ඇසයිලම් ජඩ මාධ්‍යවේදීන් උප පොලිස් පරීක්ෂක රුවන් කුමාරගේ කතාව උඩු යටිකුරු කළ හැටි

0
152

මේ වන විට ලංකාවේ විධායකය සහ පාර්ලීමේන්තුව කෙරේ විශ්වාසය බිද වැටී ඇත. අධිකරණය සාමන්ය ජනයාගෙන් ඉතා දුරස්ථ වූ ආයතනයකි .

එවනි තත්වයක් තුල ජනමාධ්ය කෙරේ විශ්වාසය කඩා වැටීම ඛේදවාචකයකි.මෙම ලිපියේ අරමුණ ලංකාවේ ප්රධාන ධාරාවේ මාධ්ය (මුදලාලි මාධ්ය ) ගැන ලිවීම නොවේ නමුත් විකල්ප යයි කියා ගන්නා මාධ්ය පිලිබඳව යමක් ලිවීමය

තමන්ට ජීවිත තර්ජන ඇතැයි කියා බටහිර රටවලට පැනගිය පිරිසක් වෙයි. පහසු බඩ රස්සාවක් ලෙස සහ මාධ්යවේදී ප්රතිරූපයක් නඩත්තු කරනු වස් මොවුන් එතෙර සිට මාධ්යකර්ණයේ යෙදෙයි . ඔවුන් ලියන කියන දෑ වලට වග වීමක් නැත. මොවුන් බොහොමයක් කරන්නේ තමගේ රීච් ප්රමාණය වැඩි කරගැනීමට අසද්ද බොරු ජනගත කිරීමය.

මෙහි අවසාන ප්රතිපලය වන්නේ බොරුවට “කොටි ආවෝ”යි කැ ගැසූ ගොපලු කොල්ලාට සිදුවූ දෙයය. ,එනම් ජනතා විශ්වාසය බිඳවැටුණ පසු ඇත්තටම සිදුවුනත් එය කිසිවෙකු නොපිලිගැනීමය.

දියුණු සමාජයක තීරක බලවේගය වන්නේ දේශපාලන බල අධිකාරය නොව ජනමතයය.ජනමතය ගොඩනැංවෙන්නේ ද,වර්ධනය වන්නේ ද,ප්රකාශයට පත් වන්නේ ද ජනමාධය හරහාය.එවන් “ජනමාධ්ය” කටයුතු කරන්නේ අමනෝඥ ලෙස නම් ජනතාවට කවර පිහිටක් ද?

පසුගියදා දේශපාලන සහ නිලධාරී බලය අයුතු ලෙස යෙදවීම නිසා උප පොලිස් පරීක්ෂකයෙකුගේ ජීවිතය අහිමි විය.එහිදී ඇසයිලම් ජඩ මාධ්යවේදීන් මෙම සිදුවීමේ සත්ය විකෘති කළහ . එම තත්වය නිසා සැබෑ අපරාධ කරුවන්ට පැන යා හැකි විය.

ඉහත සඳහන් ජඩ මාධ්‍යවේදීන් දේශබන්දු තෙන්නකෝන් සහ ඉනෝකා රාජපක්ෂ ( හිටපු පොලිසිය භාර ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් ) උප පොලිස් පරීක්ෂක රුවන් කුමාර ඝාතනයට සහාය දුන් බව ජනගත කළේය .නමුත් ඉනෝකා රාජපක්ෂ සහ දේශබන්දු තෙන්නකෝන් මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැත

මෙම මරණයට වග කිව යුත්තේ පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ තිලිනි ප්‍රියමාලි පන්නයේ තවත් කාන්තාවකි

උප පොලිස් පරීක්ෂක රුවන් කුමාරගේ මරණය පිළිබද ඇත්ත කථාව පහත දිගුවෙන් කියවන්න

https://m.facebook.com/story.php?story_fbid=327671713460942&id=100086543481988