කිඹුල් කඳුළු නොව අප නීතියේ පාලනය දරා සිටිමු, යුක්තියේ ප්‍රමාදය යුක්තිය අහිමි කිරීමකි

0
542

ලක්ෂ්මන් කුරේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධියත් ජපුරෙන් පශ්චාත් උපාධියත් ලද අයෙකි.පොලීසියේ සිටි ලාබාලම ASP සහ SP මොහුය.කිහිප වරක් ත්‍රස්ත ප්‍රහාරයන්ට මුහුණ දුන් අයෙකි. ලක්ෂ්මන්  විවාහ වී මාස 3 ක් ඇතුලත PTA යටතේ අත්අඩංගුවට ගත්තේය.

ඔහු සිරගත කොට වසර 12ක් ගත වී ඇත .ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් නැත. නීතිපති දෙපාර්තමේන්තුව,CID සහ TIDය කූට ප්‍රයෝග යොදමින් මෙම නඩුව ඇදගෙන යයි. මෙය  නීතියේ පාලනය කෙලසීමකි.

මෙවැනි අසාධාරණ හමුවේ ලංකාවේ මාධ්‍යවේදීන්, ජනතා නියෝජිතයන් සහ සිවිල් සමාජය නිහඩ වීම ඛේදවාචකයකි. පසුගිය ජූනි 20 දින ඔහුගේ නඩුව ගම්පහ මහාධිකරණයේ විභාගයට ගැනුණි.

2022 ජූනි මස 20 දින ඔහුගේ නඩුවේ තීරනාතමක දිනයක් විය . නමුත් රජයේ නීතිඥයා අධිකරණයට පැමිනියේ නැත. ඉන්ධන නොමැති වීම ඊට හේතුව බව වාර්තා කර තිබුනි

මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන්නේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායකය. මොහු ලක්ෂ්මන් කුරේගෙ නඩුවට නොපැමිනියද අනෙක් නඩු වලට සහභාගිවන බව කරුණු සොයා බැලීමේදී දැනගත හැකි විය.

මේ පිළිබදව විමසීමට නීතිපති දෙපාර්තමේන්තුවට කිහිප වරක් කථා කළද කිසිවෙකු සමබන්ධ කරගැනීමට අපට නොහැකි විය.

අනතුරුව අප අධිකරන ඇමති විජේදාස රාජපක්ෂට කතා කළෙමු. මේ පිලිබදව කරුණු සොයා බලා යුක්තිය ඉ‍ටු කිරීමට ඔහු පොරොන්දු විය. ඔහුට යුක්තිය ඉ‍ටුවන තෙක් අප අවධියෙන්!

පසු සටහන- ජෙයරාජ් ඝාතණය  කොට වසර 12ක් ගත වුවද මේ දක්වා කිසිවෙකුට දඩුවම් කොට නැත.එපමනක් නොවනියම මිනීමරුවන් නිදැල්ලේ සිටියි.  සැමියා මියගිය දා  සිට සුදර්ශනී අඛන්ඩව  ඇමති ධූර දරා ඇත. සුදර්ශනි දේශපාලන ඩීල් කළා මිස ස්වාමියාගේ  මරණයට සාධාරණයක් නොකළාය.