ජවිපෙ ගැන 02- කයියන්ගේ විවේචන සහ අයිසින් තැවරූ බොරු

0
108

ජවිපෙ, දේශපාලන ව්යාපාරයකට වඩා ත්රාඩ ලයිෆ් ස්ටයිල් එකකි. මේ නිසා ජවිපෙට ජන බලයක් නැත . අයිසින් තැවරූ අසද්ධ බොරු ජනගත කිරීමේ හැකියාව ජවිපෙ සතු එකම බලය වෙයි. ඔවුන් එය දෙආකාරායකින් සිදු කරයි.

1. බිල්ලන් මැවීම

2. සාහසික විවේචනය

රෝහන විජේවීර එකල ඉදිවෙමින් පැවති බේරුවල හෝටලය දැක්වූයේ ඇමෙරිකන් යුධ හමුදා කඳවුරක් ලෙසය. මංතීරු කිහිපයකින් ඉදි කරමින් තිබූ වැල්ලවාය මහා මාර්ගය හැඳින්වූයේ ඇමෙරිකන් යානා ගොඩ බෑමට යොදා ගන්නා ගුවන් පථයක් ලෙසය. ඇඟළුම් කම්හල් කෙරේද විජේවීටට දැඩි විරෝධයක් විය . සුද්දන්ට යට ඇඳුම් මැසීම අසභ්ය නොමනා ක්රියාවක් බව ඔහු කීවේය.

ජවිපේ වත්මන් නායක අනුර කුමාරද විජේවීරට නොදෙවෙනි තක්ක්ඩියෙකි. අනුර කුමාර පෝට් සිටිය ගොඩ කිරීමට ලංකාවේ කළු ගල් මදිවිය හැකි බව කීවේය. අධිවේගී මාර්ග නිසා එහා ගෙදර බල්ලාට මෙහා ගෙදරට පැමිණීමට නොහැකි වන බව කීවේය. උමා ඔය ව්යාපෘතිය නිසා පොළොව පැලෙනවා කීවේය. ගිණි කදු සක්රීය වනවා කීවේය .

සමාජ ජාලා ජන විඥානය හසුරුවන ප්රධාන බලවේගයක් බවට පත් වීමත් සමඟම ජවිපෙ උපක්රම අලුත් වී ඇත.
තමන්ගේ ක්රියාකාරකම් අතිශයොක්තියට නගමින් වර්ණා කිරීම ජවිපෙ විසින් අරඹා ඇත. සමාජ ජාලාවලට මුදල් ගෙවා කැම්පේන් කිරීම, ලයික් ෆාම් වලින් ෆලෝවස්ලා මිලදී ගැනීම වැනි උපක්රම ජවිපෙ නිතර කරයි.

මාධ්‍ය ආයතන වල කුලී ලියන්නන් ස්ථාන ගතකොට ඔවුන් හරහා පක්ෂය ප්‍රමෝට් කිරීමද දැන් සිදුවෙයි. ශාන්ත ජයරත්න නැමැත්තෙකුගේ නමින් ලංකා ඊ නිවුස් වල ලියවෙන ලිපි පෙල එවැන්නකි. ජවිපෙට බලය ඇති සමුපකාර සමිති සමාගම් වල විප්ලවයක් කොට ඇති බව මෙකී කුලි ලියන්නා පෙන්වා දෙයි.

ශාන්ත ජයරත්න ලියන කතා කියවන විට මොළයක් ඇති අයට කල්පනා වන්නේ ගස් නැති රටේ තුත්තිරි ගස්, ගස් වීමේ ඛේදවාචකය පමනි. මැතක ඔහු ලියූ ගජබින්න කිහිපයක් පහත පරිදිය

1.මාලිමාවට හිමි වූ ලංකාවේ ප්‍රථම තේ සමුපකාරයෙන් ස්මාට් තේ ව්‍යාපෘතියක්, අක්කරයකින් තේ දළු කිලෝ 1500 ක්- (ලංකා ඊ නිව්ස් -2023.දෙසැ.09)

