අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 14

හරක් කටා බේරා ගැනීමට ඩූබායි ගිය සුපිරි බලවතා කවුද ?

0

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ අගෝස්තු මස 3 දිනය.නමුත්  ජාත්‍යන්තර පොලීසිය එම පුවත නිළ වශයෙන් ලංකාවට  දැනුම් දුන්නේ අගෝස්තු 19 දිනය.

හරක් කටා අත්අඩංගුවට ගත් පසු  ලංකාවේ නීතීඥයන් කිහිප වරක්ම   ඩුබායි වෙත ගියහ.  හරක් කටා ලංකාවට බාර නොදෙන ලෙස ඔවුන් එහිදී ඉල්ලිම් කොට ඇත . මීට පෙර ලංකාවට බාර දුන්  මධූෂ් ඝාතණය කළ ආකාරය  සාක්ෂි සහිතව පෙන්වා දී ඇත.

මෙම නීතීඥ කන්ඩායමේ  සියලු වත ගොත  අප සතුව ඇත.  එය කෙස් කෙලින් කරන කථාවකි.

PTA යටතේ  පුද්ගලයෙකු  රඳවා තැබීමට  ජනපති පෞද්ගලිකවම  අත්සන් කළ යුතුය. ඔහු රඳවන  ස්ථානයේ වෙනසක් කරන්නේ නම් ඊටද  ජනපති අත්සන් කළ යුතුය. එනම් මධූෂ්  සහ තාරක CID යේ  තැබීමට බලය දුන්නේ ගෝඨාභයයි.  අවුරුද්කට පසු  සැගවූ ආයුධ  සෙවීමට  පෑලියගොඩ යුනිට් එකට බාර දුන්නේද ගෝඨාභයයි.

නඩු පැවරීමකින් තොරව සැකකරුවන් මරා දැමීම නීතිය නොවේ. දැන්  ලංකාවට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට සිදුව ඇත  , ගෝඨා විවේචනය කළ නිසා මෙම ලියුමකරුද PTA යටතේ අත් අඩංගුවට ගෙන   ඝාතණය කිරීමට උත්සාහ කළේය. ඒ පිළිබදව පැවරූ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතියි .

විශේෂයෙන් දකුණු ආසියාවේ  මත් ද්‍රව්‍ය ජාලය සෘජුව්ම ඉස්ලාමීය ත්‍රස්තවාදයට හවුල්ය. කුඩු ජාවාරම් කරුවන්  බාර නොදුන හොත් ත්‍රස්තවාදය ගැන වැදගත් පි‍ටුවක්  ලංකාවට අහිමි වනු ඇත

මත් ද්‍රව්‍ය ජාලය අප හිතනාවාට වඩා විශාල එකකි .දූෂිත දේශපාලකයන්, දූෂිත  නීතිඥයන් ,  දුෂිත බන්ධනාගාර නිළධාරීන් , දූෂිත පොලිස් නිළධාරීන් මේ සියල්ලන් එහි සාමාජිකයන් වෙයි

ලක්ෂ 11 කට පූර්ණ වශයෙන් ‍රැකියා අහිමි වෙලා -ආන්ඩුව නිදි

0

ලංකාවේ ශ්‍රම බලකාය ලක්ෂ 87 කි. ඉන් 29%ක් කෘෂි ක්ෂේත්‍රයේද,26% කර්මාන්ත ක්ෂේත්‍රයේද, 45% සේවා කර්මාන්තයේද රැකියා නියුතුව සිටියි. ආර්ථික අර්බුධයට පෙර එනම් 2020 වන විට  රැකියා විරහිත අයගේ ප්‍රමාණය 451,000 ක් විය . එය ශ්‍රම බලකායෙන් 5 % විය.

ආර්ථික අර්බුධය හේතුවෙන් ලංකාවේ ලක්ෂ 11 කට ‍රැකියා අහිමිවී ඇති බව ඉන්දීය දත්ත වාර්තාවක දක්වා ඇත. එනම් ආර්ථික අර්බුධය නිසා ලංකාවේ ශ්‍රම බලකායෙන් 15%  ක් පමන  වි‍රැකියාවෙන් පෙලෙයි. සේවා නියුක්ත ලක්ෂ 40ක් පමණ වැ‍ටුප් කප්පාදු වලට ලක්වී ඇත.

ලංකාවේ සෑම වසරකම ලක්ෂ 3ක් අලුතෙන් ශ්‍රම බලකායට එකතු වෙයි. ආර්ථික අර්බුධයට පෙර , වසරකට  10,000ක් වැනි පිරිසකට රජයේ ‍රැකියා ලැබුන අතර ,25,000 කට පමන පෞද්ගලික අංශයේ ‍රැකියා ලැබුනි.ලක්ෂ 2 ක් පමන විදේශ ‍රැකියා වලට ගියහ.

කම්කරු සහ විදේශ ‍රැකියා ඇමති මනූෂ පසුගියදා පාර්ලීමේන්තුවේ කතා කරමින් මහජනතාවට චෝදනා කළේය, ලංකාවේ ජනයා ආණ්ඩුව දෙස බලන්නේ  ගෙදර වැඩට සිටින නැනී දෙස බලන ආකාරයෙන් බව කීවේය.හැමදේම ආන්ඩුව කරන තුරු බලා සිටින බව කීවේය. නමුත් මනූෂගේ විෂය තුල එය සාහසික බොරුවකි .මක්නිසාදයත් මනූෂගේ අමාත්‍යංශය ,ශ්‍රමිකයන්ට කිසිදු සේවයක් නොකොට හුදෙක් ගසාකෑම පමනක් සිදු කරන ආයතනයකි.

2022 වසර තුල ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් විදේශ ‍රැකියා සදහා පිටත්ව ගොස් ඇත. එම ‍රැකියා වලින් 99.9 % ක්ම ඒජන්සි වලට මුදල් ගෙවා ලබා ගත් ‍රැකියා වෙයි.රජය සුපුරුදු පරිදි කළේ ගේ දොර උගස් කොට විදේශ ගතවන  අයගෙන් රු 20000 වැනි විශාල මුදලක් කඩා ගැනීම පමනි.

