අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 15

රාජපක්ෂලා පුම්බන නෙළුම් කුළුන කැම්පේන් එකේ හෙළුව මෙන්න

0

නෙළුම් කුළුනෙන්  ඩොලර් මිලියන 100 ක වාර්තා ගත ආදායමක් ලද බවට ලිපි සහ පෝස්ටර් මේ වන විට හුවමාරු වෙයි.මුහුණු පොතේ ජනප්‍රිය පි‍ටු කිහිපයකම මෙවැනි පොස්ටර් පලවී තිබෙනු දැක ගත හැකි විය .අප මෙහි සත්‍ය අසත්‍ය තාවය සොයා බැලු අතර එය පහත පරිදිය.

ඩොලර් මිලියන 100ය රුපියල් වලට හැරවූ විට එය රු බිලියන 37 ක් පමන වෙයි.

නෙළුම කුළුන මහජනයාට විවෘත කළේ සැප් මස 15 දිනය.  එහි වැඩිම ආදායම ලැබුවේ විවෘත කළ පලමුවැනි දිනය . එම දිනයේ ආදායම  රු මිලියන 1.5 ක් පමනි . එය ඩොලර් වලට හැරවූ පසු  එය 4215 කි.

සැප් 15 වැනිදා සිට සැප් 18 වනදා දක්වා නෙළුම් කුළුනෙන් ලැබී ඇත්තේ රු  මිලියන 5 කට ආසන්න මුදලකි. එනම් ඩොලර් 14000 ක පමන මුදලකි.

නෙළුම් කුළුනෙන් ඩොලර් මිලියන 100 අදායම් ලද පුවත අමු කෙබරයකි

‘නෝලිමිට්’ ඩුබායි ආක්‍රමණය කරයි, සැබැවින්ම ඔවුන් රටට අභිමානයක් !

0

ලංකාවේ විශාලතම නිමි ඇඳුම් ව්‍යාපාරය වන  ‘නෝලිමිට්’  UAE දක්වා සිය මෙහෙයුම් පුළුල් කොට ඇත. ඊයේ එනම් 17 සැප් 2022 දින සිය ප්‍රථම UAE ප්‍රදර්ශනානාගාරය Al Ghurair ශොපින් මෝල්හි  විවෘත කළේය.

මැද පෙරදිග  නිමි ඇඳුම් වෙළද පොලින්  60 % පමන  ඉන්දීය ව්‍යාපාරිකයන්  විසින් අත්පත් කොටගෙන ඇත. එවන් තත්වයක් තුල ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු  UAE වල ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම ශ්‍රී ලාකික අපට අඩම්බර විය හැකි කරුනකි.

නෝලිමිට්  විජයග්‍රහණයට ලංකාවෙන්  නිසි පිළිගැනීමක් ලැබුනේ නැත.නිසැකවම ඒ ඔවුන් මුස්ලිම් නිසාය. රාජපක්ෂලා බලයට පත්වුදා පටන් දෙමල ,මුස්ලිම් ජනයා බිල්ලෙකු ලෙස පෙන්වූයේය. දෙමල මුස්ලිම් ජනයාට එරෙහිව සිංහලයා කෙටවූයේය . රාජපක්ෂලා   සිංහලයාගේ  ගැලවුම් කරු ලෙස කූට රංගනයක නියලෙමින් දේශපාලන ගේම් එකක් ගැසුවේය

සිංහල අවුරුද්ද ලග එන විට කුමන්ත්‍රණකාරී ලෙස  මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ‍රැල්ලක් ඇති කළේය. නෝ ලිමිට් ප්‍රදර්ශනාගාර ගිණි බත් කළේය. නෝ ලිම්ට් වෙත යන අයට කුණු බිත්තර ගහන ‍රැල්ලක් ඇති කලේය. මේ සියළු කුමන්ත්‍රණ මෙහෙය වූයේ රාජපක්ෂලා විසිනි. අද ඔවුන් රටද බංකොලොත් කොට ඔවුන්ද දේශපාලන වශයෙන් බංකොලොත් වී ඇත.

නෝ ලිමිට් සිය ව්‍යාපාර ආරම්භ කළ  Al Ghurair ශොපින් මෝල් එක තුල   Aeropostale, Brevery hills polo club, cat, Giordano, koton , max , Splash , forever 21, OVS , R&B , Marks & Spencer  වැනි ලොව සුපතල වෙළද සැල් පිහිටා ඇත .අනාගතයේදී ලංකාවේ  ‘නෝ ලිමිට්’ ජාත්‍යන්තර සන්නාම සමග කරට කර සටන් කරනු ඇත. සැබැවින්ම ‘නෝ ලිමිට් ලංකාවට’ ආඩම්බරයකි,අභිමානයකි.

ශ්‍රී ලංකන් ගුවන් යානාව ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසුනේ කවුද ?

0

මීට දින කිහිපයට පෙර ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු  මාලේ ගුවන්තො‍ටුපොලේදී  අත්අඩංගුවට ගත්තේය.සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 6 ක ‍රැදවුම් නියෝගයකට යටත් කළේය. මොවුන් සතුව පුපුරණ ද්‍රව්‍ය තිබූ බව  මුලින් ප්‍රකාශ විය.

