බදාදා, ජනවාරි 21, 2026
Home Blog

බෙදුම්වාදයට පණ දෙන ලෝගු කාරයන් නිසා වැනසෙන ඛනිජ ආර්ථිකය.

0

මන්නාරම ලංකාවේ ඛනිජ සම්පත් අතින් පොහොසත්ම දිස්ත්‍රික්කය වෙයි.
පෙට්‍රෝලියම්,ඉල්මනයිට්,රූටයිල් සහ සර්කොන් ඒ අතර ප්‍රධානය.

මන්නාරම ඛනිජ වැලි විශේෂිතය.එහි ඇති ඉල්මනයිට් වලින්  58% සහ රූටයිල් වලින් 98% ලෙස ටයිටේනියම් ලබාගත හැක.

තවත් අතෙකින් ස්ථාවර සුළඟක්  පැවතීම නිසා සුළං බලාගාර  ඉදිකිරීම සඳහා එය ඉතා සුදුසු  භූමියකි.

කෙසේවුවද  විරෝධතා  නිසා සුළං බලාගාර සැලසුම හකුළා ඇත.විවිධ ප්‍රතිරෝධ නිසා ඛනිජ වැලි ව්‍යාපෘති අඩාල වී ඇත.ඛනිජ තෙල් ව්‍යාපෘතිය තවමත් ගවේෂණ මට්ටමේය.

ඛනිජ ආර්ථිකයට අකුල් හෙලන්නේ කවුද?

උතුරේ ඛනිජ ආර්ථිකයට මුල්ම ප්‍රහාරය එල්ල කරේ වේලුපිල්ලේ  ප්‍රභාකරන්ය.

1.LTTE  සංවිධානය 1996 අගෝ 6,  ඉල්මනයිට් ප්‍රවාහනය කළ MV Princess Wave නෞකාවට පහර දුන්නේය.

2.1997 සැප් 12, ඉල්මනයිට්  ප්‍රවාහනය කළ  M.V. Cordiality නෞකාවට පහර දුන්නේය.

උතුරේ ඛනිජ සම්පත්  දකුණේ රජයට  නොදිම  එල්ටීටීඊ ප්‍රතිපත්තිය විය. පල්ලියේ ප්‍රතිපත්තියත් එයම  විය.ප්‍රභාකරන් සහ රායප්පු ජෝසප්  නැති වුවද  ඔවුන්ගේ ප්‍රතිපත්ති  අදටත් එහි ක්‍රියාත්මකය.

ඛනිජ ආර්ථිකයට පහර දීමට අවි වෙනුවට අද භාවිතා කරන්නේ කුමක්ද ?

1. පල්ලියේ භූ දේශපාලන බලය.

සුළං බලාගාර සැලසුම හකුලා දැමුවේ වතිකානුවේ  ජාත්‍යන්තර
සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් කොළඹ පැමිණි දිනය.

එසේ කළේ අධිකරණ නියෝගයක් හෝ පිළිගත් පාරිසරික වාර්තාවක් නිසා නොව  හුදෙක් පල්ලියට ඇති බිය නිසාය.

2.උඩු යටිකුරු කළ පරිසර ප්‍රතිපත්ති.

විදුලිය  හා සම්බන්ද පාරිසරික  හානිය  හානිය අඩුම ප්‍රභවය සුළඟ වෙයි.

ඉල්මනයිට් විකිරණශීලීය.පිළිකා ඇතුළු  සෞඛ්‍ය අවදානමක් එහි ඇත. වෙරළ ආශ්‍රිත. ඉල්මනයිට් ඉවත් කිරීම යහපත් වැඩකි.

රැල්ලක්.  එනවා වැල්ලක් එනවා ” ලෙස මන්නාරම ජනයා අතර කතාවක් ඇත.උතුරු මුහුදේ  දියවැල්  විවිධ දේශාන්තර වලින් වටිනා ඛනිජ සම්පත් මෙරට වෙරළට රැගෙන එයි.

නමුත් වෙරළට ගොඩ ගසන්නේ වැලි නොව කළු රත්තරන් බව ජනයා දන්නේ නැත.පල්ලිය ජනයාට ඇස් ඇරීමට ඉඩ දෙන්නේ නැත.

එදා ප්‍රභාකරන් විමුක්තියට මුවාවී ජනයාට  සයිනයිඩ් කැව්වේය.මෙදා පල්ලිය  පරිසරයට මුවාවී  බෙදුම්වාදයට පණ දෙමින් සිටියි.

වත්මන් ජන වරම  ඛනිජ ආර්ථිකයට සහ පුනර්ජනනීය බල ශක්තියට පක්ෂව ලැබී ඇත.

කරුණු එසේ හෙයින්  ප්‍රතිගාමී බලවේග වලට යට නොවී ජනතා අභිලාෂ ඉටුකිරීමට වග බලා ගත යුතුය.

රටේ තත්ත්වය – 02 අප්‍රියෙල් 2025

0

1, පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමිට එරෙහි නඩුවක් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කෙරිණි. මීට පෙර උන්වහන්සේ රාමඤ්ඤ නිකායෙන් ඉවත් කොට තිබුණි. එය කලේ ඕමල්පේ සෝභිත ඇතුළු භික්ෂූන් පිරිසකි.සද්ධාරතන හිමි යළි රක්ෂිත බන්ධනාගාර කරන ලෙස සෝභිත හිමිගේ පාර්ශ්වය ඉල්ලීමක් කළද අධිකරණය එය පිළිගත්තේ නැත. අදහස් ප්‍රකාශ කරන විට අසභ්‍ය වචන පාවිච්චි කිරීමෙන් වළකින්නයි අවවාද කළ අධිකරණය සද්ධාරතන හිමි මුදා හැරියේය.

