලය එසේ නොවේ.

කීල්ස් සමාගම මීට වසර 3කට පෙර ”Scan and go” නමින් ස්වය සේවා ක්රමයක් හදුන්වා දුන්නේය . මේ අනුව භාන්ඩ ස්කෑන් කිරීම සහ ගෙවීම කිරීම ( කාඩ් මගින් ) පාරිබෝගිකයාටම කළ හැකි විය.වසර 3කට පෙර කීස්ල් සමාගම හදුන්වා දුන් ස්වයං සේවා ක්රමයේ වර්තමාන තත්වය පහත පරිදිය.

1. කීල්ස් පාරිබෝගිකයන්ගෙන් 1000ට එක් අයෙකුවත් මෙම ක්රමය භාවිතා කරන්නේ නැත

2. ලෝකයේ දියුනු රටවල් මෙම ක්රමය හදුන්වා දුන්නේ මීට වසර 25 කට පෙරය

3. අද Retail Operations දෝලනය වන්නේ RFID next level අවධියේය

4. ලංකාවේ මිනිසුන්ගේ පරිඝණක සාක්ෂරතාව දුර්වල නිසා කිල්ස් ස්වයං සේවා කවුන්ටර් වල සේවකයන් දෙදෙනා බැගින් රඳවා ඇත

5. දියුණු රටවල මිනිසුන් මෙන් නොව ලංකාවේ මිනිසුන් තවමත් සිටින්නේ වැඩවසම් යුගයේය. අනෙකා ලවා වැඩේ කර ගැනීම මිස තමා කිරීමට ඔවුන් කැමති නැත

6.ඛේදනීය ලෙස ඉතා අඩු වැටුපක් ලැබන කීල්ස් සේවකයන්ට ඉතා ඉහල පිරිවැයක් සහිත ස්වයං සේවා ක්රමය නඩත්තු කිරීමට සිදුව ඇත.

”Scan and go’ ක්රමය අසාර්ථක වුවද පිරිවැයක් දරමින් අසාර්ථක ක්රමය නඩත්තු කිරීමට ඔවුන්ට සිදුව ඇත. ඒ අන් කිසිවක් නිසා නොව ඉහල ඇවරිය අත යටින් සිදු කළ හොර ගණුදෙනු නිසාය.

තවද ආයතනය පෞද්ගලික වුවද එහි සිදුවන සොරකම් වල විපාකද මහජනයා මත පැටවීම වැලැක්විය නොහැක

කෙසේ වුවද ලංකාවේ මිනිසුන් සිතන්නේ , කථා කරන්නේ සොරුන් සිටින්නේ පාර්ලීමේන්තුවේ පමනක්ය ලෙසිනි. ලංකාවේ සොරුන් තුන් වර්ගයකි

1. ලේබල් හොරු -හොරකම කිරීම හෝ නොකිරිම කෙසේ වුවද හුදෙක් ‍රැල්ලට ලේබල් වූ හොරු

2. පට්ට හොරු – වෘත්තියක් ලෙස සොරකම් කරන  නමුත් මෙතෙක් අසු නොවූ හොරු, ලංකාවේ වැඩියෙන්ම සිටින්නේ මොවුන්ය

3. වෙන්ඩ හොරු – සොරකම් කිරීමට අවස්ථාවක් ලැබන තුරු බලාගෙන සිටින හොරු , ලංකාවේ දෙවැනියට වැඩිම පිරිස මොවුන්ය

රවි කරුණානායක ඔයිල් ෆාම් වගාවේ තහනම ඉවත් කිරීම්ට කටයුතු කිරීම හොද දෙයක් බව වාර්තාවක් පලකරමින් නැෂනල් ඇලට් ඊයේ ප්රකාශ කළේය. එහිදී ප්රස්තුත ගත කාරණය නොසලකා රවීට බැංකු හොරා යයි ඇතැමුන් චෝදනා කළහ .හොරු යයි, අනෙක් උන්ට ලේබල් අලවන බොහොමයක් අය ඇත්තටම හොරු බව දැන් පැහැදිළිය .

මෙරට ඔයිල් පාම් වගාව පිළිබද මිත්‍යාව සහ ඇත්ත- සෑම පුරවැසියෙක්ම කියවියයුතු ලිපියක්

0

ශ්‍රී ලාංකිකයන් අකුරු ලිවීමේ සහ කියවීමේ හැකියාවෙන් ඉදිරියෙන් සිටියද ප්‍රඥාවෙන් ඉතා පසුගාමී ජාතියකි. තවද එකී ප්‍රඥාවේ හිඩස පිරී ඇත්තේ මෝඩකමින් සහ කුහකත්වයෙනි . ධම්මික නම් තකක්ඩි වෙදාගේ කොරෝනා පැණිය බොන්න කිලෝ මීටර ගණන් පෝලිමේ සිටියේ එහෙයිනි. තවත් වරෙක  අධෝමුඛයෙන් සින්දු කියූ කුවේට් කුමාරි නම් කාන්තාවක් ප්‍රමෝට් කළහ ,  ලෝකය ජය ගත් යෝහානි නම් සුපිරි ගායිකාවට කථා හැදූහ .

එකී පුරවැසියන් 2019 දී  රාජ්‍ය  පාලනයට ඉඳුරාම නුසුදුසු  ගෝඨාභය  රාජපක්ෂ   සිංහාසනාරූඩ කළේය.ගෝඨාභය ජනපති වූ පසු වැඩ කළේ ” වළං කඩේ ගොනා ” මෙන්ය. ජාවාරම්කරුවන්ට ”ගෝඨා”  රබර් සීල් එකක් විය. ඔහුගේ මෝඩ තීන්දු  රට බංකොළොත්වීමට  හේතු විය.

ගෝඨාභයගේ තක්කඩි තීන්දු කිහිපයක් පහත පරිදිය. 
1. කොරෝනා වසංගත කාලයේ  ගුවන් තො‍ටුපල වසා  සිදුකළ නීරෝධායන ජාවාරම
2. කොරෝනා මළ සිරුරු  භූමදානයට ඉඩ නොදී  රට අපවාදයට ලක්කිරීම
3. රසායනික පොහොර තහනම
4. දේශීය ෆාම් ( ක‍ටු පොල් ) වගාව තහනම් කිරීම.