මෙම සිදුවීම වාර්තා වීමත් සමගම ඉන්දීය ආරක්ෂක බුද්ධි අංශයේ ඉහලම නිළධාරියෙක්  මාලදිවයින වෙත පැමිණ ඇත.එම පුද්ගලයා සැකකරුවන් දෙදෙනා  නිදහස් කරගැනීමට මාලදිවයින් රජය සමග සාකච්ඡා පැවැත්වූ බව වාර්තා විය

එම සිදුවීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා සම්බන්ධව සංශෝධිත වාර්තාවක් නිකුත් වූයේය. සැකකරුවන් දෙදෙනා සතුව පුපුරණ ද්‍රව්‍ය නොතිබූ බවත් ඔවුන් සතුව තිබුනේ ආවේක්ෂණ  උපකරණ බවට ප්‍රකාශ විය. එය  මුල් වාර්තාවට පරස්පර වූවකි.පුපුරණ ද්‍රව්‍ය ‍රැගත් ඉන්දීය ජාතිකයන් දෙදෙනාගේ සිදුවීම බොහෝ මාලදිවයිනේ  මාධ්‍ය  වාර්තා කොට ඇත

මෙම සිදුවීම  ලංකාවට අතිශ්‍ය  වැදගත් වන්නකි.මක්නිසාදයත් සැකකටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනා ශ්‍රිලන්කන් ගුවන් සේවාවට අයත්  යූ.එල් 104  යානාවේ ගමන් කිරීමට නියමිතව සිටි නිසාය. යම් හෙයකින් ශ්‍රී ලංකන් යානාවක පිපිරීමක් සිදුවුවහොත් රටක් ඉතිරි වන්නේ නැත. ලංකාව එනයින්ම විනාශ වනු ඇත .

වාපී ශිෂ්ඨාචාරයෙන් ඔප් නැංවුන  අනුරාධපුර , පොළොන්නරු රාජධානි අපට අහිමි වූයේ ඉන්දීය ආක්‍රමණ නිසාය. සන්නද්ධ දෙමළ සටන් කාමීන් බිහි කළේ ඉන්දීය රෝ සංවිධානයයි.රට වසර 30 ආපස්සට ගෙන ගිය දෙමළ ත්‍රස්තවාදයේ පියා ඉන්දියාවය.  පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ඉන්දීය රෝ සංවිධානයයි.

ලංකාව  යටත් කර ගැනීමට ඉතිහාසය පුරාවට  ඉන්දියානුවන් යොදා ගත් සරල උපක්‍රමයක් ඇත. පලමුව මෙරට අභ්‍යන්තර ගැ‍ටුම් අවුළුවයි. ඉන් පසු රජ්‍ය දුර්වල කොට ආක්‍රමණය දියත් කරයි.  ආර්ථික සහ දේශපාලන වශයෙන් මෙරට අරාජික වූ විට යටත් කර ගැනීම පහසුය .

කරුණු එසේ හෙයින්  ලංකාව යටත් කර ගැනීම උදෙසා ඕනෑම ප්‍රහාරයක් එල්ල කිරීමට ඉන්දියානුවන් පසුබට නොවෙයි. මෙම ඓතිහාසික සත්‍ය සිහිතබාගෙන මෙරට පාලකයන් වැඩ කළ යුතුය

කොමිස් කුළුන මහ ජනයාට විවෘත කිරීම paid campaign එකක්, මරණ මංචකයේ පිස්සු කෙළින මිහිදු පිනවන නාට්‍යක්

0

නෙළුම් කුළුන මහජනයාට විවෘත කිරීම රාජපක්ෂලාගේ තවත් එක ගෝනි සෙල්ලමක් බව අපට තොරතුරු දෙන රාජපක්ෂ පවුලේ අයෙක් හෙළිදරව් කළේය.

නෙළුම් කුළුන සන්නිවේදන ව්‍යාපෘතියකි. මෙහි TV චැනල් 50ක්, ගුවන් විදුලි තරංග 35ක්, විදුලි සංදේශ 20ක් සඳහා පහසුකම් ඇත.  මේ දක්වා කිසිදු ආයෝජකයෙකු සන්නිවේදන ව්‍යාපෘති වල ආයෝජන කොට නැත.

සූවස් ඇල කැපුවේ නැව් ගමනාගමනයටය , කවුරු හෝ  එහි මාළු බෑම ප්‍රමෝට් කරන්නේ නම්  එය විහිළුවකි ,තවත් අතෙකින් අපරාධයකි. නෙළුම් කුළුන සන්නිවේදන ව්‍යාපෘතියකි.  සන්නිවේදන ව්‍යාපෘති පසෙක තබා එහි  උත්සවශාලා, නැරඹුම් මැදිරි ප්‍රමෝට් කිරීම අපරාධයකි. එය සූවස් ඇලේ මාළු බෑම ප්‍රමෝට් කරනවා වැනි වැඩකි.

නෙළුම් කුළුන සදහා ලබා ගත් ණය කන්ද ඇ.ඩො. මිලියන 113කි. නෙළුම් කුලුන බැසිල්ගේ ප්‍රොජෙක්ට් එකකි. නෙළුම කුළුන ව්‍යාපෘතියෙන් බැසිල් සොරකම් කර හැටි හිටපු ජනාධිපති සිරිසේන සාක්ෂි සහිතව හෙළිදරව් කොට ඇත .

