ලතීෆ් පාස්කු ප්‍රහාරයේ චූදිතයෙක්,තවත් විශමාචාර ‍රැසයි, වහා පරීක්ෂණ කරණු !

0
544

ලංකා ඉතිහාසයේ ද්‍රෝහීන් රජ වූ අවස්ථා , ද්‍රෝහීන් සෙන්පති ධූර දැරූ අවස්ථා එමට ඇත. එහෙයින් අධිකාරියක් දැරූ පමනින් දේශපාලකයෙකු හෝ ආරක්ෂක නිළධාරියෙකු රටට සේවයක් කරන පුද්ගලයෙකු වන්නේ නැත. තවද බැටළු හම් පොරවාගෙන සිටින වෘර්කයන් එමට ඇත

STF හිටපු අණදෙන නිලධාරී එම්. ආර්. ලතීෆ් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  දඩුවම් ලැබ හිරේ යා යුතු අයෙකි. නමුත් ඔහු විවිධාකාරයේ ගෝනි සෙල්ලම් පාමින් නීතිය සමග සෙල්ලම් කරමින් සිටියි. සාක්ෂි මෙන්න 

a. ලතීෆ් STF අණදෙන්නා ලෙස වැඩ බාර ගත්තේ 2016 අගෝස්තු 17 දිනය. ලතීෆ්ට පෙර  STF අණ දෙන්නා වූ යේ  නි.පො රංජිත් පෙරේරාය.2016 වසරේ මුල් කාලයේදී  කලවංචිකුඩි  STF කඳවුරේ ස්ථාපිත කොට තිබූ ත්‍රස්තවාදය මැඩලීමේ අංශය විසින් සහරාන්ගේ ක්‍රියා කාරකම් පිළිබදව විශේෂ වාර්තාවක් එවා තිබුණි. ඒ අනුව නි.පො රන්ජිත් පෙරේරාගේ මූලිකත්වයෙන් STF නිළධාරීන් සහරාන්ගේ ක්‍රියාකාරකම් නිරන්තරයෙන් ආවේක්ෂණය කළේය.  ඒ අතරතුර නි.පො රංජිත් පෙරේරා විශ්‍රාම ගියේය.නව අණදෙන්නා ලෙස ලතීෆ් පත්වීමෙන් අනතුරුව  සහරාන් පිළිබද ආවේක්ෂණ නැවැත්වූයේය. එපමනක් නොව සහරාන්ගේ කටයුතු අධීක්ෂණය කළ අංශයද වහාම ක්‍රියාතමකවන පරිදි විසුරුවා දැම්මේය

b. නැගෙනහිර පලාතේ වව්නතිව් , කලවංචිකුඩි, මල්වත්ත, මහඔය, ලාහුගල , අම්පාර , ආරුගම්බේ යන ස්ථාන වල කඳවුරු පිහිටා ඇත. ලතීෆ්ගේ පැමිනීමෙන් පසු සහරාන් පිළිබද විමර්ෂණය කිරීම අධෛර්ය කළේය .පාස්කු ප්‍රහාරයට මාස 6 කට පෙර සිදුවූ , වවනතිව් පොලිස් භටයන් දෙදෙනාගේ ඝාතනය , ප්‍රහාරයෙන් දින කිහිපයකට පෙර කාතන්කුඩිවල සිදුවූ මෝටර් සයිකල් පිපිරවීම ලතීෆ් විසින් වසන් කළේය. ලතීෆ්ගේ සාහසිකත්වය කොතෙක්දයත්   මෝටර් සයිකල් පිපිරවීම ගැන පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන ලතීෆ්ගෙන් කරුනු විමසන තෙක් ඔහු ඒ පිලිබදව නිහඬව සිටියේය.

c. 2019 අප්‍රේල් මස 04  මෙරට සිදුවිය හැකි ප්‍රහාරයක් පිලිබදව විදේශ බුද්ධි අංශයකින් ලැබුන තොරතුර පූජිත් ජයසුන්දර විසින් ලතීෆ් වෙතද  දන්වා ඇත.  නමුත් ලතීෆ් ඒ පිලිබදව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ලතීෆ්ගේ සාහසික නොසලකාහැරීම පිළිබදව බරපතල සාක්ෂි පාස්කු ප්‍රාහාරය පිළිබදව  විමර්ෂණ කරන අතර තුර හෙළිදරව් වී ඇත.

d.  ලතීෆ් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ෂණය කළ පාර්ලීමේන්තු තේරීම්කාරක සභාව සහ ජනපති කොමිසම හමුවේ බරපතල ඝනයේ බොරු සාක්ෂි ලබා දී ඇත

e. මේ වනවිට මේ වනවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට , අගමැතිට, ආරක්ෂක ලේකමට, පොලිස්පතිට සහ නිලන්ත ජයවර්ධනට එරෙහිව වින්දියන් විසින්  විසින් වන්දි  ඉල්ලා නඩු 170ක් පවරා ඇත.නමුත් ලතීෆ් අසාමාන්‍ය ලෙස ඒ සියළු නඩු වලින් බේරී ඇත.

