විප්ලවය සැබෑ නම් ජනතාව කබලෙන් ලිපට වැටිය නොහැක

0
601

ඊයේ National Alert සංවිධානය අරලිය ගහ මැදුර, ජනාධිපති මංදිරය සහ ජනපති ලේකම් කාර්යාලයේ නිරීක්ෂනයක් කළා.මෙම ගොඩනැගිලි තුනට මේ වන විට කෝටි 35 කට ආසන්න අලාභයක් සිදුව ඇති බව නිරීක්ෂණය විය.අරගල කරුවන් තවමත් මෙම ගොඩනැගිළි තුනේ ‍රැදී සිටින නිසා සමස්ත අළාභය මීට බොහෝ වැඩි වනු ඇත. කැ‍රැල්ල නිසා  ආර්ථික දේහයට සිදුවූ පාඩුව වෙනම කතාවකි.

අප අද කතා කරන්නේ ලංකාවේ ආර්ථික දේහයට සිදුවූ පාඩුව ගැන නොවේ . ලංකාවේ  ආර්ථිකයට සිදුවූ හානියට  වඩා වැඩි ඛේදවාචකයක්  අභියෙසට රට පැමින ඇත. එවැනි ඛේදවාචකයක් අභියෙසට රට පැමිණීමට බලපෑ  ප්‍රධාන කරුනු 2 කි.

  • සජිත්, චම්පික, අනුර, වැනි ප්‍රජාතන්ත්‍රවාදීන් අයාලේ ගිය කැ‍රැල්ලට සෘජුව දායක වීම
  • නීතියේ  පාලනයේ මුර දේවතාවුන්  වන නීතීඥ සංගමය අවිචාරවත් ලෙස කැ‍රැල්ලට  දායක වීම

රටක් ආර්ථිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් අරාජික වී ඇති විට  කැරලිකරුවන් නිර්මාණය කිරීම ඉතා පහසු වැඩකි.අනුර, සජිත් , චම්පික සාලිය පීරිස් සිදුකළේ එම පහසු කටයුත්තයි. මොවුන් සියල්ලෝ තමන්ගේ බලය  මිස රට ගැන සිතුවේ නැත.

කැරලිකරුවන් රටක පාලන බලය අත්පත්කරගත් පසු සාම්ප්‍රදායික දේශපාලකයන්ට තත්වය පාලනය කිරීම දුෂ්කරය.  පකිස්ථානයේ, සුඩානයේ , යේමනයේ සහ අරාබී වසන්තයේදී මෙවැනි   තත්වයන් ඇති විය.අද ලංකාවේ එවැනි තත්වයක් ඇති වී ඇත.

ලංකාවේ තත්වය කෙටියෙන් මෙසේය . රැඩිකල් කල්ලියක් ප්‍රජාත්‍රන්ත්‍රවාදී නොවන ක්‍රමවේදයක් මගින් රාජ්‍ය පෙරලා දමා ඇත.එම රැඩිකල් කල්ලිය  සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ  සමග ගණුදෙණු කිරීමට සූදනම් නැත.විප්ලවකාරී  පක්ෂයක් ලෙස පෙනී සිටින  ජවිපෙ සමග වත් ගණුදෙනු කිරීමට  ඔවුන් සූදානම් නැත.  කැරලිකරුවන්ගේ  ගෝඩ් ෆාදර්ලා කවුද?

  • චීන ඔත්තු සේවාව
  • ත්‍රස්ත ජනමාධ්‍ය
  • බ්‍රැන්ඩික්ස්, මාස්, නෝ ලිමිට්, ෆැෂන් බග්, හමීඩියා ඇතුළුව්‍යාපාරික ජාලය.