නෙලුම් කුළුන ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළේ මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහය. මොහු හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශකයෙකි. අද නෙළුම් කුළුනේ ප්‍රධානියා මොහුය.  නෙළුම් කුළුන මහජනයාට විවෘත කරන  Paid  කැම්පේන් එක සම්බන්ධීකරණය කළේ මොහුය .

නෙළුම් කුළුන නාට්‍යයේ මහ මොළකරුවන් වන්නේ  නාමල්, චිචී  සහ වියපත් සහොදරයන් පිරිසය.  නෙළුම් කුළුන තුසිත දෙව් ලොව වගේ කියූ භික්ෂුව රාජපක්ෂ නිකායේ  සිවුරුකාරයෙක් බව මේ වන විට හෙළි වී ඇත. නෙළුම් කුලුනට ප්‍රශස්ති ගැයූ පුද්ගලයන් චිචී විසින් පුහුණු කළ අය බව මේ වන විට හෙළි වී ඇත.

මෙම තොරතුරු අපට ලබා දුන් රාජපක්ෂවරයා කී පරිදි   දැන් පෙන්වන නෙළුම් කුළුන ජවනිකා එක්තරා ආකාරයක කඳුළු කතාවකි.මහින්ද මේ වන විට ශාරීරිකව හා මානසිකව රෝගී වී සිටියි. ඔහුගේ මානසික තත්වය අතිශ්‍ය දුර්වල වී ඇත. පවුලේ අය සහ  නිළධාරීන් සිදු කළ සොරකම් නිසා තමන් විනාශ වූ බව මහින්ද විශ්වාස කරයි. චමල් , බැසිල්, ගෝඨා, ශවේන්ද්‍ර මේ ආකාරයට නම් ලැයිස්තුවක් කියමින් මහින්ද, ඔවුන්ට දෝශාරෝපනය කරමින් සිටියි.

මහින්දට අනුව නෙළුම් කුළුනෙන් සොරකම් කොට ඇත්තේ බැසිල් සහ නිලධාරීන් කිහිප දෙනෙකි. මේ වන විට නෙළුම් කුළුන මහින්දගේ ලේ කෝප කරන ප්‍රභලතම දසුන වී ඇත . මෙම තත්වය මහින්දගේ සෞඛයට අහිතකර බව වෛද්‍යවරු අවධාරණය කොට ඇත.

ඒ අනුව  නෙළුම් කුළුන සහ රාජපක්ෂලා පිලිබදව මහජනයා සතු‍ටු වන බව පෙන්වීමට පවුලේ අය  උපායක් යොදා ඇත. නෙළුම් කුළුන මහජනයාට විවෘත කරන නාට්‍ය  නිෂ්පාදනය කළේ ඒ අනුවය.දු‍ටු ගැමුණු මරණ මංචකයේ සිටියදී ඔහුට අඩක් නිමවූ  රුවන්වැලි සෑයේ සුදු රෙදි ඔතා, ජනයා ඊට වන්දනා මාන කරන අන්දම  පෙන්වූ බව වංශ කතාවල ඇත. නෙළුම් කුළුන නාට්‍ය ගුණයෙන් ඊට වෙනස් වුවද රසයෙන් ඊට සමාන එකකි

මිනීමරුවන්ට සහ ආර්ථික ඝාතකයන්ට අබ සරණයි – ‘හික්’ ගෑවෙන ස්ටෝරිය මෙන්න

0

UNHRC 51 වැනි සැසිවාරය දැන් ආරම්භ වී ඇත.එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය . මෙම සැසිවාරය  අතිශ්‍ය තීරණාතමක එකක් වී ඇත . ඒසේ වීමට බල පෑ ප්‍රධාන හේතු 3කි

1.  ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීම

2. ආර්ථිකය විනාශ කළ අයට එරෙහිව  නීතිය ක්‍රියාත්මක  කිරීමට යෝජනා කිරීම

3. පිල්ලෙයාන් පාර්ශවයේ පිරිසක් තමන් සිදු කළ කොන්ත්‍රාත් ඝාතණ ගැන  පාපොච්චාරණයකට සූදානම් වීම

නව යෝජනා සම්මතය ගෙන එන්නේ පෙර  සම්මත වූ 46/1 යෝජනාවළියට ඌණ පූරණයක් ලෙසිනි.  කරුනු එසේ හෙයින් සමස්ත කතාව තේරුම්  ගැනීමට නම් 46/1 යෝජනාවේ තිබූ දෑ මතක්කර ගත යුතුය. 46/1 ( 6) වැනි ජේදය යටතේ ලංකාවේ අධිකරණ බලප්‍රදේශයට පිටින් යුධ අපරාධ පිළිබදව  සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණයක් පිහි‍ටුවීමට යෝජනා කර ඇත.

දැන් නව  යෝජනාව හරහා තවත් පියවර කිහිය ඉදිරියට තබා ඇත .නඩු විභාග කිරීමට   තාවකාලික විශේෂ අධිකරණයක් පිහිටුවීමට  යෝජනා කොට ඇත. එමෙන්ම  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධව  ජාත්‍යන්තර සහාය ඇතිව  විනිවිද පෙනෙන පරීක්ෂණයක් ස්ථාපිත කිරීමට  යෝජනා කොට ඇත.