තව නොබෝ දිනකින් පාපන්දු ලෝක කුසලානය කටාර් රාජ්‍යයේ ආරම්භ කිරීමට නියමිතය  . ලක්ෂයක පමන ‍රැකියා වෙළද පොලක් එහි විවෘතව ඇත. ඉන්දියාව, පිලිපීනය , බංගලාදේශය රාජ්‍ය මැදිහත්වීම තුලින් එම ‍රැකියා වෙළද පොල තමන් සතු කරගෙන ඇත.මේ එක් උදාහරණයක් පමනි. මෙවැනි උදාහරණ ඕනෑ තරම් දිය හැක.

රටක් ගොඩනැගිය හැක්කේ ණය ගැනීමෙන් නොව නිෂ්පාදනය වැඩි කිරීමෙන් බව පාලකයන් දැන්වත් වටහා ගත යුතුය

අප හෙළිදරව් කළ පරිදිම පලමු සොහොන් ලකුණ ආරක්ෂක ආමාතංශයෙන්- අධිආරක්ෂිත ගැසට්‍ටුව හකුලා ගනී

0

ජනපති රනිල් 2022 සැප් 23 දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් කොළඹ  නගරය මධ්‍යයේ අධි ආරක්ෂිත කලාප කිහිපයක් නිර්මානය කළේය. කෙසේ වුවද එම ගැසැට්‍ටුව නිකුත්ත්කොට දින 7 ක් යාමට මත්තන් එය හකුලා ගැනීමට රනිල්ට සිදු විය . එම ගැසැට්‍ටුව නිකුක් කරන විටම එය ඊනියා ආරක්ෂක උපදේශකයන්ගේ විසින් ගත් වැරදි තීන්දුවක් බව හෙළි දරව් කළේය. එම ලිපිය කියවන්න පහතින්

මිනී වලවල් කපන්නන්ගෙන් ප්‍රවේසම් වනු- ගෝඨා විනාශ කළ ඊනියා ආරක්ෂක ඔස්තාර්ලා, රනිල්ගේ මිනී වල කපන හැටි මෙන්න

ගෝඨාභය සායම් බාල්දියට වැ‍ටුන නරියෙක් කීවද බොහෝ දෙනෙක් එය විශ්වාස කළේ නැත. ගෝඨාභය මෝඩ කම පිළිබද පුරාවෘතයක්ක් කීවද මිනිසුන්  විශ්වාස කළේ නැත.

නමුත් එක් සිදුවීම නිසා ගෝඨාගේ සායම හේදී ගියේය. ආර්ථික අර්බුධයෙන් හෙම්බත් වූ ජනයා පාලනය කිරීමට, ඇඳිරි නීතිය පැනවූයේය. නමුත් මිනිසුන් ගෝඨාගේ ඇඳිරි නීතිය සතයකට මායිම් කළේ නැත. එම සිදුවීමෙන් පසු ගෝඨා අවලංගු කාසියක් වූයේය . ඇඳිරිනීතිය පැනවීම ගෝඨා සිදුකළ විශාල අත්වැරදීමකි.

ගෝඨා සිදුකළ අත් වැරදිම රනිල් විසින් යලි සිදුකර ඇත. රනිල්, ගැසට් පත්‍රයක් මගින්, කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කොට ඇත. ඒ අනුව පසුගිය අරගල භූමිය වූ ගෝල්ෆේස් පිටිය අධි ආරක්ෂිත  කලාපයක් වී ඇත.

ජන බලය නිදා සිටින සිංහයෙකු බඳුය . ජන බලය අවදි වුවහොත් එය පාලනය කිරීම් මොනම  හමුදාවකට වුවද දුෂ්කරය. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ නීති රාමුව ඉදිරියේ  අපරාධ චෝදනා ලැබ සිටන, මෙරට ආණ්ඩුවට සහ හමුදාවට ජන බලය පාලන කිරීම කිසිසේත්ම කළ නොහැක.

ඒ අනුව යම් හෙයකින් ජනයා  ගෝල් ෆේස් පිටිය අල්ලා ගත හොත් එනයින් රනිල්ගේ  අධිකාරිය අහෝසි වනු ඇත.

තවද  අධි ආරක්ෂිත කලාප නම් කළ රනිල්ගේ ගැසට් පත්‍රය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වීම ඉදිරියේදී සිදු විය හැක .ගාළු මුවදොර ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් නම්, ඒ ඉදිරිපස ඉඩම චීන ශ්‍රැන්ශ්‍රීලා සමාගමට සින්නක්කරව විකිනීම ගැටලු සහගතය .

අධි ආරක්ෂිත ගැසට් පත්‍රයට රනිල් අත්සන් කළද,  එය ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශයකි .කරුණු එසේ හෙයින් ගෝඨාභය විනාශ කළ ඊනියා ආරක්ෂක ඔස්තාර්ලා දැන්  රනිල්ගේ මිනී වල  කපමින් සිටින බව නිගමනය කළ හැක

ආර්තික අර්බුධයකට කැරලි වලින් විසදුම් සෙවිය නොහැකි වනවා සේම මිලිටරියෙන්ද විසදුම් දිය නොහැක

 

ලතීෆ් පාස්කු ප්‍රහාරයේ චූදිතයෙක්,තවත් විශමාචාර ‍රැසයි, වහා පරීක්ෂණ කරණු !

