ලක්ෂ 11 කට පූර්ණ වශයෙන් ‍රැකියා අහිමි වෙලා -ආන්ඩුව නිදි

0
414

ලංකාවේ ශ්‍රම බලකාය ලක්ෂ 87 කි. ඉන් 29%ක් කෘෂි ක්ෂේත්‍රයේද,26% කර්මාන්ත ක්ෂේත්‍රයේද, 45% සේවා කර්මාන්තයේද රැකියා නියුතුව සිටියි. ආර්ථික අර්බුධයට පෙර එනම් 2020 වන විට  රැකියා විරහිත අයගේ ප්‍රමාණය 451,000 ක් විය . එය ශ්‍රම බලකායෙන් 5 % විය.

ආර්ථික අර්බුධය හේතුවෙන් ලංකාවේ ලක්ෂ 11 කට ‍රැකියා අහිමිවී ඇති බව ඉන්දීය දත්ත වාර්තාවක දක්වා ඇත. එනම් ආර්ථික අර්බුධය නිසා ලංකාවේ ශ්‍රම බලකායෙන් 15%  ක් පමන  වි‍රැකියාවෙන් පෙලෙයි. සේවා නියුක්ත ලක්ෂ 40ක් පමණ වැ‍ටුප් කප්පාදු වලට ලක්වී ඇත.

ලංකාවේ සෑම වසරකම ලක්ෂ 3ක් අලුතෙන් ශ්‍රම බලකායට එකතු වෙයි. ආර්ථික අර්බුධයට පෙර , වසරකට  10,000ක් වැනි පිරිසකට රජයේ ‍රැකියා ලැබුන අතර ,25,000 කට පමන පෞද්ගලික අංශයේ ‍රැකියා ලැබුනි.ලක්ෂ 2 ක් පමන විදේශ ‍රැකියා වලට ගියහ.

කම්කරු සහ විදේශ ‍රැකියා ඇමති මනූෂ පසුගියදා පාර්ලීමේන්තුවේ කතා කරමින් මහජනතාවට චෝදනා කළේය, ලංකාවේ ජනයා ආණ්ඩුව දෙස බලන්නේ  ගෙදර වැඩට සිටින නැනී දෙස බලන ආකාරයෙන් බව කීවේය.හැමදේම ආන්ඩුව කරන තුරු බලා සිටින බව කීවේය. නමුත් මනූෂගේ විෂය තුල එය සාහසික බොරුවකි .මක්නිසාදයත් මනූෂගේ අමාත්‍යංශය ,ශ්‍රමිකයන්ට කිසිදු සේවයක් නොකොට හුදෙක් ගසාකෑම පමනක් සිදු කරන ආයතනයකි.

2022 වසර තුල ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් විදේශ ‍රැකියා සදහා පිටත්ව ගොස් ඇත. එම ‍රැකියා වලින් 99.9 % ක්ම ඒජන්සි වලට මුදල් ගෙවා ලබා ගත් ‍රැකියා වෙයි.රජය සුපුරුදු පරිදි කළේ ගේ දොර උගස් කොට විදේශ ගතවන  අයගෙන් රු 20000 වැනි විශාල මුදලක් කඩා ගැනීම පමනි.

තව නොබෝ දිනකින් පාපන්දු ලෝක කුසලානය කටාර් රාජ්‍යයේ ආරම්භ කිරීමට නියමිතය  . ලක්ෂයක පමන ‍රැකියා වෙළද පොලක් එහි විවෘතව ඇත. ඉන්දියාව, පිලිපීනය , බංගලාදේශය රාජ්‍ය මැදිහත්වීම තුලින් එම ‍රැකියා වෙළද පොල තමන් සතු කරගෙන ඇත.මේ එක් උදාහරණයක් පමනි. මෙවැනි උදාහරණ ඕනෑ තරම් දිය හැක.

රටක් ගොඩනැගිය හැක්කේ ණය ගැනීමෙන් නොව නිෂ්පාදනය වැඩි කිරීමෙන් බව පාලකයන් දැන්වත් වටහා ගත යුතුය