අවාරෙට පොල් වැටෙනවා වැනි පාර්ලීමේන්තු පැමිණීම්

0
528

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල රටක පාලන බලතල පුරවැසියන් සතු වෙයි.  පුරවැසියන් සියල්ලට පාලකයන් විය නොහැකි නිසා ඔවුන් වෙනුවෙන් පාලනය ගෙන යාමට නියෝජිතයන් පිරිසක් පත් කර ගැනීම සිදු වෙයි. ඒ අනුව ඔවුන් ජනතා මුදලින් ඔවුන් නඩත්තු කරන්නෝය.

මන්ත්‍රීවරුන්ට වැ‍ටුපක් හිමිය. කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා මසකට 100,000 දීමනාවක් දෙනු ලබයි.  ඉන්ධන දීමනාවක්ද හිමි ය. ජංගම දුරකතන සඳහා මසකට රුපියල් 50,000ක දීමනාවක් හිමි ය. වසරකට රුපියල් 175000ක මුද්දරද ලබා දෙයි. මීට අමතර තවත් දීමනා ගනනාවක් ඔවුන්ට හිමිය.

පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වන දිනක වියදම ලක්ෂ 300 කට ආසන්නය. පාර්ලිමේන්තු සභාව පවත්වාගෙන යාමට මුලාසනයේ මන්ත්‍රිවරයාද ඇතුළුව මන්ත්‍රිවරුන් 21ක් අවම වශයෙන් සිටිය යුතුය. එය ඝණපූරණය ලෙසින් හදුන්වයි
. ඝන පූරණය නොමැතිව පාර්ලීමේන්තුව කල් තැබූ අස්වස්ථා එමටය

බොහොමයක් මන්ත්‍රීන් පාර්ලීමේන්තු එන්නේ ”අවාරෙට පොල් වැටෙනවා සේය ”. තවත් සමහරෙක් පැමිණීම ලකුණු කර පින් කැන්ටිමෙන්  වළදා , පැමිණීම වෙනුවෙන් ගෙවන 2500ද ‍රැගෙන පිටව යයි.

ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙනුයේ මාස තුනකට එක් වතාවක් පමණි. එසේ එන්නේද  තම මන්ත්‍රී ධූරය අවලංගු වීම වලක්වා ගැනීමටය . ඇතැමුන් මුළු පාර්ලිමේන්තු කාලයටම සභාව අමතා ඇත්තේ වතාවක් හෝ දෙකකි

වත්මන් නිතිය හා සාමය ඇමති පසුගිය අවුරුදු දෙක හමාරටම  පාර්ලීමෙන්තුව නියෝජනය කොට ඇත්තේ එක් වතාවක් පමණි.කෙටියෙන් කියතොත් පාර්ලීමේන්තුව යනු වසර 5ට දෙවතාවක් කට සොලවා ජීවිතාන්තය පුරා  විශ්‍රාම වැ‍ටුපක් ලැබිය හැකි, රම්බෝ පරයන සටන් ජවනිකා සහ ඇනෙස්ලි බර්ටි පරයන විනෝද ජවනිකා රග දක්වන  ස්ථානයකි.

කෙසේ වුවද  එදා ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ලක්ෂ්මන් කදිර්ගාමර් වැනි දැවැන්ත පෞරුෂයන් සහිත කථිකයන්ගේ වාදවිවාද දෙස මුළු රටම බලා සිටියෝය .එවැනි  පරිචයක් ඇති මිනිසුන්ට  නාම යොජනා දෙන ලෙස අප පක්ෂ නායකයන්ට  බල කළ යුතුය. එවැනි අපේක්ෂකයන් පාර්ලීමේන්තුවට යැවීමට ජනතාව වගබලා ගත යුතුය