0

ලංකා ඉතිහාසයේ ද්‍රෝහීන් රජ වූ අවස්ථා , ද්‍රෝහීන් සෙන්පති ධූර දැරූ අවස්ථා එමට ඇත. එහෙයින් අධිකාරියක් දැරූ පමනින් දේශපාලකයෙකු හෝ ආරක්ෂක නිළධාරියෙකු රටට සේවයක් කරන පුද්ගලයෙකු වන්නේ නැත. තවද බැටළු හම් පොරවාගෙන සිටින වෘර්කයන් එමට ඇත

STF හිටපු අණදෙන නිලධාරී එම්. ආර්. ලතීෆ් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  දඩුවම් ලැබ හිරේ යා යුතු අයෙකි. නමුත් ඔහු විවිධාකාරයේ ගෝනි සෙල්ලම් පාමින් නීතිය සමග සෙල්ලම් කරමින් සිටියි. සාක්ෂි මෙන්න 

a. ලතීෆ් STF අණදෙන්නා ලෙස වැඩ බාර ගත්තේ 2016 අගෝස්තු 17 දිනය. ලතීෆ්ට පෙර  STF අණ දෙන්නා වූ යේ  නි.පො රංජිත් පෙරේරාය.2016 වසරේ මුල් කාලයේදී  කලවංචිකුඩි  STF කඳවුරේ ස්ථාපිත කොට තිබූ ත්‍රස්තවාදය මැඩලීමේ අංශය විසින් සහරාන්ගේ ක්‍රියා කාරකම් පිළිබදව විශේෂ වාර්තාවක් එවා තිබුණි. ඒ අනුව නි.පො රන්ජිත් පෙරේරාගේ මූලිකත්වයෙන් STF නිළධාරීන් සහරාන්ගේ ක්‍රියාකාරකම් නිරන්තරයෙන් ආවේක්ෂණය කළේය.  ඒ අතරතුර නි.පො රංජිත් පෙරේරා විශ්‍රාම ගියේය.නව අණදෙන්නා ලෙස ලතීෆ් පත්වීමෙන් අනතුරුව  සහරාන් පිළිබද ආවේක්ෂණ නැවැත්වූයේය. එපමනක් නොව සහරාන්ගේ කටයුතු අධීක්ෂණය කළ අංශයද වහාම ක්‍රියාතමකවන පරිදි විසුරුවා දැම්මේය

b. නැගෙනහිර පලාතේ වව්නතිව් , කලවංචිකුඩි, මල්වත්ත, මහඔය, ලාහුගල , අම්පාර , ආරුගම්බේ යන ස්ථාන වල කඳවුරු පිහිටා ඇත. ලතීෆ්ගේ පැමිනීමෙන් පසු සහරාන් පිළිබද විමර්ෂණය කිරීම අධෛර්ය කළේය .පාස්කු ප්‍රහාරයට මාස 6 කට පෙර සිදුවූ , වවනතිව් පොලිස් භටයන් දෙදෙනාගේ ඝාතනය , ප්‍රහාරයෙන් දින කිහිපයකට පෙර කාතන්කුඩිවල සිදුවූ මෝටර් සයිකල් පිපිරවීම ලතීෆ් විසින් වසන් කළේය. ලතීෆ්ගේ සාහසිකත්වය කොතෙක්දයත්   මෝටර් සයිකල් පිපිරවීම ගැන පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන ලතීෆ්ගෙන් කරුනු විමසන තෙක් ඔහු ඒ පිලිබදව නිහඬව සිටියේය.

c. 2019 අප්‍රේල් මස 04  මෙරට සිදුවිය හැකි ප්‍රහාරයක් පිලිබදව විදේශ බුද්ධි අංශයකින් ලැබුන තොරතුර පූජිත් ජයසුන්දර විසින් ලතීෆ් වෙතද  දන්වා ඇත.  නමුත් ලතීෆ් ඒ පිලිබදව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ලතීෆ්ගේ සාහසික නොසලකාහැරීම පිළිබදව බරපතල සාක්ෂි පාස්කු ප්‍රාහාරය පිළිබදව  විමර්ෂණ කරන අතර තුර හෙළිදරව් වී ඇත.

d.  ලතීෆ් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ෂණය කළ පාර්ලීමේන්තු තේරීම්කාරක සභාව සහ ජනපති කොමිසම හමුවේ බරපතල ඝනයේ බොරු සාක්ෂි ලබා දී ඇත

e. මේ වනවිට මේ වනවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට , අගමැතිට, ආරක්ෂක ලේකමට, පොලිස්පතිට සහ නිලන්ත ජයවර්ධනට එරෙහිව වින්දියන් විසින්  විසින් වන්දි  ඉල්ලා නඩු 170ක් පවරා ඇත.නමුත් ලතීෆ් අසාමාන්‍ය ලෙස ඒ සියළු නඩු වලින් බේරී ඇත.

f. පාස්කු දින කොළඹ නගරයේ හෝටල් වලට අමතරව ගල්කිස්ස මහ හෝටලයද පුපුරුවා හැරීමට නියමිතව තිබුණි.පාස්කු ප්‍රහාරයට දින 4 කට පෙර, එහි සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ මව්ලානා නම් අයෙක් අතුරු දහන් විය. මොහු  එකල්හි නිතර නිතර STF ලතීෆ්ට දුරකථන ඇමතුම් ගත් බව  එහි සේවකයෝ පවසති.   මව්ලානා   නම් පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම ගැන ඔවුන් ආරක්ෂක අංශ වෙත පැමිණිලි කොට තිබුනි.මේ පිලිබ්දව සෙවීමට විශේෂ කාර්ය බලකායද  යොදවා  තිබුනි.නමුත් මව්ලානා පැන ගියේය

බරපතල ඝනයේ අපරාධකරුන් මෙරටින් පිටමං කිරීම ගැනද ලතීෆ්ට චෝදනා ඇත. 

a. මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රමුඛ පෙලේ ජාවාරම් කරුවෙකු වන පූ ගුඩි කන්නා ඉන්දියාවට පැනීමට අනුග්‍රහය දක්වා ඇත්තේ ලතීෆ්ය.

