‘නෝලිමිට්’ ඩුබායි ආක්‍රමණය කරයි, සැබැවින්ම ඔවුන් රටට අභිමානයක් !

0
627

ලංකාවේ විශාලතම නිමි ඇඳුම් ව්‍යාපාරය වන  ‘නෝලිමිට්’  UAE දක්වා සිය මෙහෙයුම් පුළුල් කොට ඇත. ඊයේ එනම් 17 සැප් 2022 දින සිය ප්‍රථම UAE ප්‍රදර්ශනානාගාරය Al Ghurair ශොපින් මෝල්හි  විවෘත කළේය.

මැද පෙරදිග  නිමි ඇඳුම් වෙළද පොලින්  60 % පමන  ඉන්දීය ව්‍යාපාරිකයන්  විසින් අත්පත් කොටගෙන ඇත. එවන් තත්වයක් තුල ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු  UAE වල ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම ශ්‍රී ලාකික අපට අඩම්බර විය හැකි කරුනකි.

නෝලිමිට්  විජයග්‍රහණයට ලංකාවෙන්  නිසි පිළිගැනීමක් ලැබුනේ නැත.නිසැකවම ඒ ඔවුන් මුස්ලිම් නිසාය. රාජපක්ෂලා බලයට පත්වුදා පටන් දෙමල ,මුස්ලිම් ජනයා බිල්ලෙකු ලෙස පෙන්වූයේය. දෙමල මුස්ලිම් ජනයාට එරෙහිව සිංහලයා කෙටවූයේය . රාජපක්ෂලා   සිංහලයාගේ  ගැලවුම් කරු ලෙස කූට රංගනයක නියලෙමින් දේශපාලන ගේම් එකක් ගැසුවේය

සිංහල අවුරුද්ද ලග එන විට කුමන්ත්‍රණකාරී ලෙස  මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ‍රැල්ලක් ඇති කළේය. නෝ ලිමිට් ප්‍රදර්ශනාගාර ගිණි බත් කළේය. නෝ ලිම්ට් වෙත යන අයට කුණු බිත්තර ගහන ‍රැල්ලක් ඇති කලේය. මේ සියළු කුමන්ත්‍රණ මෙහෙය වූයේ රාජපක්ෂලා විසිනි. අද ඔවුන් රටද බංකොලොත් කොට ඔවුන්ද දේශපාලන වශයෙන් බංකොලොත් වී ඇත.

නෝ ලිමිට් සිය ව්‍යාපාර ආරම්භ කළ  Al Ghurair ශොපින් මෝල් එක තුල   Aeropostale, Brevery hills polo club, cat, Giordano, koton , max , Splash , forever 21, OVS , R&B , Marks & Spencer  වැනි ලොව සුපතල වෙළද සැල් පිහිටා ඇත .අනාගතයේදී ලංකාවේ  ‘නෝ ලිමිට්’ ජාත්‍යන්තර සන්නාම සමග කරට කර සටන් කරනු ඇත. සැබැවින්ම ‘නෝ ලිමිට් ලංකාවට’ ආඩම්බරයකි,අභිමානයකි.