2. වෛද්යවරයෙක් මෙහෙයවන වී මෝලක්..! දෙන්නම්කො හාල් වයඹටම- (ලංකා ඊ නිව්ස් -2023.නොවැ.29)

3. උපයන ලාභයෙන් 70% ක් ම සාමාජිකයන්ට බෙදන ‘අම්මට සිරිම’ බැංකුවක් (ලංකා ඊ නිව්ස් -2023.දෙසැ.05)

4. ඩ්රෝන වලින් “තෙල් ගහන” මැදිරිගිරිය සමූපකාරයේ අලුත් අධ්යක්ෂකලා- (ලංකා ඊ නිව්ස් -2023.දෙසැ.01)

ශාන්ත ජයරත්න නම් ජවිපෙ කුලී ලියන්නා කියන කථාව කෙටියෙන් සහ සරලව මෙසේය . ජවිපෙ සමුපකාර සමිති පාලනය කරන්නේ යම්සේද ඔවුන්ට රටද පාලනය කළ හැකිය.

සමුපකාර ව්යාපරය තුල ජවිපෙ සිදුකොට ඇති විප්ලවය ඔවුන්ගේ දේශපාලන සාර්ථකත්වය පෙන්වන බව ඔහු කියා සිටියි.

ලංකාවේ සමුපකාර ව්යාපාරය ආරම්භ වූයේ 1904 දීය . ජවිපෙ ආරම්භ වූයේ 1965 දීය. මේ වන විට ලංකාවේ විවිධ සේවා සමූපකාර සමිති 305ක්, කෝප් සිටි 368ක් , මෙගා කෝප් සිටි 28ක්, සමූපකාර පරාදේශික 1,679ක්ද, සමඟ සමූපකාර අලෙවිසැල් 3,108ක් පවතියි .

නමුත් ජවිපෙ පාලනය කරන ආයතන පවතින්නේ අතේ ඇගිලි වලටත් වඩා අඩු ප්රමාණයකි. මින් පැහැදිලි වන්නේ 50 වසරක දේශපාලනය තුල ජවිපෙ ලබා ඇති අසාර්ථකත්වය මිස සාර්ථකත්වය නොවේ.

තවද සමුපකාර ව්යාරයේ ස්වර්ණමය යුගය ලෙස සැල කෙන සිරිමාවොගේ පාලන කාලයේදී මෙරට සමුපකාර අල්විසැල් 10000 කට ආසන්න ප්රමාණයක් පැවතුණි. එනම් සෑම ග්රාම සේවා වසමකම සමුපකාර අලෙවි සැලක් පැවතුණි. 88 -89 කාලයේදී ජවිපෙ සමුපකාර අලෙවි සැල් දහස් ගණනක් විනාශ කළේය ( ගිණි තබා හෝ කොල්ලකෑම)

ඉන්දියාව, බංගලාදේශය වැනි රට වල සමුපකාරය යනු වෙළදපොළ බලවතෙකි . කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝකය ජයගෙන ඇති අමුල් සමුපකාර සමිතියකි.

නමුත් ලංකාවේ සමුපකාර ව්‍යාපාරය පවතින්නේ ඉතා ඛේදනීය තත්වයකය.ජාවරම්කරුවන් හොර ඔප්පු හදා බිලියන ගණන් සමුපකාර දේපල කොල්ල කා ඇත. සමුපකාරය හුදෙක් අවර ඝණයේ ව්‍යාපාර නාමයක් බවට පත් ඇත.

සමස්ථයක් ලෙස ගත් කළ ජවිපෙ යනු සමූපකාරයේ ගැලවුම්කරු නොව විනාශයට වගකිවයුතු චූදිතයකි.

ජවිපෙ, ප්රෝඩාව ජීවන දර්ශනය කරගත් ත්රාඩ ව්යාපාරයක් කියන්නේ එබැවිනි