සිකුරාදා, මාර්තු 20, 2026
Home Blog Page 2

දේශපාලන ගෝනි සෙල්ලම් එපා , සමුපකාරය දේශපාලන පක්ෂ විසින් නොව කොටස් හිමියන් පාලනය කරන ආයතනයක් කළ යුතුය

0

මේ වන විට ජවිපෙ සමුපකාර සමිති කිහිපයක බලය අත්පත් කරගෙන ඇත. සමුපකාර ව්යාපාරය ජවිපෙ ප්රචාරණ උපක්රම වල වැදගත් අංගයක් වී ඇත.

තමන්ට බලය හිමි සමුපකාර සමිති හොදින් පාලනය කරන බවත් එය රටේ පාලනය බාර දීමට සුදුසු කමක් බව ජවිපෙ කියා සිටියි.

ජවිපෙ 2009 දී අධ්‍යාපන සේවකයන්ගේ සමුපකාර සමිතියේ බලය අත්පත් කර ගත්තේය. නමුත් කාලය ගත වන විට ඔවුන්ගේ පාලනයද දූෂිත විය.

2019 වන විට ජවිපෙ පරිපාලනයට බරපතල දූෂණ චෝදනා එල්ල විය. මේ අතර 2019දී ඇතිවූ ගෝඨාභය ‍රැල්ල විසින් ජවිපෙ පාලනය පෙරලා දැමුවේය. බල පෙරලියෙන් පසු ජවිපෙ සිදු කළ දූෂණ තවදුරටත් හෙළිදරව් විය.

ජවිපෙ සුරංගනා කථා කීමෙහිලා දක්වන දක්ෂතාව පරිපාලනයේදී නොපෙන්වන බව ඉහත සිදුවීමෙන් ඔප්පු විය.සරලව කිවහොත් ජවිපෙද දූෂිතය, වෙනසකට ඇත්තේ හොරකම කිරීමට ඔවුන්ට ලැබෙන අවස්ථාවේ අඩු වීම පමනි.

කෙසේ වුවද රු බිලියන ගණනක දේපල ඇති සමුපකාර ව්‍යාපාරය දූෂිත ආයතනයක් වීම ජාතික අපරාධයකි.එය කාර්යක්ෂම කිරීමට කළ යුත්තේ ආයතනය පාලනය කරන දේශපාලන පක්ෂය කලින් කලට මාරු කිරීම නොවේ.

සමුපකාර ව්යාපාරයයේ කොටස් අයිතිය ජනතාවට ලබාදී එය සමාගම් පනතින් පාලනය කිරීමය. පාර්ලීමේන්තුවේ සරළ බහුතරයෙන් සම්මත කරන පනතකින් මෙය කළ හැක.

වහාම ක්‍රියාත්මක වන පරිදි සමුපකාර ව්‍යාපාරය දේශපාලන පක්ෂ විසින් නොව කොටස් හිමියන් විසින් කාර්යකෂමව පාලනය කරන ආයතනයක් බවට පත් කළ යුතුය

බඩගෝස්තර යූ ටියුබ් කාරයින් නිසා විනාශ වන ජනමාධ්‍ය  බල කණුව

0

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත  පාර්ලීමේන්තුවට ඉදිරි පත් වූයේ 2023 ඔක් මස 3 දිනය.

රටක  මාධ්‍ය නියාමනයක්  තිබිය යුතුය. අනිසි සමාජ මාධ්‍ය භාවිතාව නිසා වින්දිතයන් වන්නේ පාලකයන් පමනක් නොවේ විශේෂයෙන් මේ රටේ සාමාන්‍ය පුරවැසියන් දහස් ගනනින් අනිසි සමාජ මාධ්‍ය නිසා වින්දියන් බවට පත්වී ඇත.

විදේශ රටවල සිට දේශපාලන ‍රැකවරණ ලබන පුද්ගලයන් මුදල් ඉපයීමේ පහසු මාර්ගයක් ලෙස යූ ටියුබ්  නාලිකා ක්‍රියාත්මක කරයි. තවද එම නාලිකා වල රීච් වැඩි කර ගැනීමට අසද්ධ බොරු ජනගත කරයි.

එංගලන්තයේ  සිට යූ ටියුබ් නාලිකාවක් කරන  අජිත් ධර්මපාලගේ හැසිරීම මීට හොද උදාහරණයකි.

අධිවේගී මාර්ගයේ රාජකාරී අතර තුර මිය ගිය SI රුවන් කුමාරගේ සිදුවීමේදී , ඊට අදාල කාන්තාව ඉනෝකා රාජපක්ෂ යයි ඔහු කීවේය. නමුත් එය අසද්ධ බොරුවකි.

අජිත් පසුගියදා කවිඳු 1 බහුදින යාත්‍රාව වටලා  අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය කිලෝ 200  ගැනද අමූලික බොරු  කීවේය.

මාධ්‍යකරණයේ මුවාවෙන් අජිත් ධර්මපාල සිදුකරන අපරාධ පොඩි නැත . ඔහු නියම අපරාධකරුවන් සඟවනවා පමනක් නොව  නිර්දෝෂී පුද්ගලයන්ට අපරාධ ලේබලය අලවයි.

අජිත් ධර්මපාල ප්‍රස්තුත ගත මත්දව්‍ය කිලෝ 200 යේ සිදුවීමට අම්බලන්ගොඩ දසුන් ලයාන්  යන අය සම්බන්ද කළේය. ඔහු එම සිදුවීමට කිසිදු සම්බන්දයක් නැති අයෙකි

අජිත් ධර්මපාලගේ ව්‍යාජ ප්‍රවෘත්තියෙන් අගතියට පත් දසුන් ලයාන් ලංකාවේ මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍ය ආයතන ගණනාවකට තමන්ගේ දුක කීවේය. ඔහු අජිත් ධර්මපාලටද කථා කළේය.එහිදී අජිත් ධර්මපාල තමා අතින් වරදක් සිදුවූ බව පිලිගත්තේය.

නමුත් දසුන් ලයාන්ට සාධාරණයක් ඉ‍ටු වූයේ නැත. එමෙන්ම අජිත් ර්මපාල අසද්ධ බොරු වගකීමෙන් ප්‍රකාශ කිරීම දිගින් දිගටම කරමින් සිටියි.

