රාජපක්ෂලා පුම්බන නෙළුම් කුළුන කැම්පේන් එකේ හෙළුව මෙන්න

0
479

නෙළුම් කුළුනෙන්  ඩොලර් මිලියන 100 ක වාර්තා ගත ආදායමක් ලද බවට ලිපි සහ පෝස්ටර් මේ වන විට හුවමාරු වෙයි.මුහුණු පොතේ ජනප්‍රිය පි‍ටු කිහිපයකම මෙවැනි පොස්ටර් පලවී තිබෙනු දැක ගත හැකි විය .අප මෙහි සත්‍ය අසත්‍ය තාවය සොයා බැලු අතර එය පහත පරිදිය.

ඩොලර් මිලියන 100ය රුපියල් වලට හැරවූ විට එය රු බිලියන 37 ක් පමන වෙයි.

නෙළුම කුළුන මහජනයාට විවෘත කළේ සැප් මස 15 දිනය.  එහි වැඩිම ආදායම ලැබුවේ විවෘත කළ පලමුවැනි දිනය . එම දිනයේ ආදායම  රු මිලියන 1.5 ක් පමනි . එය ඩොලර් වලට හැරවූ පසු  එය 4215 කි.

සැප් 15 වැනිදා සිට සැප් 18 වනදා දක්වා නෙළුම් කුළුනෙන් ලැබී ඇත්තේ රු  මිලියන 5 කට ආසන්න මුදලකි. එනම් ඩොලර් 14000 ක පමන මුදලකි.

නෙළුම් කුළුනෙන් ඩොලර් මිලියන 100 අදායම් ලද පුවත අමු කෙබරයකි