රුවන්වැලිසෑයේ මැනික් කොල්ලය සමග එන ප්‍රභාත් නානායක්කාර කවුද ?

0
875

පසුගියදා මිහින්තලාව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරියේ බලපතල කථාවක් කළේය.එම කථාව අතරතුර රුවන්වැලිසෑයේ චූඩාමාන්‍යක්‍ය ගැන ප්‍රශ්න කළේය.

එම කථාවේ දිගුවක් ලෙස  මාධ්‍යවේදී චමුදිතට අද දින CID ට කැඳවීමක් ලැබුණි.ඔහු   CID ට කැ‍ඳෙව්වේ රුවන්වැලිසෑයේ චූඩාමාන්‍යක්‍ය ගැන කළ වැඩසටහනක් ගැන ප්‍රශ්න කිරීමටය.

චමුදිතගේ වැඩ සටහන තුලදී රුවන්වැලිසෑයේ චූඩාමාන්‍යක්‍ය ප්‍රතිස්ථාපනය කිරීම ගෝනිසෙල්ලමක් බව බව හෙළිදරව් කළේය.එපමනක් නොව එම පාදමේ තිබූ කෝටි  ගණනක් වටිනා මැනික්ද සොරකම් කළ බව කීවේය .මෙම සොරකම සිදුවූයේ චූඩාමානික්‍ය මාරුකරන අතරතුර බව  කීවේය.

චූඩාමානික්‍ය  මාරුකළේ විශ්ව පාරමී නම් සංවිධානයක් බවත් , ඊට නායකත්වය දුන්නේ ප්‍රභාත් නායයක්කාර නම් පුද්ගලයෙක් බව හෙළිදරව් කළේය. ඒ අනුව රුවන්සෑයේ සිදුවූ මහා මංකොල්ලයට  වගකිව යුත්තේ ප්‍රභාත් නානායකර බව කීවේය.

ප්‍රභාත් නානායක්කාර ප්‍රභාකරන් මෙන් රහසිගත ජීවිතයක් ගත කරන අයෙකි.නමුත් නැෂනල් ඇලට්  අප ප්‍රභාත් නානායක්කාර කවුද යන්න සොයාගෙන ඇත. ප්‍රභාත් නානායක්කාර සහ රාජපක්ෂලා අතර ඇති සම්බන්ධයද අප සොයාගෙන ඇත . තවද ප්‍රභාත් නානායක්කාර පිටරටවලට ලංකාව පාවා දුන් ආකාරය ගැනද විස්තර අප සතුව ඇත

එම හෙළිදරව්ව මීලග ලිපියෙන් බලාපොරොත්තුවන්න