සමාජ මාධ්‍ය නියාමනය  ගැන නීති සම්පාදනය කිරීමට යන කාල වකවානුවක මෙවැනි සිදුවීම ඇති වීම කනගා‍ටුවට කරුනකි. මාධ්‍ය නියාමනය නීති ගත  වීමට මෙවැනි සිදුවීම නියත විවරණ දෙනු ලබයි

රිෆා කාදර් පමනක් නොව මුස්ලිම් පාතාලයේ කුඩු සල්ලි වලට ගිජුවී සත්‍ය විකෘති කරන ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතුය

0

සිදුවීම

දෙහිවල සෝල් බීච් හෝටලය කඩා ඉවත් කිරීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත. එය කඩා බිඳ දැමුවේ රාජ්‍ය ආයතන කිහිපයක මැදිහත්වීමෙනි. හෝටලය කඩා දැමීමට හේතුව ලෙස කරුණු දෙකක් ප්‍රකාශ විය

1. ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් වීම

2. මෙම හෝටලයේ හිමිකාරත්වයට ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධ වීම

නමුත් හෝටලයේ අධ්‍යක්ෂකවරුන් වන රිෆා කාදර් සහ සම්පත් අත්තටගෙ මාධ්‍ය හමු පවත්වමින් හෝටලය නීතියානුකූල බව ප්‍රකාශ කළහ.

පසුබිම් සෝදිසි

මෙම හෝටලයේ එක් අධ්‍යක්ෂකවරයෙක් වන රිෆා කාදර් මාලිගාවත්ත ප්‍රදේශයේ අයෙකි . මාලිගාවත්ත පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම සමග බැඳුණු නමකි. රිෆා කාදර්ගේ මව සිවිල් සේවයේ සිටි කාන්තාවකි. නමුත් පුත්‍රයාට එම මග යාමට හැකිවූයේ නැත.

රිෆා කාදර් තරුණ අවධියේදී මාලිගාවත්තේ රජ කළේ සුදාකරන්ගේ දෙමළ පාතාලයයි. රිෆා කාදර් මුලින්ම සම්බන්ධතා ගොඩනඟා ගත්තේ දෙමළ පාතාලය සමගය. එකල දෙමළ පාතාලයට එරෙහිව මුස්ලිම් පාතාලයක් ගොඩනැගෙමින් තිබුණි. මුස්ලිම් පාතාලය ගොඩනැගීමට කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වූ බාබර් ඉමිටියාස් විශාල සහයෝගයක් ලබා දුනි.

කුඩු නූර්,ෆාජි, ටෝජි, ආනමාලු ඉමිටියාස් , මංජල් අක්‍රම් , අයුබ් ඛාන්, මාමස්මි , මාස්ටර් ඉමිටියාස් වැනි අයවලුන් මුස්ලිම් පාතාලයේ නායකයන් විය. කෙසේ වුවද මුස්ලිම් පාතාලය ගොඩනැගීමට උදව් කළ කොළඹ නාගරික මන්ත්‍රී බාබර් ඉමිටියාස් දෙමළ පාතාලය අතින් මැරුම් කෑවේය.

කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට දී සුදාකරන්ගේ වෙඩික්කරුවකු අතින් ඔහු මරණයට පත්විය. බාබර් ඉමිතියාස් කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිටට රැගෙන ගියේ රිෆා කාදර් බවට බලවත් සැකයක් විය. මෙම අවනඩුව විභාග කළ මුස්ලිම් පාතාලය රිෆා කාදර්ගේ ලිංගේන්ද්‍රය කපා දැමුවේය.

මුස්ලිම් පාතාලයේ නැගිටීමත් සමග දෙමළ පාතාලය අතුරුදහන් විය. ටික කාලයක් ගතවෙත්ම රිෆා කාදර් , මුස්ලිම් පාතාලයේ නායකයකු වූ ෆාජීට සමීප විය. ඉන්පසු ෆාජිට කේලම් කියන්නා මෙන්ම උපදෙස් දෙන්නා වූයේ රිෆා කාදර් ය. රිෆා කාදර්, ෆාජිගේ පාතාලය යොදවා ක්ෂේත්‍ර කිහිපයක බලය අත්පත් කරගත්තේය ඒවා අතර,

1. කුරුවි වෙළඳාම. ( ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවලට ගොස් ගුවන් මගින් භාණ්ඩ ගෙන ඒම)

2. මත්ද්‍රව්‍ය ජාවාරම

3. කප්පම් ගැනීම

උතුරේ යුද්ධය අවසන් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මුස්ලිම් පාතාලය මර්ධනය කිරීමට කටයුතු කළේය. ෆාජි, තෝජි, මංජල් අක්‍රම්, මාමස්මී ආනමාලු ඉමිටියාස් , නූර් වැනි මුස්ලිම් පාතාල නායකයින් ඝාතනය විය. මුල් වටයේදී ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ මාමස්මීට සහ මාස්ටර් ඉමිටියාස්ට පමණි. එකල රිෆා කාදර් විසින් මාමස්මි බැංකොක් වලට රැගෙන ගිය බව බුද්ධි අංශ වාර්තාවල ඇත.

රිෆා කාදර් අනෙක් පැත්තෙන්,  ජීවිතය බේරා ගැනීමට ඉන්දියාවට පැන ගිය මාස්ටර් ඉමිටියාස් බෝට්ටුවක් මගින් ලංකාවට ගෙන්වා ගෙන ඉන්පසු කටාර් වලටත් , එහි සිට ඩුබායිවලටත් රැගෙන ගියේය.

ඩුබායි වලදී මාස්ටර් ඉමිටියාස්, රිෆාකාදර් සහ කිඹුලා ඇළ ගුණා එකට ගනුදෙනු කළ බවට සාක්ෂි ඇත. සෝල් බීචී හෝටලයේ ප්‍රාග්ධනය තුල එම මුදල් ද ඇත.

2017 කාලයේදී ගොත අසංකගේ කල්ලිය අතින් අලුත් කඩේ රිස්කාන් නම් පාතාල සාමාජිකයා මැරුම් කෑවේය. රිස්කාන්, මාකඳුරේ මධුෂ්ගේ සහ කංජිපානි ඉම්රාන්ගේ හිතෛෂියක් විය. රිස්කාන් ඝාතනය කිරීමට වලව්වත්තේ ෆයිසර් සහ මාලිගාවත්තේ බයියා උදව් කළේය. පිළිබඳව මාකඳුරේ මධුෂ් කෝපයෙන් පසුවිය.