2. වෙළදපොළ තුළ සහල් වර්ගවල හිගයක් දක්නට ලැබෙන බැවින්, නැවත වරක් සහල් ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇත . මේ සදහා වන නිර්දේශය රජයට ඉදිරිපත් කර තිබෙන්නේ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව මගිනි.

3.බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව සමග ආන්දෝලනාත්මක වැඩසටහනකට එක් වූ අසාද් මවුලානා අප්‍රේල් 21ට පෙර ලංකාවට පැමිණීමට නියමිත බව මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කොට ඇත.

4. එස්.එම්. රන්ජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියට බරපතල වැඩ සහිතව 16 වසරක සිරදඩුවම් නියම වේ. අධිකරණ තීන්දුවට පාදක වූ කරුණු සම්බන්ධයෙන් දිලිත් ජයවීර විවේචනයක් කොට ඇත.

5. පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අදාළ වගකීම ලැබුණහොත් තමන් වැඩේට බහින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි. සරත් පොන්සේකා මේ දිනවල මාලිමා රජයට පක්ෂපාති ස්ථාවරයක සිටියි.

6. මාර්තු 28 වනදා නීතිඥවරියක් විසින් පුත්තලම මහාධිකරණයට අපහාස කළා යයි සිදුවීමක් වාර්තා විය. එහිදී වින්දිත පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙනි සිටියේය. අධිකරණයට අපහාස කිරීමේ නීතිය නියාමනය කළ යුතුව ඇති බව නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

7. වාහන ආනයනය සම්බන්ධ රාජ්‍ය අමාත්‍යංශ වල වැරදි කළමනාකරණය පිළිබඳ වාහන ආනයනකරුවන්ගේ සංගමය බරපතළ කණස්සල්ල පළකර තිබේ. වගකිව අමාත්‍යවරු ආනයනකරුවන්ට බලපාන ප්‍රධාන ගැටලු විසඳීමට අපොහොසත් වී ඇති බව ද එම සංගමය පවසයි.

8. අලිමංකඩ තමන් ආරම්භ කළ මේස ලුනු කර්මාන්තශාලාව විමල් වීරවංශ ආරම්භ කළේ යැයි අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. දේශපාලන අනාථයකු බවට පත්ව සිටින විමල් වීරවංශ වෛරයෙන් ද්වේෂයෙන් අසත්‍ය ප්‍රකාශ කරන බව සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරයි.

9.සංවර්ධනය ගමට රැගෙන ඒම සඳහා ප්‍රාදේශීය සභා බලය ආණ්ඩුවට අවශ්‍ය බව නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර පවසයි.

10. මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය (අප්‍රියෙල් 1) සිට බලාත්මක වීමත් සමග ව්‍යවසායකයන්ගේ දේපළ බැංකු සතු කර ගැනීම යළි ආරම්භ වී ඇතැයි දිලිත් ජයවීර පවසයි. මෙනිසා නිසා 300,000 අධික ව්‍යවසායකයන් පාරට ඇද වැටෙන බව දිලිත් පවසයි.

රටේ තත්වය – 01 අප්‍රේල් 2025

0

1. ඉන්දීය අගමැතිවරයා චීනයේ යුද බලයට මුහුණ දීම සඳහා ලංකාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෝදී සහ අනුර අත්සන් කරන ගිවිසුම කුමක්ද යන්න රටට හෙළිදරව් කළ යුතුව ඇතැයි ජන අරගල පක්ෂයේ වසන්ත මුදලිගේ සඳහන් කරයි. ( Peoples struggle alliance)

2. පානදුර නගර සභාවට පොදු ජන එක්සත් පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂිකාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් තැනැත්තිය කුඩු සලිඳුගේ කණ්ඩායමේ අයෙක් බව පොලිසිය කියයි.

3. අප්‍රේල් පළමුවැනි දා සිට පාරිභෝගික භාණ්ඩ ගණනාවක් වැට් බද්දට යටත් කිරීමට නියමිතය. ඒ අනුව බිත්තර බද්දකට යටත්ය විවිධ කටයුතු සඳහා අදාළ මුද්දර ගාස්තුද වැඩි වීමට නියමිතය. උපයන විට බදු ද අලුත් මුහුණුවරකින් ක්‍රියාත්මක වීමට නියමිතය.

4. වසරේ පළමු කාර්තුව තුළ BYD මෝටර් රථ සඳහා ඇණවුම් 3000 කට වඩා ලැබී ඇති බව මෙරට දේශීය නියෝජිතයා සඳහන් කරයි. එම සියලු වාහන එළඹෙන මැයි – ජූනි පමණ විට බෙදාහැරීමට හැකිවනු ඇති බව දේශීය නියෝජිත John Keells ආයතනය සඳහන් කරයි.

5. වසර 47කට පසුව යාපනය හා ට්‍රිචී ගුවන් තොටුපල අතර ගුවන් ගමන් ඇරඹී ඇත. IndiGo ගුවන් සේවය විසින් තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දෛනික ගුවන් සේවාවක් ක්‍රියාත්මක කොට ඇත. එහි මුල්ම මගී ගුවන් යානය පසුගිය 30දා පලාලි වෙත ළඟා විය. ]

6. අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය වියාලේන්ද්‍රන් යළි රක්ෂිත බන්ධනාගාර විය. මහජන දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පා.ම චාමර සම්පත් ද යලි රක්ෂිත බන්ධනාගාර ගත විය.

7. විහාර දේවාලගම් පණත සංශෝධනය කළ යුතු බව මිහින්තලේ ස්වාමීන් වහන්සේ පවසයි. එම පනතේ හිඩස් උපයෝගී කරර ගනිමින් දළදා මාලිගාවේ දියවඩන නිලමේ අවුරුදු විස්සක් බලය හොබවන බව උන්වහන්සේ කියයි. දියවඩන නිලමේ ව්‍යාපාරිකයෙක් යයි ද උන්වහන්සේ චෝදනා කරයි.