f. පාස්කු දින කොළඹ නගරයේ හෝටල් වලට අමතරව ගල්කිස්ස මහ හෝටලයද පුපුරුවා හැරීමට නියමිතව තිබුණි.පාස්කු ප්‍රහාරයට දින 4 කට පෙර, එහි සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ මව්ලානා නම් අයෙක් අතුරු දහන් විය. මොහු  එකල්හි නිතර නිතර STF ලතීෆ්ට දුරකථන ඇමතුම් ගත් බව  එහි සේවකයෝ පවසති.   මව්ලානා   නම් පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම ගැන ඔවුන් ආරක්ෂක අංශ වෙත පැමිණිලි කොට තිබුනි.මේ පිලිබ්දව සෙවීමට විශේෂ කාර්ය බලකායද  යොදවා  තිබුනි.නමුත් මව්ලානා පැන ගියේය

බරපතල ඝනයේ අපරාධකරුන් මෙරටින් පිටමං කිරීම ගැනද ලතීෆ්ට චෝදනා ඇත. 

a. මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රමුඛ පෙලේ ජාවාරම් කරුවෙකු වන පූ ගුඩි කන්නා ඉන්දියාවට පැනීමට අනුග්‍රහය දක්වා ඇත්තේ ලතීෆ්ය.

b. තවද ලතීෆ්  සැකකටයුතු පුත්ගලයන් බුලස් පාරේ STF කාර්යාලය ඇතුලට ගන්නා විට ඒ පිබදව පොත්වල සටහන් නොකරන ලෙස එහි මුරපොලට උපදෙස් දී ඇත

ලතීෆ් ජනමාධ්‍ය යොදාගෙන ගෝනි සෙල්ලම් පෑමට නම් දැරූ අයෙකි.මොහු අණදෙන්න ලෙස පත් වුනේ, සේවා දිගුවක් ලබා ගත්තේ , පාස්කු නඩු වලින් බේරී  පලා ගියේ ජනමාධ්‍ය හරහා පෑ ගෝනි සෙල්ලම් වලිනි

a. මීට දින කිහිපයකට පෙර  විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන්නාට එරෙහිව ලංකා ඊ නිවුස්  වෙබ් අඩවියේ ලිපියක් පල කොට තිබුණි.ලංකා ඊනිවුස් යනු පිට රටක සැඟවී කිසිදු වගවීමකින් තොරව  ලංකාවේ පාලන අධිකාරියට සහ පුද්ගලයට එරෙහිව ලිපි පල කරන නාලිකාවකි.

b. ලංකාවේ සිට වගවීමෙන් යුතුව ලියනවා වෙනුවට පිට රට වල  සැඟවී ලිවීමෙන් සිදුවන්නේ සේවයක් නොව අවැඩකි. සමස්ථ මාධ්‍ය කලාවම ඉන් හෑල්ලුවට ලක් වෙයි. නමුත් ලතීෆ් වෙනුවෙන් ලංකා ඊ නිවුස් පෙනී සිටි වාර බෝහෝය.මධූෂ් අත් අඩංගුවට ගැනීමට ලතීෆ් සම්බන්ධ නැත. නමුත් ලංකා ඊ නිවුස් එය ලතීෆ්ගේ මෙහෙයුමක් ලෙස බොරු පුවතක් සමාජ ගත කළේය.කරුණු එසේ හෙයින්   STF එකට එරෙහිව දින කිහිපයකට පෙර   ඊ නිවුස් පලකළ ලිපිය පි‍ටුපස ලතීෆ් සිටිනේද යන්න පරීක්ෂා කළ යුතුය

ලතීෆ්ගේ අනුග්‍රහයෙන් ඉන්දියාවට පැනගිය පූගුඩි කන්නා එහි සිට විවිධාකාරයේ කුමන්ත්‍රණ සිදුකරමින් සිටියි

a. මෑතකදී ලංකාවේ යළි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇඟවෙන ආකාරයේ වැඩසටහනක් නෙත් එෆ්.එම් බැලුම්ගල හරහා ප්‍රචාරය විය.එම වැඩ සටහන නිෂ්පාදනය කොට ඇත්තේ පූගුඩි කන්නාගේ පූර්ණ අනුග්‍රහයෙනි

b. පූගුඩි කන්නා සහ මන්න කන්නා මේ වන විට ඉස්ලාම් ආගමට මාරු වී ඇත.ඔහු විවාහ වී සිටින්නේ මුම්ටාස් නම් කාන්තාවක් සමගිනි.බැලුම් ගල වැඩ සටහන තුලදී ත්‍රස්තප්‍රහාරයක් ගැන ප්‍රකාශ කරන තැනැත්තිය අන්කිසිවෙකු නොව මුම්ටාස්ය . මුම්ටාස් ලතීෆ් සමග කිට්‍ටු සම්බන්ධයක් පවත්වන බව  මේවන විට අනාවරණය වී ඇත.

කරුණු එසේ හෙයින් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුවිය යුතුය