මේ අතර මාලිගාවත්තේ බයියා සහ වලව්වත්තෙ ෆයිසර් පවුල් පිටින් ඉන්දියාවට පිටත් විය. ඊට අනුග්‍රහය දැක්වූයේ අප කතා කරන රිෆා කාදර්ය.

2018 වර්ෂයේදී ඉන්දියාවේ චෙන්නායි නගරයේදී අන්නාසි මොරිල්, රහිම්, ෆයිසර් සහ බයියා අතර හමුවක් සිදුවිය. එම හමුව සිදුවූයේ 79, ECR beach side road, Chennai යන ලිපිනයේ පිහිටි සුඛෝපභෝගී නිවහනයේදීය.ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේ ද රිෆා කාදර් ය.

2021 වර්ෂයේදී කිඹුලා ඇළ ගුණා ඉන්දීය අත්අඩංගුවට පත්විය.එම සිද්ධියෙන් පසු කිඹුලා ගුණාගේ පවුලෙ අය ඩුබායි වෙත රැගෙන ගියේ රිෆාකාදර් ය.

2021 වර්ෂයේදී කංජිපාණිගේ පියා ප්‍රහාරයකට ලක් විය. එම ප්‍රහාරය එල්ල කළේ මන්නාකන්නා විසිනි. ප්‍රහාරයට අණ දුන්නේ පූගුඩි කන්නාය . මේ නිසා කංජිපාණි, පූගුඩි කන්නා සමග වෛරයෙන් පසු විය. එහිදී රිෆා කාදර්, පූගුඩි කන්නාට උදව් කළේය. පූගුඩි කන්නාගේ බිරිඳ, දරුවා සහ සහෝදරයන් ඩුබායි වලට රැගෙන ගියේය.

රිෆා කාදර් ,ශිරාන් බාසික් පමණක් නොව මොහොමඩ් සිද්ධික් සහ මුජහිද් සමඟද ගනුදෙනු කරයි.

 

විශේෂ කරුණු

2015 දී වෙලේ සුදා සහ මොහොමඩ් සිද්ධික් පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන එක ගුවන් යානාවෙ ලංකාවට ගෙන ආවේය. වෙලේ සුදා ජීවිතාන්තය ජීවිතාන්තය තෙක් සිරගෙට ගියේය. මොහොමඩ් සිද්ධික් නිදහස් විය.

කංජිපානේ ඉම්රාන් සහ මාකඳුරේ මධූෂ් ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන එක ගුවන් යානාවෙ ලංකාවට ගෙන ආවේය. මදුෂ් මරණයට පත්විය. කංජපානි ඉම්රාන් නිදහස් විය.

ශිරාන් බාසික් මත්ද්‍රව්‍ය වලින් උපයා ගත් කෝටි ගණන් මුදල් යොදවා ලංකාවේ දේපළ අත්පත් කරගනිමින් සිටී.

මොහොමඩ් මුජහීද් ලෝකය පුරා රවුම් ගසමින් මත්ද්‍රව්‍ය ජාලය පුළුල් කරමින් සිටී.

 

නිර්දේශය

මුස්ලිම් පාතාලයට සහ ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ දියත් කළ මෙහෙයුමෙන් පසු කිසිදු මෙහෙයුමක් මේ දක්වා සිදුව නැත. ගෝඨාභයගේ මෙහෙයුම සිදුවූයේ 2011 – 2013 කාලයේදීය.

ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෆා කාදර් අත්අඩංගුවට ගෙන ඉහත කරුණු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කළ යුතුය. මුස්ලිම් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මැඩීමට පුළුල් මෙහෙයුමක් දියත් කළ යුතුව ඇත

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මුස්ලිම් පාතාලයේ කුඩු සල්ලි වලට යටවී, දඩ මස් ගොරකා කරන ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ යුතුය

National Alert

පුහුල් හොරා කරෙන් ඇල්ලුවා සේ මත් ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සුදුකරපටි තක්කඩි හඳුනා ගනිමු

0

පසුගිය වසර 50 පුරා මත් දව්ය සමබන්ධයෙන් දැඩි ක්රියාමාර්ග ගත්තේ නැත .මේ නිසා මත් ද්රව්ය New normal රැල්ලක් බවට පත් විය. මත් ද්රව්ය විකිනීම සහ භාවිතා කිරීම සමාන්ය දෙයක් බවට පත් විය.පාසැල මත් ද්රව්යවලට ඇබ්බැහි වීමේ තිඹිරිගෙය ගෙය බවට පත් විය.

මත් ද්රවය ජාවාරම් කරුවන් ප්රදේශයේ ප්රභූන් බවට පත් විය. ආරක්ෂක අංශ මත් ද්රව්ය ජාවාරම කරුවන් සමහ එකට නිදා ගන්නා තත්වයට පත් විය.

එම තත්වය රටේ දරුවන්ට එරෙහි නියත අනතුරක් බව අමුතුවෙන් කිව යුතු නැත.කරුණු එසේ හෙයින් පාඩු තිබුණද ටිරාන් සහ දේශබන්දු මත්ද්රව්ය මැඩලීමට දියත් කළ මෙහෙයුම කාලීන අවශ්යතාවකි.

මත්ද්රව්ය ජාවාරම මුහුදේ පාවෙන අයිස් පරයක් වැනි දෙයකි. එහි දර්ශනය වන කොටස සීමිත වන අතර දර්ශනය නොවන විශාල කොටසක් මුහුදු පත්ලට කිඳාබැස පවතියි. මේ වන විට යුක්තිය මෙහෙයුමට එරෙහිව විවිධ බලවේග ක්රියාත්මක වෙමින් පවතියි.

විශේෂයෙන් ප්රභල දේශපාලනඥයන් දෙදෙනෙකු යුක්තිය මෙහෙයුම හෑල්ලු කරන ප්රකාශ නිකුත් කරනු දැකිය හැකි විය.

