සෙනසුරාදා, මාර්තු 21, 2026
Home Blog Page 17

පුරවැසියන්ගේ අමන ගති සහ මුග්ධ හෘදයසාක්ෂිය නිසා විනාශ වූ දේශය !

0

ලංකාව බංකොලොත් වූයෙ ඇයි? බෝහෝදෙනෙක් මීට හේතු ලෙස දක්වන්නෙ පහත කරුණුය.

  1. රාජපක්ෂලාගේ සොරකම්
  2. චීණ ණය උගුලට අසුවීම
  3. 225හේ  නොසන්ඩාලකම්
  4. මහ බැංකු බැඳුම්කරය
  5. නෙළුම් කුළුන,මත්තල,හම්බන්තොට වරාය වැනි අසාර්ථක ව්‍යාපෘති

ලංකාව බංකොලොත් වූයේ ඉහත කිසිවක් නිසා නොවේ. ලංකාව බංකොලොත් වූයේ සිස්ටම් එක අවුල් නිසාය. නමුත් ලංකාවේ ජනමධ්‍ය ගොරකා දඩ මස් කළේය. රටේ අසාර්ථකත්වයට හේතුව දේශපාලනඥයන් බව ඔවුන් කීහ.

රට බංකොලොත් වීමට සැබෑ හේතුව පේලි 4 කින් ලිවිය හැක.  

  1. රජයේ ආදායම මෙන් තෙගුණයක්  වියදම් කිරීම
  2. ලැබෙන ඩොලර්  ප්‍රමාණය මෙන් දෙගුණයක්  වියදම් කිරීම
  3. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට සුභසාදන ආර්ථිකයක් පවත්වාගෙන යාම
  4. සංවරණ සහ තුලිත පාලනය වෙනුවට එක් බල කනුවක් අනෙකට මුක්කු ගැසීම

දියුණු රටවල මිනිසුන් අයවැයක් ගෙන එන විට  රජයේ වියදම් වල ඵලදායීතාව විමසා බලයි. ලංකාවේ මිනිසුන් විමසන්නේ බඩු මිල අඩු කිරීම, පඩි වැඩිකිරීම වැනි දේ පමනි. මැතිවරණයකදී  තත්වය මීට නොදෙවෙනිය. ලංකාවේ උන් බලන්නේ පිනට කෑම ගැන පමනි. උන් පිනට කෑවේ ගිණි පොලියට විදේශ රටවලින්ගත් ණය වලිනි.අපේ උන් ගිණි පොලියට ගත් ණය වලින් එදා වේල වළදන විට ණය පියවන්නේ කෙසේද (Pay back), ණය වල ආයෝජිත ප්‍රතිලාබය{ROI) චේතනාන්විතව නොසලා හැරියේය. රට බංකොලොත් වීමට ඇත්ත හේතුව මේකය. නමුත් මේ ඇත්ත ගැන ලංකාවේ ජනමාධ්‍ය කතා කළේ නැත.

විධායකය,ව්‍යවස්ථාදායකය,අධිකරණය සහ ජනමාධ්‍ය ලෙස රාජ්‍යක බල කණු 4 කි. ලංකාවේ  මාධ්‍ය අනුන්ගේ ඇසේ  පොල් කෙන්ද මෙන්ම තමන්ගේ ඇසේ වූ පොල් පරාලය නිරීක්ෂණය නොකල ලහු‍ටු ලාමක බල කනුවකි .එපමනක් නොව  තම ආයතනයට ලැබෙන ඇඩ් වලට, වරදාන වලට ගිජුවී ඇත්ත වෙනුවට නැත්ත ජනගත කළේය. ජනමාධ්‍ය පාර්ලීමේන්තුවේ 225ට වඩා අසාර්ථකය. 225ට වඩා ජනමාධ්‍යවේදීන් දූෂිතය.

රට ගොඩ නැගීමට නම්, සිංහ වෙස් ගත් සිඟාලයන් මෙන්ම  බැටළු හම් පොරවාගෙන සිටින වෘර්කයන්ද  නිරුවත් කළ යුතුය. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ‘චෞර ‍රැජින’ පොත සද්භාවයෙන් ලියූ කෘතියක් ලෙසිනි. නමුත් එය මුදල් කොන්ත්‍රාත්තුවකි. චෞර ‍රැජින යනු  අයිවන් , බැසිල්, කූමාර් රූපසිංහ සහ කීර්ති රත්නායක යන අය දියත් කළ දේශපාලන කුමන්ත්‍රණයක් බව සන්ඩේ ලීඩර් හෙළිදරව් කොට ඇත. පහත දිගුව කියවන්න.

https://web.archive.org/web/20200117184028/http://www.thesundayleader.lk/archive/20070304/issues.htm

මෙම හෙලිදරවෙන් පසුව  සන්ඩේලීඩර්ට  නඩු දමන බව පවසමින් වික්ට්ර් අයිවන් මහා ගෝරනාඩුවක් දැම්මේය.හැකි නම් නඩු දමන ලෙස සන්ඩෙලීඩර් කතෘ අයිවන්ට අභියෝග කළේය.සන්ඩෙලීඩර් කී කතාව ඇත්ත නිසා අයිවන් පසු බැස්සේය . පහත දිගුව කියවන්න.

http://archives.sundayobserver.lk/2007/04/29/new21.asp

 ලංකාවට කප්පම් මාධ්‍ය කලාව හදුන්වා දුන්නේ වික්ටර් අයිවන්ය. උවිදු, ජනරංජන, රේඛා නිලුක්ෂි, සුනිල් ජයසේකර,ගාමිනි වියන්ගොඩ ඇතුළු ජනමාධ්‍යවේදින් ගනනාවක් අයිවන් දූෂිතයෙකු බව ලියා ඇත. නමුත්  ආයතන මට්ටමින් ලංකාවේ මාධ්‍ය ආයතන අයිවන් විවේචනය  නොකළේය. ඒ නිසා බැසිල්ට සිදුවූ හානිය  අයිවන්ට සිදු නොවුණි. චෞර ‍රැජින පොත, චන්ද්‍රිකා (විධායකය) ගැන කළ හෙළිදරව්වක් නොව මහින්ද (විධායකය)  සමග ගැසූ ගේම් එකකි.

පසුගියදා චමුදිත සමග සංවාදයේදී හිටපු ගුවන් හමුදාපති වීරක්කොඩිගේ රිය අනතුර වික්ටර් අයිවන් විසින් සැඟවූ බව  මා කීවේය. ඉන් කලබල වූ අයිවන් මට එරෙහිව මාගලක් මෙන් දිග උත්තරයක් ලීවේය. අනතුර සිදුවූ දින පාන්දර 4 පමන රිය අනතුර ගැන අයිවන්ට දැන්වූයේ මෙම ලියුම්කරුය.නමුත් සතියක් යන තුරු අයිවන් ඒ ගැන නොලීවේය.අයිවන් ඒ ගැන ලීවේ මා ලසන්ත වික්‍රමතුංග ලගට ගිය විටය. ලසන්ත මා ඉදිරිපිටම අයිවන්ට දුරකථන ඇමතුමක් ගෙන පාන්දර 4 ට මා දුන් ඇමතුම ගැන විමසා සිටියේය.එය අයිවන්ට එල්ල කල කන හරහා පහරක් විය

චන්ද්‍රිකාගේ අනුදැනුමෙන් සිදුවූ තවක්කාල්,චැනල් 9 වැනි මගඩි හෙළිදරව්  වූයේ ව්‍යවස්ථාදායකය  ඊට එරෙහි වූ නිසාය. චන්ද්‍රිකාට එරෙහි   ප්‍රවෘත්ති වලින්  50%  රාජිත සේනාරත්න ලබා දුන් ඒවා බව එකල CID වාර්තාවක විය. රටකට අවශ්‍ය වන්නේ එක් බලකනුවක වැරදි අනෙකා විසින් හෙළි දරව් කරන ක්‍රමයකි. නමුත් ලංකාවේ මාධ්‍යකරුවන්  බැටලුහම් පොරවාගත් වෘර්කයින්ය. මාධ්‍ය අයිකොන් එකක් වන, වික්ටර් අයිවන් විධායකය යන නැවට මුලින්ම ගොඩ වී හැකි පමන වරදාන වරප්‍රසාද ලබා , නැව ගිලෙන විට මුලින්ම බැස යන මීයෙකි.