8. 2007දී රිලවුන් අල්ලා රන්දෙනිගල දූපතට දැමූ බවත්, වතුර අඩුවන කාලයේදී උන් ඔක්කෝම ගමට ගිය බවත් පාටලී චම්පික කීවේය. එකල්හි චම්පික පරිසර ඇමති විය. මේවා කලින් අත්හදා බලලා අසාර්ථක වූ වැඩ යයිද ඔහු කීවේය.

9. KDU රෝහල , ජයවර්ධනපුර රෝහල, මහවැලි අධිකාරිය අධිකාරිය, වී අලෙවි මණ්ඩලය, ජාතික චිත්‍රපටි සංස්ථාව අකාර්යක්ෂම සහ පාඩු ලබන ආයතන ලෙස නම් කොට ඇත. රාජ්‍ය ආයතන 160ක කාර්යභාරය සමාලෝචනය කර ඒවායේ ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට රජය විසින් පත්කළ කමිටුව මගින් මෙම වර්ගීකරණය සිදුකොට ඇත . ඉදිරියේදී මෙම ආයතන ඈවර කිරීම හෝ ප්‍රති ව්‍යුහගත කිරීමට නියමිතය

10. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් සේවාවන් ලබාගැනීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කර ඇත. නව නීතිය 2025 අප්‍රේල් 15 වැනි දින සිට ක්‍රියාත්මකය.

11. පොදු ජන පෙරමුණේ සිට රනිල් සමග එකතුවූ පිරිසක් යලි මුල් පක්ෂයට ගොස් ඇත. ඒ අනුව අකිල එල්ලාවල , මහින්ද යාපා , ලක්ෂ්මන් යාපා, කරුණා කොඩිතුවක්කු යලි පොහොට්ටුව සමග එක් වී ඇත.

12. සුභාෂ්කරන් අල්ලිරාජාගේ ලයිකා සමාගම මෙරට මාධ්‍ය ආයතන 12ක් අත්පත් කර ගත් ආකාරය පිළිබඳව පුලුල් විමර්ශනයක් සිදු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂඨාධිකරණයට දැනුම් දෙයි. නීතිපතිවරයාගේ අනාවරණය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අල්ලස් හො දූෂණ විමර්ශණ කොමිසම සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම විමර්ශන සිදු කරනු ලබයි. මෙම මාධ්‍ය ආයත අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය රාජ්‍ය බුද්ධි සේවයට ලබා දී ඇති උපදෙස් අනුව මෙම විමර්ශණ සිදු කෙරෙන ඒ අනුව ලයිකා සමූහයට අනුබද්ධිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම සහ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහාය ඉල්ලා තිබේ.

 

නැෂනල් ඇලට් තත්ත්ව වාර්තාව මාර්තු 31 2025

0

1. එජාපයේ අනාගතය කඩාකප්පල් කිරීමට උත්සහ දරණ පුද්ගලයන් දෙදෙනෙක් රනිල් වික්‍රමසිංහව ප්‍රාණඇපයට ගෙන ඇති බව රවී කරුණානායක පවසයි. රවි විසින් නම් සඳහන් නොකළද එකී පුද්ගලයන් දෙදෙනා සාගල සහ වජිර බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකර සිටියි.

2. නීති විරෝධී වත්කම් පවරා ගන්නා පනත 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි

3. නාමල් සහ කරන්නාගොඩට එරෙහි නඩු විභාග කරන විනිසුරුන්ගෙ ඉල්ලා අස්වීමක් සිදුවිය. ඊට ප්‍රතිචාර ලෙස, විනිසුරුවරුන් ඉල්ලා අස්වීම කණගාටුවට කරුණක් බව ජනාධිපති කීවේය. කෙසේ වුවද ඉල්ලා අස්වීමට හේතු වූයේ මාලිමාවට සම්බන්ධ youtube ක්‍රියාකරුවන් සිදු කළ විවේචන යයි ගම්මන්පිල කීවේය. ජනපති අනුර ලදරුවකු සේ හැසිරෙන බවද ගම්මන්පිල කීවේය.

4. මොන ගිවිසුම තිබුණත් තම රජයේ ගානට එනතුරු සුලං විදුලි බලාගාරයේ ඉදි නොකරන බව ජනාධිපති අනුර කුමාර ප්‍රකාශ කළේය. පරණ ගිවිසුම යටතේ බලාගාරය පිහිටුවීම අපරාධයක් බවද ජනාධිපතිවරයා කීවේය.

5. පවුල් පිටින් ඝාතනය කරන බවට ගම්පහ පොලිසියට පාතාලයෙන් මරණ තර්ජනයක් එල්ල වී ඇත. තර්ජනයක් එල්ල කර ඇත්තේ ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් වන නේවි දිනේෂ්ය.

6. ආර්ථික අර්බුදය නිසා නැවතුන ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය ජපන් ආධාර ලබන ව්‍යාපෘති 11ක් සහ මධ්‍යම අධිවේගී මාර්ගය එසේ යළි ආරම්භ වන ව්‍යාපෘතිය අතර වෙයි.

7.දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දමයි. අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම සිදුවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

8. පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ගැන විශේෂ හෙළිදරව්වක් කරන බව ජනාධිපති අනුර කුමාර පැවසීය.අප්‍රේල් 21වනදා පෙර අපරාධකරුවන්ගෙ ලැයිස්තුවක් හෙළිදරව් කිරීමට සූදානම් බව ජනපති කීවේය.