1. First case – ”පොලීසිය අල්ලන කුඩු, වාර්තාව එන විට පාන් පිටි වෙනවා”. – අධිකරණ ඇමති විජේදාස කීවේය

කෙසේ වුවද අත්අඩංගුවට ගන්නා කුඩු ගැන වාර්තාව නිකුත් කරන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවය. එම දෙපාර්තමේන්තුව පවතින්නේ විජේදාස යටතේය. එම දෙපාර්ත්මේන්තුව දූෂිත එකක් බව ප්රකට කරුනකි. තවද විජේදාසගේ පුත්රයාගේ නීති සමාගම කුඩු පාතාකයන්ගේ නඩු කථා කරන බවට බරපතල චෝදනාවක් ඇත.

කරුණු එසේ හෙයින් විජේදාස , තමන් යටතේ තිබෙන ආයතනයට එල්ල වී තිබෙන චෝදනා ගැන සොයා බලනවා වෙනුවට පොලීසියේ ප්රතිරූපය හානි කරන ප්රකාශයක් කිරීම ගැටළු සහගතය

2. Second case – ”යුක්තිය මෙහෙයුම නිසා අත් අඩංගුවට පත්වන්නන්ගේ දරුවන් අනාරක්ෂිත වෙනවා” – මෙම ප්රකාශය නිතුත් කළේ පාඨලී චම්පිකය.

චම්පික විදුලි බල ඇමති කාලයේ ගල් අගුරු ටෙන්ඩරයෙන් බිලියන ගනනක් වංචාවක් සිදු කල බවට ටිරාන්ගේ මව්බිම පුවතක් පල කළේය. එම පුවතින් තමන්ගේ කීර්ති නාමයට හානි වූ බව පවසමින් චම්පික නඩු දැම්මේය. නඩු විභාගයේදී අපූරු දෙයක් සිදු විය. ”තමුන්ට හානි කරන්න කීර්ති නාමයක් තිබෙනවාදැයි ” ටිරාන්ගේ තීතීඥවරු තර්ක කළහ. මේ නිසා ටිරාන් සහ චම්පික අතර ගැටුමක් ඇත.

යුක්තිය මෙහෙයුමේ අඩුපාඩු තිබිය හැක . නමුත් කළ යුත්තේ ඒවා පෙන්වා දීම මිස ”යුක්තිය” මෙහෙයුම අඩාල කිරීමට කුමන්ත්රණ කිරීම නොවේ . පටු අරමුනු වෙනුවෙන් මත් දව්ය මැඩලීමේ වැඩසටහන විවේචනය කිරීම ජාතික අපරාධයකි.

රටක හෙට දවස තීරණය වන්නේ අධ්‍යාපන ක්‍රමයෙන් එළිදකින ප්‍රථිපල මතය

0

ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හිමි වන්නේ ඉතා සීමිත පිරිසකටය.ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තරගකාරී ගෝලීය ලක්ෂණ දැකිය නොහැක .උසස් අධ්‍යාපනය හුදෙක් පෙර පින අනුව ලැබෙන වාසනාවක ස්වභාවය දරයි.

එක් ලකුණක් අඩුවීම නිසා කෙනෙකුගේ වෛද්‍යවරයකු වීමේ සිහිනය සඳහටම බොදවී යයි . නමුත් දියුණුවන රටවල තත්ත්වය එසේ නොවේ. තමන් කැමති ඕනෑම ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලැබීමට ඔවුන්ට හැකිය. අධ්‍යාපනයේ නිදහස යනු මෙයයි.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු රැඩිකල් දේශපාලන පක්ෂවලට අනුව නිදහසේ අධ්‍යාපනය ලැබිය හැකි එම ක්‍රමය ඉතා භයානක විනාශකාරී දෙයකි ඔවුන් කැමති “නොමිලේ අධ්‍යාපනයට” පමණි. එනම් 1වසරේ සිට 13 වසර දක්වා රජය විසින් නඩත්තු කරන පාසල් වලින් නොමිලේ අධ්‍යාපනය ලැබන සහ ඉතා සීමිත පිරිසකට නොමිලේ උපාධියක් ලැබෙන ක්‍රමයය.

මෙම ක්‍රමය වෙනස් කරනවාට ඔවුන් කැමති නැත. නමුත් අද ලෝකයේ සෑම රටක්ම පාහේ ගමන් කරන්නේ නොමිලේ අධ්‍යාපනයක් වෙත නොව අධ්‍යාපනයේ නිදහස වෙතය. එනම් ඕනෑම අයකුට, ඕනෑම විෂය ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලැබීමේ හැකියාව වෙතය.

නව ලෝකයට අනුව වෙනස් නොවීම නිසා අද වන විට ලංකාවේ අධ්‍යාපනය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇත. අද ලංකාවේ එකදු විශ්ව විද්‍යාලයක්වත් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර නැත. ගෝත්‍රික අප්‍රිකානු රටවල් පවා ලංකාවේ විශ්ව විද්‍යාල අභිබවා ගොස් ඇත.

තවද නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වන ඵල බොහොමයක් නීරසය, කුරුවල්ය. උදාහරණයක් ලෙස රජය ඉතා විශාල වියදමක් දරා ගණිත විද්‍යා අංශයෙන් උපාධධාරීන් බිහිකළද නව නව සොයා ගැනීමක් නව නිර්මාණයක් කරන අයෙකු ගැන අසන්නට ලැබෙන්නේ නැත. අඩුම තරමින් ඔවුන්ට world index වලට ඇතුල් කළ හැකි මට්ටමේ නව සංකල්ප පත්‍රිකාවක්වත් ලියාගත නොහැක .

තවද ආර්ථික අර්බුදය පැමිණි විගස රට හැරදා පළමුව විදේශගත වන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් බිහිකළ උගතුන් කාණ්ඩයය. මොවුන් හුදෙක් රට ගැන හිතන පිරිසක් නොව තමන්ගේ බඩ ගැන හිතන පිරිසකි.

කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණට සහ රැඩිකල් දේශපාලන පක්ෂවලට අනුව නව ලෝකයට ගැලපෙන “අධ්‍යාපනයේ නිදහස ” තහනම් වචනයකි.

