මිනී වලවල් කපන්නන්ගෙන් ප්‍රවේසම් වනු- ගෝඨා විනාශ කළ ඊනියා ආරක්ෂක ඔස්තාර්ලා, රනිල්ගේ මිනී වල කපන හැටි මෙන්න

0
471

ගෝඨාභය සායම් බාල්දියට වැ‍ටුන නරියෙක් කීවද බොහෝ දෙනෙක් එය විශ්වාස කළේ නැත. ගෝඨාභය මෝඩ කම පිළිබද පුරාවෘතයක්ක් කීවද මිනිසුන්  විශ්වාස කළේ නැත.

නමුත් එක් සිදුවීම නිසා ගෝඨාගේ සායම හේදී ගියේය. ආර්ථික අර්බුධයෙන් හෙම්බත් වූ ජනයා පාලනය කිරීමට, ඇඳිරි නීතිය පැනවූයේය. නමුත් මිනිසුන් ගෝඨාගේ ඇඳිරි නීතිය සතයකට මායිම් කළේ නැත. එම සිදුවීමෙන් පසු ගෝඨා අවලංගු කාසියක් වූයේය . ඇඳිරිනීතිය පැනවීම ගෝඨා සිදුකළ විශාල අත්වැරදීමකි.

ගෝඨා සිදුකළ අත් වැරදිම රනිල් විසින් යලි සිදුකර ඇත. රනිල්, ගැසට් පත්‍රයක් මගින්, කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කොට ඇත. ඒ අනුව පසුගිය අරගල භූමිය වූ ගෝල්ෆේස් පිටිය අධි ආරක්ෂිත  කලාපයක් වී ඇත.

ජන බලය නිදා සිටින සිංහයෙකු බඳුය . ජන බලය අවදි වුවහොත් එය පාලනය කිරීම් මොනම  හමුදාවකට වුවද දුෂ්කරය. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ නීති රාමුව ඉදිරියේ  අපරාධ චෝදනා ලැබ සිටන, මෙරට ආණ්ඩුවට සහ හමුදාවට ජන බලය පාලන කිරීම කිසිසේත්ම කළ නොහැක.

ඒ අනුව යම් හෙයකින් ජනයා  ගෝල් ෆේස් පිටිය අල්ලා ගත හොත් එනයින් රනිල්ගේ  අධිකාරිය අහෝසි වනු ඇත.

තවද  අධි ආරක්ෂිත කලාප නම් කළ රනිල්ගේ ගැසට් පත්‍රය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වීම ඉදිරියේදී සිදු විය හැක .ගාළු මුවදොර ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් නම්, ඒ ඉදිරිපස ඉඩම චීන ශ්‍රැන්ශ්‍රීලා සමාගමට සින්නක්කරව විකිනීම ගැටලු සහගතය .

අධි ආරක්ෂිත ගැසට් පත්‍රයට රනිල් අත්සන් කළද,  එය ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශයකි .කරුණු එසේ හෙයින් ගෝඨාභය විනාශ කළ ඊනියා ආරක්ෂක ඔස්තාර්ලා දැන්  රනිල්ගේ මිනී වල  කපමින් සිටින බව නිගමනය කළ හැක

ආර්තික අර්බුධයකට කැරලි වලින් විසදුම් සෙවිය නොහැකි වනවා සේම මිලිටරියෙන්ද විසදුම් දිය නොහැක