ත්‍රස්ත ජනමාධ්‍ය ලංකාවේ දේශපාලනයට අයුතු බලපෑම් කළේ අද ඊයේ නොවේ. ඩොලර් අර්බුධය නිසා පුරවැසියන් තුල ජනිත වූ කෝපය  ඉහත පාර්ශව විසින් කැ‍රැල්ලක් දක්වා වර්ධනය කළේය. එය ප්ලාන්ටඩ් කැම්පේන් එකකි.

මින් ඉදිරියට අරගලයේ ගෝඩ් ෆාදර්ලා සමග ගණුදෙනු කිරීමේදී ඔවුන්ට විශාල මිලක්   සිදු වනු ඇත. අරගලයට අත් උදව් දුන් සජිත්ට සහ අනුරට වුවද මෙම කොන්දේසිය අදාලය. අරගලයට සහයෝගය නොදුන් දේශපාලන පක්ෂ වලටද මෙය අදාලය. එවැනි  තත්වයකින් ඇතිවීම රටට අයෝග්‍යය

ගෝඨාභය තක්කඩියෙකි. සොරෙකි. ඔහු කෙතරම් අධමයෙකුදයත්, ගෝඨා විසින්  මෙම ලියුමකරු කිසිදු හේතුවක් නොමැතිව මාස 6කට වැඩි කාලයක් සිරගත කළේය. නමුත් ප්‍රජාතාන්ත්‍රික නොවන ක්‍රමවේද මගින් ගෝඨා එලවිමට මෙම ලියුම් කරු කිසිදු දායකත්වයක් ලබා දුන්නේ නැත..එවැනි ක්‍රමවේදයකදී  රටට සිදුවන විනාශය ගැන ලියුම්කරුට පැහැදිලි අවබෝධයක් තිබීම ඊට හේතු විය.

අරගලය නොහොත් ප්ලාන්ට්ඩ් කැම්පේන් දුමාරයෙන්  ඇස් බොඳව තිබියදී රට සහ ජනතාව කබලෙන් ලිපට වැ‍ටුන හැටි  මේසේය

1. අරගලයේ පලමු පියවර මැයි 9  වූ අතර එහි බලපෑමෙන් ආණ්ඩුව දෙදරා ගියේය . අප්‍රියෙල් 12 පාර්ලීමේන්තුවටද හොරෙන් ලංකාව් බුන්වත් රටක් යයි ප්‍රකාශ විය.

  1. බුන්වත් ලංකාවට ලෝකයේ කිසිදු රටකින් ණයක් ගත නොහැකි විය .ලංකාවේ බැංකු පද්දතිය ගැන විශ්වාසය බිද වැ‍ටුණි භාන්ඩ ආනයනය  සදහා  එල්.සී ලබා ගැනීම දුෂ්කර විය.තෙල්, ගෑස්,  හිගය තවත් බරපතල විය.ජන දුක වැඩිවිය
  2. ඩොලර්  ණයක් ගෙන , විදේශ ණය පියවීමට තිබූ අවස්ථාව අහිමි විය ( පසුගිය දශක තුන පුරාවට සිදුකලා සේ)

‘ගෝ ගෝඨා අරගලය’  නිදහස් අරගලයක් නොව අරාබී වසංන්තයේ කාබන් කොපියකි.ලංකාව යනු ධම්මික පැණි බීමට කි.මී 5 දිග පෝලිමේ ගැසූ  රටකි. කුවේට් කුමාරිගේ සින්දු මිලියන් 2ක් හිට් කළ ජාතියකි. ලංකාව යනු බුද්ධියෙන් වැඩ කරන රටක් නොව ‍රැල්ලට හුරේ දමන රටකි

අරගලය නිසා රට දිනෙන් දින යන්නෙ වල පල්ලටය . ජිවිත වලට දේපල වලට ආරක්ෂාවක් නැත.අප මහජන මුදලින් පඩි ගෙවා ලක්ෂ 3ක හමුදාවක් නඩත්තු කළේ කුමටද යන ප්‍රශ්නය දැන් අප හමුවේ ඇත