ඔබේත් මගේත් බදු මුදලින් නඩත්තු වන නිදහස් අධ්‍යාපනය ලෙස හඳුන්වන යල්පැනගිය ක්‍රමය ගෝලීය ලෝකයට ගැලපෙන පරිදි පරිදි වෙනස් කිරීමට ඔවුන් ඉඩ නොදේ

දේශපාලනයේදී වඩා වැදගත් වන්නේ ක්‍රියාකාරීත්වයෙන් ලබා ගන්නා වලංගුභාවයයි. හුදු විවේචනයෙන් රජුන් තැනිය හැකි නම් අන්දරේද රජෙකි

0

2024 මැතිවරණ වර්ෂයකි. නමුත් ජයග්රාහි පක්ෂය පිලිබදව අනාවැකි කීම පහසු නැත. ඊට හේතුව ආර්ථික අර්බුධය ජනයාගේ දේශපාලන හැසිරීම් ගුප්ත ලෙස පාලනය කිරීමය . අද බොහෝ දෙනෙක් තමන්ගේ දේශපාලන කුලය සඟවන තත්වයක සිටියි . තමන්ගේ දේශපාලන කුලය ප්රදර්ශනය කරන්නේ ජවිපෙ පමනි.

ජවිපෙ, මෙතෙක් රට පාලනය කළ පක්ෂ සම්බන්ධයෙන් බරපතල විවේචනයක් කරයි. ජවිපෙ ජනප්රිය වීමට හේතුව අනෙකා වෙත වරද පවරා කරන එම විවේචනය මිස ඔවුන් රටට සාධනීය දෙයක් කිරීම නොවේ.

ලංකාවේ ආර්ථික අර්බුධයට වගකිව යුත්තේ පාලකයන් මිස බදු ගෙවන ජනතාව නොවන බව සරල තර්කයකි. තවද ආර්ථික අර්බුධය මෙරට සාමාන්ය ජනයාට වේදනාත්මකව දැනෙන දෙයකි.ඒ අනුව ආර්ථික අර්බුධයට ”අරූ වගකිව යුතුයි, මූ වගකිවයුතුයි ” ලෙසින් ජෙවීපී පවත්වන කථා සාමාන්ය ජනයාට ආනන්දජනකය. ජවිපෙ සාමාජිකයන් දේශපාලකයන්ට චෝදනා චෝදන කරමින් හදන FB පෝස්ට් ශෙයා කිරීමට ජනයා කැමතිය. මෙම තත්වය සමාජ ජාලා තුල ජවිපෙ හිට් වීමට බලපායි.

75 වසරක් රට පාලනය කළ පක්ෂ ගැන ජනයා කලකිරී සිටින බව සත්යයකි. ජාතික නායකයෙකු සම්බන්ධයෙන් රික්තයක් පවතින බව සත්යකි.ප්රශ්න විග්රහ කිරීම සහ අනෙකා විවේචනය කිරීම නිසා අනුර කුමාර ජනප්රිය වී සිටන බවද සත්යකි. නමුත් එය අනුර කුමාරට රාජය බලය දීමට තරම් හේතුවක් විය හැකිද?

කන්ද උඩරට අවසන් රාජ්ය සමයේ පැවතියේද මෙවැනි තත්වයකි. එකල රජපෙලපත මෙන්ම රදලයන් ගැන ජනයා කලකිරී සිටියහ. රාජ්ය තුල විශාල බල අරගලයක් පැවතුණි. එම අරාජිකත්වය ජනයාට වේදනාත්මක විය.මේ නිසා විකල්ප නායකයෙකුට දැඩි ඉල්ලුමක් තිබුණි. එකල අන්දරේ නම් පුද්ගලයෙකු රජු විවේචනය කිරීම නිසා රට පුරා ජනප්රිය විය. ඔහුගේ කථා ඇසීමට ජනයා රැස් කෑහ .ඔහු කරන කියන දෑ ගැන ජනයා දොරින් දොර කථා වූහ.

කොතරම් ජනප්රිය වුවද අන්දරේ රාජ්යත්වයට පත් කිරීමට ජනයා කැමති වූයේ නැත. ඊට හේතුව රාජ්යත්වය සමබන්ධ කාරනයකට ක්රියාකාරීත්වයෙන් ලබා ගන්නා වලංගුභාවයක් අවශ්යවීමය

අනුර කුමාර ජනප්රිය වුවද ඔහු රාජ්යත්වයට පත්කිරීමට ජනයා සලකා බලන්නේ නැත . හේතුව අනුර කුමාර යනු ක්රියාකාරීත්වයෙන් වලංගුතාවක් ලබාගත් පුද්ගලයෙකු නොව අන්දරේ මෙන් කථා පවත්වා ජනප්රිය වූ පුද්ගලයෙකු වීමය.

රාජ්ය පාලනයේදී වැදගත් සාධකය වන්නේ කථා පවත්වමින් ලබා ගන්නා ජනප්රියභාවය නොව ක්රියාකාරීත්වයෙන් ලබා ගන්නා වලංගුතාවයය.
www.NationalAlert.lk

හුදු සුභ පැතුම් වලින් 2024 යහපත් වන්නේ නැත, වසර සුභ වන දැක්ම මෙන්න !

0

පසුගියදා සම්මත වූ වැට් බදු සංශෝධන පනත අනුව 2024 ජනවාරි 01 වනදා සිට වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කර ඇත.

නමුත් වැඩිවන ජීවන වියදමට සාපේක්ෂව පඩි වැඩීවීමක් සිදු නොවෙයි.මේ නිසා ඉදිරියේදී භාන්ඩ පරිබෝජනයේ අඩුවීමක් සිදු වීමට නියමිතය. එය ව්යාපාර කඩා වැටිමට හේතුවකි.

එකී ප්රතිවිපාක ඇතිවීම කිසිවෙකුට වැලැක්විය නොහැක. එනම් එලඹෙන කුණාටුව නැවැත්විය නොහැක. නමුත් රුවල් අත මාරු කොට ආරක්ෂාකාරීව යාත්රා කළ හැකිය.ඉදිරියේදී ඇති වීමට නියමිත ආර්ථික අවපාතය තුල කළ යුත්තේ පරිබෝජනය සීමා කිරීම නොව , ආදායම වැඩිකර ගැනීමය.

ආර්ථික අවපාතය තුල රාජ්ය සහ පෞද්ගලික ආයතන තුල තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදුවිය යුතුය .