9. පලාත්පාලන මැතිවරණය සදහා නාම යෝජනා දුන් දිස්ත්‍රික් නායකයන්ට දිලිත්ගේ පක්ෂයෙන් රු ලක්ෂ දහයක් ලබාදී ඇති බව ඊයේ සමාජ ජාලා තුළ පල විය. නාමල් ගේ පක්ෂයෙන් අපේක්ෂකත්වය ලැබුණ පුද්ගලයන්ට රුපියල් ලක්ෂ පහක් ලැබුණු බවද කියවුණි. පක්ෂ දෙකටම මුදල් පොම්ප කළේ විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ බවත් කියවුණි.

10. මාතර අපරාධ විමර්ශන කාර්යාංශය වෛද්‍යවරයකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 400ක් සොයාගෙන ඇත. වෛද්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බව පොලිසිය සැක කරයි.

11. මෙම වසර මුලදී ලංකා බැංකුවට හැකර් ප්‍රහාරයක් එල්ල විය. බැංකුව හැකරුන්ගෙන් මුදවා ගත් බවත්, දත්ත ගබඩාවන්ට කිසිදු හානියක් සිදුව නැති බව ලංකා බැංකුව ප්‍රකාශ කර තිබුණි. මේ වන විට මෙරට බැංකුවක පෞද්ගලික දත්ත ඩාක් වෙබ් සයිට් එකේ අලෙවි වනු දැකිය හැකිය. බැංකුව කුමක් කීවද හැකර් ප්‍රහාරයෙන් දත්ත සොරා ගෙන ඇති අතර එම දත්ත ඩාක් වෙබ් එකට මුදා හැර ඇත.

12. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ශම්මි සිල්වා එම ධූරයට නිතරඟයෙන් යළිත් පත්වෙයි. මෙය ඔහු නිතරගයෙන් පත් වූ හතරවෙනි අවස්ථාව වෙයි. මෙවර ඔහුගේ ඔහුගේ නිල කාලය 2025 – 2027 ලෙසින් වෙයි.

13. රයිගම් ටෙලීස් සම්මාන උළෙලට පෙර නොවූ විරූ විරෝධයක් වාර්තා වෙයි. මීට හේතුව සම්මාන ප්‍රදානයේදී ආණ්ඩුවට පක්ෂ පක්ෂපාති පුද්ගලයන්ට විශේෂ අනුග්‍රහයක් දැක්වීමය. සම්මාන උළෙල තුල, දඹුලු විහාරය වඳින අතරතුර තලගොයි මැරූ සෙයක් දිස්වන වූ බව කියැවෙයි.

14. පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්නා විසින් ප්‍රියංකා උදයංගනී නම් නීතිඥවරියක් රිමාන්ඩ් කිරීමට පසුගිය දා නියෝග කලාය. චූදිත නීතිඥවරිය වෙනුවෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව රීට් පෙත්සමක් ගොනු කළාය. පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය සිරගත කළ නීතිඥවරිය නිදහස් කිරීමට අද නියෝග කළේය.

15 .කැනඩාවේ පාසල් විෂය මාලාවට “ශ්‍රී ලංකාවේ ජන සංහාර” චෝදනාව ඇතුළත් කිරීමේ යෝජනාව ව්‍යර්ථ විය. දෙමළ ජන සංහාරයක් ශ්‍රී ලංකාවේ සිදු නොවූ බව ඔන්ටාරියෝ උසස් අධිකරණය, ඔන්ටාරියෝ අභියාචනාධිකරණය සහ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.

නැෂනල් ඇලට් තත්ත්ව වාර්තව 30 මාර්තු 2025

0

1. හෙට හිටපු පොලිසිය භාර ඇමති ටිරාන් අලස් CIDයට කැදවා ඇත. අදාල නඩුවේ ස්වභාවය අනුව පොලිසිය බාර ඇමතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු විය යුතුය. කෙසේ වුවද ටිරාන් කැඳවීම සම්බන්ධයෙන් පොලිසිය කතා කරන්නේ දෙගිඩියාවෙනි. W- 15 වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත කට උත්තරයක් ගන්නා බව පොලිසිය ප්‍රකාශ කොට ඇත.

2. උදය ගම්මන්පිල සති අන්ත පුවත්පතකට සාකච්ඡාවක් දෙමින්, වත්මන් ජනාධිපති ලැජ්ජාසහගත විදිහට මගේ නඩුවට බලපෑම් කලා යයි ප්‍රකාශ කොට ඇත. අදාල නඩුව චම්පික රණවක තමන් සමග ඇති පෞද්ගලික තරහක් නිසා දාපු බොරු නඩුවක් බවද ප්‍රකාශ කොට ඇත. 1997 කූටලේඛනයක් හැදුවා කියලා නඩුව දැමුවේ 2016 දීය ( අවුරුදු 19කට පසු) මා විසින් හැදුවා යයි කියන ලද කූටලේඛනය අධිකරණයට ඉදිරිපත් කරලා නෑ. සාක්ෂියට අස්සන් කරපු අයගෙන් පොලිස් ප්‍රකාශයක්වත් අරන් නැහැ. ලෙසින් ගම්මන්පිල පුවත්පතට කියා තිබුණි.

3. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඉහළම ප‍්‍රධානීන් දෙදෙනා බෞද්ධාගමිකයන් නොවන බවත් එවන් තත්ත්වයන් යටතේ මහා නායක හිමිවරු නිහඩව සිටීම යටලුකාරී බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

4. දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා NPP මන්ත්‍රීන් ගෙන ආ යෝජනාව අනීතික බව හිටපු අධිකරණ ඇමති විජයදාස කියයි. ජනාධිපතිවරයා විසින් දේශබන්දු පොලිස්පති ලෙස පත් කළා. ඒ සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගත්තා. නමුත් පොලිස්පතිවරයාගේ පත්වීම එය අධිකරණ නියෝගයක් මගින් අත්හිටුවනු ලැබුවා. ඒ අනුව දැන් දේශබන්දු දැන් පොලිස්පති නොවේ . අධිකරණ නියෝගය එලෙසම පැවතෙද්දි NPP මන්ත්‍රීන් පොලිස්පති අයින් කිරීමට යෝජනාවක් කථානායකට භාර දුන්නා. එම යෝජනාව නීතියට පටහැනි බව හිටපු අධිකරණ ඇමැති කියයි.