ආර්ථික අපරාධ පිළිබදව විමර්ශනය කරන ලෙස සහ   සොරකම් කළ වත්කම් සෙවීමට කටයුතු කරන ලෙස   ලංකාවට යෝජනා කොට ඇත.

පිල්ලෙයාන් පාර්ශවයේ හිටපු සාමාජිකයන් පිරිසක් තමන් සිදුකළ කොන්ත්‍රාත් ඝාතණ ගැන UNHRC එකේදී පාපොච්චාරණයක් කිරීමට සූදානමින් සිටියි. එහිදී ජෙයරාජ් ඝාතණය, මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතණය , රවිරාජ් ඝාතණය , ජෝශප් පරරාජසිංගම් ඝාතනය ඇතුලු ඝාතණ ඝානනාවක තිරය පු‍ටුපස කථාව හෙළිදරව් කිරීමට සූදානමින් සිටියි

යුධ අපරාධ සිදුකළ හමුදා නිළධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරන ලෙස සාමාජික රටවලට යෝජනා කොට ඇත .මේ අනුව ඉදිරියේදී  කමල් ගුනේ , ශවේන්ද්‍ර  ඇතුළු යුධ අපරාධ චූදිතයන්ට  ඉන්දියාව බලා යාම පවා භයානක  වනු ඇත.

 

පොහොට්‍ටුවේ පළුවක් ගැලවීමට ඉහල පෙලේ නිලධාරීන් පිරිසක් යොදවලා

0

පලාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට මැතිවරණ කොමිසම සුදානමින් සිටියි.මෙම හේතුව නිසා පවතින දේශපාලන වාතාවරණය ගැන දේශපාලන පක්ෂ සහ බුද්ධි අංශ සමීක්ෂණ කිහිපයක් සිදු කොට ඇත .රටේ පවතින වාතාවරණය ගැන විශේෂ වාර්තාවක් ජනාධිපති රනිල් වෙතද යවා ඇත . පහත දැක්වෙන්නේ එවැනි වාර්තාවකින් උපුටා ගත් කරුණු සමූහයකි.

1. මැතිවරණය සූදානම අතින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර ඉදිරියෙන්ම සිටියි, ජවිපෙ සහ සජබ බිම් මට්ටම ආවරණය කරන දීපව්‍යාප්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භ කොට ඇත.

2. මැයි 9 ගැ‍ටුම් වලදී ගම් මට්ටමේ පොහොට්‍ටු දේශපාලකයන් 542 කගේ දේපල හානි වී ඇත. ඔවුන් කිසිවෙකුට මේ දක්වා වන්දි ලැබී නැත. මේ හේතුව නිසා බිම් මට්ටමේ පොහොට්‍ටු ක්‍රියාකාරීන් රාජපක්ෂලා කෙරේ කලකිරී සිටියි

3. මැයි 9 අරලියගහ මැදුරට පැමිණි බස් 42 ක් ගිණිබත් කොට ඇත. ඒවාටද සතයක් වත් වන්දි ලැබී නැත. මේ හේතුව නිසා එම බස් ‍රැගෙන ආ ගමේ පොහොට්‍ටු දේශපාලකයන් අසරණ වී සිටියි

4. මාර්තු 31 සිට මැයි 15 දක්වා සිදුවූ දේපොළ හා ජීවිත හානි විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති පත්කළ කොමිසම වින්දිතයන්ටම පාරාවලල්ලක් වූ අවනඩුවක් බවට පත්ව ඇත .ඊට හේතුව කොමිසම තමන්ගේ එකක් යයිසිතු ඇතැම් දේශපාලකයන් කෝටි 50-100 අතර වන්දි ඉල්ලූහ. නමුත් රනිල්ගේ පැමිනීම සමග තත්වය වෙනස් විය පොහොට්‍ටු දේශපාලකයන් ලබා දුන් තක්සේරු වාර්තා අයතා ඉපයීම් පිළිබද නඩු නිමිති බවට පත්ව ඇත.

5. ගමේ පොහොට්‍ටු දේශපාලකයන්ට වන්දි නොලැබුනද ජාතික මට්ටමේ දේශපාලකයන් විවිධ ක්‍රම ඔස්සේ හානිපූරනය සිදුකරගෙන ඇත.මේ හේතුව නිසා පොහොට්‍ටු බිම් මට්ටම දෙදරා ගොස් ඇත.

6. එජාපයේ සහ ශ්‍රී.ල.නි.ප ප්‍රතිසංවිධාන කටයුතු මේ දක්වා ආරම්භ වී නොමැත.පක්ෂ මූලස්ථානයේ පවතින ගැ‍ටුම් මීට හේතු වී ඇත.

7. පොහොට්‍ටුවෙන් ස්වාධින වූ දේශපාලනඥයන්ද මේ දක්වා බිම් මට්ටම කරා ගොස් නැත.