අද අප කථා කරන්නේ ෆාම්  වගාව තහනම් කිරීම  පිළිබදවය. ෆාම් ඔයිල් යනු ඉඳිනු ෆාම් ගෙඩි වලින් ලබා ගන්නා තෙල් වර්ගයකි.එය එළව්ළු තෙල් ගනයට වැටෙයි.  මෙහි ප්රධාන වශයෙන් සංතෘප්ත, ඒකීය සංතෘප්ත සහ බහු සංතෘප්ත  (saturated, monounsaturated and polyunsaturated) වශයෙන් මේද වර්ග 3 ක් අඩංගුය. පාම් තෙල්වල වැඩි වශයෙන්  අසංතෘප්ත මේදය  සහ බහු අසංතෘප්ත මේදය අඩංගු වන නිසා එය සෞඛ්යයට හිතකර බව පිළිගනු ලබයි.

ශ්‍රී ලංකාවේ ආහාරයට ගන්නා තෙල්වලින් 82% ක් පාම් ඔයිල් වේ. පොල් තෙල්වලට හිමිවන්නේ 12% කි. ලෝකයේ ආහාරයට ගන්නා තෙල්වලින් 62 % ක්  පාම් ඔයිල් වේ.

තවද මිනිස් ආහාර බොහොමයක ෆාම් තෙල් අඩංගුය.  ඒවා අතර මාගරින්, අයිස්ක්‍රීම්, බිස්කට්, සැකසූ මස් නිෂ්පාදන, චොකලට්,  රස කැවිලි, ක්ෂණික නූඩ්ලස්,  සහ  කිරිපිටි  ප්‍රධානය.  තවද බිස්කට් , රසකැවිලි වැනි කල්තබා ගන්නා ආහාර පොල්තෙල් යොදා ගෙන නිෂ්පාදනය කළ නොහැකි අතර ඊට ෆාම් තෙල් යෙදීම අත්‍යවශ්‍ය වෙයි.

ශ්‍රී ලංකාව ෆාම් තෙල් ආනයනය කරන  රටක් වන අතර වසරකට ඒ සඳහා  ඇමෙරිකන් ඩොලර් මිලියන 270 ක් පමන වැය කරයි. වෙනත් වචන වලින් කිවහොත් මෙය  වසකට රසායනික පොහොර ආනයනය කිරීමට වැය කරන මුදලට ආසන්න අගයකි .

ගෝඨාභය  ෆාම් වගාව  තහනම්  කිරීමට හේතු 2ක් බලපෑවේය .

1. දේශීය නාමය කරපින්නාගෙන සිටින මෙරට  පොල් තෙල් වෙළෙන්දන් ලබා දුන් අල්ලස් සහ වැරදි දත්ත .
2. තම ව්‍යාපරික සගයා වන පිරමිඩ් විල්මාට edible oil වෙළද පොළ ඒකාධිකාරියක්  ලබා දීම

ඉහත කරුණු ගෝඨාභයගේ සැගවුණ අරමුණු විය.  නමුත්  ෆාම්තෙල් තහනම් කිරීමට හේතුව දේශීය පොල් තෙල් නිෂ්පාදනය දිරි ගැන්වීම සහ පරිසරය සු‍රැකීම බව ගෝඨා රටට පෙන්වූයේය.

ලංකාව තුල පාම්තෙල් වෙනුවට පොල්තෙල් ආදේශකයක් ලෙස යොදා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක. වර්තමානයේ රටේ සාමාන්‍ය පොල් ඵලද‌ාව හෙක්ටයාරයකට මෙ.ටොන් 0.8 කි. පාම්ඔයිල් වෙනුවට  පොල්තෙල් ආදේශ කිරීමට නම් පොල් වගා බිම් පස් ගුණයකින් වැඩි කළ යුතුය. නමුත් මෙරට තුල එවැනි විශාල භූමි ප්‍රමාණයක් නැත.

පාම්ඔයිල් අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටො.  4. ක් පමණ වේ. ෆාම් වගාව හරහා මෙරට එළවළු තෙල් අවශ්‍යතාව දේශීයව සපුරා ගත හැකි පසුබිමක් ඇත

ෆාම් තෙල් කර්මාන්තයේ  සාපේක්ෂ වාසිය 
1. ගස් පැල කිරීම සහ වගා භූමි නඩත්තුව පහසුය
2. යටිරෝපණය අඩු නිසා වල් මර්දනය අවශ්‍ය නොවෙයි
3. එක් සේවකයෙකුට අක්කරයකට වැඩි  වගා භූමියක් පහසුවෙන් නඩත්තු කළ හැක
4. පළිබෝධ හානි අඩුය
5. අවු 4 කින් පලදාව ලැබෙන අතර , අවු 20  නොකඩවා පලදාව ලැබෙයි .
6. වර්ෂය පුරා පලදාව ලැබෙයි
7. එක් සේවකයෙකුට විශාල වගා භූමියක් නඩත්තු කළ හැකි නිසා ඔවුන් ලබන වැ‍ටුප වැඩිය

ෆාම් වගාවේ වාසි සලකා බැලූ 2014- 2019 පැවැති  රජය ඊට අනුග්‍රහය දැක්වූයේය. එම කාලය තුල හෙක්ටයාර 12000 ක ෆාම් වගා කෙරුණි.රු බිලියන 26 කට වැඩි ආයෝජනයක් සිදුවිය .  5000 කට ආසන්න ‍රැකියා අවස්ථා බිහිවිය. නමුත් ගෝඨාබය  ගැසට් පත්‍රයක් නිකුත් කොට එක් ‍රැයකින් ෆාම් වගාව තහනම් කළේය. ගෝඨාභයගේ ක්‍රියාව සම්ස්ථ අයෝජක ප්‍රජාව බියට පත් කල බිහිසුණු සිදුවීමක් විය.