b. තවද ලතීෆ්  සැකකටයුතු පුත්ගලයන් බුලස් පාරේ STF කාර්යාලය ඇතුලට ගන්නා විට ඒ පිබදව පොත්වල සටහන් නොකරන ලෙස එහි මුරපොලට උපදෙස් දී ඇත

ලතීෆ් ජනමාධ්‍ය යොදාගෙන ගෝනි සෙල්ලම් පෑමට නම් දැරූ අයෙකි.මොහු අණදෙන්න ලෙස පත් වුනේ, සේවා දිගුවක් ලබා ගත්තේ , පාස්කු නඩු වලින් බේරී  පලා ගියේ ජනමාධ්‍ය හරහා පෑ ගෝනි සෙල්ලම් වලිනි

a. මීට දින කිහිපයකට පෙර  විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන්නාට එරෙහිව ලංකා ඊ නිවුස්  වෙබ් අඩවියේ ලිපියක් පල කොට තිබුණි.ලංකා ඊනිවුස් යනු පිට රටක සැඟවී කිසිදු වගවීමකින් තොරව  ලංකාවේ පාලන අධිකාරියට සහ පුද්ගලයට එරෙහිව ලිපි පල කරන නාලිකාවකි.

b. ලංකාවේ සිට වගවීමෙන් යුතුව ලියනවා වෙනුවට පිට රට වල  සැඟවී ලිවීමෙන් සිදුවන්නේ සේවයක් නොව අවැඩකි. සමස්ථ මාධ්‍ය කලාවම ඉන් හෑල්ලුවට ලක් වෙයි. නමුත් ලතීෆ් වෙනුවෙන් ලංකා ඊ නිවුස් පෙනී සිටි වාර බෝහෝය.මධූෂ් අත් අඩංගුවට ගැනීමට ලතීෆ් සම්බන්ධ නැත. නමුත් ලංකා ඊ නිවුස් එය ලතීෆ්ගේ මෙහෙයුමක් ලෙස බොරු පුවතක් සමාජ ගත කළේය.කරුණු එසේ හෙයින්   STF එකට එරෙහිව දින කිහිපයකට පෙර   ඊ නිවුස් පලකළ ලිපිය පි‍ටුපස ලතීෆ් සිටිනේද යන්න පරීක්ෂා කළ යුතුය

ලතීෆ්ගේ අනුග්‍රහයෙන් ඉන්දියාවට පැනගිය පූගුඩි කන්නා එහි සිට විවිධාකාරයේ කුමන්ත්‍රණ සිදුකරමින් සිටියි

a. මෑතකදී ලංකාවේ යළි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇඟවෙන ආකාරයේ වැඩසටහනක් නෙත් එෆ්.එම් බැලුම්ගල හරහා ප්‍රචාරය විය.එම වැඩ සටහන නිෂ්පාදනය කොට ඇත්තේ පූගුඩි කන්නාගේ පූර්ණ අනුග්‍රහයෙනි

b. පූගුඩි කන්නා සහ මන්න කන්නා මේ වන විට ඉස්ලාම් ආගමට මාරු වී ඇත.ඔහු විවාහ වී සිටින්නේ මුම්ටාස් නම් කාන්තාවක් සමගිනි.බැලුම් ගල වැඩ සටහන තුලදී ත්‍රස්තප්‍රහාරයක් ගැන ප්‍රකාශ කරන තැනැත්තිය අන්කිසිවෙකු නොව මුම්ටාස්ය . මුම්ටාස් ලතීෆ් සමග කිට්‍ටු සම්බන්ධයක් පවත්වන බව  මේවන විට අනාවරණය වී ඇත.

කරුණු එසේ හෙයින් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුවිය යුතුය 

මාලදිවයින් ගුවන් තො‍ටුපොලේදී ශ්‍රී ලාංකිකයන්ට හිරහැර කරන භූ දේශපලන කුමන්ත්‍රණයක් !

0

මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලිගේ  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවිධාකාරයේ අපචාර සහ දූෂණ චෝදනාවන්ට නම් දැරූ ආයතනයකි. 2022 සැප්තැම්බර් 12 වන දින ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියෙකු ලන්ඩනයේ සිට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට වෙත යාමට මාලේ ගුවන්තොට වෙත පැමින ඇත

නමුත් මාලදිවයිනේ ආගමන නිළධාරීන් නිෂ්කාෂණය සහ  මාලේ සංචාරය කිරීමට ඉඩ දීම සඳහා ශ්‍රී ලාංකිකයාගෙන් අල්ලස් ඉල්ලා  ඇත. අල්ලස් ඉල්ලූ නිළධාරියා හලීම් ලෙස හදුනාගෙන ඇත . ඔහුගේ ඡායාරූපයක්ද මේ සමග අමුනා ඇත

ආගමන නිලධාරීන්ට මුදල් ගෙවා කඩිනම් සේවයක් ලබා ගැනීම ශ්‍රී ලාංකික මගීන්ගේ සම්මත ක්‍රමය බව  හලීම් ශ්‍රී ලාංකික මගියාට පවසා ඇත. නමුත් මෙම ශ්‍රී ලාංකිකයා අල්ලස් ගෙවීම ප්‍රතික්ශේප කොට ඇතුවා පනක් නොව ඔහු එම සිදුවීම මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතද වාර්තා කොට ඇත

අනතුරුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මාලදිවයිනේ ආගමන ප්‍රධානියා වන “මොහොමඩ් අහමඩ් හුසේන්” අමතා,  යුක්තිය ඉල්ලා ඇත. මෙම පුද්ගලයා  ඉදිරිපත් කොට ඇති  අධ්‍යාපන සහතික වල සැකකටයුතු භාවය නිසා ආන්දෝලනයකට ලක් වූ අයෙකි.

