රනිල්ගේ ලන්ඩන් සංචාරයෙන් ලද ප්‍රතිලාභ ලැයුස්තුව මෙන්න

0
629

ජනපති රනිල් එළිසබෙත්  රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා සැප් 17   එංගලන්තය බලා බලා ගියේය. රනිල්   සමඟ තවත් අටදෙනෙකු  මෙම සංචාරයට එක් විය. රටේ සාගතයක් ඇතිව තිබියදී  සිදුකළ මෙම  සංචාරයට බොහෝ විවේචන එල්ල විය.

සංචාරය අතර තුර රනිල් ආයෝජන ප්‍රවර්ධන ‍රැස්වීමකට සහභාගි විය.එය හුදෙක් රනිල්ට එල්ල වූ විවේචන වලින් බේරීමට සිදු කළ එකක් විය. එම ‍රැස්වීම සංවිධානය කළේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. එම ආයෝජන ප්‍රවර්ධන සැසිය මුළුමනින්ම අසාර්ථක එකක් විය.මෙය ලන්ඩනයේ සිටින සිංහල  දෙමල මුස්ලිම් ජාතිකයන්ට පමනක් සීමා වූ ‍රැස්වීමක් විය.අහෝ!  ආරාධනා ලැබූ මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතිකයන් බොහොමයක් ‍රැස්වීම වර්ජනය කළෝය

බ්‍රිතාන්‍ය රජයේ හෝ වෙතන් රටක  කිසිවෙකු සමග ද්විපාර්ෂික සාකච්ඡාවක් කිරීමට රනිල්ට නොහැකි විය. ලංකාවේ ආයෝජනය සම්බන්ධව විවිධ රටවල් පනවා ඇති අනතුරු ඇඟවීම ලිහිල්  කරගැනීමට කිසිවක් කිරීමට රනිල්ට නොහැකි විය  .රනිල්ගේ ‍රැස්වීම හුදෙක් එම්බසියට කඩේ යන නිකමුන්ගේ ‍රැස්වීමක් විය.

රනිල්ගේ ‍රැස්වීමට සහයෝගය දුන්නේ දෙමළ ඩයස්පෝරාවේ  ප්‍රධානියෙකු ලෙස පෙනී සිටින  නිමලන් විශ්වනාදන් පමනි.ලන්ඩන් ‍රැස්වීමේ අසාර්ථකභාවයට සහ තම නිදහසට ඔවුහු කරුණු දැක්වූහ.  මුස්ලිම් සහ දෙමළ ජාතිකයන්  ‍රැස්වීම වර්ජනය කළේ ප්‍රධාන හේතු 2ක් නිසා බව ඔවුන් කීහ

1. ත්‍රස්ත පනත සංශෝධනය කිරීමට අපොහොසත් වීම .

2. යුධ අපරාධ චෝදනා ලැබ සිටින කමල් ගුණරත්න සහ ශවේන්ද්‍ර රජයේ ඉහල තනතුරු දැරීම

ලන්ඩන් වල දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව රනිල්ගේ ‍රැස්වීම වර්ජනය කළ හේතුව ඊට වඩා බැරෑරුම් බව අපට වාර්තා විය , මෙම සඳහා ආරාධනා පත් යැව්වේ ලන්ඩන් වල ශ්‍රී ලංකා  තානපති කාර්යාලය විසිනි. එහි සිටින සේවිකාවක්  ආරාධිතයන්ගේ නම් ලැයුස්තුව  TCC සංවිධානය වෙත  ලීක් කොට ඇත. අනතුරුව TCC ක්‍රියාකාරීන් දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ට කතා කොට ‍රැස්වීම වර්ජනය කරන ලෙස ඉල්ලා ඇත.

TCC නොහොත් World Tamil Coordinating Committee යනු තහනම් කර තිබූ ත්‍රස්ත සංවිධානයකි.  පසුගිය අගෝස්තු පලවනිදා  ගැසට් පත්‍රයක් නිකුත්කරමින් මෙම සංවිධානයේ තහනම් ඉවත් කළේ කමල් ගුණරත්න විසිනි

රනිල්ගේ ලන්ඩන් සංචාරයෙන්   විදේශ ආයෝජන ඩොලරයක්වත් ලැබුනේ නැත. නමුත් රනිල් ලන්ඩන් වල්දී  උගත් පාඩම්  නිසා  කමල් ගුණරත්න  සහ ශවේන්ද්‍ර ඉවත් කිරීමට වැඩි ඉඩක් ඇත.

ශවේන්ද්‍ර සහ කමල් ගුණරත්න මේ වනවිට ගෝඨාභයගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටියි.ඒ අනුව කමල් ගුණරත්නට අහිමි වන්නේ තනතුර පමනක් නොවේ සිය ප්‍රතිරූපයද අහිමිවනු ඇත. කමල් ගුණරත්න ගෙදර යන්නේ තම ආත්මය , සිය ආදරනීය නායකයා සහ රටද පාවාදුන් අයෙකු ලෙසිනි