ගෝඨාභය ෆාම් වගාව තහනම් කිරීමට පාදක කරගත් හේතු සියල්ල ව්‍යාජ ඒවාය.  එය හුදෙක් කොරෝනා මළසිරුරු භූමදානයට පැනවූ තහනම් මෙන්ම ඊනියා එකකි.භූගත ජලය සහ උලපත් ආරක්ෂා කිරීම ෆාම් වගාව තහනම් කිරීමේ මූලික අරමුන බව ගෝඨා කීවේය.  ෆාම් වගාවෙන් ජල මූලාශ්‍ර සිඳී යන බව පෙන්වීමට ගෝඨා යොදාගත් දත්ත සහ සූත්‍ර සියල්ල වැරදිය. (ගෝඨා  ෆාම් වගාව තහනම් කිරීමට යොදාගත් දත්ත සහ සූත්‍ර වැරදි බව ඔප්පු කීරීමට සාක්ෂි නැෂනල් ඇලට් සතුය)

මැලේසියාවේ  භූමි ප්රමාණයෙන් 18% ක් ෆාම් වගාව සඳහා යොදාගෙන ඇත. එය වසර 50 පුරා පැවත එන වගාවකි. නමුත් මැලේසියාවේ භූගත ජලයෙහි  අඩුවීමක් වාර්තා වී නැත. තවද එරට දළ ජාතික නිෂ්පාදනයට ෆාම් වගාවෙන්  ලැබෙන දායකත්වය 2.7% කි.  ෆාම් තෙල් අපනයනයෙන්  ඇමෙරිකන් ඩොලර් බිලියන 9 ක්  උපයා ගනියි.  එනම් ලංකාව ඇගලුම් සහ සංචාරක  කර්මාන්තයෙන් උපයන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩිය  . මැසියානු ජාතිකයන්  ලක්ෂ 5 කට ෆාම් තෙල් කර්මානතය තුල ‍රැකියා අවස්ථා ලැබී ඇත..

ලංකාවේ ඊනියා මහාචාර්යවරු ෆාම් වගාව තහනම් කිරීමට  ගෝඨාභයට උපදෙස් දෙන විට  ඉන්දියාවේ උගතුන් ෆාම් වගාව වැඩි කිරීමට නරේන්ද්‍ර මෝඩිට උපදෙස් දුන්නේය. මෝදිට උපදෙස් දුන්නේ ඊනියා උගතුන් පිරිසක් නොව ඉන්දියානු තාක්ෂණික කොමිසමය. එය පර්යේෂණ සහ නව  දැනුම  සොයා යනු වස්  1960 දී අගමැති ශ්‍රී නේරු පිහිටවූ ආයතනයකි. ඉන්දියාවේ ෆාම් වගාව හෙක්ටයාර් මිලියන 2 කින් වැඩි කිරීමට එම ආයතනය මෝදිට උපදෙස් දුන්නේය. ඒ අනුව  මෝදි ෆාම් වගාව සඳහා සහනාධාර සහ බැංකු ණය ඇති කළේය.

මේ වන විට ගෝඨා විසින් අත්තනෝමතික ලෙස තහනම් කළ ෆාම් වගාවට යලි අවසර දීමට  හිටපු මුදල් ඇමති රවි කරුණානායක පෙරමුණ ගෙන ඇත. රවි යනු   ලෝකයේ නව ආර්ථික ‍රැළි, පෙරළි ප්‍රවණතා සමග ගනුදෙනු කරන මිනිසෙකි .  ගෝඨා විසින් ගත් වැරදි  ආර්ථික තීන්දු   නව ලෝක ප්‍රවණතා වලට අනුව   සංශෝධනය කිරීමට රවී පෙරමුණ ගැනීම හොද දෙයකි

එපමනක් නොව 2016 දී රවී ආරම්භ කළ  සහ දැනට නැවතී ඇති පහත ව්‍යාපෘති යලි  ආරම්භ කළ යුතුය .

1. ලංකාව ගෝලීය ඊ කොමර්ස් ජාලයට  සම්බන්ධ කරන ව්යාපෘතිය. (ලංකාව Global e commerce platform එකට  ජාලගත වීම හරහා Pay pal වැනි පහසුමක් ලංකාවට ලබා ගත හැක  )

2. Dry port නොහොත් රට ඇතුළත වරාය සංකල්පය.

3. විදේශ වෙළද නැව් වලට ලියා ශ්රී ලංකා ධජය යටතේ ලියා පදිංචි කිරීමට ඉඩ දීමේ ව්යාපෘතිය

4. සාගර ආර්ථිකයක් බිහිකිරීම

ඇසයිලම් ජඩ මාධ්‍යවේදීන් උප පොලිස් පරීක්ෂක රුවන් කුමාරගේ කතාව උඩු යටිකුරු කළ හැටි

0

මේ වන විට ලංකාවේ විධායකය සහ පාර්ලීමේන්තුව කෙරේ විශ්වාසය බිද වැටී ඇත. අධිකරණය සාමන්ය ජනයාගෙන් ඉතා දුරස්ථ වූ ආයතනයකි .

එවනි තත්වයක් තුල ජනමාධ්ය කෙරේ විශ්වාසය කඩා වැටීම ඛේදවාචකයකි.මෙම ලිපියේ අරමුණ ලංකාවේ ප්රධාන ධාරාවේ මාධ්ය (මුදලාලි මාධ්ය ) ගැන ලිවීම නොවේ නමුත් විකල්ප යයි කියා ගන්නා මාධ්ය පිලිබඳව යමක් ලිවීමය

තමන්ට ජීවිත තර්ජන ඇතැයි කියා බටහිර රටවලට පැනගිය පිරිසක් වෙයි. පහසු බඩ රස්සාවක් ලෙස සහ මාධ්යවේදී ප්රතිරූපයක් නඩත්තු කරනු වස් මොවුන් එතෙර සිට මාධ්යකර්ණයේ යෙදෙයි . ඔවුන් ලියන කියන දෑ වලට වග වීමක් නැත. මොවුන් බොහොමයක් කරන්නේ තමගේ රීච් ප්රමාණය වැඩි කරගැනීමට අසද්ද බොරු ජනගත කිරීමය.