මොවුන්ගේ වෘත්තීමයභාවයේ ඇති අඩු ලුහුඩු කම් සහ වංක භාවය සහ භූදේශපාලන කුමන්ත්‍රණ නිසා  ශ්‍රී ලාංකික මගියාට් පැය ගණනනක් ආගමන විගමන නිලධාරීන්ගේ අත් අඩංගුවේ සිටීමට සිදුවිය

ශ්‍රී ලාංකිකයින්ට on arraival visa  වීසා මත මාලදිවයිනට පැමිනීමට අවසර දී තිබුනද , මාලේ වෙත ගමන් කරන ශ්‍රී ලාංකික මගීන්ට නිතර හිරිහැර  සිදුවෙයි. නමුත්  සංචාරක වීසා මත මාලදිවයින් ජාතිකයින් 49,000ක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙයි. ඔවුන්ට කිසිදු කරදරයකින් තොරව ලංකාවට පැම්ණිය හැක.කිසිදු බාදාවකින් තොරව ලංකාවේ ඇති සුභසාදන පහසුකම් භුක්ති විදිය හැක

කරුණු එසේ තිබියදී, ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියා කිසිදු හේතුවක් නොමැතිව මාලදිවයින් නිලධාරීන් විසින් රඳවාගෙන සිදුවූ අපහසුතාව පිලිබදව කනගා‍ටුව ප්‍රකාශ කිරීමකින් තොරව මුදා හැරීම පිළිබදව ලංකාවේ විදේශ අමාතංශය පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුය

තවද  ජනාධිපති යමීන් ජනාධිපතිව සිටියදී, ශ්‍රී ලාංකිකයන්ට මාල දිවයින තුලදී කිසිදු ප්‍රශ්නයක් ඇති නොවුනි  නමුත්, ඉන්දියාවට වඩාත් සමීප ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි බලයට පත් වූ විට, දැන් ශ්‍රී ලාංකිකයන්ට  වෙනස් කොට සැලකීම පමණක් නොව විවිධ අකටයුතුකම්  සිදු වෙයි.

ශ්‍රී ලාංකිකයන්ට මාලේ ගුවන්තො‍ටුපොලේදී සිදුවන තාඩන පීඩන ගැන අප මාලදිවයිනේ ජේෂ්ඨ දේශපාලනඥයෙකුගෙන් විමසීමක් කළේය . ඔහු කීවේ මෙවැන්නකි.වත්මන් ජනපති මාලදිවයිනේ මහජන මුදල් කොල්ල කෑමෙන් සහ විවිධ ජාවාරම් හරහා පොහොසතෙකු වූ අයෙකි . එම කළු මුදල් වලින්  ලංකාවේ කෝටි ගනනක දේපල ‍රැස්කරගෙන ඇත.
සැබැවිනම   වත්මන් මාලදිවයින් ජනපති වීදුරු ගෙයක සිට ගල් විසිකරන   බව ඔහු කීවේය

මිනී වලවල් කපන්නන්ගෙන් ප්‍රවේසම් වනු- ගෝඨා විනාශ කළ ඊනියා ආරක්ෂක ඔස්තාර්ලා, රනිල්ගේ මිනී වල කපන හැටි මෙන්න

0

ගෝඨාභය සායම් බාල්දියට වැ‍ටුන නරියෙක් කීවද බොහෝ දෙනෙක් එය විශ්වාස කළේ නැත. ගෝඨාභය මෝඩ කම පිළිබද පුරාවෘතයක්ක් කීවද මිනිසුන්  විශ්වාස කළේ නැත.

නමුත් එක් සිදුවීම නිසා ගෝඨාගේ සායම හේදී ගියේය. ආර්ථික අර්බුධයෙන් හෙම්බත් වූ ජනයා පාලනය කිරීමට, ඇඳිරි නීතිය පැනවූයේය. නමුත් මිනිසුන් ගෝඨාගේ ඇඳිරි නීතිය සතයකට මායිම් කළේ නැත. එම සිදුවීමෙන් පසු ගෝඨා අවලංගු කාසියක් වූයේය . ඇඳිරිනීතිය පැනවීම ගෝඨා සිදුකළ විශාල අත්වැරදීමකි.

ගෝඨා සිදුකළ අත් වැරදිම රනිල් විසින් යලි සිදුකර ඇත. රනිල්, ගැසට් පත්‍රයක් මගින්, කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කොට ඇත. ඒ අනුව පසුගිය අරගල භූමිය වූ ගෝල්ෆේස් පිටිය අධි ආරක්ෂිත  කලාපයක් වී ඇත.

ජන බලය නිදා සිටින සිංහයෙකු බඳුය . ජන බලය අවදි වුවහොත් එය පාලනය කිරීම් මොනම  හමුදාවකට වුවද දුෂ්කරය. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ නීති රාමුව ඉදිරියේ  අපරාධ චෝදනා ලැබ සිටන, මෙරට ආණ්ඩුවට සහ හමුදාවට ජන බලය පාලන කිරීම කිසිසේත්ම කළ නොහැක.

ඒ අනුව යම් හෙයකින් ජනයා  ගෝල් ෆේස් පිටිය අල්ලා ගත හොත් එනයින් රනිල්ගේ  අධිකාරිය අහෝසි වනු ඇත.

තවද  අධි ආරක්ෂිත කලාප නම් කළ රනිල්ගේ ගැසට් පත්‍රය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වීම ඉදිරියේදී සිදු විය හැක .ගාළු මුවදොර ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් නම්, ඒ ඉදිරිපස ඉඩම චීන ශ්‍රැන්ශ්‍රීලා සමාගමට සින්නක්කරව විකිනීම ගැටලු සහගතය .