රාජපක්ෂ නැවෙන් බැසගිය අයිවන් දැන් රනිල්ගේ නැවට ගොඩ වීමට කුරුමානම් අල්ලමින් සිටියි .අයිවන් ලබා දෙන නරක ආදර්ශය විධායකයට  මුක්කු ගැසීමට  ලංකාවේ අනෙක්  මාධ්‍ය හිමියන්ටද  පෙළඹවීමක් ඇති කළේය. එම නරක ආදර්ශය,මාධ්‍ය ක්ෂේත්‍රයේ පරිහානියට මුල් විය. වික්ටර් අයිවන් වීරයෙක්  නොව මාධ්‍ය  විනාශ කළ ගහලයෙකි.  මාධ්‍ය බලකණුව දුර්වලවීම ලංකාවේ පරිහානියට  ප්‍රභල ලෙස බල පෑවේය.

 

 

 

 

 

මාරයා වෙදා ලෙස පැමිනෙමින් සිටී

0

ලංකාවේ බිදවැටීමට දේශීය බල අධිකාරිය වගකිව යුතුය. නමුත් විනාශයේ වගකීම පාර්ලීමේන්තුවේ 225ට සීමා නොවේ. විනාශයේ චූදිතයන් අනුපිළිවෙන් පහත පරිදිය.

  1. ජනමාධ්‍ය – මොවුන් අපක්ෂපාතීව සත්‍ය වාර්තා කළ යුතුය. නමුත් ඔවුන් නොකළේ එයමය
  2. අධිකරණය – පුද්ගලයන්ට ඉහලින් නීතිය තැබුවේ නම් මේසා විනාශයක් වන්නෙ නැත
  3. විධායකය – දේශපාලනඥයන්ට වඩා රාජ්‍ය සේවකයන් සිදුකළ විනාශය වැඩිය
  4. මහජන නියෝජිතයන් – ප්‍රධාන බලකණු අසාර්ථක වීම නිසා මහජන නියෝජිතයන් අයාලේ ගියහ.

කෙසේ වුවද ලංකාවේ බිඳවැටීම දේශීය බල අධිකාරියට සීමා නොවේ. එය සැලසුම් සහගත කුමන්ත්‍රණයකි.තායිලන්තය ලොව වැඩිම බෞද්ධයන් පිරිසක් වාසය කරන රටය. එහි ජනගහනයෙන් 95% බෞද්ධයන්ය.මෑතකදී තායිලන්තයේ Future Forward නමින් දේශපාලන කැ‍රැල්ලක් බිහි විය. ‘‘Yellow shirt movement ”කීවේ මොවුන්ටමය Future Forward තායිලන්තයේ අගනුවර වට කළේය. රාජ්‍ය යාත්‍රණය අඩපන කළේය. ජාතික රාජ්‍ය බිඳ වැට්ටවීමට කුමන්ත්‍රණය කළේය. නමුත් ජේෂ්ඨ දේශපාලනඥයන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා ජාතික රාජ්‍ය ආරක්ෂා විය.

දෙවන වටයේදී Future Forward කැ‍රැල්ල දේශපාලන පක්ෂයක් බවට පත්විය.ඔවුන් කැරලි උණුසුම සමග මැතිවරණයක් දිනා ගත්හ.Future Forward පක්ෂය ආසන 81 ක් දිනා ගත්තේය. ඔවුන් තෙවන විශාලතම දේශපාලන බලවේගය විය. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් 2 ක් විය. එනම්

  1. බෞද්ධාගම රාජ්‍ය පාලනයෙන් වෙන් කළ යුතු බව
  2. හමුදාවේ බලතල කප්පාදු කිරිම

Future Forward ව්‍යාපෘතිය තායිලන්තයේ බෞද්ධාගම සහ මිලිටරිය හෑල්ලුවට ලක් කළේය.කෙසේ වුවද කෙටි කාලයක් තුල Future Forward පක්ෂයේ ඇතුලාන්තය හෙළි විය. Future Forward ව්‍යාපෘතියට Clinton Global Initiative (CGI) මුදල් පොම්ප කොට ඇති බව හෙළි විය. සමස්ථ මෙහෙයුමේ ගෝඩ් ෆාදර්   ඉලුමිනාටි  සංවිධානය බව හෙළි විය.

මෑතක කාලයේ තායිලන්තය, වෙනිසුවෙලාව, ලිබියාව, ඉරාකය, යේමනය ,හයිටි, යුක්‍රේනය ඇතුළු රටවල් ගණනාවක රෙජීම් චේන්ජ් ව්‍යාපෘති සිදුවිය. ඇතැම් රටවල ජාතික රාජ්‍ය බිඳවැ‍ටුණි. මෙම කුමන්ත්‍රණ පි‍ටුපස සිටි බලල්අත් පසුව හෙළි විය. ඔවුන් පහත පරිදිය .

  • Illuminati
  • Central Intelligence Agency (CIA)
  • National Endowment for Democracy(NED)
  • Clinton Global Initiative (CGI)

ලංකාවේ රාජ්‍ය බිඳවැට්ටවීම පි‍ටුපස මේ සියළු සංවිධාන සිටියි. ඔවුන්ගේ දේශීය නියෝජිතයන් ලෙස ක්‍රියා කළ ප්‍රධාන  ආයතන සහ පුද්ගලයන්  කිහිපයක් ඇත.

  1. චන්ද්‍රිකා බණ්ඩාරනායක
  2. නීතීඥ සංගමය
  3. බෝන් අගේන් ආගමික කල්ලිය
  4. එල්.ටී.ටී.ඊ දේශපාලන අංශය
  5. මුස්ලිම් ව්‍යාපාරිකයන්

චන්ද්‍රිකා නොහොත් ඇගේ වෛරය

බෞද්ධ භික්ෂුවක් විසින් සිය පියා ඝාතණය කිරීම නිසා චන්ද්‍රිකා බෞද්ධ විරෝදීය .Clinton Global Initiative (CGI) දකුණු ආසියා ප්‍රධානියා ඇයයි. චන්ද්‍රිකා හරහා අරගලයට මුදල් පොම්ප කළේය. දෙස් විදෙස් නම ගිය ගිය පුද්ගලයන් රේජීම් චේන්ජ් ව්‍යාපෘතියේ ඉන්තන් බවට පත් කළේය.