මෙහි අවසාන ප්රතිපලය වන්නේ බොරුවට “කොටි ආවෝ”යි කැ ගැසූ ගොපලු කොල්ලාට සිදුවූ දෙයය. ,එනම් ජනතා විශ්වාසය බිඳවැටුණ පසු ඇත්තටම සිදුවුනත් එය කිසිවෙකු නොපිලිගැනීමය.

දියුණු සමාජයක තීරක බලවේගය වන්නේ දේශපාලන බල අධිකාරය නොව ජනමතයය.ජනමතය ගොඩනැංවෙන්නේ ද,වර්ධනය වන්නේ ද,ප්රකාශයට පත් වන්නේ ද ජනමාධය හරහාය.එවන් “ජනමාධ්ය” කටයුතු කරන්නේ අමනෝඥ ලෙස නම් ජනතාවට කවර පිහිටක් ද?

පසුගියදා දේශපාලන සහ නිලධාරී බලය අයුතු ලෙස යෙදවීම නිසා උප පොලිස් පරීක්ෂකයෙකුගේ ජීවිතය අහිමි විය.එහිදී ඇසයිලම් ජඩ මාධ්යවේදීන් මෙම සිදුවීමේ සත්ය විකෘති කළහ . එම තත්වය නිසා සැබෑ අපරාධ කරුවන්ට පැන යා හැකි විය.

ඉහත සඳහන් ජඩ මාධ්‍යවේදීන් දේශබන්දු තෙන්නකෝන් සහ ඉනෝකා රාජපක්ෂ ( හිටපු පොලිසිය භාර ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් ) උප පොලිස් පරීක්ෂක රුවන් කුමාර ඝාතනයට සහාය දුන් බව ජනගත කළේය .නමුත් ඉනෝකා රාජපක්ෂ සහ දේශබන්දු තෙන්නකෝන් මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැත

මෙම මරණයට වග කිව යුත්තේ පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ තිලිනි ප්‍රියමාලි පන්නයේ තවත් කාන්තාවකි

උප පොලිස් පරීක්ෂක රුවන් කුමාරගේ මරණය පිළිබද ඇත්ත කථාව පහත දිගුවෙන් කියවන්න

https://m.facebook.com/story.php?story_fbid=327671713460942&id=100086543481988

බදු එකතු කළ යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයෙනි

0

රෝගියෙකු විෂයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කරනා ආකාරයෙහි වෙනසක් ඇත . සාමාන්‍ය වෛද්‍යවරයාට රෝගය විනිෂ්චය කිරීමට  වැඩි කාලයක් ගතවෙයි .ඒ සඳහා  රෝගියාගේ ඉන්ද්‍රියන් ගණනාවක් පරීක්ෂා කරයි. වෙදනලාවහි භාවිතය වැඩිය. බොහෝ විට ඔවුන් දෙන එක් බෙහෙත් වට්ටෝරුවකින් රෝගය සුව වන්නේ නැත

නමුත් විශේෂඥ වෛද්‍යවරයා ඉතා කෙටි කලකින් රෝගය හඳුනා ගනියි . කලයුතු ප්‍රතිකාරය සැනින් නියම කරයි. ඔවුන් දෙන එක් බෙහෙත් වට්ටෝරුවකින් රෝගය සුව වෙයි.

මේ ගත වන්නේ   අසාද්‍ය තත්වයේ පසුවන  ශ්‍රීලංකා ආර්ථිකයට ප්‍රථිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය වී  ඇති හෝරාවය

ලබන ජනවාරි 01දා සිට රටේ සියළුම ජනයා මත පැටවෙන වැට්  බද්දක් පැනවීමට නියමිතය . රටක බදු වර්ග දෙකක් ඇත .

1. වක්‍ර බදු – මාසික හෝ දෛනික ඉපයීම කවරක් වුවද රටේ සියළුම පුරවැසියන් ගෙවන බදු .
2. සෘජු බදු – ඉහල ආදායම ලබන පුද්ගලයන් පමනක් ගෙවන බදු . ආදායම බදු මීට උදාහරණයකි.

ලංකාවේ බදු ක්‍රමය අක්‍රමවත් නිසා නිසා දුප්පත් පොහොසත් භේදයකින් තොරව බදු ගෙවීමට ජනයාට සිදුව ඇත.  දුගියා සහ කෝටිපතියා ‘එක හා සමාන’ බදු මුදලක් ගෙවනු ලබයි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලය කළ සමීෂණයකට අනුව ලංකාවේ සෑම පවුලක්ම මාසිකව රු 29000 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවයි. වැඩි වන බදුත් සමග එය රු 35000 දක්වා වැඩි වීමට නියමිතය. ලංකාවේ පවතින්නේ දිනකට රු 1150ක් උපයන වතුකම්කරුවන්ගෙන් දිනකට රු 420 ක් බදු වශයෙන් රජයට අය කරන ක්‍රමයකි.

අනෙක් අතින් කුලු මීහරකුන් මකුළුදැලක් කඩාගෙන යන්නේ යම්සේද පොහොසතුන් බදු ගෙවීම පැහැරහරියි . ලංකාවේ සැලකිවයුතු ආදායම් බද්දක් ගෙවන සමාගම් හා පුද්ගලයන් සිටින්නේ 665කි.

වසරකට මිලියන 5 කට  වඩා බදු ගෙවන අයගේ ප්‍රමාණය  132 කි. ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තයේ වුවද  මීට වඩා බදු ගෙවන පුද්ගලයන් සිටියි .බදු ක්‍රමයේ අවිධිමත්බව මින් මනාව පැහැදිළි වෙයි.