1. විශේෂ ක්රමවේදයක් හරහා ඉහල වැටුප් ලබන සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්රාම ගැන්වීම

2. සේවකයන්ගේ වැඩ ප්රමාණය වැඩි කොට වැටුප වැඩි කිරීම,

3. පාට් ටයිම් රැකියා අවස්ථා බිහි කිරීම

4. විශ්රාම යන සේවකයන්ගේ පාරිතෝෂික , EPF සහ ETF කඩිනමින් ගෙවා ඔවුන් ව්යාවසායකයන් බවට පත් කිරීම

5. සාම්ප්රදායික 8.30 -4.30 වැඩ ක්රමය වෙනුවට ඉලක්ක සකසා ඒ අනුව වැටුප් ගෙවීම.

6. සේවකයෙකු එක් ස්ථිර රැකියාවක් කරනවා වෙනුවට පාට් ටයිම රැකියා දෙක තුනක් කරන නව සංස්කෘතියක් ඇති කිරීම.

7. අන්තර් ජාලය හරහා භාන්ඩ අපනයනය කොට ගෙවීම ලබා ගත හැකි pay pal වැනි ගෙවීම් ක්රම හදුන්වා දීම

8. විදේශ වෙළද නැව් ලංකාව තුල ලියා පදිංචි කිරීම වැනි නව ක්ෂේත්ර හදුන්වා දීම

9. Online රැකියා සංස්කෘතිය ප්රවර්ධනය කිරීම

10.ආයෝජනයට හිතකර පරිසරයක් බිහි කිරීම

කරුණු එසේ හෙයින් මහජන නියෝජිතයන්ගේ, විධායකයේ සහ ජන මාධ්යයේ වගකීම විය යුත්තේ ඉහත ආකාරයේ විකල්ප බල ගන්වා ආර්ථික අවපාතයට සාර්ථකව මුහුණ දීමට ජනයා සංවිධානය කිරීමය.

එසේ වුවහොත් ආර්ථික අවපාතය නම් අදුරු වලාව තුල සැඟව ඇති රිදී රේඛාව දැකිය හැකි වනු ඇත. එළඹෙන වසර සුභ නව වසරක් වන්නේ එවැනි දැක්මකින් පමනි

ඇස් පනාපිට බිඳ වැ‍ටුන අපේ කාලයේ මිනිසුන්ගේ අධ්‍යාපනයේ සුභසිහිනය

0

අද මෙරට දරුවෙකු පාසැල් අධ්‍යාපනය නිම කරන්නේ අවු 20 දීය. තවද පාසැල කිසිදු වෘත්තීය සුදුසුකමක් ලබා නොදෙයි. ලංකාවේ පාසැල් අධ්‍යාපන සහතිකය විදේශ ‍රැකියා වෙළද පොලේ කම්කරු ‍‍රැකියාවක් සොයා ගැනීමටවත් ප්‍රමාණවත් නැත.

එනම් ලංකාවේ අධ්‍යාපනය ගෝලීය සහ ආර්ථික ප්‍රවණතා වලට අනුරූපව වෙනස් වී නැත. විදේශ රටවල තත්වය මීට වෙනස්ය . එහි දරුවන් පාසැල් අධ්‍යාපනය නිම කරන්නේ උපාධියකිනි. තවද එය ලංකාවේ මෙන් කිසිදු වැඩකට නැති කලා හෝ වාණිජ උපාධි නොවේ.

දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය ”ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත ” කියමන අර්ථ වත් කරන එකකි. එනම් පාසැල යනු තමන්ට ගැලපෙන ඕනෑම විෂය ක්ෂේත්‍රයක වෘත්තිය දැනුම සහ උපාධිය දෙන ආයතනයකි. විදේශ රටවල දරුවන්ට අවු 18 වන විට පාසැල් අධ්‍යාපනය නිම කොට මූලික උපාධියක්ද සහිතව ‍රැකියා වෙළද පොලට ඇතුල් විය හැක

මේ වන විට ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක වටිනාකම ලංකාවේ පුරවැසියන්ට ඉතා හොඳින් දැනී ඇත.මෙරට පාසැල පරිඝණක, මෝටර් රථ , වඩුවැඩ, පෙදරේරු, ඇඳුම් නිර්මානය , ආහාර පිසීම, සංචාරක වැනි ක්ෂේත්‍ර වල දැනුම සහ උපාධිය ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතුව ඈත.

මෙරට රජය මීට අවු 43 කට පෙර එවැනි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට සූදානම් වූ බව කීවොත් ඔබ එක් වරම විශ්වාස නොකරනු ඇත. නමුත් එම කථාව ඇත්තය. 1981 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ලෙසින් පාර්ලීමේන්තුවට ඉදිරිපත් වූයේ එයයි .

තමුත් ජවිපෙ ඊට එරෙහි විය. ඔවුන් ජනයාට තේ කෝප්පයේ කිඹුලන් පෙන්නුවේය. ජවිපෙ, ඊට එරෙහිව පාසැල් සිසුන් , විශ්ව විද්‍යාල සිසුන් , දෙමාපියන් සහ පූජ්‍ය පක්ෂය කුපිත කළේය.

ව්‍යාජ ලෙස වර නැගූ ජනතා විරෝධය නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ඉදිරියට නොගියේය. එදා එපා කී යෝජනාවලියේ වැදගත්කම තේරුම් ගැනීමට මෙරට ජනයාට වසර 43 ක් ගත විය.එදා එපා කී අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අද ජනයා විසින් ඉල්ලා සිටියි .

1981 රනිල් විසින් ඉදිරිපත් කොට ජවිපෙ විසින් ප්‍රතික්ෂේප කළ යෝජනාවලිය අද  ඉල්ලීමට සිදුවීම දෛවයේ සරදමක් මෙන්ම ඛේදවාචකයකි.

සෑම පුරවැසියෙක්ම කියවිය යුතු ලිපියක් – ලංකාව භූදේශපාලන කාල බෝම්බයක් උඩ (ජවිපෙ ගැන -03 )

0

ජවිපෙ දිනෙන් දින ජයග්රහණය වෙත පියනගන බව ඔවුන්ගේ ආධාරකරුවන් කියා සිටියි. තවද ජවිපෙ සාර්ථකත්වය ගැන ජාත්යන්තර ප්රජාව පවා පුදුම වී ඇති බව ඔවුන් කියයි . විදේශ තානාපතිවරු පැලවත්ත කාර්යාලයට එන්නේ මේ නිසා බව ඔවුන් කියා සිටියි.