සාලිය පීරිස් නීතිඥ සංගමයේ ඇසට වැලි ගැසූ හැටි

බෝන් අගේන් නිකායේ සාලිය පීරිස් නීතීඥ සංගමය නොමග  යැව්වේය. සාලිය පීරිස්  කුමන්ත්‍රණයේ පෙරගමන් කරුවෙකු විය. ඊනියා අරගලයෙ දෙවන මරණය සිදුවුනෙ රඹුක්කනදීය. එම වින්දිතයා වෙනුවෙන් ඉතිහාසයේ විශාලතම නීතිඥ පිරිස පෙනි සිටියෝය.එනම් පොලීසියට එරෙහිව නීතිඥවරු 238 ක් පෙල ගැසුනහ. මේවා Paid campaign බව ඔප්පු කිරීමට සාක්ෂි ඇත.

ඇමෙරිකාව  සහ ලංකාවේ අධිකරණය

ජූලි 6 දින හදිසි නීති විවාදයේදී නීති ක්ෂේත්‍රයට ඇමෙරිකාව විසින් ඇ.ඩො මි 4.3 පොම්ප කර ඇති අයුරු විමල් වීරවංස සභා ගත කළේය.රාජ්‍යයේ  ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය ඉල්ලු  උසාවි නියෝග ප්‍රතික්ෂේප වූ රහස විමල් සභා ගත කල ලිපිගොණු තූල විය.

බෝන් අගේන් ආගමික කල්ලිය

බෝන් අගේන් ආගමික කල්ලිය අරගලයේ ප්‍රධාන භූමිකාවක් ඉ‍ටු කළේය.බෝන් අගේන් නිකායේ ප්‍රධානියා වූ එරාන් සජිත් සමග දේශපාලනය කළේය. සජිත් බලයට ගෙන ඒම  සහ බෞද්ධ කඳවුර විනාශ කිරීමේ අරමුණින් මොවුන් අරගලයට සහාය විය.

රනිල්ගේ නිවස ගිණි තැබූ බෝන් අගෙන් අනුගාමික  සජිත්ගේ ගෝල පිරිස  අතේ මාට්‍ටු විය. රෙහාන් ජයවික්‍රම, දුලංජලී ප්‍රේමදාස, නියොමාල් පෙරේරාගේ පුත්‍රයා ඇතුළු  බෝන් අගේන් ප්‍රභූ කල්ලිය වීඩියෝ සාක්ෂිද සහිතව  කො‍ටු විය. රනිල්ගේ ගෙට ගිණි තැබූ නියොමාල්ගේ පුතා මේ වන විට රටින්ද පැන ගොස් ඇත

එල්.ටී.ටී.ඊ දේශපාලන අංශය

තුවක්කුවෙන් ලබා ගැනීමට නොහැකි වූදේ  රට අරාජික කර ලබා ගැනීමට කොටි ඩයස්පෝරාව උත්සාහ කළහ. අරගලය වෙනුවෙන් පෙනී සිටි මහාචාර්ය මායා ජෝන් කොටි ඩයස්පෝරාවේ සහ පල්ලියේ ප්‍රොක්සියකි. දෙමළ ඩයස්පෝරාව කුමාර් ගුනරත්නම්ට සහ අන්තරේට මුදල් පොම්ප කළහ.

මුස්ලිම් ව්‍යාපාරිකයන්

මාස්, නෝ ලිමිට්, බ්‍රන්ඩික්ස්, කූල් පැනට්, උලමා සභාව,මුස්ලිම් හාජියාර්, ෆැෂන් බක්  අරගලයට මුදල් පොම්ප කළ බවට චෝදනා ලැබ සිටින ප්‍රධාන පාර්ෂව කිහිපයකි.

දැන් අරගලයේ සැඟවුන කථාව පැහැදිළිය . රාජ්‍යය කඩාවැටීමේ ඇත්ත කථාව පැහැදිලිය. ආර්ථික අර්බුධය තාවකාලික එකකි.

රාජ්‍යයේ කඩා  වැටීම  හමුවේ පාර්ලීමේන්තුවේ 225 පමනක් දඩුකඳේ ගසා ඇත.විනාශයේ පලමු පෙල චූදිතයන් වන ජනමාධ්‍ය, රාජ්‍ය සේවකයන්,විදේශීය තානපතින්  ගැලවුම්කරුවන් වී සිටියි. අද රාජ්‍ය ගොඩගැනීම ගැන උපදෙස් දෙන්නේ මොවුන්ය . වික්ටර් අයිවන්ගේ, නන්දලාල් වීරසිංහගේ,සාලිය පීරිස්ගේ, ජූලි චංගේ වර්තමාන  හැසිරීම මාරයා වෙදා ලෙසින් පැමිණීමකි.

මක්නිසාදයත් ජාතික රාජ්‍යයේ කඩා වැඩීමට අවුරුදු පහෙන් පහට මාරු වූ දේශපාලනඥයන්ට වඩා මොවුන් වගකිවයුතුය.

 

 

 

 

වසන්තගේ පවුලේ අයගේ බැංකු ගිණුම් වල ලක්ෂ 75 ක්, CIDය ඉදිරියට !

0

අන්තරේ වසන්ත මුදලිගේ බෝහෝ දෙනෙකුට වීරයෙක්. මොහු විභාග ඇන ගනිමින් වසර 8 පමන විශ්ව විද්‍යලයට කුරුවල් වූ අයෙක්. නමුත් විභාග ෆේල් වීම  ගැන වසන්ත  සිටින්නේ ආඩම්බරයෙනි. රට වෙනුවෙන් ශීෂ්‍ය දේශපාලනය කිරීම නිසා විභාග ෆේල් වූ බව ඔහු අඩම්බරයෙන් යුතුව කියා සිටියි.

අන්තරේ වසන්ත යනු මුළුමනින්ම පාගේ නිදහස් අධ්‍යාපනයේ නිෂ්පාදනයකි . ඔහු ඉගෙන ගත්තේ මහජන මුදල් වලිනි. ඒනිසා වසන්ත කරන කියන දෑ ගැන මහජනයා දැන ගත යුතුය . අන්තරේ වසන්තගේ ගම දඹානය. වසන්තගේ මව ඌරුවරිගෙ කලුමැණිකාය.  ඇය ආදිවාසි නායක ඌරුවරිගේ තිසාහාමිගේ පවුලේ අයෙකි.

කෙසේ වුවද මේවන විට වසන්තගේ මව සිය පරපුරෙන් සහ ගමෙන් පන්නා දමා ඇත. ඇය දැන්  තනමල්විල වසන්තගේ අක්කගේ නිවසේ වෙසෙයි. වසන්තගේ අක්කගේ ස්වාමිපුරුෂයා ගංජා හේනක වැඩ කරන අයෙකි. කාලයක සිට වසන්තගේ අම්මා දඹාන ප්‍රදේශට ගංජා බෙදා හරිමින් සිටියි. වසන්තගේ අම්මාට  ගංජා නඩු ගනනාවකික් ඇත. ඇය කිහිප වතාවක්ම උසාවියෙන් වරදකාරිය වී ඇත. ඒවාට අදා නඩු වාර්තා  අප සතුව වී ඇත.

