ජාතික ආරක්ෂාවේ නොසලකා හරින ලද අත්‍යවශ්‍ය මානය

0
113

දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ ඇමෙරිකානු ජෙනරාල් ජෝර්ජ් සී. මාෂල් අපූරු කථාවක් කීවේය . ” දැන් මුළු ලෝකයේම සාමය ගැන සැලකිලිමත් වන නමුදු සාමය පවත්වාගෙන යා හැක්කේ බලවතුන්ට පමනි. ජාතික ආරක්ෂාවේ වැදගත්ම මානය මෙය බව ඔහු පෙන්වා දුන්නේය

”ජාතික ආරක්ෂාව” යන්න සාමාන්‍ය ව්‍යවහාරයේ ”ආරක්ෂාව ” යන වචනයෙන් ඔබ්බට ගිය දෙයකි. ජාතියේ ශක්තිය වැඩිකරන ඕනෑම දෙයක් ජාතික ආරක්ෂාවට ඇතුලත්ය. ඇමෙරිකානු ජෙනරාල් වරයා පැහැදිලි කළේය

අප විසින් නොසලකා හරින ලද ජාතික ආරක්ෂාවේ ප්‍රධාන මාන

1. සංහිඳියාව සහ පුද්ගල නිදහස ජාතික ආරක්ෂාවේ  පදනම ලෙසට ලෙස සලකනු ලබයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ දක්වා  වරදකරුවන්ට දඬුවම් පමුනුවා නැත. අඩුම තරමින් නිසි පරීක්ෂණයක්වත් සිදු කොට නැත.පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් බරපතල  චෝදනා ලැබ සිටින දේශබන්දුට පොලිස්පතිධූරය ලබා දීම ම්ලේච්ඡ  ක්‍රියාවක් යයි අගරදගුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ සමගම  දේශබන්දුට පක්ෂපාත බෞද්ධ භික්ෂූන් අගරදගුරුවරයා විවේචනය කළහ. බෞද්ධයන්ට කිසිදු බියක් සැකක් නැතිව කැලණි විහාරයට යා හැකි වුවද එවැනි තත්වයක් කොච්චිකඩේ පල්ලියට නැත. අදටද  ලංකාවේ පල්ලි බොහොමයක් දුවන්නේ පොලිස් ආරක්ෂාව සහිතවය. එනම් ක‍තෝලිකයන්ගේ නිදහස සීමාවී ඇත.

පසුගිය නොවැ 29දා යුද්ධයේදී මියගිය දරුවන් සිහිකිරීමක් යෙදී තිබුණි. නමුත් තම දරුවන්ගේ සොහොත් කොත් වෙත ගොස් පහනක් දැල්වීමට උතුරේ මව්වරුන්ට ඉඩ නොලැබුණි. එම අයිතිය දෙමළ කැරළිකරුන්ගේ දෙමාපියන්ට  අහිමි වුවද සිංහල කැරළිකරුවන්ගේ දෙමාපියන්ට  ( ජවිපෙට ) හිමිය.

පසුගිය වසරේදී රජයට එරෙහිව තරුණ නැගිටීමක් සිදුවිය. එය ඔවුන් රජ වීමට කළ වෑයමක් නොව යහපාලනයක් වෙනුවෙන් කළ අරගලයකි .  හමුදා සහ පොලිස් බලය යොදවා අරගලය යටපත් කළේය. නමුත් ඔවුන්ගේ අභිලාශ යටපත් නොවුනි. ඔවුන්ගේ අභිලාශ අළුයට ගිනිපුපුරු මෙන් පවතියි .  සතුරු බලවේගයකට වුවද එම ගිණිපුපුරු පත්තු කළ හැක

පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතැම්  මුස්ලිම් ආගමික වත්පිළිවෙත් සහ පල්ලිවලට සීමා පැණවුනි. ජාතික ආරක්ෂාවේ නොසලකාහරිනලද මාන නිසා එම සීමා අදටද ක්‍රියාත්මකය

2. ආර්ථික සාධක

ලංකාව පසුගිය වසර 75 පුරාවට අනුගමය කළේ සුභසාදන  ආර්ථිකයකි. සුභසාදනය සඳහා යෙදවූයේ  ගිණි පොලියට දෙස් විදෙස් වලින් ගත් මුදල්ය.  අවසානයේ ණය ගෙවීමට තව ණය ගත්තේය, අනෙක් පැත්තෙන් රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණුවේය.