අපනයනකරුවන් කූට ලෙස   බදු ගෙවීම පැහැර හැරීමට  සඳහා ඇ.ඩො බිලියන ගණන් විදේශ වල රඳවා ගෙන සිටියි.එම මුදල්, යලි ගෙන්වා ගත හැක්කේ මේ පිළිබද ප්‍රායෝගික දැනුමක් ඇති අයෙකුට පමනි

2017 වසරේ ආසියා ෆැසි‍ෆික් කලාපයේ හොදම මුදල් ඇමතිවරයාට හිමි සම්මානය ලැබුනේ රවි කරුණානායකටය  . ආර්ථික අර්බුධයට  පැමිනීමට පෙර  සිටි මුදල් ඇමතිවරු අතර රවි යනු නිහඬ විප්ලවයක් සිදුකළ අයෙකි .

රවි සියළු ජනයා මත පනවන  බදු අඩු කොට පොහොසතුන් මත පනවන බදු වැඩි කළේය. රාජ්‍ය ආදායම වැඩි කළේය. දුප්තුන්ට සහන දුන්නේය. අයවැය පරතරය අඩු කළේය .

බදු එකතු කළ යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයෙනි . වහාම ක්‍රියාත්මක පරිදි ලංකාව තුල ප්‍රායෝගික සහ තාර්කික බදු ක්‍රමයක් ඇති කළ යුතුය. එය කළ හැක්කේ  න්‍යායාචාර්ය මුදල් ඇමතිවරයෙකුට නොව ව්‍යාපාරික අද්දැකීම් සහිත මුදල් ඇමතිවරයෙකුට පමනි.

පූසා මැටියෙන් වුවද මීයන් අල්ලන්නේ නම් කමක් නැත . බංකොලොත් ගැට්ටේ සිටින ලංකාවට එවන් මුදල් ඇමතිවරයෙක් අවශ්‍ය වී ඇත.

ජාතික ආරක්ෂාවේ නොසලකා හරින ලද අත්‍යවශ්‍ය මානය

0

දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ ඇමෙරිකානු ජෙනරාල් ජෝර්ජ් සී. මාෂල් අපූරු කථාවක් කීවේය . ” දැන් මුළු ලෝකයේම සාමය ගැන සැලකිලිමත් වන නමුදු සාමය පවත්වාගෙන යා හැක්කේ බලවතුන්ට පමනි. ජාතික ආරක්ෂාවේ වැදගත්ම මානය මෙය බව ඔහු පෙන්වා දුන්නේය

”ජාතික ආරක්ෂාව” යන්න සාමාන්‍ය ව්‍යවහාරයේ ”ආරක්ෂාව ” යන වචනයෙන් ඔබ්බට ගිය දෙයකි. ජාතියේ ශක්තිය වැඩිකරන ඕනෑම දෙයක් ජාතික ආරක්ෂාවට ඇතුලත්ය. ඇමෙරිකානු ජෙනරාල් වරයා පැහැදිලි කළේය

අප විසින් නොසලකා හරින ලද ජාතික ආරක්ෂාවේ ප්‍රධාන මාන

1. සංහිඳියාව සහ පුද්ගල නිදහස ජාතික ආරක්ෂාවේ  පදනම ලෙසට ලෙස සලකනු ලබයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ දක්වා  වරදකරුවන්ට දඬුවම් පමුනුවා නැත. අඩුම තරමින් නිසි පරීක්ෂණයක්වත් සිදු කොට නැත.පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් බරපතල  චෝදනා ලැබ සිටින දේශබන්දුට පොලිස්පතිධූරය ලබා දීම ම්ලේච්ඡ  ක්‍රියාවක් යයි අගරදගුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ සමගම  දේශබන්දුට පක්ෂපාත බෞද්ධ භික්ෂූන් අගරදගුරුවරයා විවේචනය කළහ. බෞද්ධයන්ට කිසිදු බියක් සැකක් නැතිව කැලණි විහාරයට යා හැකි වුවද එවැනි තත්වයක් කොච්චිකඩේ පල්ලියට නැත. අදටද  ලංකාවේ පල්ලි බොහොමයක් දුවන්නේ පොලිස් ආරක්ෂාව සහිතවය. එනම් ක‍තෝලිකයන්ගේ නිදහස සීමාවී ඇත.

පසුගිය නොවැ 29දා යුද්ධයේදී මියගිය දරුවන් සිහිකිරීමක් යෙදී තිබුණි. නමුත් තම දරුවන්ගේ සොහොත් කොත් වෙත ගොස් පහනක් දැල්වීමට උතුරේ මව්වරුන්ට ඉඩ නොලැබුණි. එම අයිතිය දෙමළ කැරළිකරුන්ගේ දෙමාපියන්ට  අහිමි වුවද සිංහල කැරළිකරුවන්ගේ දෙමාපියන්ට  ( ජවිපෙට ) හිමිය.

පසුගිය වසරේදී රජයට එරෙහිව තරුණ නැගිටීමක් සිදුවිය. එය ඔවුන් රජ වීමට කළ වෑයමක් නොව යහපාලනයක් වෙනුවෙන් කළ අරගලයකි .  හමුදා සහ පොලිස් බලය යොදවා අරගලය යටපත් කළේය. නමුත් ඔවුන්ගේ අභිලාශ යටපත් නොවුනි. ඔවුන්ගේ අභිලාශ අළුයට ගිනිපුපුරු මෙන් පවතියි .  සතුරු බලවේගයකට වුවද එම ගිණිපුපුරු පත්තු කළ හැක

පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතැම්  මුස්ලිම් ආගමික වත්පිළිවෙත් සහ පල්ලිවලට සීමා පැණවුනි. ජාතික ආරක්ෂාවේ නොසලකාහරිනලද මාන නිසා එම සීමා අදටද ක්‍රියාත්මකය

2. ආර්ථික සාධක

ලංකාව පසුගිය වසර 75 පුරාවට අනුගමය කළේ සුභසාදන  ආර්ථිකයකි. සුභසාදනය සඳහා යෙදවූයේ  ගිණි පොලියට දෙස් විදෙස් වලින් ගත් මුදල්ය.  අවසානයේ ණය ගෙවීමට තව ණය ගත්තේය, අනෙක් පැත්තෙන් රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණුවේය.