අරගලය නිසා වසන්ත මුදලිගේට විවිධ පුද්ගලයන් හදුනා ගැනීමට ලැබුනි. විශේෂයෙන්  ඩයස්පෝරාවේ පුද්ගලයන් වසන්තට කතා කළහ. වසන්ත ඒ හැමොටම කීවේ එකම සින්දුවකි. මුදල් නොමැති කම අරගලයට ඇති බාදාව බව කීවේය. ඩයස්පෝරාවේ පුද්ගලයන් වසන්තට මුදල් දෙන්න ඉදිරිපත් විය.

.නමුත් කිසිම වේලාවක වසන්ත අන්තරේට ගිණුම් අංකය ඔවුන්ට දුන්නේ නැත. වසන්ත හැම වෙලාවකම ලබා දුන්නේ සිය පවුලේ ඥාතීන්ගෙ බැංකු ගිණුම් අංකය. මේ වෙනකොට එම ගිණුම් අංක වලට බැර වූ ලක්ෂ 75 පමන මුදලක් සොයා ගෙන ඇත, විමර්ෂණ ඉදිරියට ක්‍රියාත්මකය.

රෙජීම් චේන්ජ් අරගලය ඇරඹුනෙ අප්‍රියෙල් වලදී. දැන් එයට මාස 4 කි. අප්‍රියෙල්- ජූලි  අතර අරගල නායකයනගේ  පවුලේ උදවියගේ ගිණුම් වලට කෝටි ගනනක මුදල් ලැබී ඇත. ඒවා ලැබුණු මාර්ග පවුලේ උදවිය  කිසිවක් නොදනියි. එනම් මේවන කොට අරගලයට සම්බන්ධ වූ නායකයන් සියළු දෙනා කෝටිපතියන් වී ඇත  .

කරුණු එසේ හෙයින් මෙම විමර්ෂණ තාර්කික අවසානයක් දක්වා ‍රැගන  යා යුතුය. නමුත් පිරිස් බලය සහ සම්පත්  නොමැති වීම ඊට බාදාවක් වී ඇත. CIDය මෙම විමර්ෂණ කරගෙන යන්නේ අවම පහසුකම් යටතේය.

මේවන විට අරගලයට ආධාර  කළ විදේශ ගත සිංහළයන් බොහොමයක් අරගලය ගැන කළකිරී සිටියි. ඔවුන් අරගල නායකයන්ට මුදල් එවූ ආකාරය හෙළිදරව් කිරීමට් සූදානමින් සිටියි. CIDය ඒ සදහා whatsapp දුරකථන අංකයක් ප්‍රසිද්ධ කළ යුතුය. එමගින්   බැංකු ගිණුම් අංක සොයා ගැනීමට පහසු වනු ඇත

බෝහෝ වෙලාවට අරගලයට  කෝටි ගණන් මුදල් ලැබුනේ එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයෙන්, මුස්ලිම් අන්තවාදින්ගෙන් බව මේ වනවිට තහවුරු වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිසි පහසුකම් ලබා දී විම්ර්ෂණ ඉදිරියට ගෙන යාම අත්හල නොහැකි ජාතික වගකීමකි.

 

විප්ලවය සැබෑ නම් ජනතාව කබලෙන් ලිපට වැටිය නොහැක

0

ඊයේ National Alert සංවිධානය අරලිය ගහ මැදුර, ජනාධිපති මංදිරය සහ ජනපති ලේකම් කාර්යාලයේ නිරීක්ෂනයක් කළා.මෙම ගොඩනැගිලි තුනට මේ වන විට කෝටි 35 කට ආසන්න අලාභයක් සිදුව ඇති බව නිරීක්ෂණය විය.අරගල කරුවන් තවමත් මෙම ගොඩනැගිළි තුනේ ‍රැදී සිටින නිසා සමස්ත අළාභය මීට බොහෝ වැඩි වනු ඇත. කැ‍රැල්ල නිසා  ආර්ථික දේහයට සිදුවූ පාඩුව වෙනම කතාවකි.

අප අද කතා කරන්නේ ලංකාවේ ආර්ථික දේහයට සිදුවූ පාඩුව ගැන නොවේ . ලංකාවේ  ආර්ථිකයට සිදුවූ හානියට  වඩා වැඩි ඛේදවාචකයක්  අභියෙසට රට පැමින ඇත. එවැනි ඛේදවාචකයක් අභියෙසට රට පැමිණීමට බලපෑ  ප්‍රධාන කරුනු 2 කි.

  • සජිත්, චම්පික, අනුර, වැනි ප්‍රජාතන්ත්‍රවාදීන් අයාලේ ගිය කැ‍රැල්ලට සෘජුව දායක වීම
  • නීතියේ  පාලනයේ මුර දේවතාවුන්  වන නීතීඥ සංගමය අවිචාරවත් ලෙස කැ‍රැල්ලට  දායක වීම

රටක් ආර්ථිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් අරාජික වී ඇති විට  කැරලිකරුවන් නිර්මාණය කිරීම ඉතා පහසු වැඩකි.අනුර, සජිත් , චම්පික සාලිය පීරිස් සිදුකළේ එම පහසු කටයුත්තයි. මොවුන් සියල්ලෝ තමන්ගේ බලය  මිස රට ගැන සිතුවේ නැත.

කැරලිකරුවන් රටක පාලන බලය අත්පත්කරගත් පසු සාම්ප්‍රදායික දේශපාලකයන්ට තත්වය පාලනය කිරීම දුෂ්කරය.  පකිස්ථානයේ, සුඩානයේ , යේමනයේ සහ අරාබී වසන්තයේදී මෙවැනි   තත්වයන් ඇති විය.අද ලංකාවේ එවැනි තත්වයක් ඇති වී ඇත.

ලංකාවේ තත්වය කෙටියෙන් මෙසේය . රැඩිකල් කල්ලියක් ප්‍රජාත්‍රන්ත්‍රවාදී නොවන ක්‍රමවේදයක් මගින් රාජ්‍ය පෙරලා දමා ඇත.එම රැඩිකල් කල්ලිය  සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ  සමග ගණුදෙණු කිරීමට සූදනම් නැත.විප්ලවකාරී  පක්ෂයක් ලෙස පෙනී සිටින  ජවිපෙ සමග වත් ගණුදෙනු කිරීමට  ඔවුන් සූදානම් නැත.  කැරලිකරුවන්ගේ  ගෝඩ් ෆාදර්ලා කවුද?

  • චීන ඔත්තු සේවාව
  • ත්‍රස්ත ජනමාධ්‍ය
  • බ්‍රැන්ඩික්ස්, මාස්, නෝ ලිමිට්, ෆැෂන් බග්, හමීඩියා ඇතුළුව්‍යාපාරික ජාලය.

ත්‍රස්ත ජනමාධ්‍ය ලංකාවේ දේශපාලනයට අයුතු බලපෑම් කළේ අද ඊයේ නොවේ. ඩොලර් අර්බුධය නිසා පුරවැසියන් තුල ජනිත වූ කෝපය  ඉහත පාර්ශව විසින් කැ‍රැල්ලක් දක්වා වර්ධනය කළේය. එය ප්ලාන්ටඩ් කැම්පේන් එකකි.