ලංකාවේ ජනයා ලින් මැඩියන් පිරිසක් වුවද විදේශ ප්රජාව එසේ නොවේ. ඔවුන්ට මහපොලොවේ යථාර්තය පිලිබද නිවරදි වැටහීමක් ඇත.

විදේශ රටක් ජවිපෙ සමග කිට්‍ටුවෙන් වැඩ කිරීමට යාමේදී ඔවුන් පලමුව සලකා බලන්නේ ජවිපෙ මෙරට තුල කොතරම් ජනප්‍රියද යන්න නොව, ජවිපෙ කොතරම් දුරට තමන්ගේ භූදේශපාලන න්‍යායපත්‍රයට හීලෑ වන්නේද යන්නය.

මෙය කාලීන උදාහරණයක් මහින් පැහැදිළි කළ හැක. මේ වන විට යුක්රේන යුද්ධයට ලොව සියළු බලවත් ජාතීන් පැටලී සිටියි. මෙරට හමුදා නිලධාරින් ( විශ්රාමික ) සිය ගණනක් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී ඇත. ලංකාවේ හමුදා භට පිරිස සම්බන්ධ වී සිටින්නේ රුසියානු රතු පෙරමුණට නොව ඇමෙරිකාව නායකත්වය දෙන පිලටය.

මේ වනවිට යුක්රේන යුද්ධයට සම්බන්ද වූ මෙරට හමුදා නිළධාරියෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදහන් වී ඇත.මෙරට හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට එරෙහිව යුද්ධ කිරීමට යාම පිළිබදව මෙරට දේශපාලන පක්ෂ නිහඬ ප්රේක්ෂකයන් ලෙස සිටියද එය ඉතා බරපතල කාරනයකි

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට රුසියාවේ ඉහලම පෙලේ රාජතාන්තිකයන් පිරිසක් පෙරේදා ලංකාව ආවේය. එම නිළධාරීන් පිරිසට ජනපති පුටින්ගේ ආරක්ෂක කටයුතු පිළිබඳ ප්රධාන උපදේශක නිකොලායි පට්රුෂෙව් ද ඇතුල් විය.

රුසියානු නියෝජිතයන් දක්වා තිබූ කරුණු පහත පරිදිය

1. මෙරට පැවති සිවිල් යුද්ධයේදී රුසියාව අඛන්ඩව ශ්‍රී ලංකා හමුදාවට යුධ ආධා දුන් බව

2. එ.ජා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල වන විට රුසියාව, ලංකාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේය.

3. ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල කළේ ඇමෙරිකන් පිලය. මෙරට හමුදා නිළධාරීන් මිතුරා අමතක කොට සතුරා සමග එක්වී ඇත. එය රුසියාවට කළ ද්‍රෝහී වැඩකි.

4. සිංහල හමුදා සාමාජිකයන් යුක්‍රේන යුද්ධයට බඳවා ගැනීම සිදුකර ඇත්තේ යුරෝපයේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකි.  එය පැහැදිළිවම ශ්‍රි ලංකාව සහ රුසියාව කෙටවූ කුමන්ත්‍රණයකි

5. මෙරට ජනමාධ්ය යුක්රේනයේදී මියගිය හමුදා නිළධාරියා වීරත්වයට එසවූයේය. එය රුසියාවේ කනට ගැසීමට සමානය

6. මේ වන විට ශ්‍රී ලංකා රුසියා සම්බන්ධතා අර්බුධයට ලක්වී ඇත .

7. ලංකාව ගුනමකු වුවද ඉන්දියාව එසේ නොවීය. යුක්රේන් යුද්ධය ආරම්භ වූ පසුවත් ඉන්දීය හමුදා රුසියානු හමුදා සමග යුධ අභ්යාස කළේය .

8. ඉන්දියානුවන් රුසියාවට සතුරු යුධ පෙරමුණට සම්බන්ද වීම වැලැක්වීමට එරෙට ආරක්ෂක අංශ හැකි සෑම දෙයක්ම කළහ. ඉන්දියානු වාමාංශික පක්ෂද ඊට සක්‍රීය ලෙස දායක විය.

9. නමුත් ලංකාවේ රතු කඳවුර නියෝජනය කරන ජවිපෙ ඒ පිළිබදව කිසිදු හඬක් නැගුවේ නැත.

ලංකාවේ වාමාංශික පක්ෂ රුසියාවට ද්රෝහි වුනා පමනක් නොව අනුර කුමාර ඇමෙරිකාවේ සවාරි ගියේය.ඇමෙරිකාව ප්රතිපත්තියක් ලෙස රැඩිකල් වාමාංශික නායකයන්ට වීසා දෙන්නේ නැත. නමුත් අනුර කුමාරට ඇමෙරිකාවට යාමට වීසා ලැබුණි.

ජාතික ආරක්ෂාවේ හතර මායිම නොදත් නිලධාරීන් සහ වාමාංශික ලකුන පැළද සිටින ජවිපෙ උද්ගතව ඇති අනතුරට ප්‍රමුඛව වගකිව යුතුව ඇත

ඇමෙරිකන් තානාපති ජූලි චං පැලවත්තේ මූලස්ථානයට එන්නේ ජවිපෙ ප්‍රතිපත්ති ගැන පැහැදීම නිසා නොව ප්‍රතිපත්ති පාවා දීම නිසාය. ජවිපෙ නායකයන්ගේ නියම ස්වභාවය මෙරට ජනයාට රහසක් වුවද විදේශ ප්‍රජාවට ඒ ගැන හොඳ අවබෝධයක් ඇත.

කයියන්ගේ විවේචන සහ අයිසින් තැවරූ බොරු

0

ජවිපෙ, දේශපාලන ව්යාපාරයකට වඩා Radical  ස්ටයිල් එකකි. අයිසින් තැවරූ අසද්ධ බොරු ජනගත කිරීමේ හැකියාව ජවිපෙ සතු  බලය වෙයි. ඔවුන් එය දෙආකාරායකින් සිදු කරයි.

1. බිල්ලන් මැවීම

2. සාහසික විවේචනය

රෝහන විජේවීර එකල ඉදිවෙමින් පැවති බේරුවල හෝටලය දැක්වූයේ ඇමෙරිකන් යුධ හමුදා කඳවුරක් ලෙසය. මංතීරු කිහිපයකින් ඉදි කරමින් තිබූ වැල්ලවාය මහා මාර්ගය හැඳින්වූයේ ඇමෙරිකන් යානා ගොඩ බෑමට යොදා ගන්නා ගුවන් පථයක් ලෙසය. ඇඟළුම් කම්හල් කෙරේද විජේවීටට දැඩි විරෝධයක් විය . සුද්දන්ට යට ඇඳුම් මැසීම අසභ්ය නොමනා ක්රියාවක් බව ඔහු කීවේය.

