මෙලෝ හසරක් නොදැන ආර්ථිකය ගැන ලොරි ටෝක් දෙන ඔස්තාර්ලා

0
208

ලංකාවේ ජනයා දේශපාලන පොර ටෝක් දෙන්න දක්ෂයෝය. ආර්ථිකය, දේශපාලනය, විදේශ කටයුතු ගැන ඔවුන් නොදන්නා දෙයක් නැත.නමුත් ඒවා හිස් ප්‍රලාප පමනි. ලංකාව විනාශ වූයේ මහ දැන මුත්තන් නිසාය .

ගමේ තේ කඩයක් කරන අයෙක් වුවද , එහි ආදායම, වියදම, ණය ගැන හොදින් දැනුවත් විය යුතුය. එම ගණන් ඉලක්කම් ගැන අවබෝධයකින් තොරව කටයුතු කළ හොත් තේ කඩය බංකොලොත් වනවා නියතය.

රටක තත්වයද‏ මීට සමානය. ලංකාවේ ජාතික නිෂ්පාදිතය, රජයේ ආදායම , රජයේ වියදම, ණය ගැන ගණන් හිලව් දන්නේ කීයෙන් කී දෙනාද ?අඩුම තරමින් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් වත් ඒ ගැන දන්නවාද? ලංකාවේ ආර්ථිකය ගැන ලොරි ටෝක් දෙන්නේ මේවා ගැන දැනගෙනද ?

එවැනි තත්වයක් තුල තමන්ට සහ රටට කෙලවීම වීම අරුමයක් නොවේ.

ලංකාවේ සැබෑ තත්වය පහත පරිදිය

ලංකාවේ ජාතික නිෂ්පාදිතය- ඇ.ඩො.බි 82
රජයේ ආදායම රු කෝටි 228400 (රු බිලියන 2284)

රජයේ වියදම රු කෝටි – 524500 (රු බිලියන 5245)

හිගය 296 100 රු කෝටි (රු බිලියන 2961)

රජයේ ආදායමේ මූලාශ්‍ර පහත පරිදිය

බදු නොවන ආදායම් 8%
එකතුකළ අගය මත බදු 24%
නිෂ්පාදන බදු 24%
ආදායම් බදු – 20%
අනෙක් බදු 20%
ආනයන බදු 8%

බදු වල ස්වභාවය – සෘජු බදු 22%
බදු වල ස්වභාවය – වක්‍ර බදු 78%

රජයේ වියදම් බේදී යන ආකාරය පහත පරිදිය
පොලී ගෙවීම් 36%
වැ‍ටුම් හා වේතන 30%
අනෙකුත් භාණ්ඩ හා සේවා7%
රාජ්‍ය ආයතන සහ සංස්ථා වෙත පැවරුම් 4%
කු‍ටුම්භ අංශය වෙත පැවරුම් 23%

ණය සංයුතිය ( මීට අමුනා ඇති වගු බලන්න )

(2021) මුලදී පැවැති මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රු. බිලියන 15117.2 ක් වේ දේශීය ණය ප‍්‍රමාණය රු. බිලියන 9931.7 විදේශ ණය ප‍්‍රමාණය 6632.8

ලංකාවේ රාජ්‍ය ආදායම ණය සහ ලබාගත් ණය වාරික ගෙවීමට වත් ප්‍රමාණවත් නැත .

16 ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීමට, ලක්ෂ පහකට අධික වූ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට, නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට, සංවර්ධනයට ආදී සියල්ලට මුදල් යොදා තිබෙන්නේ ණයටය.

විදේශ ණය මේ වනවිට ඩොලර් බිලියන 55 ක් දක්වා වැඩි වී තිබේ. දේශීය ණය කන්ද රුපියල් ට්‍රිලියන 13 ක් දක්වා ඉහළ ගොස්ඇත

ඩොලරය ඉහල යන විට විදේශ ණය ඊට අනුලෝමව ඉහල යයි

 

අපනයන ආදායම (ඇ ඩො බිලියන 12)
ආනයන වියදම (ඇ ඩො බිලියන 20)
ආනයන සහ අපනයන අතර වෙනස (ඇ ඩො බිලියන 8 හිගයක්)

අපනයන දිශාව
ඇමෙරිකාව – 25%
එංගලන්තය – 9%
ඉන්දියාව – 6%
යුරෝපා සංගමය – 23 %

ආනයන දිශාව
චීනය – 22%
ඉන්දියාව 19%
එක්සත් අරාබි එමීර් 6%
සිංගප්පූරුව 5%

විදේශ විනිමය

ලංකාවට විදේශ විනිමය දෙන මාර්ග කිහිපයකි. අපනයන ඉපැයුම්, විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ, සංචාරක ඉපැයීම, කොළඹ කොටස් වෙළෙඳපළ වෙත ලැබෙන ඉපැයීම්, විදේශ ඍජු ආයෝජන, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, දිගු කාලීන ණය ඒ අතර වෙයි.