අධි ආරක්ෂිත ගැසට් පත්‍රයට රනිල් අත්සන් කළද,  එය ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශයකි .කරුණු එසේ හෙයින් ගෝඨාභය විනාශ කළ ඊනියා ආරක්ෂක ඔස්තාර්ලා දැන්  රනිල්ගේ මිනී වල  කපමින් සිටින බව නිගමනය කළ හැක

ආර්තික අර්බුධයකට කැරලි වලින් විසදුම් සෙවිය නොහැකි වනවා සේම මිලිටරියෙන්ද විසදුම් දිය නොහැක

 

නැෂනල් ඇලට් ව්‍යායාමය පල දරයි, සුදර්ශනී අවදි වෙයි , ජෙයරාජ් ඝාතණය ඇතුලත කුමන්ත්‍රණයක් බව කියයි

0

නැෂනල් ඇලට්  ලියුම්කරුට ජෙයරාජ් ඝාතණයේ පලමු විත්තිකරු ලෙස නම් කරතිබූ සෙල්වරාසා කිරුබාකරන් නොහොත් මොරිස් සහ දෙවන විත්තිකරු  පොලිස් අධිකාරී ලක්ෂමන් කුරේ මැගසින් බන්ධනාගාරයේදී හමුවිය. ජෙයරාජ ඝාතණය පිල්ලෙයාන් පාර්ශවයේ වැඩක් බව ඔවුන් හෙළි කළේය

ඒ අනුව  මෙම ලියුම්කරු ඇප ලබා එලියට පැමිණි විගස ජෙයරාජ් ඝාතණය ඇතුලත කුමන්තණයක් බව හෙළි කළේය.  අප ප්‍රධාන කරුණු දෙකක් මහ ජනයාගේ අවධානයට යොමු කළේය

1. වසර 13ක් පුරා ලක්ෂමන් කුරේ ඇතුළු සැකකරුවන්ට ඇප ලබා නොදීම

2. 2022 සැප් 1 දින  ගමපහ මහාධිකරනයෙන් ලක්ෂ්මන් කුරේ ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කරපසු නිදහස් කරනවා වෙනුවට කිසිදු ‍රැදවුම් නොයෝගයන් නොමැතිව ඔවුන් යලිත් බන්ධනාගාර ගත කිරීම

3. ලක්ෂ්මන් කුරේ ඇතුළු පිරිස නොදොස් කොට නිදහස් කළ පසු එදින රාත්‍රීයෙම මහින්ද ඝාතණය සඳහා කුමන්ත්‍රණය කළේ යයි අලුත් නඩුවක් පැවරීම .

නැෂනල් ඇලට්  හෙළිදරව්වෙන් පසු  පාර්ලීමේන්තු මන්ත්‍රී  ලක්ෂමන් කිරිඇල්ල ලියුම්කරු සමග සංවාදයක යෙදුනේය. එහිදී ඔහු අතිශ්‍ය වැදගත් තවත් කරුනක් හෙළි කළේය. තමා ජෙයරාජ් ඝාතණය ගැන මුල සිටම අවධියෙන් සිටි බවත්  ඝාතකයන්ට නවාතැන් දුන් දෙහිවල ප්‍රදේශයේ කාන්තාව පොලිස් අත්අඩංගුවේදී සැක කටයුතු ලෙස මියගිය බව කිරිඇල්ල මන්ත්‍රීවරයා කීවේය. ජෙයරාජ් ඝාතණය ඇතුලත කුමන්ත්‍රණයක් බව  තමාට එදිනම පසක් වූ බව ඔහු කීවේය.

කිරිඇල්ල මන්ත්‍රීවරයා ලබාදුන් තොරතුර ගැන අප වැඩිදුරටත් කරුණු සොයා බැලූ අතර එහිදී එම තොරතුරු සත්‍ය බව තහවුරු විය. ජෙයරාජ් ඝාතණයේ සැකකරුවන්ට නවාතැන් ලබා දීම  සම්බන්ධව රාජී නම් දෙමල කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇය පොලීසිය තුලදී සැක කටයුතු ලෙස මිය ගොස් ඇති බව තහවුරු විය.රාජි නැගෙනහිර ප්‍රදේශයේ කාන්තාවක් බවද හෙළි විය

පසුගියදා යූ ටියුබ් නාලිකාවක් සමහ සාකච්ජාවකට එක්වෙමින් අප මෙතෙක් හෙළිදරකළ කරුණු වලට ජෙයරාජ්ගේ බිරිද පාර්ලීමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ අංශක 360 ක වලංගු භාවයක් දුන්නේය . සූදර්ශනීගේ වීඩියෝව පහත දිගුවෙන් නරඹන්න.

https://www.youtube.com/watch?v=1OxUs8fhUVU&feature=youtu.be

රනිල්ගේ ලන්ඩන් සංචාරයෙන් ලද ප්‍රතිලාභ ලැයුස්තුව මෙන්න

0

ජනපති රනිල් එළිසබෙත්  රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා සැප් 17   එංගලන්තය බලා බලා ගියේය. රනිල්   සමඟ තවත් අටදෙනෙකු  මෙම සංචාරයට එක් විය. රටේ සාගතයක් ඇතිව තිබියදී  සිදුකළ මෙම  සංචාරයට බොහෝ විවේචන එල්ල විය.

සංචාරය අතර තුර රනිල් ආයෝජන ප්‍රවර්ධන ‍රැස්වීමකට සහභාගි විය.එය හුදෙක් රනිල්ට එල්ල වූ විවේචන වලින් බේරීමට සිදු කළ එකක් විය. එම ‍රැස්වීම සංවිධානය කළේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. එම ආයෝජන ප්‍රවර්ධන සැසිය මුළුමනින්ම අසාර්ථක එකක් විය.මෙය ලන්ඩනයේ සිටින සිංහල  දෙමල මුස්ලිම් ජාතිකයන්ට පමනක් සීමා වූ ‍රැස්වීමක් විය.අහෝ!  ආරාධනා ලැබූ මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතිකයන් බොහොමයක් ‍රැස්වීම වර්ජනය කළෝය

බ්‍රිතාන්‍ය රජයේ හෝ වෙතන් රටක  කිසිවෙකු සමග ද්විපාර්ෂික සාකච්ඡාවක් කිරීමට රනිල්ට නොහැකි විය. ලංකාවේ ආයෝජනය සම්බන්ධව විවිධ රටවල් පනවා ඇති අනතුරු ඇඟවීම ලිහිල්  කරගැනීමට කිසිවක් කිරීමට රනිල්ට නොහැකි විය  .රනිල්ගේ ‍රැස්වීම හුදෙක් එම්බසියට කඩේ යන නිකමුන්ගේ ‍රැස්වීමක් විය.