ජවිපේ වත්මන් නායක අනුර කුමාරද විජේවීරට නොදෙවෙනි තක්ක්ඩියෙකි. අනුර කුමාර පෝට් සිටිය ගොඩ කිරීමට ලංකාවේ කළු ගල් මදිවිය හැකි බව කීවේය. අධිවේගී මාර්ග නිසා එහා ගෙදර බල්ලාට මෙහා ගෙදරට පැමිණීමට නොහැකි වන බව කීවේය. උමා ඔය ව්යාපෘතිය නිසා පොළොව පැලෙනවා කීවේය. ගිණි කදු සක්රීය වනවා කීවේය .

සමාජ ජාලා ජන විඥානය හසුරුවන ප්රධාන බලවේගයක් බවට පත් වීමත් සමඟම ජවිපෙ උපක්රම අලුත් වී ඇත.
තමන්ගේ ක්රියාකාරකම් අතිශයොක්තියට නගමින් වර්ණා කිරීම ජවිපෙ විසින් අරඹා ඇත. සමාජ ජාලාවලට මුදල් ගෙවා කැම්පේන් කිරීම, ලයික් ෆාම් වලින් ෆලෝවස්ලා මිලදී ගැනීම වැනි උපක්රම ජවිපෙ නිතර කරයි.

මාධ්‍ය ආයතන වල කුලී ලියන්නන් ස්ථාන ගතකොට ඔවුන් හරහා පක්ෂය ප්‍රමෝට් කිරීමද දැන් සිදුවෙයි. ශාන්ත ජයරත්න නැමැත්තෙකුගේ නමින් ලංකා ඊ නිවුස් වල ලියවෙන ලිපි පෙල එවැන්නකි. ජවිපෙට බලය ඇති සමුපකාර සමිති සමාගම් වල විප්ලවයක් කොට ඇති බව මෙකී කුලි ලියන්නා පෙන්වා දෙයි.

ශාන්ත ජයරත්න ලියන කතා කියවන විට මොළයක් ඇති අයට කල්පනා වන්නේ ගස් නැති රටේ තුත්තිරි ගස්, ගස් වීමේ ඛේදවාචකය පමනි. මැතක ඔහු ලියූ ගජබින්න කිහිපයක් පහත පරිදිය

1.මාලිමාවට හිමි වූ ලංකාවේ ප්‍රථම තේ සමුපකාරයෙන් ස්මාට් තේ ව්‍යාපෘතියක්, අක්කරයකින් තේ දළු කිලෝ 1500 ක්- (ලංකා ඊ නිව්ස් -2023.දෙසැ.09)

2. වෛද්යවරයෙක් මෙහෙයවන වී මෝලක්..! දෙන්නම්කො හාල් වයඹටම- (ලංකා ඊ නිව්ස් -2023.නොවැ.29)

3. උපයන ලාභයෙන් 70% ක් ම සාමාජිකයන්ට බෙදන ‘අම්මට සිරිම’ බැංකුවක් (ලංකා ඊ නිව්ස් -2023.දෙසැ.05)

4. ඩ්රෝන වලින් “තෙල් ගහන” මැදිරිගිරිය සමූපකාරයේ අලුත් අධ්යක්ෂකලා- (ලංකා ඊ නිව්ස් -2023.දෙසැ.01)

ශාන්ත ජයරත්න  කියන කථාව කෙටියෙන් සහ සරලව මෙසේය . ජවිපෙ සමුපකාර සමිති පාලනය කරන්නේ යම්සේද ඔවුන්ට රටද පාලනය කළ හැකිය.

සමුපකාර ව්යාපරය තුල ජවිපෙ සිදුකොට ඇති විප්ලවය ඔවුන්ගේ දේශපාලන සාර්ථකත්වය පෙන්වන බව ඔහු කියා සිටියි.

ලංකාවේ සමුපකාර ව්යාපාරය ආරම්භ වූයේ 1904 දීය . ජවිපෙ ආරම්භ වූයේ 1965 දීය. මේ වන විට ලංකාවේ විවිධ සේවා සමූපකාර සමිති 305ක්, කෝප් සිටි 368ක් , මෙගා කෝප් සිටි 28ක්, සමූපකාර පරාදේශික 1,679ක්ද, සමඟ සමූපකාර අලෙවිසැල් 3,108ක් පවතියි .

නමුත් ජවිපෙ පාලනය කරන ආයතන පවතින්නේ අතේ ඇගිලි වලටත් වඩා අඩු ප්රමාණයකි.

තවද සමුපකාර ව්යාරයේ ස්වර්ණමය යුගය ලෙස සැල කෙන සිරිමාවොගේ පාලන කාලයේදී මෙරට සමුපකාර අල්විසැල් 10000 කට ආසන්න ප්රමාණයක් පැවතුණි. එනම් සෑම ග්රාම සේවා වසමකම සමුපකාර අලෙවි සැලක් පැවතුණි. 88 -89 කාලයේදී ජවිපෙ සමුපකාර අලෙවි සැල් දහස් ගණනක් විනාශ කළේය ( ගිණි තබා හෝ කොල්ලකෑම)

ඉන්දියාව, බංගලාදේශය වැනි රට වල සමුපකාරය යනු වෙළදපොළ බලවතෙකි . කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝකය ජයගෙන ඇති අමුල් සමුපකාර සමිතියකි.

නමුත් ලංකාවේ සමුපකාර ව්‍යාපාරය පවතින්නේ ඉතා ඛේදනීය තත්වයකය.ජාවරම්කරුවන් හොර ඔප්පු හදා බිලියන ගණන් සමුපකාර දේපල කොල්ල කා ඇත. සමුපකාරය හුදෙක් අවර ඝණයේ ව්‍යාපාර නාමයක් බවට පත් ඇත.

සමස්ථයක් ලෙස ගත් කළ ජවිපෙ යනු සමූපකාරයේ ගැලවුම්කරු නොව විනාශයට වගකිවයුතු චූදිතයකි.