එදා මෙදා තුර මෙරට පාලකයන් නිෂ්පාදන ආර්ථිකයකට යොමු වූයේ නැත. මෙරට තුල කර්මාන්ත ශාලා බිහිකිරීමට  ප්‍රාග්ධනය සහ  තාක්ෂණය නොමැති බව ඔවුන් කීහ.

උතුරු පලාතේ පුල්මුඩේ ප්‍රදේශයේ ටොන් මිලියන 5කට වැඩි ඉල්මනයිට් නිධියක් ඇත.  කළු රත්‍රන් නමින් හදුන්වන ටයිටේනියම් නිෂ්පාදනය කරන්නේ මෙම ඛනිජ සම්පත භාවිතයෙනි.

ලංකාවේ එදා මෙදා තුර  කිසිදු රජයක් ඉලමනයිට් භාවිතා කොට කළු රත්‍රන් හැදීමට පියවර ගත්තේ නැත. ඔවුන් කළේ  එම සම්පත කුණුකොල්ලයට පිටරටට විකිනීමය.

නමුත් ප්‍රභාකරන් තම ආර්ථික සැලසුමෙහි ටයිටේනියම් නිෂ්පාදනය  කීරීමට සැලසුම කර තිබුනේය. රටතුල   ගුවන්යානා , සබ්මැරීන් , කාලතුවක්කු උන්ඩ, මෝටාර්, බිම් බෝම්බ   හැදූ තමන්ට ඉතා පහසුවෙන් ටයිටේනියම් නිෂ්පාදනය කළ හැකි බව ප්‍රභාකරන් කීවේය

ඉල්මනයිට් කුණු කොල්ලයට  විකිනීමට  ප්‍රභාකරන් දැඩි ලෙස   විරුද්ධ විය.  ප්‍රභාකරන් ඉල්මනයිට්    ගැනීමට පැමිණි විදේශ  නැව් 2 කට  පහරදී ගිල්වා දැමුවේය.

1. 1996 අගෝස්තු 6 වන දින, ජපානය වෙත ‍රැගෙනයාමට ඉල්මනයිට් පටවමින් සිටි පිලිපීනයේ ලියාපදිංචි MV Princess Wave වෙත කොටි ප්‍රහාරයක් එල්ල විය.

2. 1997 සැප්තැම්බර් 12 වැනිදා ඉල්මනයිට් ටොන් 30,000ක් පටවමින් තිබූ M.V. Cordiality චීන නෞකාවට ප්‍රහාරයක් එල්ල විය.

මේ වන විට උතුරේ පමනක් නොව දකුනේද  බොහෝ දෙනෙකුට  පවතින දේශපාලනය ක්‍රමය, පොලීසිය සහ හමුදාව කෙරේ විශ්වාසය බිඳී ඇත

තවද රටරකින මුවාවෙන් ඔවුන් සිදුකරන්නේ ජාතික ආරක්ෂාවේ පදනමට කුළුගෙඩි පහර එල්ල කිරීමය

අප, කිසිදු දිනක සැබෑ සතුරා හඳුනා නොගත් ජාතියකි . එල්.ටී.ටී.ඊ සංවිධානයේ  ශක්තිය  ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී තිබුණි. 2009 දී  පරාජය වූයේ  ඔවුන්ගේ මිලිටරි අංශය පමනි. තවද එල්.ටී.ටී.ඊ මිලිටරි අංශය පරාජය කිරීමට දකුනේ රජය භාවිතා කළ සූත්‍රය එල්.ටී.ටී.ඊ සංවිධානයේ අනෙක් අංශ වල නැගීමට හේතු විය .

දකුණේ රජකරන ජාතික නායකයින් , පොලිස් පතිවරු සහ හමුදාපතිවරු ජාතික ආරක්ෂාවේ හතර මායිම  නොදත් උන් වෙති. දැනුවත්ව හෝ නොදැනුවත්ව දකුණේ සිංහළ  ජනයා දෙමළ බෙදුම්වාදයට අත් උදව් දෙමින් සිටියි.