6. 2030 වන විට ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බල ශක්තිය නිපදවීම මෙරට ජාතික සැලසුමකි. වත්මන් රජය එම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබාදීමට සැලසුම් කොට ඇත. පසුගිය කාලය පුරා ලංකා විදුලි බල මණ්ඩලය මගින් නෙට් මීටරින් ක්‍රම වේදය යටතේ නිවෙස් හිමියෙක් වහල මතසවිකරන කිලෝ වොට් 40 දක්වා සූර්ය පැනල මගින් විදුලි බල මණ්ඩලයට අතිරේක විදුලි බලය විකිණීමට සාමාන්‍ය ජනතාවට ඉඩ දී තිබුණි. එවැනි සූර්ය පැනල නිවාස ලක්ෂයක් පමණ ඇත. 2024වර්ෂයේදී මෙවන් නිවාසවලින් ජාතික පද්ධතියට මෙගා වොට් 600ක් පමණ එකතු වෙයි. වත්මන් රජය එම ධාරිතාව සියයට පනහකින් කප්පාදු කිරීමට නියමිතය. එහි එක් පියවරක් ලෙස රජය රු 37 කට මිලදී ගත් ඒකකය රු 19 කට කිරීමට නියමිතය. මෙම තත්ත්වය නිසා ලක්ෂයකට ආසන්න පිරිසකට රැකියා අහිමි වීමට නියමිතය.

7. මහා පරිමාණ සූර්ය බලාගාරයක් සඳහා සියඹලාආණ්ඩුව ප්‍රදේශයේ භූමියක් සිංගප්පූරු සමාගමකට ලබාදීමට රජය සැලසුම් කරයි. ඊට අදාළ ලියවිලි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇත.

8. අප්‍රේල් 5 ඉන්දීය අග්‍රාමාත්‍යවරය සමග සාම්පූර් හි මෙගා වොට් 50ක විදුලි බලාගාරයක් සඳහා ගිවිසුම් ගත වීමටද නියමිතය.

9. ශ්‍රී ලංකාව කලාපයේ අඩුම විදුලි ගාස්තුව සහිත රට බවට පත් කරන බව ජනපති අනුර කුමාර පළාත් පාලන මැතිවරණයේ ජනරැළියක් අමතමින් පවසයි.

10. @පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ලියාපදිංචි කිරීමට රජය සැලසුම් කරයි. ඒ සඳහා “ගුරු සභාව” නමින් ආයතනයක් පිහිටුවීමට යෝජිතය. ඉදිරියේදී සභාවේ ලියාපදිංචි නොවූවන්ට ඉගැන්වීමේ කටයුතු කළ නොහැකි වනු ඇත.

රාජ්‍යයේ කඩා වැටීමට දේශපාලකයන්ට වඩා දූෂිත රාජ්‍ය නිළධාරීන් වග කිව යුතුය

0

දේශපාලකයා වසර 5න් පහට මාරු වුවද රාජ්ය සේවකයා වසර 40 ක් පමන අඛන්ඩව බලයේ සිටියි. මේ නිසා .හොර පාරෙන් ගණුදෙනු කිරීමට තෝරාගත යුත්තේ දේශපාලකයන් නොව රාජ්ය නිළධාරීන් බවට සූත්රයක් ඇත.

වර්තමානයේ ලංකාවේ පලාත් පාලන ආයතන පවතින්නේ රාජ්ය සේවකයන් යටතේය . මෙරට දේශපාලකයන් පිරිස දෙසිය ගණනනකට සීමා වී ඇත. නමුත් රාජය සේවකයන් ලක්ෂ 18ක් සිටියි.

අද රාජ්ය සේවකයන් නීතිය සෙල්ලමකට ගෙන ඇත. කෙටියෙන් කිවහොත් රාජ්ය සේවය පාතාලයක් බවට පත්ව ඇත.

වරෙක මහබැංකු අධිපති පාර්ලීමේන්තුවටවත් නොදන්වා රාජ්ය බුන්වත් යයි ප්රකාශ කළේය. තවත් වරෙක අනීතික ලෙස තමන්ගේ සහ ගෝලයන්ගේ වැටුප් වැඩි කර ගත්තේය.

මේ වන විට ලංකාවේ සෞඛ්ය සේවය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී ඇත. බාල බෙහෙත් වංචාවට සෞඛ්යය සේවකයන් සෘජුවම දායක වී ඇත.පසුගියදා මහජන සෞඛ්ය පරීක්ෂකයෙකු වෙඩි කා මිය ගියේය. ඔහු ජීවත්ව සිටියදී කළ කී දෑ මේ වන විට මහත් ආන්දෝලනයට ලක්වී ඇත.

PHI තනතුර බ්රිතාන්ය ජාතිකයන් විසින් හඳුන්වා දුන් එකකි. හමුදාව තුල PHI තනතුර අධිකාරි තනතුරක් නොවේ. එය සෙසු නිලයකි.නමුත් මෙරට PHIලා Gorget patches on the collar පලදියි. හමුදාව තුල Gorget patches on the collar පැළදිය හැක්කේ කර්නල් නිළයෙන් ඉහල නිළධාරීන්ට පමනි.

