හරක් කටා බේරා ගැනීමට ඩූබායි ගිය සුපිරි බලවතා කවුද ?

0
712

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ අගෝස්තු මස 3 දිනය.නමුත්  ජාත්‍යන්තර පොලීසිය එම පුවත නිළ වශයෙන් ලංකාවට  දැනුම් දුන්නේ අගෝස්තු 19 දිනය.

හරක් කටා අත්අඩංගුවට ගත් පසු  ලංකාවේ නීතීඥයන් කිහිප වරක්ම   ඩුබායි වෙත ගියහ.  හරක් කටා ලංකාවට බාර නොදෙන ලෙස ඔවුන් එහිදී ඉල්ලිම් කොට ඇත . මීට පෙර ලංකාවට බාර දුන්  මධූෂ් ඝාතණය කළ ආකාරය  සාක්ෂි සහිතව පෙන්වා දී ඇත.

මෙම නීතීඥ කන්ඩායමේ  සියලු වත ගොත  අප සතුව ඇත.  එය කෙස් කෙලින් කරන කථාවකි.

PTA යටතේ  පුද්ගලයෙකු  රඳවා තැබීමට  ජනපති පෞද්ගලිකවම  අත්සන් කළ යුතුය. ඔහු රඳවන  ස්ථානයේ වෙනසක් කරන්නේ නම් ඊටද  ජනපති අත්සන් කළ යුතුය. එනම් මධූෂ්  සහ තාරක CID යේ  තැබීමට බලය දුන්නේ ගෝඨාභයයි.  අවුරුද්කට පසු  සැගවූ ආයුධ  සෙවීමට  පෑලියගොඩ යුනිට් එකට බාර දුන්නේද ගෝඨාභයයි.

නඩු පැවරීමකින් තොරව සැකකරුවන් මරා දැමීම නීතිය නොවේ. දැන්  ලංකාවට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට සිදුව ඇත  , ගෝඨා විවේචනය කළ නිසා මෙම ලියුමකරුද PTA යටතේ අත් අඩංගුවට ගෙන   ඝාතණය කිරීමට උත්සාහ කළේය. ඒ පිළිබදව පැවරූ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතියි .

විශේෂයෙන් දකුණු ආසියාවේ  මත් ද්‍රව්‍ය ජාලය සෘජුව්ම ඉස්ලාමීය ත්‍රස්තවාදයට හවුල්ය. කුඩු ජාවාරම් කරුවන්  බාර නොදුන හොත් ත්‍රස්තවාදය ගැන වැදගත් පි‍ටුවක්  ලංකාවට අහිමි වනු ඇත

මත් ද්‍රව්‍ය ජාලය අප හිතනාවාට වඩා විශාල එකකි .දූෂිත දේශපාලකයන්, දූෂිත  නීතිඥයන් ,  දුෂිත බන්ධනාගාර නිළධාරීන් , දූෂිත පොලිස් නිළධාරීන් මේ සියල්ලන් එහි සාමාජිකයන් වෙයි