රනිල්ගේ ‍රැස්වීමට සහයෝගය දුන්නේ දෙමළ ඩයස්පෝරාවේ  ප්‍රධානියෙකු ලෙස පෙනී සිටින  නිමලන් විශ්වනාදන් පමනි.ලන්ඩන් ‍රැස්වීමේ අසාර්ථකභාවයට සහ තම නිදහසට ඔවුහු කරුණු දැක්වූහ.  මුස්ලිම් සහ දෙමළ ජාතිකයන්  ‍රැස්වීම වර්ජනය කළේ ප්‍රධාන හේතු 2ක් නිසා බව ඔවුන් කීහ

1. ත්‍රස්ත පනත සංශෝධනය කිරීමට අපොහොසත් වීම .

2. යුධ අපරාධ චෝදනා ලැබ සිටින කමල් ගුණරත්න සහ ශවේන්ද්‍ර රජයේ ඉහල තනතුරු දැරීම

ලන්ඩන් වල දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව රනිල්ගේ ‍රැස්වීම වර්ජනය කළ හේතුව ඊට වඩා බැරෑරුම් බව අපට වාර්තා විය , මෙම සඳහා ආරාධනා පත් යැව්වේ ලන්ඩන් වල ශ්‍රී ලංකා  තානපති කාර්යාලය විසිනි. එහි සිටින සේවිකාවක්  ආරාධිතයන්ගේ නම් ලැයුස්තුව  TCC සංවිධානය වෙත  ලීක් කොට ඇත. අනතුරුව TCC ක්‍රියාකාරීන් දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ට කතා කොට ‍රැස්වීම වර්ජනය කරන ලෙස ඉල්ලා ඇත.

TCC නොහොත් World Tamil Coordinating Committee යනු තහනම් කර තිබූ ත්‍රස්ත සංවිධානයකි.  පසුගිය අගෝස්තු පලවනිදා  ගැසට් පත්‍රයක් නිකුත්කරමින් මෙම සංවිධානයේ තහනම් ඉවත් කළේ කමල් ගුණරත්න විසිනි

රනිල්ගේ ලන්ඩන් සංචාරයෙන්   විදේශ ආයෝජන ඩොලරයක්වත් ලැබුනේ නැත. නමුත් රනිල් ලන්ඩන් වල්දී  උගත් පාඩම්  නිසා  කමල් ගුණරත්න  සහ ශවේන්ද්‍ර ඉවත් කිරීමට වැඩි ඉඩක් ඇත.

ශවේන්ද්‍ර සහ කමල් ගුණරත්න මේ වනවිට ගෝඨාභයගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටියි.ඒ අනුව කමල් ගුණරත්නට අහිමි වන්නේ තනතුර පමනක් නොවේ සිය ප්‍රතිරූපයද අහිමිවනු ඇත. කමල් ගුණරත්න ගෙදර යන්නේ තම ආත්මය , සිය ආදරනීය නායකයා සහ රටද පාවාදුන් අයෙකු ලෙසිනි

රුවන්වැලිසෑයේ මැනික් කොල්ලය සමග එන ප්‍රභාත් නානායක්කාර කවුද ?

0

පසුගියදා මිහින්තලාව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරියේ බලපතල කථාවක් කළේය.එම කථාව අතරතුර රුවන්වැලිසෑයේ චූඩාමාන්‍යක්‍ය ගැන ප්‍රශ්න කළේය.

එම කථාවේ දිගුවක් ලෙස  මාධ්‍යවේදී චමුදිතට අද දින CID ට කැඳවීමක් ලැබුණි.ඔහු   CID ට කැ‍ඳෙව්වේ රුවන්වැලිසෑයේ චූඩාමාන්‍යක්‍ය ගැන කළ වැඩසටහනක් ගැන ප්‍රශ්න කිරීමටය.

චමුදිතගේ වැඩ සටහන තුලදී රුවන්වැලිසෑයේ චූඩාමාන්‍යක්‍ය ප්‍රතිස්ථාපනය කිරීම ගෝනිසෙල්ලමක් බව බව හෙළිදරව් කළේය.එපමනක් නොව එම පාදමේ තිබූ කෝටි  ගණනක් වටිනා මැනික්ද සොරකම් කළ බව කීවේය .මෙම සොරකම සිදුවූයේ චූඩාමානික්‍ය මාරුකරන අතරතුර බව  කීවේය.

චූඩාමානික්‍ය  මාරුකළේ විශ්ව පාරමී නම් සංවිධානයක් බවත් , ඊට නායකත්වය දුන්නේ ප්‍රභාත් නායයක්කාර නම් පුද්ගලයෙක් බව හෙළිදරව් කළේය. ඒ අනුව රුවන්සෑයේ සිදුවූ මහා මංකොල්ලයට  වගකිව යුත්තේ ප්‍රභාත් නානායකර බව කීවේය.