නැෂනල් ඇලට් වෙබ්ඩවිය මේ පිළිබදව පරිපාලනයේ හසල අද්දැකීම් ඇති වෛද්යවරයෙකුගෙන් විමසීමක් කළේය. PHI ලා කොලරයේ Gorget patches on the collar පැලදීම වරදක් බව ඔහු ප්රකාශ කළේය. රාජ්ය සේවය අයාලේ ගොස් ඇති අන්දම් මින් පැහැදිළි වෙයි.

ලංකාවේ පාසැල් 9994 ක් ඇත. ඉන් 2500ක වැසිකිලි පහසුකම් නැත, ජලය නැත. ජාත්යන්තර සම්මතයන් අනුව සිසුන් 50 දෙනෙකුට එක් වැසිකිළියක් තිබිය යුතුය. ඒ අනුව බැලුවහොත් ලංකාවේ පාසැල් 99 % ක ප්රමානවත් සනීපාරක්ෂක පහසුකම් නැත. PHI ලා මේවා ගැන කතා නැත්තේ ඒ පිළිබඳ කතා කොට මුදල් ඉපයිය නොහැකි නිසාය.

PHIලාගේ මූලික කාර්ය  වසංගත රෝග සහ අනෙකුත් රෝග පාලනය, කසල කළමනාකරණය , ජලයේ ප්රමිතිය සහතික කිරීම, සුනඛයන් එන්නත් කිරීම, මැසි මදුරු උවදුර පාලනය කිරීම වැනි දෑය.

PHIලා සිය ප්රමුඛ රාජකාරි පසෙක තබා ආහාර සහ හෝටල් පසුපස යන්නේ එය එය මුදල් ගැරීම සඳහා හොදම මාර්ගය වන නිසාය.

වෙඩි කා මිය ගිය PHI,  ටිපි ටිප් වැනි අගය එකතු කළ ආහාර ගර්භාවට ලක් කරන වීඩියෝවක් මේ වන විට කරලියට පැමින ඇත.

රටක් දියුනු වීමට නම් හැකි තරම් අගය එකතු කළ නිෂ්පාදන (Value added products) කළ යුතුය. එනම් බඩ ඉරිගු පිටි යොදාගෙන ටිපි ට්ප් නිෂ්පාදනය කළ යුතුය. අවිචාරවත් ලෙස එවැනි දේශීය නිෂ්පාදන හෙලාදැකීම දේශද්රෝහී ක්රියාවකි.

රජ්ය සේවකයන් යනු මහජන මුදලින් වැටුප් ලබන පිරිසකි, එමෙන්ම ඔවුන් ඉතා අඩු පළදායිතාවක් ඇති පිරිසකි. නමුත් ඉතා ඉහල වරප්රසාද ලබන පිරිසකි .. ලංකාවේ පරිහානියට දේශපාලඥයන් යන්ට වඩා රාජ්ය සේවකයන් වගකිව යුතුය

නන්දලාල් භූමිකාව නොහොත් මාරයා වෙදා ලෙස පැමිණීම

0

පසුගියදා මහ බැංකු සේවකයන් ඉතා කූට ලෙස ලබා ගත්  වැ‍ටුප් වර්ධකය පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ උදහසට ලක් වී ඇත.  මෙය සිදු කර ඇත්තේ පාර්ලීමේන්තුවට හොරෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහ බැංකු සේවකයන්ගේ වැ‍ටුප් පමනක් නොව  සමස්ථ  මූල්‍ය පාලනය පාර්ලීමේතුව සතුය.

මහ බැංකු ලොක්කා හොර පාරෙන්  නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ  වැටුප රු. මිලියන 1.6 දක්වා සහ සුළු  සේවක වැ‍ටුප 70000 දක්වා වැඩි කර ගත්තේය.

මෙහි ඇති තවත් දැවෙන ප්‍රශ්නයක් වන්නේ මහ බැංකු ලොක්කා සහ ගෝලයන් එවන් වැ‍ටුප් වැඩිවීමක් ලැබීමට රට කළ සේවය කුමක්ද යන්නය.

2023 අගෝ 27 Sunday times  හෙළිදරව් කළ පරිදි  නන්දලාල් ණය නොගෙවීම  ප්‍රකාශ කළේ රජයට ඩොලර් බිලියන 10.7ක ණයක් ලැබීමට ලැබීමට නියමිතව තිබියදීය .එනම් රට බංකොලොත් කිරීම සැලසුම් සහගත කුමන්ත්රණයකි

ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට උදව් කරන මුවාවෙන් ඉන්දියාව සෑම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කළේය. ඉන්දියාවට පක්ෂව ගත් ආර්ථික තීරණවලට නන්දලාල් සහාය දුන්නේය

මුදල් අච්චු ගැසීම පහසු කාර්යයකි. නමුත් භාණ්ඩ හා සේවා මුද්‍රණය කළ නොහැක. එනම්  5000 කොළ අච්චු ගැසුවද පෙට්‍රල්, කිරි, සීනි ආදිය මුද්‍රණය කළ නොහැක.
මහ බැංකු ලොක්කා සහ ගෝලයො පිරිස මුදල් අච්චු  ගැසුවා මිස මිස  නිෂ්පාදනය වැඩි කිරීමට උර දුන්නේ නැත.

අළුතින් මුදල් අච්චු ගසන විට ඉල්ලුම වැඩිවී භාන්ඩ මිල ඉහල යයි. එනම් අළුතින් මුද්‍රණය කළ මුදල් ජනයා අතට ගොස් එම මුදල් වලින් ඔවුන් පෙට්‍රල්, සීනි, කිරි, විදුලි උපකරණ ආදිය මිලදී ගනී. එම් භාන්ඩ  ආනයනිත එනම් ඩොලර් ගෙවා ලංකාවට ගෙන්වූ  ඒවාය.  රුපියල් මුද්‍රණය කළ හැකි වුවද ඩොලර් මුද්‍රණය කළ නොහැක . මෙම තත්වය ඩොලර් හියයක් ඇතිවීමට බලපෑවේය.