මින් ඉදිරියට අරගලයේ ගෝඩ් ෆාදර්ලා සමග ගණුදෙනු කිරීමේදී ඔවුන්ට විශාල මිලක්   සිදු වනු ඇත. අරගලයට අත් උදව් දුන් සජිත්ට සහ අනුරට වුවද මෙම කොන්දේසිය අදාලය. අරගලයට සහයෝගය නොදුන් දේශපාලන පක්ෂ වලටද මෙය අදාලය. එවැනි  තත්වයකින් ඇතිවීම රටට අයෝග්‍යය

ගෝඨාභය තක්කඩියෙකි. සොරෙකි. ඔහු කෙතරම් අධමයෙකුදයත්, ගෝඨා විසින්  මෙම ලියුමකරු කිසිදු හේතුවක් නොමැතිව මාස 6කට වැඩි කාලයක් සිරගත කළේය. නමුත් ප්‍රජාතාන්ත්‍රික නොවන ක්‍රමවේද මගින් ගෝඨා එලවිමට මෙම ලියුම් කරු කිසිදු දායකත්වයක් ලබා දුන්නේ නැත..එවැනි ක්‍රමවේදයකදී  රටට සිදුවන විනාශය ගැන ලියුම්කරුට පැහැදිලි අවබෝධයක් තිබීම ඊට හේතු විය.

අරගලය නොහොත් ප්ලාන්ට්ඩ් කැම්පේන් දුමාරයෙන්  ඇස් බොඳව තිබියදී රට සහ ජනතාව කබලෙන් ලිපට වැ‍ටුන හැටි  මේසේය

1. අරගලයේ පලමු පියවර මැයි 9  වූ අතර එහි බලපෑමෙන් ආණ්ඩුව දෙදරා ගියේය . අප්‍රියෙල් 12 පාර්ලීමේන්තුවටද හොරෙන් ලංකාව් බුන්වත් රටක් යයි ප්‍රකාශ විය.

  1. බුන්වත් ලංකාවට ලෝකයේ කිසිදු රටකින් ණයක් ගත නොහැකි විය .ලංකාවේ බැංකු පද්දතිය ගැන විශ්වාසය බිද වැ‍ටුණි භාන්ඩ ආනයනය  සදහා  එල්.සී ලබා ගැනීම දුෂ්කර විය.තෙල්, ගෑස්,  හිගය තවත් බරපතල විය.ජන දුක වැඩිවිය
  2. ඩොලර්  ණයක් ගෙන , විදේශ ණය පියවීමට තිබූ අවස්ථාව අහිමි විය ( පසුගිය දශක තුන පුරාවට සිදුකලා සේ)

‘ගෝ ගෝඨා අරගලය’  නිදහස් අරගලයක් නොව අරාබී වසංන්තයේ කාබන් කොපියකි.ලංකාව යනු ධම්මික පැණි බීමට කි.මී 5 දිග පෝලිමේ ගැසූ  රටකි. කුවේට් කුමාරිගේ සින්දු මිලියන් 2ක් හිට් කළ ජාතියකි. ලංකාව යනු බුද්ධියෙන් වැඩ කරන රටක් නොව ‍රැල්ලට හුරේ දමන රටකි

අරගලය නිසා රට දිනෙන් දින යන්නෙ වල පල්ලටය . ජිවිත වලට දේපල වලට ආරක්ෂාවක් නැත.අප මහජන මුදලින් පඩි ගෙවා ලක්ෂ 3ක හමුදාවක් නඩත්තු කළේ කුමටද යන ප්‍රශ්නය දැන් අප හමුවේ ඇත

අවාරෙට පොල් වැටෙනවා වැනි පාර්ලීමේන්තු පැමිණීම්

0

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල රටක පාලන බලතල පුරවැසියන් සතු වෙයි.  පුරවැසියන් සියල්ලට පාලකයන් විය නොහැකි නිසා ඔවුන් වෙනුවෙන් පාලනය ගෙන යාමට නියෝජිතයන් පිරිසක් පත් කර ගැනීම සිදු වෙයි. ඒ අනුව ඔවුන් ජනතා මුදලින් ඔවුන් නඩත්තු කරන්නෝය.

මන්ත්‍රීවරුන්ට වැ‍ටුපක් හිමිය. කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා මසකට 100,000 දීමනාවක් දෙනු ලබයි.  ඉන්ධන දීමනාවක්ද හිමි ය. ජංගම දුරකතන සඳහා මසකට රුපියල් 50,000ක දීමනාවක් හිමි ය. වසරකට රුපියල් 175000ක මුද්දරද ලබා දෙයි. මීට අමතර තවත් දීමනා ගනනාවක් ඔවුන්ට හිමිය.

පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වන දිනක වියදම ලක්ෂ 300 කට ආසන්නය. පාර්ලිමේන්තු සභාව පවත්වාගෙන යාමට මුලාසනයේ මන්ත්‍රිවරයාද ඇතුළුව මන්ත්‍රිවරුන් 21ක් අවම වශයෙන් සිටිය යුතුය. එය ඝණපූරණය ලෙසින් හදුන්වයි
. ඝන පූරණය නොමැතිව පාර්ලීමේන්තුව කල් තැබූ අස්වස්ථා එමටය

බොහොමයක් මන්ත්‍රීන් පාර්ලීමේන්තු එන්නේ ”අවාරෙට පොල් වැටෙනවා සේය ”. තවත් සමහරෙක් පැමිණීම ලකුණු කර පින් කැන්ටිමෙන්  වළදා , පැමිණීම වෙනුවෙන් ගෙවන 2500ද ‍රැගෙන පිටව යයි.

ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙනුයේ මාස තුනකට එක් වතාවක් පමණි. එසේ එන්නේද  තම මන්ත්‍රී ධූරය අවලංගු වීම වලක්වා ගැනීමටය . ඇතැමුන් මුළු පාර්ලිමේන්තු කාලයටම සභාව අමතා ඇත්තේ වතාවක් හෝ දෙකකි

වත්මන් නිතිය හා සාමය ඇමති පසුගිය අවුරුදු දෙක හමාරටම  පාර්ලීමෙන්තුව නියෝජනය කොට ඇත්තේ එක් වතාවක් පමණි.කෙටියෙන් කියතොත් පාර්ලීමේන්තුව යනු වසර 5ට දෙවතාවක් කට සොලවා ජීවිතාන්තය පුරා  විශ්‍රාම වැ‍ටුපක් ලැබිය හැකි, රම්බෝ පරයන සටන් ජවනිකා සහ ඇනෙස්ලි බර්ටි පරයන විනෝද ජවනිකා රග දක්වන  ස්ථානයකි.

කෙසේ වුවද  එදා ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ලක්ෂ්මන් කදිර්ගාමර් වැනි දැවැන්ත පෞරුෂයන් සහිත කථිකයන්ගේ වාදවිවාද දෙස මුළු රටම බලා සිටියෝය .එවැනි  පරිචයක් ඇති මිනිසුන්ට  නාම යොජනා දෙන ලෙස අප පක්ෂ නායකයන්ට  බල කළ යුතුය. එවැනි අපේක්ෂකයන් පාර්ලීමේන්තුවට යැවීමට ජනතාව වගබලා ගත යුතුය

කිඹුල් කඳුළු නොව අප නීතියේ පාලනය දරා සිටිමු, යුක්තියේ ප්‍රමාදය යුක්තිය අහිමි කිරීමකි

0

ලක්ෂ්මන් කුරේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධියත් ජපුරෙන් පශ්චාත් උපාධියත් ලද අයෙකි.පොලීසියේ සිටි ලාබාලම ASP සහ SP මොහුය.කිහිප වරක් ත්‍රස්ත ප්‍රහාරයන්ට මුහුණ දුන් අයෙකි. ලක්ෂ්මන්  විවාහ වී මාස 3 ක් ඇතුලත PTA යටතේ අත්අඩංගුවට ගත්තේය.