බිම් මට්ටම දෙදරා යාම ගැන පොහොට්‍ටු මන්ත්‍රීවරයකුගෙන් අප විමසිමක් කළෙමු. මැය 9 දේපල හානි සම්බන්ධව තමන්ට හෝ කිසිදු මන්ත්‍රීවරයෙකුට මේ දක්වා සතයකවත් වන්දියක් ලැබී නැති ඔහු කීවේය . නමුත් රජය විසින් වන්දි ගෙවූ බවට පුවතක් ශූක්ෂමව ජනගත කොට ඇති බව ඔහු කීවේය .

මෙය බරපතල කුමන්ත්‍රණයක් බව ඔහු කීවේය. මෙම කුමන්ත්‍රණය පි‍ටුපස බුද්ධි අංශ සහ රජයේ නිළධාරීන් පිරිසක් සිටිය හැකි බව ඔහු කීවේය.මේ වන විට ශවේන්ද්‍ර , කමල් ගුණරත්න ඇතුලු ඉහළ නිළධාරීන් බොහොමයක් රනිල්ගේ කීකරු ගෝලයන් වී ඇති බව ඔහු කීවේය . දෙරණ හිරු ඇතුළු මාධ්‍ය ආයතනද රනිල්ට පක්ෂ වී ඇති බව කීවේය .

එදා පොහොට්ටූව ආරක්ෂා කළ ඔවුන් අද පොහොට්‍ටුවට එරෙහිවී වී ඇති බව ඔහු කීවේය මේ හේතුව නිසා මහජනතාව සහ ප්‍රාදේශීය දේශපාලකයන් හමුවේ දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔහු කීවේය. තමන් උපන් ගෙදර අනාථභාවයට පත්ව ඇති බව ඔහු වැඩි දුරටත් කීවේය .

පවතින දේශපාලනය , ආර්ථිකය සහ එජාපයේ ප්‍රතිසංවිධාන පිළිබදව කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ප්‍රභලයෙකුගෙන්ද අප විමසීමක් කළෙමු. ආර්ථිකය ගොඩගැනීමට හැකි නමුත් ඊට සැත්කමක් කළ යුතු බව ඔහු කීවේය. එය එක් අවයවයක් ඉවත් කොට ජීවිතයක් බේරා ගැනීමක් බදු සැත්කමක් බව ඔහු කීවේය

මේ වනවිට ප්‍රධාන දක්ෂිනාශික කන්ඩායම් එකතු වී ඇති නිසා එය අපහසු නොවන බව ඔහු කීවේය.මැතිවරණයට පෙර පොහො‍ටුවේ , ශ්‍රී.ල.නි.ප සහ සජබ පිරිසක් එජාපය සමග එකතුවීමට නියමිත බව ඔහු කීවේය. ඒ අනුව එජාපය ලාංකික දේශපාලනයේ නව පි‍ටුවක් පෙරලීමට නියමිත බව ඔහු කීවේය.

අරගලය හිස නැති එකක් – කොළඹ තානාපති අංශ කියයි

0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම යන අය මේ වන විට ත්‍රස්ත පනත යටතේ දින 90 ක ‍රැදවුම් නියෝගයකට යටත් කොට බන්ධනාගාර ගතකොට ඇත.

බෝහෝ දෙනෙකු සිතුවේ මොවුන් අත් අඩංගුවට ගත් සැනින් ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවට එරෙහිව  දැඩි පියවරක් ගනු ඇතැයි කියාය. නමුත් එවැන්නක් සිදු නොවුණි.

මේ සම්බන්ධව ජාත්‍යන්තරය දක්වන නිහඬතාව පිලිබදව කොළඹ සිටින තානාපති නිළධාරීන් කිහිප දෙනෙකුගෙන් අප විමසීමක් කළෙමු. අරගලය හිසක් නොතිබූ ,සැලැස්මක්  නොතිබූ,  හුදෙක් මුදල් මත දිවූ අරගලයක්  බව ඔවුන් කීහ.

අරගල කරුවන්ට මොළයක් තිබුනේ නම් මුලින්ම කළ යුතුව තිබුනේ ආන්ඩුවට බලපෑම් කොට  ත්‍රස්ත පනත ඉවත් කරගැනීම බව  ඔවුන් කීහ   . එවුන් එය එදා කළේ නම් අද  මෙසේ අත් අඩංගුවට පත් නොවන බව ඔවුන් පෙන්වා දුන්හ . තවද වසර ගණනාවක් පුරා නිකරුනේ අත් අඩංගුවේ සිටින සැකකරුවන්ටද ප්‍රතිලාභ ලැබෙන බව ඔවුන් පෙන්වා දුන්හ  .

අද අරගල නායකයන් ඔවුන්ගේ අසාර්ථකත්වයේම ගොදුරක් වී ඇති බව  ඔවුන් කීහ  .

මේවන විට PTA ත්‍රස්ත පනත යටතේ සැකකරුවන් 100 කට ආසන්න ප්‍රමාණයක් සිරගත කොට ඇත.  PTA සැකකරුවන්ගේ නිදහස වෙනුවෙන් යමක් කරන ලෙස අරගල නායකයන්ගෙන් ඔවුන් කිහිප වරක්ම ඉල්ලීම් කොට තිබුණි.නමුත් අරගල නායකයන් කිසිවක් නොකළේය

අවසානයේ අරගලයෙන් රටට ලැබුනේ අතිවිශාල ආර් ථික  හානියක් පමනි.