ප්‍රභාත් නානායක්කාර ප්‍රභාකරන් මෙන් රහසිගත ජීවිතයක් ගත කරන අයෙකි.නමුත් නැෂනල් ඇලට්  අප ප්‍රභාත් නානායක්කාර කවුද යන්න සොයාගෙන ඇත. ප්‍රභාත් නානායක්කාර සහ රාජපක්ෂලා අතර ඇති සම්බන්ධයද අප සොයාගෙන ඇත . තවද ප්‍රභාත් නානායක්කාර පිටරටවලට ලංකාව පාවා දුන් ආකාරය ගැනද විස්තර අප සතුව ඇත

එම හෙළිදරව්ව මීලග ලිපියෙන් බලාපොරොත්තුවන්න

සිවුරු වලින් බංකර් ගසා පිරිත් නූලෙන් මාලු ඇල්ලූ බන්ඩලාගේ සහ රාජපක්ෂලාගේ ඉරණම

0

රණසිංහ ප්‍රේමදාස ඩඞ්ලි සේනානායක රජයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විය. ඔහු වරෙක සිවුරු, පිරිකර මල්ලක් ‍රැගෙන ඩෙන්මාර්කයේ ඤාණදීප හාමුදුරුවන් බැහැදකින්නට ගියේය.  ලග්ගල මහ වන මැදට ගිය ප්‍රේමදාස ඤාණදීප හාමුදුරුවන් සමග බොහෝ වේලාවක් කථාකලේය. නමුත් උන්වහන්සේගෙන් දිස්වූයේ උපේක්ෂාසහගත ප්‍රතිචාරයක් පමනි.

අවසානයේ සමුගැනීමට සැරසුන ප්‍රේමදාස, තව අවශ්‍ය මොනවාදෑයි විමසුවේය. ‍රැගෙන ආ කදමළුද ‍රැගෙන ප්‍රවේශමෙන් කොළඹ බලා යන ලෙස ඥානදීප හිමි අවවාද කළෝය . ඥානාදීප හිමියෝ ප්‍රේමදාසට තවත් අවවාදයක් දුන්හ .තුන් සිවුරයි, පාත්තරයයි හැර වෙන කිසිවක් භික්‍ෂුවකට අවශ්‍ය නොවන බව කීහ.  ඉන් එහා යමක් පිලිගැනීම මෙන්ම ලබාදීම බුදුවදනට පටහැනි බව කීහ.

පාත්තරයේ වැසූ කපුටා එලවා ගත නොහැකි අයෙක් මහන කමට නුසුදුසු බව බෞද්ධ පොත පතේ උගන්වයි.මෙය මතු පිටින් සරල වුවද පරම ඝම්භීර කථාවකි.  භික්ෂුවකගේ වත්කම පාත්තරයට සහ සිවුරට සීමා වෙයි. ආහාර යනු කය පවත්වාගෙන යාම සදහා යොදන මෙවලමක් පමනි. කෑම බීම නෑම සියල්ල සදහා ඇත්තේ පාත්තරය පමනි.

විටෙක පාත්තරයට බත් ටිකක් ලැබෙයි, තවත් විටෙක පැණි ටිකක් ලැබෙයි, තවත් විටෙක කැඳ ටිකක් ලැබෙයි. අවසානයේ සියල්ල එකට අනා අනුභව කරයි. එහි ආශ්වාදයක් නැත. යම් අයෙක් කිසිදු ආශ්වාදයක් නැති එම පාත්තරයට කපුටෙක් සේ ඇලෙයි නම් එය ඛේදවාචකයකි.එම තන්හාව නොහොත් කපුටා වහා එළවා ගත යුතුය . එම කපුටා එළවා ගත නොහැකි නම් ඔහු භික්ෂූත්වයට සුදුසු නැත.

අද සිටින බොහොමයක් බෞද්ධ භික්ෂූන් පාත්තරයට වැසූ කපුටා එලවා ගත නොහැකි අය වෙති.ඔවුන් ලෞකික සැප සම්පත්වලට කෑදර අය වෙති. මේ වන විට විදුලි බිල පිලිබදව බෞද්ධ භික්ෂූන් රජයට තර්ජනය කරමින් සිටියි.නමුත් මෙහි පුදුම විය යුතු කිසිවක් නැත .

රාජපක්ෂලා යනු තමන්ගේ පැවැත්මට සිවුරු වලින් බංකර් හැදූ පිරිසකි. පිරිත් නූලෙන් මාළු ඇල්ලූ පිරිසකි.බෞද්ධ භික්ෂූනට සම්මා අල්ලස පුරුදු කරේ රාජපක්ෂලා විසිනි. අද ගේම ඉල්ලන සියලු භික්ෂූන් රාජපක්ෂලාගෙන් සම්මා ජරාව කෑ අය වෙයි.

රාජපක්ෂලාට වැඩ කළ භික්ෂූන්ගේ විදුලිය සීමා කොට ගෝඨාභයට කොළඹ 7න් මාලිගා දීම අවුලකි. භික්ෂූන්ගේ එම මනෝභාවය උදාහරණයකින් තවත් පැහැදිලි කළ හැක.

බුත්තල – කතරගම මාර්ගය වල් අලින්ගේ ග්‍රහණයට ලක් වී ඇත. මේ අලි ගම් වදින්නේ සැප ආහාර කෑමටය. මෙම අලින්ට වාහන තුල සිට කෑම නොදැමිය යුතු බවට අවවාදයක් වෙයි. මක්නිසාදයත් වාහන වලින් ලැබන කෑම වලට අලි පුරුදු වෙයි. ඉන් පසු කෑම නොලැබෙන වාහන වලට  පහරදීම සිදු කරයි.

බෞද්ධ භික්ෂූන් ( චීවර ධාරීන් ) සම්බන්ධයෙන් මෙම තත්වය වල් අලින්ට වඩා භයානකය . බන්ඩාරනායක බෞද්ධ භික්ෂුවකගෙන් වෙඩි කා මිය ගියේ මේ නිසාය . එම සන්තෑසිය ගැන කොතලාවල අපූරු කථාවක් කීවේය. මා බැඳ දැමූ බල්ලන් බන්ඩා විසින් ලිහා දැමූ බවත් බන්ඩා වෙඩි කෑවේ ඒ නිසා බව කීවේය .

අද රාජපක්ෂ ආණ්ඩුවට අත් වී ඇත්තේද එම ඉරණමය. බෞද්ධ භික්ෂූට කෑම දැමිය යුත්තේ බුද්ධ වචනය පරිදිය , ඉන් එහා ගොස් සම්මා ජරාව කවා වැඩ වරද්දා නොගත යුතුය