එම තත්වය පාලනය කිරීමට මහ බැංකුව බරපතළ ක්‍රියාමාර්ග 2ක් ගත්තේය

1. පොලී අනුපාත ඉහල දැමීම

2. ආනයන සීමා කිරීම

මහ බැංකුව මෙම තීරණ ගන්නා මොහොතේ බැංකු තැන්පතු සඳහා පොලී අනුපාතය 17% ක් විය. උද්ධමනය 58% ක් විය . පොලියට වඩා උද්දමනය වැඩි තත්ත්වයක් තුළ ජනයා බැංකුවේ මුදල් දමන්නේ නැත.

තවද පොලී අනුපාත වැඩි කිරීම අර්බුධය උත්සන්න කිරීමට බලපෑවේය . ඉහළ පොලී අනුපාත  ව්‍යාපාර සංකෝචනය කරනවා මිස ප්‍රසාරණය නොකරයි. පොලී වැඩි වීම ලංකාවේ කුඩා ව්‍යාපාර නට්ටන් කළේය . පොලී අනුපාත ඉහළ නැංවීම කොටස් වෙළඳපොළටද නරක ලෙස බලපෑවේය.

ශ්‍රී ලංකාවේ ආනයන වර්ග තුනක් තිබේ. මේවා පාරිභෝගික භාණ්ඩ, අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ වේ. විශාලතම කොටස වන්නේ අතරමැදි භාණ්ඩ වන අතර එය 57% කි.මෙම කාණ්ඩය නිෂ්පාදන යෙදවුම්ය . මෙම භාණ්ඩ සඳහා සීමාවන් පැනවීම නිසා ඒවා යොදාගෙන නිෂ්පාදන කල ව්‍යාපාර වැසී ගියේය. එය  දේශීය නිෂ්පාදිතය පහත වැටීමට හේතු විය.

රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින විට පොත් වල ඇති න්‍යාය එලෙසම යෙදීම භයානකය.සැබැවින්ම මහ බැංකු ලොක්කා සහ ගෝලයෝ පිරිස යනු ආර්ථිකයේ ගහලයන් මිස ගැලවුම් කරුවන් නොවේ. නමුත් ආර්ථිකය ගොඩ දැමීමේ කීර්තිය ලැබුනේ ඔවුන්ටය . වරප්‍රසාද ලැබුනේ ඔවුන්ටය

පුදනකොටම කාපි යකා මෙන් නන්දලාල් පාර්ලිමේන්තුවට නොදන්වා විදේශ ණය නොගෙවන බව ප්රකාශ කළේය. නන්දලාල් ගෙදරයාමට පෙර සාහසික ලෙස වැටුප් වැඩි කර ගත්තේය. නමුත් නන්දලාල් වීරයෙකි, මිනිසුන් බැන අඬගසන්නේ දේශපාලකයන්ටය

අනුර කුමාර ඉන්දියාවෙ නිළ සංචාරයක

0

ජවිපෙ නායක අනුර කුමාර මේ දිනවල ඉන්දියාවෙ නිළ සංචාරයක යෙදී සිටියි. මෙම සංචාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත. එම නිසා ඒ පිළිබදව විවිධ මත ඉදිරිපත් වී ඇත. එවැනි මත කිහිපයක් පහත පරිදිය.

1. NPP රටේ ජනප්රියම දේශපාලන පක්ෂය නිසා ඉන්දියාව ආරාධනය කළ බව
2. මීළඟ ජනපති පිළිබඳව රෝ ඔත්තු සේවය කළ පුරෝකථනය
3. චීනය එරෙහි භූ දේශපාලන ජයග්රහණයක් ලෙස
කරුණු එසේ හෙයින් නැෂනල් ඇලට් වෙබ් අඩවිය ඉන්දීය තානාපති නිළධාරියෙකුගෙන් විමසීමක් කළේය. අනුරගේ ඉන්දීය සංචාරය ගැන ඔවුන් හෙළි කළ කරුණු පහත පරිදිය.
1. දිල්ලියට අනුර කුමාර හැර වෙනත් විකල්ප නොමැත
2. ඉන්දියාව අනුර කුමාර උඩට එසවීම තුල රාජපක්ෂ සහ ප්රේමදාස පවුල් වලට බරපතල පණිවිඩයක් දී ඇත
3. වහාම සංධානගතවන ලෙස දක්ෂිණාෂික කදවුරට දන්වා ඇත

මුජිබර් නිසා සජිත්ගේ උද්ගෝෂණ මාලාව ඇණහිටින ලකුනු

0

2024 මැතිවරණ වර්ෂයකි. විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස  සිය පක්ෂය ගොඩ නැංවීමට වඩා  ආණ්ඩුවට එරෙහි උද්ගෝෂණ මුල් තැනක ලබා දී ඇත.