ඔහු සිරගත කොට වසර 12ක් ගත වී ඇත .ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් නැත. නීතිපති දෙපාර්තමේන්තුව,CID සහ TIDය කූට ප්‍රයෝග යොදමින් මෙම නඩුව ඇදගෙන යයි. මෙය  නීතියේ පාලනය කෙලසීමකි.

මෙවැනි අසාධාරණ හමුවේ ලංකාවේ මාධ්‍යවේදීන්, ජනතා නියෝජිතයන් සහ සිවිල් සමාජය නිහඩ වීම ඛේදවාචකයකි. පසුගිය ජූනි 20 දින ඔහුගේ නඩුව ගම්පහ මහාධිකරණයේ විභාගයට ගැනුණි.

2022 ජූනි මස 20 දින ඔහුගේ නඩුවේ තීරනාතමක දිනයක් විය . නමුත් රජයේ නීතිඥයා අධිකරණයට පැමිනියේ නැත. ඉන්ධන නොමැති වීම ඊට හේතුව බව වාර්තා කර තිබුනි

මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන්නේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායකය. මොහු ලක්ෂ්මන් කුරේගෙ නඩුවට නොපැමිනියද අනෙක් නඩු වලට සහභාගිවන බව කරුණු සොයා බැලීමේදී දැනගත හැකි විය.

මේ පිළිබදව විමසීමට නීතිපති දෙපාර්තමේන්තුවට කිහිප වරක් කථා කළද කිසිවෙකු සමබන්ධ කරගැනීමට අපට නොහැකි විය.

අනතුරුව අප අධිකරන ඇමති විජේදාස රාජපක්ෂට කතා කළෙමු. මේ පිලිබදව කරුණු සොයා බලා යුක්තිය ඉ‍ටු කිරීමට ඔහු පොරොන්දු විය. ඔහුට යුක්තිය ඉ‍ටුවන තෙක් අප අවධියෙන්!

පසු සටහන- ජෙයරාජ් ඝාතණය  කොට වසර 12ක් ගත වුවද මේ දක්වා කිසිවෙකුට දඩුවම් කොට නැත.එපමනක් නොවනියම මිනීමරුවන් නිදැල්ලේ සිටියි.  සැමියා මියගිය දා  සිට සුදර්ශනී අඛන්ඩව  ඇමති ධූර දරා ඇත. සුදර්ශනි දේශපාලන ඩීල් කළා මිස ස්වාමියාගේ  මරණයට සාධාරණයක් නොකළාය.

යුගයේ මහා ඛේදවාචකය, විදේශ ණය එක් ‍රැයකින් 50% කින් වැඩි වෙයි

0

මේ වන විට ලංකාව බංකොලොත් රටකි රුපියලට සාපේක්ෂව  ඩොලරය ඉහල යාම නිසා ණය අර්බුදය තවත් බරපතල වී ඇත.

විදේශ විනිමය වලින් වාණිජ ණය ගැනීම මාරාන්තිකය. මක්නිසාදයත් ඒවා විදේශ විනිමයෙන්ම ආපසු ගෙවීමට සිදු වේ.

රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම වැඩිවන විට, ඊට අනුලෝමව ණය බර වැඩි වෙයි.

මහා පරිමාණයෙන් විදෙස් විනිමය වානිජ ණය ගැනීම මර උගුලක් වන්නේ මේ නිසාය.

2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඇමරිකානු ඩොලරය UNP ආණ්ඩුව යටතේ රුපියල් 183 දක්වා වැඩිවී වැඩි විය.

2015 ජනවාරියේදී UNP ආණ්ඩුව බලයට පැමිණෙන අවස්ථාවේදී රුපියල් ට්‍රිලියන 7.39 ක් වූ ලංකාවේ මුලු ණය බර, 2019 අවසානය වන විට රුපියල් ට්‍රිලියන 12 දක්වා ඉහල ගියේය.

 UNP ආණ්ඩුව යටතේ ඩොලරය ඉහල යාම නිසා, 28 % කින් විදෙස් ණය වැඩි විය.

ගෝටාභය ආන්ඩුව බාරගන්නා විට ඩොලරය 183 ක් වූ අතර දැන් එය 364කි. ගෝටාභය ආයසයෙන් පාලනය කළ ඩොලරය, හදිසියේ පාලනයෙන්  නිදහස්  කළේය . ඒ අනුව ඩොලරය එක් ‍රැයකින් රු 364 දක්වා ඉහල ගියේයගෝඨාගේ ආණ්ඩුව යටතේ රුපියලේ වටිනාකම බිඳවැටීම හේතුවෙන්,  49 % කින් විදෙස් ණය වැඩි විය

විදෙස් මූලාශ්‍රවලින් වාණිජ ණය ලබාගැනීම නිසා ඇතිවූ ආර්ථික අර්බුධය.

0

විදෙස් ණය ලබාගත යුත්තේ ඉතාමත්ම ප්‍රවේශමෙනි. මේ ණය ගෙවීම සඳහා විදෙස් විනිමය මිලදී ගැනීමට සිදුවන නිසා විනිමය අනුපාතයේ සුළු වෙනසකින් වුවද ණය බර විශාල වශයෙන් වෙනස් විය හැක.රුපියල බාල්දු වීම  හේතුවෙන් විදෙස් ණය දෙගුණ වී ඇත

 

මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 2008 සිට 2027  දක්වා විදෙස් ණය හා පොලී ගෙවීම්   පහත සඳහන් ආකාරයට විය.

2008 – ඇ.ඩො. මිලියන 881
2009 – ඇ.ඩො. මිලියන 1,041
2010 – ඇ.ඩො. මිලියන 826
2011 – ඇ.ඩො. මිලියන 971
2012 – ඇ.ඩො. මිලියන 1,620
2013 – ඇ.ඩො. මිලියන 1,160
2014 – ඇ.ඩො. මිලියන 1,306

2015 – ඇ.ඩො.මිලියන 2,828
2016 – ඇ.ඩො.මිලියන 2,104
2017 – ඇ.ඩො.මිලියන 2,932
2018 – ඇ.ඩො.මිලියන 2,891
2019 – ඇ.ඩො.මිලියන 3,217

2020 – ඇ.ඩො.මිලියන 3,699

2021 – ඇ.ඩො.මිලියන 3,344

2022 – ඇ.ඩො.මිලියන 7

පුරෝකථන

2023 – ඇ.ඩො.මිලියන 14
2024 – ඇ.ඩො.මිලියන 17
2025 – ඇ.ඩො.මිලියන 21
2026 – ඇ.ඩො.මිලියන 24

මෙලෝ හසරක් නොදැන ආර්ථිකය ගැන ලොරි ටෝක් දෙන ඔස්තාර්ලා

0

ලංකාවේ ජනයා දේශපාලන පොර ටෝක් දෙන්න දක්ෂයෝය. ආර්ථිකය, දේශපාලනය, විදේශ කටයුතු ගැන ඔවුන් නොදන්නා දෙයක් නැත.නමුත් ඒවා හිස් ප්‍රලාප පමනි. ලංකාව විනාශ වූයේ මහ දැන මුත්තන් නිසාය .