එදා මෙදා තුර මෙරට පාලකයන් නිෂ්පාදන ආර්ථිකයකට යොමු වූයේ නැත. මෙරට තුල කර්මාන්ත ශාලා බිහිකිරීමට  ප්‍රාග්ධනය සහ  තාක්ෂණය නොමැති බව ඔවුන් කීහ.

උතුරු පලාතේ පුල්මුඩේ ප්‍රදේශයේ ටොන් මිලියන 5කට වැඩි ඉල්මනයිට් නිධියක් ඇත.  කළු රත්‍රන් නමින් හදුන්වන ටයිටේනියම් නිෂ්පාදනය කරන්නේ මෙම ඛනිජ සම්පත භාවිතයෙනි.

ලංකාවේ එදා මෙදා තුර  කිසිදු රජයක් ඉලමනයිට් භාවිතා කොට කළු රත්‍රන් හැදීමට පියවර ගත්තේ නැත. ඔවුන් කළේ  එම සම්පත කුණුකොල්ලයට පිටරටට විකිනීමය.

නමුත් ප්‍රභාකරන් තම ආර්ථික සැලසුමෙහි ටයිටේනියම් නිෂ්පාදනය  කීරීමට සැලසුම කර තිබුනේය. රටතුල   ගුවන්යානා , සබ්මැරීන් , කාලතුවක්කු උන්ඩ, මෝටාර්, බිම් බෝම්බ   හැදූ තමන්ට ඉතා පහසුවෙන් ටයිටේනියම් නිෂ්පාදනය කළ හැකි බව ප්‍රභාකරන් කීවේය

ඉල්මනයිට් කුණු කොල්ලයට  විකිනීමට  ප්‍රභාකරන් දැඩි ලෙස   විරුද්ධ විය.  ප්‍රභාකරන් ඉල්මනයිට්    ගැනීමට පැමිණි විදේශ  නැව් 2 කට  පහරදී ගිල්වා දැමුවේය.

1. 1996 අගෝස්තු 6 වන දින, ජපානය වෙත ‍රැගෙනයාමට ඉල්මනයිට් පටවමින් සිටි පිලිපීනයේ ලියාපදිංචි MV Princess Wave වෙත කොටි ප්‍රහාරයක් එල්ල විය.

2. 1997 සැප්තැම්බර් 12 වැනිදා ඉල්මනයිට් ටොන් 30,000ක් පටවමින් තිබූ M.V. Cordiality චීන නෞකාවට ප්‍රහාරයක් එල්ල විය.

මේ වන විට උතුරේ පමනක් නොව දකුනේද  බොහෝ දෙනෙකුට  පවතින දේශපාලනය ක්‍රමය, පොලීසිය සහ හමුදාව කෙරේ විශ්වාසය බිඳී ඇත

තවද රටරකින මුවාවෙන් ඔවුන් සිදුකරන්නේ ජාතික ආරක්ෂාවේ පදනමට කුළුගෙඩි පහර එල්ල කිරීමය

අප, කිසිදු දිනක සැබෑ සතුරා හඳුනා නොගත් ජාතියකි . එල්.ටී.ටී.ඊ සංවිධානයේ  ශක්තිය  ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී තිබුණි. 2009 දී  පරාජය වූයේ  ඔවුන්ගේ මිලිටරි අංශය පමනි. තවද එල්.ටී.ටී.ඊ මිලිටරි අංශය පරාජය කිරීමට දකුනේ රජය භාවිතා කළ සූත්‍රය එල්.ටී.ටී.ඊ සංවිධානයේ අනෙක් අංශ වල නැගීමට හේතු විය .

දකුණේ රජකරන ජාතික නායකයින් , පොලිස් පතිවරු සහ හමුදාපතිවරු ජාතික ආරක්ෂාවේ හතර මායිම  නොදත් උන් වෙති. දැනුවත්ව හෝ නොදැනුවත්ව දකුණේ සිංහළ  ජනයා දෙමළ බෙදුම්වාදයට අත් උදව් දෙමින් සිටියි.

ජලනි වංචනික ලෙස කොළඹ 7න් නිවසක් ගෙන බියුටි සැලුන් එකක් දමා එහි වැඩට රාජ්‍ය සේවකයන් 19 ක් යොදවලා

0

සජිත් ප්‍රේමදාස  නිවාස අමාත්‍ය ධුරය දරන කාලසීමාවේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 19 දෙනෙකු ජලනී ප්‍රේමදාසගේ රූපලාවණ්‍ය ආයතනයේ සේවය සඳහා යොදවා ඇති බව ඊයේ පාර්ලීමේන්තුවට වාර්තා කොට ඇත. 

එම වංචාවට සාක්ෂි ලෙස  ඉංජිනේරු සංස්ථාවේ  විගණන වාර්තාව සහ සේවකයන් දුන් සාක්ෂි වල පිටපත් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කොට ඇත .

ජලනිගේ සැලුන් එකේ සේවය සඳහා යොදවා ඇත්තේ සජිත්ගේ ඡන්ද බල ප්‍රදේශය වූ හම්බන්තොටින් සජිත් විසින්ම ඉංජිනේරු සංස්ථාවට බඳවා ගත් දේශපාලන ගැත්තන් පිරිසකි.

මෙම සිදුවීමේ මීටත් වඩා භයානක කොටසක් ඇත.ඒනම් මෙම නිවස ජලනි වංචනික ලෙස ලබා ගත් එකකි. ( කුලියට ලබා ගත් නිවස බලයෙන් අත්පත් කරගැනීමකි )

මේ වන විට දේපලේ නියම අයිතිකරුවන් ජලනිගේ පාර්ශවයට එරෙහිව නඩු පවරා ඇත

ජලනි මෙම වංචාව සිදුකරන්නේ ඇයගේ බෝයි ෆෙන්ඩ් ලක්ෂ්මන් ෆොන්සේකා සමගය.