අසරණ වූ  PTA සැකකරුවන් මේ වන විට බන්ධනාගරය තුල උපවාසයක් ආරම්භ කොට ඇත . සැප් 23 වැනිදා UNHRC සැසිය ඇරඹීමට නියමිතව ඇත.

වරදකරුවෙකුගේ ශරීර භාෂාව ලොවට පෙන්වමින් ගෝඨා ලංකාවට ගොඩ බසියි

0

ගොල්ෆේස් කැරලිකරුවන්ට බියේ රටින්  පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අද  අළුයම යලි ලංකාවට පැමිනියේය . ඔහු පිළිගැනීමට පොහොට්‍ටුවේ මන්ත්‍රීන් පිරිසක් ගුවන් තො‍ටුපොල වෙත ගොස් තිබුණි.  ගෝඨාගේ ජනප්‍රිය සිනහවෙන් ‍රැස්ව සිටි පිරිසට කථා කළා විනා ඉන් එහා කිසිවක් නොකී බව එහි ගිය  මන්ත්‍රීවරයෙක් අපට කිවේය.තවද එහිදී දේශපාලනයට සම්බන්ධ කිසිවක් කතා කොට නැත.

එම අවස්ථාවට අදාල ඡායාරූප සමූහයක්  මේ වන විට වෛරල් වී ඇත.  ගෝඨා අයි කන්ටැක්ට් පවා මහහැර  සිටින අන්දම එම ඡායා රූප මගින් දැකිය හැක. තමන්ගේ ඉදිරි දේශපාලනය තියා රටේ දේශපාලනය ගැනවත් ගෝඨා කතා නොකළ බව අපට තොරතුරු දුන් මන්ත්‍රීවරයා  කිවේය

ගෝඨාගේ පැමිනිම පිළිබදව  ගුවන්තො‍ටුපොල වෙත නොගිය පොහොට්‍ටු මන්ත්‍රීවරයෙක්ද අප සමග අදහස් බෙදා ගත්තේය. අද අප සිටින්නේ ගම්පෙරලිය කතාවේ මෙන් සුවිශේෂ  සමාජ සහ දේශපාලන පරිනාමයක් සිදුවන අවධියක බව ඔහු කීවේය. ප්‍රභූ සමාජ ක්‍රමය බිඳ වැටී  නව  සමාජ ක්‍රමයක නැගිටීම දැන් සිදුවන බවත් එය වැලැක්විය නොහැකි බව ඔහු කීවේය.

ගෝඨා පිළිගැනීමට රාජපක්ෂ පවුලේ සහෝදර පිරිසද ගුවන් තො‍ටුපොල වෙත පැමින සිටියහ. දිනෙන් දින පිරිහී යන රාජපක්ෂ පවුල් දේශපාලනය ‍රැක ගැනීමට ඔවුන් දරණ උත්සාහය එහිදී පැහැදිලි විය

රාජපක්ෂ දේශපාලනය මේ ආකාරයෙන් බැස යන විට ඩලස් සහ විමල් විරවංශ ලාංකීය දේශපාලනයේ අලුත් පි‍ටුවක් පෙරලීමට සූදානම් වී සිටියි. ඩලස් පසුගියදා විපක්ෂයේ වාඩි වූයේය, විමල් ස්වාධීන පක්ෂ එකමුතු කොට නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම  අරඹා ඇත

එහි මංගළ මහා සමුළුව හෙට මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත. උත්තම දේශපාලන සභාගය ජනසතු  කීරිම ලෙස එය නම් කොට ඇත

ලක්ෂ 10 අනුගාමිකයන් සිටන ගෝඨාගේ මුහුණු පොත ජූලි 13 සිට අක්‍රිය වී ඇත ගෝඨාගේ අවසන් මාධ්‍ය නිවේදනයට ලැබී ඇති ප්‍රතිචාරය,  හා හා 9.2 K, ඇන්ග්‍රි මූඩ් 2.2 K, ලයික් 1.9.K.එය ගෝඨාගේ අනාගතය කියාපාන කැඩපතකි

රාජ්‍ය බිඳ වැට්ටිමට නන්දලාල්, හර්ෂ, සබ්‍රි සහ සජිත් එක්ව කුමන්ත්‍රණය කරලා , මෙන්න සාක්ෂි !

0

එකෝමත් එක රටක සාදු  කෙනෙක් හිටියා. මේ සාදු  ලස්සන බන කීවේය . ඒ නිසා සාදු  සිල්වත් යැයි මිනිස්සු සිතුහ. නමුත් ඇත්ත එය නොවීය.  සාදුට  ගෑනු හුටපටයක්ද තිබුනේය. මේ කතාව ගමේ සුලු පිරිසක් දැන සිටියහ. දවසක්  රෑ   සාදු  කාන්තාව බැලීමට ගියේය.  ඔය අතර ගමේ කොල්ලො සෙට් එක ගේ වට කළහ. සාදු ජනේලෙන් පැන නොපෙනී ගියේය . නමුත්  සාදු සිවුර වෙනුවට ඇඳ ගෙන ගොස් තිබුනේ කන්තාවගේ චීත්තයය.

