ශ්‍රී ලංකන් ගුවන් යානාව ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසුනේ කවුද ?

0
633

මීට දින කිහිපයට පෙර ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු  මාලේ ගුවන්තො‍ටුපොලේදී  අත්අඩංගුවට ගත්තේය.සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 6 ක ‍රැදවුම් නියෝගයකට යටත් කළේය. මොවුන් සතුව පුපුරණ ද්‍රව්‍ය තිබූ බව  මුලින් ප්‍රකාශ විය.

මෙම සිදුවීම වාර්තා වීමත් සමගම ඉන්දීය ආරක්ෂක බුද්ධි අංශයේ ඉහලම නිළධාරියෙක්  මාලදිවයින වෙත පැමිණ ඇත.එම පුද්ගලයා සැකකරුවන් දෙදෙනා  නිදහස් කරගැනීමට මාලදිවයින් රජය සමග සාකච්ඡා පැවැත්වූ බව වාර්තා විය

එම සිදුවීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා සම්බන්ධව සංශෝධිත වාර්තාවක් නිකුත් වූයේය. සැකකරුවන් දෙදෙනා සතුව පුපුරණ ද්‍රව්‍ය නොතිබූ බවත් ඔවුන් සතුව තිබුනේ ආවේක්ෂණ  උපකරණ බවට ප්‍රකාශ විය. එය  මුල් වාර්තාවට පරස්පර වූවකි.පුපුරණ ද්‍රව්‍ය ‍රැගත් ඉන්දීය ජාතිකයන් දෙදෙනාගේ සිදුවීම බොහෝ මාලදිවයිනේ  මාධ්‍ය  වාර්තා කොට ඇත

මෙම සිදුවීම  ලංකාවට අතිශ්‍ය  වැදගත් වන්නකි.මක්නිසාදයත් සැකකටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනා ශ්‍රිලන්කන් ගුවන් සේවාවට අයත්  යූ.එල් 104  යානාවේ ගමන් කිරීමට නියමිතව සිටි නිසාය. යම් හෙයකින් ශ්‍රී ලංකන් යානාවක පිපිරීමක් සිදුවුවහොත් රටක් ඉතිරි වන්නේ නැත. ලංකාව එනයින්ම විනාශ වනු ඇත .

වාපී ශිෂ්ඨාචාරයෙන් ඔප් නැංවුන  අනුරාධපුර , පොළොන්නරු රාජධානි අපට අහිමි වූයේ ඉන්දීය ආක්‍රමණ නිසාය. සන්නද්ධ දෙමළ සටන් කාමීන් බිහි කළේ ඉන්දීය රෝ සංවිධානයයි.රට වසර 30 ආපස්සට ගෙන ගිය දෙමළ ත්‍රස්තවාදයේ පියා ඉන්දියාවය.  පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ඉන්දීය රෝ සංවිධානයයි.

ලංකාව  යටත් කර ගැනීමට ඉතිහාසය පුරාවට  ඉන්දියානුවන් යොදා ගත් සරල උපක්‍රමයක් ඇත. පලමුව මෙරට අභ්‍යන්තර ගැ‍ටුම් අවුළුවයි. ඉන් පසු රජ්‍ය දුර්වල කොට ආක්‍රමණය දියත් කරයි.  ආර්ථික සහ දේශපාලන වශයෙන් මෙරට අරාජික වූ විට යටත් කර ගැනීම පහසුය .

කරුණු එසේ හෙයින්  ලංකාව යටත් කර ගැනීම උදෙසා ඕනෑම ප්‍රහාරයක් එල්ල කිරීමට ඉන්දියානුවන් පසුබට නොවෙයි. මෙම ඓතිහාසික සත්‍ය සිහිතබාගෙන මෙරට පාලකයන් වැඩ කළ යුතුය