කෙසේ වුවද උද්ගෝෂණ වලට වඩා  පක්ෂයේ සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව SJB  බොහෝ දෙනෙකුගේ මතය වෙයි

 ආන්ඩුවට එරෙහි සජබ පලමු උද්ගෝෂණය ජන 30 කොළඹදී පැවැත්වුණි.එම විරෝධතාව  කඳුලු ගෑස් ප්‍රහාරයකට  ලක් විය
කඳුළු ගෑස් ප්‍රහාරය නිසා තමාට හුස්ම ගෑනීමට අපහසු වූ බව පවසා මුජිබර්  රෝහල් ගත විය.
මේ වන විට මුජිබර් සජිත් සමග උඩින් කථා කලද යටින් දැඩි වෛරයකින් පසුවෙයි.  ඊට හේතුව  නගරාධිපති ධූරය පෙන්වා පාර්ලීමන්තු මන්ත්‍රී ධූරය උදුරා ගැනීමය
සැබැවිනම සජිත් කළේ ලෝකල් ඉලෙක්ෂන් එකට මුවා වී මුජිබර්ගේ බෙල්ල කැපීමය.නැෂනල් ඇලට් එසේ කියන්නේ ඇයි ?
සජිත් විසින්  මුජිබර් නගරාධිපති සටනට යොමු කරන්නේ එම මැතිවරනය පැවැත්වෙන්නේ නැති බව දැන ගෙනය
සජිත් මීලග පාර්ලීමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේ හම්බන්තොටින් නොව  පියාගේ මැද කොළඹ ආසනයෙනි.  මුජිබර් ගෝල්ෆේස් අරගලයට අනුග්‍රහය දක්වා  ලබා ගෙන තිබූ ජනප්‍රියතාව මීලග මැතිවරණයට මැදකොළඹින් එන සජිත්ට තර්ජනයක් විය. සජිත් ”ප්‍රේමදාස ක්‍රමයට එම තර්ජනය ඉවත් කළේය
ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකාද මුජිබර් රුස්සන්නේ නැත . මේ වන විට කොළඹ දේශපාලනඥයන් පිරිසක්  මුජිබර්ට එරෙහිව අකටයුතු කරයි . ඔවුන් මුජිබර්ගේ දූෂණ ගැන CID  ට පැමිණිලි කොට ඇත .එම මෙහෙයුම  පි‍ටුපස ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා සිටියි.
ගෑස් වැදී රෝහල් ගතවූ මුජිබර් බැලීමට ගිය සජිත් අමුතු කථාවවක් කියා ඇත. සමාජ ගත විය යුත්තේ  ‍රැලියට  කඳුලු  ගැහුවා කියන එක නොව ,  සජබ ජයග්‍රහනය පෙනෙන මානයේ සිටින  නිසා කඳුලු ගෑස් ගහන්නෙ  නැත යන්නයි. වැඩි අමාරුවක් නැතින් නම්  ඩිස්චාර්ජ් වී අදම  ගෙදර යන ලෙස මුජිබර්ට දන්වා ඇත.
කෙටියෙන් කිවහොත් මුජිබර්ගේ ප්‍රති කුමන්ත්‍රණය නිසා සජිත්ගේ දේශපාලන සිතියම අවුල් වී ඇත

ඔ‍ටුණු හිමි රාජ පුතුන් අධිමාත්‍ර හෙරොයින් බෙදාහැරීමට සම්බන්ධ බවට සාක්ෂි ඇති විට සනත් නිශාන්ත වැනි පුද්ගලයන් ගැන කවර කතාද?

0

සනත් නිශාන්ත ජීවත්ව සිටියදී හෙරොයින් චෝදනාවෙන් නිමල් ලන්සාට දමා ගැසුවේය.

ඉන් වසරක් ගත වෙත්ම සනත් නිශාන්ත රිය අනතුරකට ලක්ව අවසන් ගමන් ගියේය. අනතුර සිදුවූයේ ලංසාගේ ඡන්ද බල ප්රදේශයේය.

සනත් නිශාන්ත බේරා ගැනීමට පැමිණියේ ලංසාගේ ඡන්ද බල ප්රදේශයේ පුද්ගලයන්ය.සනත් නිශාන්තගේ වාහනේ තිබූ කළ සැක කටයුතු පාර්සල් කිහිපයක් පිළිබඳව හෙළිදරව් කරන්නේ එකී පුද්ගලයන්ය.

මේ නිසා පාර්සල් චෝදනාවට දේශපාලන ලේබලය වැදී ඇත. නමුත් එම චෝදනාව සත්ය වීමටද ඉඩ ඇත.
මෙවැනි තත්ත්වයකදී පොලිසිය අසරණ වීම සාමාන්ය දෙයකි.පෑලියගොඩ අධිවේගී පිවිසුමේ සිටි උප පොලිස් පරීක්ෂක රුවන් කුමාරට සියදිවි නසා ගැනීමට සිදුවූයේ දේශපාලන අනුග්රහය ලැබූ Cover up mission එකක් නිසාය.

කෙසේ වුවද 18 කණුවේ සිට අනතුර වූ ස්ථානය දක්වා CCTV 13 ක් පමණ ඇත. පුද්ගල සාක්ෂි වලට අමතරව cctv සාක්ෂි වලින් සනත් නිශාන්තට එල්ල වන චෝදනාව විමර්ශනය කළ හැක.

ලංකාවේ ප්රභූ වලව් වල දේශපාලනඥයින් කොකේන් සහ අධි මාත්ර හෙරොයින් ජාවාරමට සම්බන්ධ බව මෙරට සාමාන්ය පුද්ගලයන්ට රහසක් වුවද ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය කාර්යාංශයට රහසක් නොවේ. ඔවුන් සතුව ඒ පිළිබඳව සාක්ෂි ද ඇත.

රාජ උෂ්ණය ගැසූ ප්‍රභූ වලව්වල පුතුන් අධිමාත්‍ර හෙරොයින් බෙදාහැරීමට සම්බන්ධ බවට සාක්ෂි ඇති විට සනත් නිශාන්ත වැනි පුද්ගලයන් ගැන කවර කතාද?

තවද එවන් ප්‍රභූ පුත්තු පසුපස ගිය නාකොටික් නිලධාරීන්ට රැකියා අහිමි වූ අවස්ථා ඇත, නාකොටික් නිලධාරීන්ට සිරගත වීමට සිදුවූ අවස්ථා ඇත.

කුඩු ජාවාරම් කරන, අපරාධ කරන දේශපාලඥයන් නිසා පොලිස් නිලධාරීන් තවදුරටත් අසරණ විය යුතුද?