පසුගියදා මෙවැනි සන්තෑසියක්   පාර්ලීමේන්තුවේ   සිදු විය. හර්ෂ පසුගිය කාලය පුරාම ආර්ථිකය ගැන බන කීවේය . උඩින් බන කීවද යටින් ආර්ථිකය බුන්වත් කිරීමට කුමන්ත්‍රණය කළේය .හර්ෂගේ වැඩ වලට නන්දලාල් බලල් අතක් විය.

පසුගිය 30 වැනිදා අර්ථික බනක්  කිරීමට  නන්දලාල් පාර්ලීමේන්තු ආවේය.  නන්දෙගේ බන ඇතුලේ අතුරු  බනක් කීමට හර්ෂ සූදානම් වී සිටියේය . නමුත් හර්ෂ – නන්දලාල් අනියම් සම්බන්ධය පාර්ලීමේන්තු මන්ත්‍රීවරු  බොහෝ දෙනෙක් දැන සිටියහ.ඒ අනුව මන්ත්‍රීවරු  නිසි ප්‍රතිචාර දැක්වූහ .එම ප්‍රතිචාර හමුවේ හර්ෂ පැන ගියේය.

දැන් හර්ෂ- නන්දලාල් කල්ලියේ ආරක්ෂාවට තවත් පිරිසක් පැමින ඇත. නන්දලාල් ක්‍රියාත්මක කළේ මුදල් ඇමති ලෙස තමා දුන් නියෝගය යයි අලි සබ්‍රි කීවේය . නන්දලාල්ගේ ද්විත්ව පුරවැසි භාවය පාදක කොට ගෙන ඔහු ඉවත් කිරීමට යන බව සජිත් කීවේය. මේවා පුහුල් හොරා කරෙන් දැනේ වැනි සිදුවීම්ය .

මේ ඉඟි වලින් තේරෙන්නේ හර්ෂ-සජිත්-නනදලාල් සහ අලි සබ්‍රි එකම රහස්  කණ්ඩායමක සාමාජිකයන් බවය. කරුණු එසේ හෙයින් මොවුන්ගෙන් ඇසීමට ප්‍රශ්න කිහියක් ඇත

1. අලි සබ්‍රි සහ නන්ද ලාල් ඇමෙරිකාවේ සිදුකළ  IMF වන්දනාවට වියදම් කළ මුදල කොපමනද ?

2. ලංකාවේ ආර්ථිකය  නැමති ලෙඩා මිය යාමට පෙර IMF සංචාරය නොකළේ ඇයි ( රට බුන්වත් බව ප්‍රකාශ කිරීමට කලින් IMF  සංචාරය නොකලේ ඇයි  )

3. කොළඹ  IMF නියෝජිතයෙක් සිටියි. රට බුන්වත් බව ප්‍රකාශ කිරීමට පෙර  IMF කොළඹ නියෝජිතයා සමගවත් සාකච්ඡාවක් නොකලේ ඇයි ?

4. ගෝත්‍රික ඇන්ගෝලාව , නයිජීරියාව වැනි රටවල් පවා රට බුන්වත් යයි කීමට පෙර පාර්ලීමේන්තුව දැනුවත් කළහ , IMF සමග කතා කළහ, අහෝ ලංකාවේ මහ බැංකු ලොක්කා අත්තනොමතික ලෙස  බුන්වත් බව ප්‍රකාශ කළේය. නන්දලාල්ගේ ක්‍රියාව රටට සිදු කළ මහා විනාශයකි.  වෙන රටක නම් මේ පිලිබදව නන්දලාල්ගෙන් මුලින්ම ප්‍රශ්න කරන්නේ විපක්ෂ නායකයා සහ මුදල් ඇමතිය. අහෝ! ලංකාවේ විපක්ෂ නායකයා සහ මුදල් ඇමති සබ්‍රි  නන්දලාල්ගේ ආරක්ෂකයන් විය

‘ගෝ ගෝඨා’ අරගයලට සජිත් – හර්ෂ- නන්දලාල් සහ අලි සබ්‍රි සහාය දුන් බවට තවත් සාක්ෂිද ඇත. අරගලයට වැඩිම මුදල් ප්‍රමාණයක් එවා ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ය. ඔවුන් බොහෝ දෙනෙකු අලි සබ්‍රිගේ හිතවතුන්ය. මින් පෙනී යන්නේ මොවුන් සියල්ල රට අරාජික කොට බලය අල්ලන කුමන්ත්‍රනයක කොටස් කරුවන් වී ඇති බවය

හර්ෂ සහ නන්දලාල් වහා අත්අඩංගුවට ගනු !

0

ඊයේ එනම් (30) පුරවැසියන්ගේ ඉතිරුම් වලින් 70 % ක් සොරා ගෙන ඇතැයි  හර්ෂ කීවේය . රු 100000 ඉතුරුම් තැන්පතුව දැන් වටින්නේ රු 30000 බව ඔහු කීවේය . ඒ අනුව රාජපක්ෂලා ඉතුරුම් වලින් 70% කොල්ලකා ඇති බව හර්ෂ පෙන්වා දුන්නේය . බැලූ බැල්මට මෙම ප්රකාශය ඉතා සංවේදී එකකි. රාජපක්ෂලා කෙරේ වෛරයක් ජනිත කරවන ප්රකාශයකි.

