ශ්‍රි ලංකාවේ වී ගොවිතැන සහ එහි සැඟවුන භයානක සත්‍ය

0
548

ශ්‍රී ලංකාවේ අවුරුද්දකට එක පුද්ගලයෙක් හාල් 108kg පරිභෝජනය කරයි. ලෝකයේ අනෙක් රට වල පුද්ගලයෙක් පරිබෝජනය කරන හාල් ප්‍රමාණය (Average rice consumption) අවුරුද්දට 54Kg පමන වෙයි . එනම් ලංකාවේ හාල් වලට දේශීයවම විශාල ඉල්ලුමක් ඇත. නමුත් හාල් නිපදවන ගොවියා දුප්පතෙකි.

වී වලට නිසි මිලක් නැතැයි පසුගිය දශක ගනනාව පුරා ගොවීන් චෝදනා කළහ.ආර්ථිකය අර්බුධයට යාමත් සමග පොහොර , කෘමිනාෂක , කෘෂි උපකරණ සම්බන්ධ තවත් ගැටළු මතුවිය

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ වාර්ෂික හාල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4. ආර්ථික අර්බුධය ඇතිවීමට පෙර ලංකාවේ අස්වැන්න මෙරට ඉල්ලුමට සරිලන පරිදි විය . එය මිනිස් පරිබෝජනයට පමනක් නොව කුකුල් කෑම ඇතුළු සත්ව පරිබෝජනයටද ප්‍රමාණවත් විය.

ඇතැම් කන්න වල ස්වාභාවික උපද්‍රව අඩුවී වැඩි වී අස්වැන්නක් ලැබෙයි.නමුත් එලෙස අස්වැන්න වැඩි වුවද ඉල්ලුම වැඩි වන්නේ නැත.. එවිට වී කිලෝ එකක ගැනුම් මිල පහල යයි. මේ හේතුව නිසා වැඩි අස්වැන්නක් ලැබුවද ගොවියාට වැඩි ලාබයක් ලැබිය නොහැක.

තවද ගබඩා පහසුකම් සහ ප්‍රාග්ධනය මෝල් හිමියන් සතු වන බැවින් වී කිලෝ එකකක ගැනුම් මිළ තීරණය කිරිමෙහිලා මෝල් හිමියන්ට විශාල බල පෑමක් කළ හැක

අස්වැන්න වැඩි වන විට දේශීය වෙළද පොලේ ඉල්ලුම වැඩි වැඩි නොවූවද ඊට විකල්ප ඇත . නව වෙළද පොළ සොයා යාම මීට විකල්පයකි. සහල් වීදේශ රටවලට අපනයනය කිරීම එක් විකල්පයකි .

එහිදී සහල් කිලෝ පිරිවැය සහ අපනයනය කරන මිල වැදගත් වෙයි.වර්තමානයේ සහල් වල මිල ගණනය කරන ක්‍රමය වැරදිය.

සාමාන්‍යයෙන් හාල් කිලෝ එකක් නිෂ්පාදනය සදහා වතුර ලීටර් 2500 පමන අවශ්‍ය වෙයි. ගොවියාට ජලය නොමිලේ දෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වැව්, මහවැලිය නඩත්තුව සදහා රජය විශාල මුදලක් දරමිනි. පොහොර සහනාධාරය , කෘෂිකර්ම ආමාත්‍යශය වැනි දෑ සදහාද රජය වියදම් දරණු ලබයි

වතුර ලීටරයකට ශත 20, පොහොර සහනාධාරයට රු 25, නොමිලේ සපයන සේවා සදහා රු 50 ලෙස බර තබා යලි සහල් කිලෝ එකක පිරිවැය ගණනය කළ හොත් හාල් කිලෝ එකක දැන් පෙන්වන පිරිවැය දෙගුණයක් විය යුතුය. නමුත් සත්‍ය පිරිවැය එයයි

එවැනි පිරිවැයක් සහිත හාල් අපනයනය කළ නොහැක . මක්නිසාදයත් යූරියා , කෘමිනාශක තමන්ගේ රටේ හදන පකිස්ථානය ඉන්දියාව වැනි රටවල් සහල් කිලෝ එකක් ඉතා අඩු පිරිවැයකින් නිපදවයි. මහා පරිමානයෙන් වී වගා කිරීම පිරිවැය අඩුවීමට තවත් හේතුවක්.

ඒ අනුව අපට ඉතිරිවන අනෙක් විකල්පය නම් . එක්කෝ සහල් වලින් අගය එකතු කළ අතුරු නිෂ්පාදන බිහි කළ යුතුය.හාල් වලින් කිරි , වයින්, බියර්, whisky සුවඳ විලවුන්, තෙල් සෑදිය හැක .

අපේ ශ්‍රමබළකායෙන් 25%ක් නිරතව ඉන්නේ කෘෂිකර්මාන්තයේය.නමුත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) කෘෂිකර්මය දායක වෙන්නේ 8% පමණි. ලංකාවේ ගොවිතැන තුල ඌන ශ්‍රම උපයෝගීතාවයක් පවතියි. මීට විසඳුම පලදායිතාව වැඩි කිරිමය. ලංකාවේ වගා බිම් කුකුල් කො‍ටු මෙන් කුඩා ඒවාය. පරම්පරවෙන් පරාවට ඉඩම් බෙදී ගොස් වර්තමාන ගොඩ මඩ වපසරිය කුඩා වී ඇත.පිරිවැය අවම වන මහා පරිමාණ වගාවක් කළ නොහැක.

ලංකාවේ තියෙන ඉඩම් වලින් 82% ක්ම අයිති ආණ්ඩුවට. සරලවම කියනවනම් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වෙච්ච හෙක්ටයාර මිලියන 6.5 න් හෙක්ටයාර මිලියන 5.4 ක්ම අයිති ආණ්ඩුවටය.මේවා වගා කටයුතුවලට නිදහස් කළ යුතුය.

වත්මන් කෘෂිකර්මාන්තය යනු අතින් වියදම් කරගෙන හරක් බලනවා වැනි වැඩක් බව මින් පැහැදිලිවනවා ඇත.කරුනු එසේ හෙයින් ලංකාවේ කෘෂිකර්මාන්තය අත්තිවාරමේ සිට යලි පිලිසකර කළ යුතුව ඇත.