ගමේ තේ කඩයක් කරන අයෙක් වුවද , එහි ආදායම, වියදම, ණය ගැන හොදින් දැනුවත් විය යුතුය. එම ගණන් ඉලක්කම් ගැන අවබෝධයකින් තොරව කටයුතු කළ හොත් තේ කඩය බංකොලොත් වනවා නියතය.

රටක තත්වයද‏ මීට සමානය. ලංකාවේ ජාතික නිෂ්පාදිතය, රජයේ ආදායම , රජයේ වියදම, ණය ගැන ගණන් හිලව් දන්නේ කීයෙන් කී දෙනාද ?අඩුම තරමින් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් වත් ඒ ගැන දන්නවාද? ලංකාවේ ආර්ථිකය ගැන ලොරි ටෝක් දෙන්නේ මේවා ගැන දැනගෙනද ?

එවැනි තත්වයක් තුල තමන්ට සහ රටට කෙලවීම වීම අරුමයක් නොවේ.

ලංකාවේ සැබෑ තත්වය පහත පරිදිය

ලංකාවේ ජාතික නිෂ්පාදිතය- ඇ.ඩො.බි 82
රජයේ ආදායම රු කෝටි 228400 (රු බිලියන 2284)

රජයේ වියදම රු කෝටි – 524500 (රු බිලියන 5245)

හිගය 296 100 රු කෝටි (රු බිලියන 2961)

රජයේ ආදායමේ මූලාශ්‍ර පහත පරිදිය

බදු නොවන ආදායම් 8%
එකතුකළ අගය මත බදු 24%
නිෂ්පාදන බදු 24%
ආදායම් බදු – 20%
අනෙක් බදු 20%
ආනයන බදු 8%

බදු වල ස්වභාවය – සෘජු බදු 22%
බදු වල ස්වභාවය – වක්‍ර බදු 78%

රජයේ වියදම් බේදී යන ආකාරය පහත පරිදිය
පොලී ගෙවීම් 36%
වැ‍ටුම් හා වේතන 30%
අනෙකුත් භාණ්ඩ හා සේවා7%
රාජ්‍ය ආයතන සහ සංස්ථා වෙත පැවරුම් 4%
කු‍ටුම්භ අංශය වෙත පැවරුම් 23%

ණය සංයුතිය ( මීට අමුනා ඇති වගු බලන්න )

(2021) මුලදී පැවැති මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රු. බිලියන 15117.2 ක් වේ දේශීය ණය ප‍්‍රමාණය රු. බිලියන 9931.7 විදේශ ණය ප‍්‍රමාණය 6632.8

ලංකාවේ රාජ්‍ය ආදායම ණය සහ ලබාගත් ණය වාරික ගෙවීමට වත් ප්‍රමාණවත් නැත .

16 ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීමට, ලක්ෂ පහකට අධික වූ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට, නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට, සංවර්ධනයට ආදී සියල්ලට මුදල් යොදා තිබෙන්නේ ණයටය.

විදේශ ණය මේ වනවිට ඩොලර් බිලියන 55 ක් දක්වා වැඩි වී තිබේ. දේශීය ණය කන්ද රුපියල් ට්‍රිලියන 13 ක් දක්වා ඉහළ ගොස්ඇත

ඩොලරය ඉහල යන විට විදේශ ණය ඊට අනුලෝමව ඉහල යයි

 

අපනයන ආදායම (ඇ ඩො බිලියන 12)
ආනයන වියදම (ඇ ඩො බිලියන 20)
ආනයන සහ අපනයන අතර වෙනස (ඇ ඩො බිලියන 8 හිගයක්)

අපනයන දිශාව
ඇමෙරිකාව – 25%
එංගලන්තය – 9%
ඉන්දියාව – 6%
යුරෝපා සංගමය – 23 %

ආනයන දිශාව
චීනය – 22%
ඉන්දියාව 19%
එක්සත් අරාබි එමීර් 6%
සිංගප්පූරුව 5%

විදේශ විනිමය

ලංකාවට විදේශ විනිමය දෙන මාර්ග කිහිපයකි. අපනයන ඉපැයුම්, විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ, සංචාරක ඉපැයීම, කොළඹ කොටස් වෙළෙඳපළ වෙත ලැබෙන ඉපැයීම්, විදේශ ඍජු ආයෝජන, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, දිගු කාලීන ණය ඒ අතර වෙයි.

භාණ්ඩ අපනයනය තුළින් 2021 වර්ෂයේ ඇ.ඩො. බිලියන 10, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඇ.ඩො. 5.4 , සංචාරක ඉපැයීම් , කොටස් වෙළෙඳපොළින් ලැබී තිබූ විදේශ විනිමය කඩා වැ‍ටුණි

රුපියල ඩොලරයට සාපෙක්ෂ්ව පා කළ යුතු යැයි ආර්ථික විශ්ලේෂකයන් විවිධ අවස්ථාවන්වලදී අදහස් ප්‍රකාශ කර තිබුණත් රජය තවදුරටත් ඩොලරය පාලනය කිරීමට ගෝඨාභය රජය පියවර ගත්තේය.ඒ අනුව වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථායිව පවත්වා ගෙන යාමට පිරිවැයක් දැරිය යුතු විය. මේ පිළිබඳව සැබෑ දත්ත නොමැති වුවත් ඇ.ඩො. බිලියන 2.2 පිරිවැයක් දැරීමට සිදු වූ බව ගණන් බලා ඇත.

ස්වෛරී ණය පැහැර හැරීම කියන්නේ කුමක්ද ?
මේ ලිපියේ ඉහතින් සදහන් කළ ආකාරයට ආණ්ඩුව දේශීය වශයෙන් 54%ක් ද විදේශීය වශයෙන් 46%ක් ද ණය ලබා ගෙන තිබෙනවා. දේශීය වුණත් විදේශීය වුණත් නියමිත පරිදි මේ ණය හා වාරික ගෙවිය යුතුයි. ඒත් දේශීය ණය ගෙවීමේදී ආණ්ඩුවක් දැඩි අර්බුදයකට ලක්වන්නේ නැහැ. ඊට හේතුව ‘දේශීය ණය ගෙවීමට ඩොලර් අවශ්‍ය නොවීමයි. ආණ්ඩුවට අලුතින් මුදල් මුද්‍රණය කරමින් හෝ (රුපියල්වලින්) ඒ ණය ගෙවා දැමිය හැකියි. අලුතින් මුදල් මුද්‍රණය කිරීම මගින් ඇතිවන උද්ධමනය ආදිය ගැන ආණ්ඩුව නොසලකන නිසා මෙහිදී ගැටලු හා පීඩනය අඩුයි.

ඒත් ආණ්ඩුව විදේශ ණය ගෙවීමේදී පැහැදිලිවම ‘ඩොලර්වලින්‘ ඒ ණය ගෙවා දැමිය යුතුයි. අර්බුදය ඇතිවන්නේ ඒ අවස්ථාවෙියදීයි.

