බදු එකතු කළ යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයෙනි

0
112

රෝගියෙකු විෂයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කරනා ආකාරයෙහි වෙනසක් ඇත . සාමාන්‍ය වෛද්‍යවරයාට රෝගය විනිෂ්චය කිරීමට  වැඩි කාලයක් ගතවෙයි .ඒ සඳහා  රෝගියාගේ ඉන්ද්‍රියන් ගණනාවක් පරීක්ෂා කරයි. වෙදනලාවහි භාවිතය වැඩිය. බොහෝ විට ඔවුන් දෙන එක් බෙහෙත් වට්ටෝරුවකින් රෝගය සුව වන්නේ නැත

නමුත් විශේෂඥ වෛද්‍යවරයා ඉතා කෙටි කලකින් රෝගය හඳුනා ගනියි . කලයුතු ප්‍රතිකාරය සැනින් නියම කරයි. ඔවුන් දෙන එක් බෙහෙත් වට්ටෝරුවකින් රෝගය සුව වෙයි.

මේ ගත වන්නේ   අසාද්‍ය තත්වයේ පසුවන  ශ්‍රීලංකා ආර්ථිකයට ප්‍රථිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය වී  ඇති හෝරාවය

ලබන ජනවාරි 01දා සිට රටේ සියළුම ජනයා මත පැටවෙන වැට්  බද්දක් පැනවීමට නියමිතය . රටක බදු වර්ග දෙකක් ඇත .

1. වක්‍ර බදු – මාසික හෝ දෛනික ඉපයීම කවරක් වුවද රටේ සියළුම පුරවැසියන් ගෙවන බදු .
2. සෘජු බදු – ඉහල ආදායම ලබන පුද්ගලයන් පමනක් ගෙවන බදු . ආදායම බදු මීට උදාහරණයකි.

ලංකාවේ බදු ක්‍රමය අක්‍රමවත් නිසා නිසා දුප්පත් පොහොසත් භේදයකින් තොරව බදු ගෙවීමට ජනයාට සිදුව ඇත.  දුගියා සහ කෝටිපතියා ‘එක හා සමාන’ බදු මුදලක් ගෙවනු ලබයි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලය කළ සමීෂණයකට අනුව ලංකාවේ සෑම පවුලක්ම මාසිකව රු 29000 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවයි. වැඩි වන බදුත් සමග එය රු 35000 දක්වා වැඩි වීමට නියමිතය. ලංකාවේ පවතින්නේ දිනකට රු 1150ක් උපයන වතුකම්කරුවන්ගෙන් දිනකට රු 420 ක් බදු වශයෙන් රජයට අය කරන ක්‍රමයකි.

අනෙක් අතින් කුලු මීහරකුන් මකුළුදැලක් කඩාගෙන යන්නේ යම්සේද පොහොසතුන් බදු ගෙවීම පැහැරහරියි . ලංකාවේ සැලකිවයුතු ආදායම් බද්දක් ගෙවන සමාගම් හා පුද්ගලයන් සිටින්නේ 665කි.

වසරකට මිලියන 5 කට  වඩා බදු ගෙවන අයගේ ප්‍රමාණය  132 කි. ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තයේ වුවද  මීට වඩා බදු ගෙවන පුද්ගලයන් සිටියි .බදු ක්‍රමයේ අවිධිමත්බව මින් මනාව පැහැදිළි වෙයි.

අපනයනකරුවන් කූට ලෙස   බදු ගෙවීම පැහැර හැරීමට  සඳහා ඇ.ඩො බිලියන ගණන් විදේශ වල රඳවා ගෙන සිටියි.එම මුදල්, යලි ගෙන්වා ගත හැක්කේ මේ පිළිබද ප්‍රායෝගික දැනුමක් ඇති අයෙකුට පමනි

2017 වසරේ ආසියා ෆැසි‍ෆික් කලාපයේ හොදම මුදල් ඇමතිවරයාට හිමි සම්මානය ලැබුනේ රවි කරුණානායකටය  . ආර්ථික අර්බුධයට  පැමිනීමට පෙර  සිටි මුදල් ඇමතිවරු අතර රවි යනු නිහඬ විප්ලවයක් සිදුකළ අයෙකි .

රවි සියළු ජනයා මත පනවන  බදු අඩු කොට පොහොසතුන් මත පනවන බදු වැඩි කළේය. රාජ්‍ය ආදායම වැඩි කළේය. දුප්තුන්ට සහන දුන්නේය. අයවැය පරතරය අඩු කළේය .

බදු එකතු කළ යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයෙනි . වහාම ක්‍රියාත්මක පරිදි ලංකාව තුල ප්‍රායෝගික සහ තාර්කික බදු ක්‍රමයක් ඇති කළ යුතුය. එය කළ හැක්කේ  න්‍යායාචාර්ය මුදල් ඇමතිවරයෙකුට නොව ව්‍යාපාරික අද්දැකීම් සහිත මුදල් ඇමතිවරයෙකුට පමනි.

පූසා මැටියෙන් වුවද මීයන් අල්ලන්නේ නම් කමක් නැත . බංකොලොත් ගැට්ටේ සිටින ලංකාවට එවන් මුදල් ඇමතිවරයෙක් අවශ්‍ය වී ඇත.