සිවුරු වලින් බංකර් ගසා පිරිත් නූලෙන් මාලු ඇල්ලූ බන්ඩලාගේ සහ රාජපක්ෂලාගේ ඉරණම

0
573

රණසිංහ ප්‍රේමදාස ඩඞ්ලි සේනානායක රජයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විය. ඔහු වරෙක සිවුරු, පිරිකර මල්ලක් ‍රැගෙන ඩෙන්මාර්කයේ ඤාණදීප හාමුදුරුවන් බැහැදකින්නට ගියේය.  ලග්ගල මහ වන මැදට ගිය ප්‍රේමදාස ඤාණදීප හාමුදුරුවන් සමග බොහෝ වේලාවක් කථාකලේය. නමුත් උන්වහන්සේගෙන් දිස්වූයේ උපේක්ෂාසහගත ප්‍රතිචාරයක් පමනි.

අවසානයේ සමුගැනීමට සැරසුන ප්‍රේමදාස, තව අවශ්‍ය මොනවාදෑයි විමසුවේය. ‍රැගෙන ආ කදමළුද ‍රැගෙන ප්‍රවේශමෙන් කොළඹ බලා යන ලෙස ඥානදීප හිමි අවවාද කළෝය . ඥානාදීප හිමියෝ ප්‍රේමදාසට තවත් අවවාදයක් දුන්හ .තුන් සිවුරයි, පාත්තරයයි හැර වෙන කිසිවක් භික්‍ෂුවකට අවශ්‍ය නොවන බව කීහ.  ඉන් එහා යමක් පිලිගැනීම මෙන්ම ලබාදීම බුදුවදනට පටහැනි බව කීහ.

පාත්තරයේ වැසූ කපුටා එලවා ගත නොහැකි අයෙක් මහන කමට නුසුදුසු බව බෞද්ධ පොත පතේ උගන්වයි.මෙය මතු පිටින් සරල වුවද පරම ඝම්භීර කථාවකි.  භික්ෂුවකගේ වත්කම පාත්තරයට සහ සිවුරට සීමා වෙයි. ආහාර යනු කය පවත්වාගෙන යාම සදහා යොදන මෙවලමක් පමනි. කෑම බීම නෑම සියල්ල සදහා ඇත්තේ පාත්තරය පමනි.

විටෙක පාත්තරයට බත් ටිකක් ලැබෙයි, තවත් විටෙක පැණි ටිකක් ලැබෙයි, තවත් විටෙක කැඳ ටිකක් ලැබෙයි. අවසානයේ සියල්ල එකට අනා අනුභව කරයි. එහි ආශ්වාදයක් නැත. යම් අයෙක් කිසිදු ආශ්වාදයක් නැති එම පාත්තරයට කපුටෙක් සේ ඇලෙයි නම් එය ඛේදවාචකයකි.එම තන්හාව නොහොත් කපුටා වහා එළවා ගත යුතුය . එම කපුටා එළවා ගත නොහැකි නම් ඔහු භික්ෂූත්වයට සුදුසු නැත.

අද සිටින බොහොමයක් බෞද්ධ භික්ෂූන් පාත්තරයට වැසූ කපුටා එලවා ගත නොහැකි අය වෙති.ඔවුන් ලෞකික සැප සම්පත්වලට කෑදර අය වෙති. මේ වන විට විදුලි බිල පිලිබදව බෞද්ධ භික්ෂූන් රජයට තර්ජනය කරමින් සිටියි.නමුත් මෙහි පුදුම විය යුතු කිසිවක් නැත .

රාජපක්ෂලා යනු තමන්ගේ පැවැත්මට සිවුරු වලින් බංකර් හැදූ පිරිසකි. පිරිත් නූලෙන් මාළු ඇල්ලූ පිරිසකි.බෞද්ධ භික්ෂූනට සම්මා අල්ලස පුරුදු කරේ රාජපක්ෂලා විසිනි. අද ගේම ඉල්ලන සියලු භික්ෂූන් රාජපක්ෂලාගෙන් සම්මා ජරාව කෑ අය වෙයි.

රාජපක්ෂලාට වැඩ කළ භික්ෂූන්ගේ විදුලිය සීමා කොට ගෝඨාභයට කොළඹ 7න් මාලිගා දීම අවුලකි. භික්ෂූන්ගේ එම මනෝභාවය උදාහරණයකින් තවත් පැහැදිලි කළ හැක.

බුත්තල – කතරගම මාර්ගය වල් අලින්ගේ ග්‍රහණයට ලක් වී ඇත. මේ අලි ගම් වදින්නේ සැප ආහාර කෑමටය. මෙම අලින්ට වාහන තුල සිට කෑම නොදැමිය යුතු බවට අවවාදයක් වෙයි. මක්නිසාදයත් වාහන වලින් ලැබන කෑම වලට අලි පුරුදු වෙයි. ඉන් පසු කෑම නොලැබෙන වාහන වලට  පහරදීම සිදු කරයි.

බෞද්ධ භික්ෂූන් ( චීවර ධාරීන් ) සම්බන්ධයෙන් මෙම තත්වය වල් අලින්ට වඩා භයානකය . බන්ඩාරනායක බෞද්ධ භික්ෂුවකගෙන් වෙඩි කා මිය ගියේ මේ නිසාය . එම සන්තෑසිය ගැන කොතලාවල අපූරු කථාවක් කීවේය. මා බැඳ දැමූ බල්ලන් බන්ඩා විසින් ලිහා දැමූ බවත් බන්ඩා වෙඩි කෑවේ ඒ නිසා බව කීවේය .

අද රාජපක්ෂ ආණ්ඩුවට අත් වී ඇත්තේද එම ඉරණමය. බෞද්ධ භික්ෂූට කෑම දැමිය යුත්තේ බුද්ධ වචනය පරිදිය , ඉන් එහා ගොස් සම්මා ජරාව කවා වැඩ වරද්දා නොගත යුතුය