එම සම්බන්ධ සාක්ෂි පහත දිගුවෙන් බලන්න

https://www.youtube.com/watch?v=7eZICIFq5ng&t=226s

දිලිත්, රස්මින් සහ රාසික් – රටට කෙලවා බඩ වඩාගත් මිනිස්සු

0

80 දශකයේ මුල් භාගයේදී එනම් විවෘත ආර්ථික ක්‍රමය  පැමිනීමට පෙර මෙරට ජනසමාජය තුල් මුස්ලිම් සහ සිංහල ජනයා අතර බරපතල බෙදීම් නොතිබුණි.

එකල මෙරට ජනසමාජය  තුල ජාතීන් අතර සංහිඳියාව, අන්තර් සම්බන්ධතා වර්ධනය වන තත්වයක් තිබුණි.  සිංහළ නම්වලට සමාන  අක්මාල් , අජ්මාල් , අමල් වැනි නම් මුස්ලිම් දරුවන් අතර ජනප්‍රිය විය.

විවෘත ආර්ථිකය පැමිනීමත් සමග මෙරට ජනයාට  මැදපෙරදිග ‍රැකියා වෙළද පොල විවෘත විය. මේ කාලයේදී  ”ශරියා ක්‍රමය” ලංකාවේ මුස්ලිම් ජනසමාජය තුලට පැමිණියේය. තව්හිද්  ජාමාත් , තබ්ලික් ජාමාත් වැනි  සංවිධාන එහි මුල්තැන විය .

අන්තවාදය පැතිරවීම ලංකාවේ මුදල් උපයන ජාවාරමක් බවට පත් විය. අන්තවාදය පැතිරීම දේශපාලන  උපක්‍රමයක් බවට පත් විය.

2015 දී මොහොමඩ් බින් සල්මාන් සවුදියේ ආරක්ෂක ඇමති වීමත් සමග එරට ජන සමාජය උඩු යටිකුරු විය  සෞදි අරාබිය  ලිබරල් ක්‍රමයට විතැන් විය.

මුතෙව්වා නොතොත් ආගමික පොලීසිය විසිරුවා දැමුවේය. බුර්කාව  අනිවාර්ය නීතිය අහෝසි කළේය . කාන්තාවන්ට රියදුරු බලපත්‍ර  ගැනීමට පනවා තිබූ සීමා ඉවත් කළේය . ‍රැකියා වෙළද පොල කාන්තාවන්ට විවෘත කළේය. මොහොමඩ් බින් සල්මාන් යටතේ  සෞදි අරාබිය දියුණු විය.

නමුත්  අවාසනාවට ලංකාව  අන්තාවදී විෂබීජ වලින්  රෝගී විය. මෙම ඡායාරූප වල සිටින අබ්දුල් රාසික්, රස්මීන් වැනි පුද්ගලයන්    බුර්කාව, ජමාත් පල්ලි, ශරියා නීති මෙරට ප්‍රචලිත කළහ. බොහෝ විට මෙරට මුස්ලිම් ජනයාට මේවා හදුන්වා දුන්නේ  බලහත්කාරයෙනි.

එවැනි මුස්ලිම් සංවිධානය වලට ප්‍රතිචාර දැක්වීමට අන්තවාදී සිංහල බෞද්ධ සංවිධානද බිහි විය. දිලිත් ජයවීර වැනි පුද්ගලයන් සිංහළ අන්තවාදය පෝෂනය කළේය.

2019 වන විට එහි උච්චතම අවස්ථාව එළඹුණි.පාස්කු ප්‍රහාරය එල්ල විය. ඒ සමගම  සිංහළ සහ මුස්ලිම් ජනසමාජය තීරනාත්මක ලෙස දුරස් විය. පාස්කු ප්‍රහාරය මෙරට ආර්ථිකය බංකොලොත් වීමට තීරනාත්මක ලෙස බලපෑවේය.
නමුත් අබ්දුල් රාසික්ලා , රස්මීන්ලා , දිලිත් ජයවීරලා  බංකොලොත් වූයේ නැත . ඔවුන් පෙර සිටියාටත් වඩා හොදින් සිටියි.

මෑතකදී  තව්හිද් ජමාත් න්‍යායාචාර්යවයෙරයෙකු වන රස්මින්   ”We are one ” (අපි ඔක්කොම එකයි )  නමින් සංවිධානයක් හැදුවේය . දිලිත් ජයවීරද ඊට ගොඩ විය .සැබැවින්ම ඔවුන් එක කල්ලියකි.

දේශබන්දු යනු ඔනෑම මොහොතක පුපුරා යා හැකි භූදේශපාලන කාල බෝම්බයකි

0

ගෝඨාගේ දේශපාලන ආගමනය රටටත් මැදමුලන පවුලටත් විනාශකාරී ලෙස බලපාන බව නැෂනල් ඇලට් පෙන්වා දීම සිදු කළේ2016 වැනි ඈත කාලයේ සිටය.

එපමනක් නොව ගෝඨාගේ ඇමෙරිකන් පුරවැසිභාවය පිලිබද කාරණය  විජාතික සතුරු බලවේග වලට  ”නාස් ලණුවක්” වන   බව පෙන්වා දුන්නේය ( කියවන්න පහත ලිපිය)

https://www.facebook.com/219430344788805/posts/2609104092488073/

 

මේ කථාව යලි සිහිපත් කළේ පසුගියදා පොලිස්පති ධූරයට පත්වූ  දේශබන්දු ගැන වචනයක් ලිවීමට පෙරවදනක් ලෙසිනි.
ගෝඨාභයට, වැරදි චිත්‍රයක් මවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ  මෙම ලියුම්කරු සිරගත  කළේ  දේශබන්දු විසිනි.

ඊට හේතු වූයේ, දේශබන්දුගේ හිට් ස්කොඩ් එකෙන්,  අද රෑට පාතාල නායක කොස්ගොඩ තාරක මරණ බවට කළ,  ඓතිහාසික හෙළිදරව්වය.