Our Brand is Crisis චිත්රපටිය ලංකාවේ සෑම පුරවැසියෙක්ම නැරඹිය යුතුය. එවිට භූදේශපාලන කුමන්ත්රණ , තක්කඩි පොලිටිකල් ගේම් තේරුම් ගැනීම පහසුය. මෙහිදී දේශපාලකයා කූට ලෙස අර්බුධයක් නිර්මානය කරයි. ඊලගට එම අර්බුධය විසදීය හැක්කේ තමාට බව පවසමින් බලය ඉල්ලයි. වෙනත් වචන වලින් කිව හොත් මාරයා, වෙදා ලෙස වෙස් වලා ගැනීමකි . හර්ෂ සිදුකරන්නේ ද එවැනි වැඩකි.

මීට පෙරද ලාංකීය දේශපාලනය තුල Our Brand is Crisis පන්නයේ ගෝනි සෙල්ලම් එමට සිදුව ඇත, උදාහරණ :

1. හෙළ උරුමය පක්ෂය මිෂනාරී කුමන්ත්රණක් නිර්මානය කළේය . ඉන් පසු එය ජයගත හැක්කේ තමාට බව පවසමින් බලය ඉල්ලුවේය

2. ගෝඨා දකුනේ මුස්ලිම් බිල්ලෙක් නිර්මානය කළේය .පසුව එය ජයගත හැක්කේ තමාට බව පවසමින් බලය ඉල්ලුවේය.

ලංකාවේ දේශපාලනඥයන් සොරකම් කළ බව ඇත්තය. නමුත් රට අද තිබෙන ඛේදජනක අඩියට වැටුනේ හොරකම් නිසා නොවේ . එය දෙස් විදෙස් සතුරු බලවේග සැලසුම් සහගතව සිදු කළ කුමන්ත්රණයකි. හර්ෂද සිල්වා සහ මහ බැංකු අධිපති නන්දලාල් ගැලවුම් කරුවන් නොව මෙම කුමන්ත්රණයේ කොටස් කරුවන්ය .

ණය ගෙවීම පැහැර හැරීමේ කිසිදු සැලසුමක් බැසිල් සහ කබ්රාල් සතුව නොවුණි. මොවුන් දෙදෙනා ණය ගෙවීමට ක්රමවේදයක් සකස් කොට තිබුනි. හර්ෂ ඉතා ශුක්ෂමව මෙම සැලසුම අඩාල කළේය . හර්ෂ පලමුව කබ්රාල් ගෙදර යැව්වේය .ඉන්පසු හිස් වූ ධූරයට තමන්ගේ ගෝලයා වු නන්දලාල්  ගෙන ආවේය .

හර්ෂ, රට බංකොලොත් බවට මනෝමූල සංග්රාමයක් කළේය . මුදල් ඇමති බැසිල් ඉලක්ක කොට පහර දුන්නේය. අරගල කරුවන් ලවා ඔහුවද ගෙදර යැව්වේය. බැසිල් සහ කබ්රරාල් එලවීම ගුවන් යානයක එක් ඇන්ජිමක් අක්රීයව අමාරුවෙන් ලෑන්ඩ් කීරීමට උත්සාහ කරන විට ,පයිලට් සහ කෝ පයිලට් එලවා දැමුවා වැනි වැඩකි

මේ අතර හර්ෂ තමන්ගේ ගෝලයා වූ නන්දලාල් හරහා රට බංකොලොත් බව ප්රකාශ කළේය.ඒ සමගම ලංකාවට කිසිදු රටකින් ණය ගත නොහැකි විය . රුපියල අවප්රමාණය විය .විදේශ ණය එක් රැයකින් ඩබල් විය. මිනිසුන්ගේ ඉතුරුම් වල වටිනාකම 70% කින් අඩුවිය .

ලංකාවේ මුදල් පාලනය පාර්ලීමේන්තුව සතු බලයකි. ණය ගෙවීම හෝ නොගෙවීම තින්දු කරන්නේ මහජන නියෝජිතයන්ය. නන්දලාල් වැනි අයෙකුට ඒ සදහා බලයක් නැත .නන්දලාල්ට උපදෙස් දුන්නේ හර්ෂය. මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් කළ හොත් කුමන්ත්රණය හෙලිවනු ඇත.

සැබැවින්ම මිනිසුන්ගේ ඉතුරුම් වලින් 70% හොරකම් කළේ හර්ෂ සහ නන්දලාල් දෙබානය, එක් රැයකින් විදේශ ණය දෙගුණ කළේ හර්ෂ සහ නන්දලාල් දෙබානය. මොවුන් දෙදෙනා දේශද්රෝහීත්වය යටතේ වහාම අත් අඩංගුවට ගත යුතු දෙදෙනෙකි.

නමුත් අවාසනාවට , එදා මුස්ලිම් බිල්ලා, ජයගත හැක්කේ ගෝටාට පමනයි, කියා විශ්වාස කළ පරිද්දෙන්, ආර්ථික අර්බුධය ජයගත හැක්කේ හර්ෂට පමනයි කියා විශ්වාස කරන බොහෝ පිරිසක් වෙයි.එනම් මාරයා වෙදා වී ඇත