ආර්ථික විද්‍යාවට අනුව ‘ස්වෛරී රාජ්‍යක් ( ස්වාධීන රටක්) විසින් ලබා ගන්නා ලද ණය ‘ස්වෛරී ණය‘ ලෙස හදුන්වනවා. විශේෂයෙන් රජයක් ‘විදේශීය විනිමය තුළින් ලබා ගන්නා ලද ණය‘ ස්වෛරී ණය ලෙස හඳුන්වනවා. ඒ අනුව ලංකාව විදේශීය විනිමය හරහා ගන්නා ස්වෛරී ණය සඳහා ඇපවීමක් සිදු කෙරෙනවා. එලෙස ඇප වන්නේ බැඳුම්කර හරහා. ඒවාට ස්වෛරී බැඳුම්කර කියා කියනවා. මේ වනවිට අපේ රට එවැනි බැඳුම්කර විශාල ප්‍රමාණයක් නිකුත් කර ණය ලබාගෙන තිබෙනවා.

ආර්ථික විද්‍යාවට අනුව ස්වෛරී ණය පැහැර හැරීම යනුවෙන් අදහස් කරන්නේ ‘යම්කිසි ස්වෛරී රාජ්‍යයක් විසින් ගන්නා ලද ණය පරිණතවීමේදී එය ගෙවීම පැහැර හැරීමක් හෝ ගෙවීමේ නොහැකියාවක් තියෙන තත්ත්වයකට පත්වීමයි. එවැනි රටක් ‘ ස්වෛරී ණය හැරි රටක් ලෙස හදුන්වයි. ලංකාව එවැනි රටකි

ශ්‍රි ලංකාවේ වී ගොවිතැන සහ එහි සැඟවුන භයානක සත්‍ය

0

ශ්‍රී ලංකාවේ අවුරුද්දකට එක පුද්ගලයෙක් හාල් 108kg පරිභෝජනය කරයි. ලෝකයේ අනෙක් රට වල පුද්ගලයෙක් පරිබෝජනය කරන හාල් ප්‍රමාණය (Average rice consumption) අවුරුද්දට 54Kg පමන වෙයි . එනම් ලංකාවේ හාල් වලට දේශීයවම විශාල ඉල්ලුමක් ඇත. නමුත් හාල් නිපදවන ගොවියා දුප්පතෙකි.

වී වලට නිසි මිලක් නැතැයි පසුගිය දශක ගනනාව පුරා ගොවීන් චෝදනා කළහ.ආර්ථිකය අර්බුධයට යාමත් සමග පොහොර , කෘමිනාෂක , කෘෂි උපකරණ සම්බන්ධ තවත් ගැටළු මතුවිය

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ වාර්ෂික හාල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4. ආර්ථික අර්බුධය ඇතිවීමට පෙර ලංකාවේ අස්වැන්න මෙරට ඉල්ලුමට සරිලන පරිදි විය . එය මිනිස් පරිබෝජනයට පමනක් නොව කුකුල් කෑම ඇතුළු සත්ව පරිබෝජනයටද ප්‍රමාණවත් විය.

ඇතැම් කන්න වල ස්වාභාවික උපද්‍රව අඩුවී වැඩි වී අස්වැන්නක් ලැබෙයි.නමුත් එලෙස අස්වැන්න වැඩි වුවද ඉල්ලුම වැඩි වන්නේ නැත.. එවිට වී කිලෝ එකක ගැනුම් මිල පහල යයි. මේ හේතුව නිසා වැඩි අස්වැන්නක් ලැබුවද ගොවියාට වැඩි ලාබයක් ලැබිය නොහැක.

තවද ගබඩා පහසුකම් සහ ප්‍රාග්ධනය මෝල් හිමියන් සතු වන බැවින් වී කිලෝ එකකක ගැනුම් මිළ තීරණය කිරිමෙහිලා මෝල් හිමියන්ට විශාල බල පෑමක් කළ හැක

අස්වැන්න වැඩි වන විට දේශීය වෙළද පොලේ ඉල්ලුම වැඩි වැඩි නොවූවද ඊට විකල්ප ඇත . නව වෙළද පොළ සොයා යාම මීට විකල්පයකි. සහල් වීදේශ රටවලට අපනයනය කිරීම එක් විකල්පයකි .

එහිදී සහල් කිලෝ පිරිවැය සහ අපනයනය කරන මිල වැදගත් වෙයි.වර්තමානයේ සහල් වල මිල ගණනය කරන ක්‍රමය වැරදිය.

සාමාන්‍යයෙන් හාල් කිලෝ එකක් නිෂ්පාදනය සදහා වතුර ලීටර් 2500 පමන අවශ්‍ය වෙයි. ගොවියාට ජලය නොමිලේ දෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වැව්, මහවැලිය නඩත්තුව සදහා රජය විශාල මුදලක් දරමිනි. පොහොර සහනාධාරය , කෘෂිකර්ම ආමාත්‍යශය වැනි දෑ සදහාද රජය වියදම් දරණු ලබයි

වතුර ලීටරයකට ශත 20, පොහොර සහනාධාරයට රු 25, නොමිලේ සපයන සේවා සදහා රු 50 ලෙස බර තබා යලි සහල් කිලෝ එකක පිරිවැය ගණනය කළ හොත් හාල් කිලෝ එකක දැන් පෙන්වන පිරිවැය දෙගුණයක් විය යුතුය. නමුත් සත්‍ය පිරිවැය එයයි

එවැනි පිරිවැයක් සහිත හාල් අපනයනය කළ නොහැක . මක්නිසාදයත් යූරියා , කෘමිනාශක තමන්ගේ රටේ හදන පකිස්ථානය ඉන්දියාව වැනි රටවල් සහල් කිලෝ එකක් ඉතා අඩු පිරිවැයකින් නිපදවයි. මහා පරිමානයෙන් වී වගා කිරීම පිරිවැය අඩුවීමට තවත් හේතුවක්.

ඒ අනුව අපට ඉතිරිවන අනෙක් විකල්පය නම් . එක්කෝ සහල් වලින් අගය එකතු කළ අතුරු නිෂ්පාදන බිහි කළ යුතුය.හාල් වලින් කිරි , වයින්, බියර්, whisky සුවඳ විලවුන්, තෙල් සෑදිය හැක .

අපේ ශ්‍රමබළකායෙන් 25%ක් නිරතව ඉන්නේ කෘෂිකර්මාන්තයේය.නමුත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) කෘෂිකර්මය දායක වෙන්නේ 8% පමණි. ලංකාවේ ගොවිතැන තුල ඌන ශ්‍රම උපයෝගීතාවයක් පවතියි. මීට විසඳුම පලදායිතාව වැඩි කිරිමය. ලංකාවේ වගා බිම් කුකුල් කො‍ටු මෙන් කුඩා ඒවාය. පරම්පරවෙන් පරාවට ඉඩම් බෙදී ගොස් වර්තමාන ගොඩ මඩ වපසරිය කුඩා වී ඇත.පිරිවැය අවම වන මහා පරිමාණ වගාවක් කළ නොහැක.

ලංකාවේ තියෙන ඉඩම් වලින් 82% ක්ම අයිති ආණ්ඩුවට. සරලවම කියනවනම් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වෙච්ච හෙක්ටයාර මිලියන 6.5 න් හෙක්ටයාර මිලියන 5.4 ක්ම අයිති ආණ්ඩුවටය.මේවා වගා කටයුතුවලට නිදහස් කළ යුතුය.

වත්මන් කෘෂිකර්මාන්තය යනු අතින් වියදම් කරගෙන හරක් බලනවා වැනි වැඩක් බව මින් පැහැදිලිවනවා ඇත.කරුනු එසේ හෙයින් ලංකාවේ කෘෂිකර්මාන්තය අත්තිවාරමේ සිට යලි පිලිසකර කළ යුතුව ඇත.