භාණ්ඩ අපනයනය තුළින් 2021 වර්ෂයේ ඇ.ඩො. බිලියන 10, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඇ.ඩො. 5.4 , සංචාරක ඉපැයීම් , කොටස් වෙළෙඳපොළින් ලැබී තිබූ විදේශ විනිමය කඩා වැ‍ටුණි

රුපියල ඩොලරයට සාපෙක්ෂ්ව පා කළ යුතු යැයි ආර්ථික විශ්ලේෂකයන් විවිධ අවස්ථාවන්වලදී අදහස් ප්‍රකාශ කර තිබුණත් රජය තවදුරටත් ඩොලරය පාලනය කිරීමට ගෝඨාභය රජය පියවර ගත්තේය.ඒ අනුව වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථායිව පවත්වා ගෙන යාමට පිරිවැයක් දැරිය යුතු විය. මේ පිළිබඳව සැබෑ දත්ත නොමැති වුවත් ඇ.ඩො. බිලියන 2.2 පිරිවැයක් දැරීමට සිදු වූ බව ගණන් බලා ඇත.

ස්වෛරී ණය පැහැර හැරීම කියන්නේ කුමක්ද ?
මේ ලිපියේ ඉහතින් සදහන් කළ ආකාරයට ආණ්ඩුව දේශීය වශයෙන් 54%ක් ද විදේශීය වශයෙන් 46%ක් ද ණය ලබා ගෙන තිබෙනවා. දේශීය වුණත් විදේශීය වුණත් නියමිත පරිදි මේ ණය හා වාරික ගෙවිය යුතුයි. ඒත් දේශීය ණය ගෙවීමේදී ආණ්ඩුවක් දැඩි අර්බුදයකට ලක්වන්නේ නැහැ. ඊට හේතුව ‘දේශීය ණය ගෙවීමට ඩොලර් අවශ්‍ය නොවීමයි. ආණ්ඩුවට අලුතින් මුදල් මුද්‍රණය කරමින් හෝ (රුපියල්වලින්) ඒ ණය ගෙවා දැමිය හැකියි. අලුතින් මුදල් මුද්‍රණය කිරීම මගින් ඇතිවන උද්ධමනය ආදිය ගැන ආණ්ඩුව නොසලකන නිසා මෙහිදී ගැටලු හා පීඩනය අඩුයි.

ඒත් ආණ්ඩුව විදේශ ණය ගෙවීමේදී පැහැදිලිවම ‘ඩොලර්වලින්‘ ඒ ණය ගෙවා දැමිය යුතුයි. අර්බුදය ඇතිවන්නේ ඒ අවස්ථාවෙියදීයි.

ආර්ථික විද්‍යාවට අනුව ‘ස්වෛරී රාජ්‍යක් ( ස්වාධීන රටක්) විසින් ලබා ගන්නා ලද ණය ‘ස්වෛරී ණය‘ ලෙස හදුන්වනවා. විශේෂයෙන් රජයක් ‘විදේශීය විනිමය තුළින් ලබා ගන්නා ලද ණය‘ ස්වෛරී ණය ලෙස හඳුන්වනවා. ඒ අනුව ලංකාව විදේශීය විනිමය හරහා ගන්නා ස්වෛරී ණය සඳහා ඇපවීමක් සිදු කෙරෙනවා. එලෙස ඇප වන්නේ බැඳුම්කර හරහා. ඒවාට ස්වෛරී බැඳුම්කර කියා කියනවා. මේ වනවිට අපේ රට එවැනි බැඳුම්කර විශාල ප්‍රමාණයක් නිකුත් කර ණය ලබාගෙන තිබෙනවා.

ආර්ථික විද්‍යාවට අනුව ස්වෛරී ණය පැහැර හැරීම යනුවෙන් අදහස් කරන්නේ ‘යම්කිසි ස්වෛරී රාජ්‍යයක් විසින් ගන්නා ලද ණය පරිණතවීමේදී එය ගෙවීම පැහැර හැරීමක් හෝ ගෙවීමේ නොහැකියාවක් තියෙන තත්ත්වයකට පත්වීමයි. එවැනි රටක් ‘ ස්වෛරී ණය හැරි රටක් ලෙස හදුන්වයි. ලංකාව එවැනි රටකි