මෙම වසරේ ජූනි මාසයේදී දේශබන්දුගේ නිවසේදී  මෙම ලියුම්කරු සහ ඔහු අතර හමුවක් සිදුවිය.  ලංකාවේ හොදම යූ ටියුබ් නාලිකාව ඇරඹීමට මෙම ලියුම්කරුට අනුග්‍රහය දැක්වීමට  කැමති බව දේශබන්දු එහිදී ප්‍රකාශ කළේය.
එපමනක් නොව  එම යූ ටියුබ් නාලිකාවේ පලමු සම්මුඛ සාකච්ඡාව   හිටපු ජනාධිපති ගෝඨාභය  සමග කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. ඊට අවශ්‍ය කටයුතු යෙදිය හැකි බවට ඔහු පොරොන්දු විය.

එනමුත් කරුණු 2 නිසා ලියුම්කරුට ඔහුගේ ඉල්ලීමමට  එකඟ විය නොහැකි විය, එනම්
1.  දේශබන්දුට එරෙහිව ලියුම්කරු  විසින් පැවරූ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතියි.  එම නඩුව කථා කරන්නේ නීතීඥ උපුල් කුමාරප්පෙරුමය. බැඳියාවන් අතර ගැ‍ටුමක් ඇති කරගැනීමට ලියුම්කරුට අවශ්‍ය නොවීය

2. දේශබන්දුගේ යෝජනාව පිලිගැනීම මොනරවිල කැප්පෙටිපොල ලේ උරුමය හිමි ලියුම්කරුගේ අභිමානයට නොගැලපුණි.  ඒ බව මා දේශබන්දු ගේ මුහුණටම ප්‍රකාශ කළෙමි.

මේ කථාව මා කීවේ,   එදා මෙදා තුර පොලිස්පති ධූරය ලබා ගැනීම සඳහා  විශාලතම කැම්පේන් එක කළ පුද්ගලයා දේශබන්දු බව කීමටය.

දේශබන්දු පොලිස්පති ධූරයට පත්කළේ රාජපක්ෂ පවුල විසිනි.  රාජපක්ෂලා,  දේශබන්දු එම තනතුරට පත් කළේ රටේ ආරක්ෂාවට නොව  රාජපක්ෂ පවුලේ ආරක්ෂාව වෙනුවෙනි.

 

 

පොලිස්පති පත්කිරීම- ශිෂ්ඨාචාරගත ලෝකය විමසා බලන්නේ අගරදගුරුවරයාගේ ඉල්ලීමෙහි සුජාතභාවය පිලිබදවය

0

ඉතිහාසයේ කිසි දිනක නොවූ විරූපරිදි පොලිස්පතිවරයා පත්කිරීම දැවෙන ප්‍රශ්නයක් වී ඇත.  මෙවැනි තත්වයක්  ඇතිවීමට හේතුව  ජේෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින  ජේ. නි. පොලිස්පතිවරුන් තිදෙනාටම   පාස්කු ප්‍රහාරය   සම්බන්ධව චෝදනා තිබීමය . එ පිලිබදව කෙටි විස්තරයක් පහත පරිදිය.

නිලන්ත ජයවර්ධන – මොහු  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවක ජනපති  සිරිසේන දැනුවත් කර තිබුනද  එය කිසිම අධිකරණයක්දී ප්‍රකාශ කළේ නැත. මෙම තත්වය සිරිසේනට  වාසිදායක විය. මේනිසා සිරිසේනට සාපරාධී මනුෂ්‍ය ඝාතණ චෝදනාවෙන් බේරීමට හැකිවුනා පමනක් නොව දේශපාලන ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමට හැකි විය.

කෙසේ වුවද නිලන්ත ජයවර්ධනගේ ක්‍රියාකලාපය   ක‍තෝලික සභාවේ  සහ රනිල් වික්‍රමසිංහගේ උදහසට ලක් විය.

දේශබන්දු තෙන්නකොන් සහ පතිනායක – බස්නාහිර පලාත භාර ජේ.නි.පො ( හිටපු) නන්දන මුනසිංහ  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගතයුතු ආරක්ෂක විධිවිධාන  පිලිබදව  දේශබන්දු සහ පතිනායකට පැහැදිලි නියෝග ලබා දී ඇත. නමුත් ඔවුන් දෙදෙනා එම නියෝගවලට අවනත වී නැත. මේ නිසා අගරදගුරු මැල්කම් රංජිත් ඔවුන් දෙදෙනාට උසස්වීම් දෙනවාට  එරෙහි වී ඇත.

ශිෂ්ඨාචාරගත  ලෝකය මෙහිදී විමසා බලන්නේ  අගරදගුරුවරයාගේ  ඉල්ලීමෙහි සුජාත භාවය පිලිබදවය. අගරදගුරුවරයාගේ ක්‍රියාකලාපයෙහි කිසිදු වරදක් නැත.  එපමනක් නොව රට ලේ විලක් නොවී බේරුනේ අගරදගුරුවරයාගේ මැදිහත්වීම නිසාවෙනි. ඒ සම්බන්ධයෙන් ජාතියේ කෘතඥතාව අගරදගුරුවරයාට හිමිවිය යුතුය

අගරදගුරුගේ විරෝධය දේශබන්දුට පොලිස්පති ධූරය නොලැබීමට ශක්තිමත් සාධකයක් ලෙස බලපා ඇත.

කෙසේ වුවද දේශබන්දුට පක්ෂව  පොලීසිය භාර ඇමති ටිරාන් අලස්  සිටින බව පෙරෙදා ඔහු පාර්ලීමේන්තුවේදී කළ කථාවෙන් පැහැදිලි විය.  එපමනක් නොව ටිරාන් අලස් අගරදගුරුවරයාගේ  ක්‍රියාකලාපයද  විවේචනය කළේය.

අගරදගුරුවරයා ආණ්ඩුවේ පත්කිරීම වලට  අතීතයේ හෝ වර්තමානයේ මැදිහත් වී නැත. අගරදගුරු මෙවර  පොලිස්පති පත්කිරීමට මැදිගත් වන්නේ එය ඔවුන්ට බලපාන සංවේදී  කරුනක් වන නිසාය. එය ඔවුන්ගේ අයිතියකි. ඔවුන්ගේ එම අයිතියට ගරු කිරීමට රනිල්ට යුතුකමක් ඇත